BREAKING
විදේශ ආයෝජන දිරිගැන්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව තීරණාත්මකයි | ඇමෙරිකානු වාර්තාවක්●ADB ඩොලර් මිලියන 100ක වෘත්තීය පුහුණු ව්‍යාපෘතියක් අරඹයි●වරායේ අයිස් වැටලීම: ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථාන මාරු අත්හිටුවයි●ඉරාන තෙල් නැව් අර්බුදය: කොළඹට එල්ලවන රාජ්‍යතාන්ත්‍රික පීඩනය●සිනමා සංගීතයේ මායාකාරී අත්දැකීමක් නවරඟහල වේදිකාවට : ඔක්තෝබර් 23●ඇමෙරිකානු ඡන්ද යන්ත්‍ර අර්බුදය: රහස් පරීක්ෂණයේ තතු හෙළිවෙයි●සාහිත්‍යාර්ණව යනු කුමක්ද: සාහිත්‍යය සහ මහා මුහුද●G7 රටවලින් හදිසි ඉන්ධන බැරල් මිලියන 100ක්●ඇල්ල නිව්බර්ග් තේ කම්හල සුපිරි හෝටලයක් වෙයි●සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)●
Top Ad
විශේෂාංග

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා

T

The Leader Desk

August 8, 2026 • 8:20 AM

පනාමුරේ කතාව (05 කොටස) : ප්‍රාදේශීය පාලකයන්ගේ ලන්දේසි යුද්ධය | ඉන්දු පෙරේරා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  •   මඩුවන්වෙල පරම්පරාවට ඒ ඒ යුගවල දී කන්ද උඩරට රජුගෙන් නින්දගම් තුනක් හිමිව තිබූ බව සඳහන් ය.
  • එහිදී සුපුරුදු ලෙසම පිරිස කොල්ල කන්නට අතලවලයා ප්‍රමුඛ පිරිස පැමිණි අතර මඩුවන්වෙල මහ දිසාවේගේ සීයා ගේ කණ්ඩායම ඔවුන් සියලු දෙනාටම පහර දී අවසානයේ අතලවලයාගේ හිස කපා ගෙනවුත් රජ්ජුරුවන්ට ඉදිරිපත් කළේය.
  •     මඩුවන්වෙල නින්දගම තෑගි ලැබී ඇත්තේ මේ ආකාරයටම එම පරපුරේ කෙනෙකු එවකට කන්ද උඩරට රජුට ඇලි (සුදු) ගෝනකු තෑගි කිරීම නිසා ය.
  • මඩුවන්වෙල වලව්වේ අධිකරණ ශාලාවට ඇතුළු වන තැන ලීයෙන් නිමවූ ගෝන හිසක් තැන්පත් කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මඩුවන්වෙල පරම්පරාවට ඒ ඒ යුගවල දී කන්ද උඩරට රජුගෙන් නින්දගම් තුනක් හිමිව තිබූ බව සඳහන් ය. මඩුවන්වෙල නින්දගම, වලකඩ නින්දගම සහ පනාමුර නින්දගම එම නින්දගම් තුනයි. පසුව මේවා මඩුවන්වෙල මහා දිසාවේට හිමිවිය.
       
ලන්දේසීහු මිද්දෙනියට ආසන්න කටුවන ප්‍රදේශයේ බලකොටුවක් තනා ගෙන සිටියහ. අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසි පාලනයට නතු ව තිබුණත් උඩරට ආක්‍රමණය කිරීමට ඔවුන්ට හැකි වූයේ නැත. ඔවුන්ගේ අරමුණ වූයේ රට මැද ආක්‍රමණය කිරීම ය. මුහුදු සීමාවේ සිට කටුවනට සැතපුම් හතලිහක පමණ දුරක් තිබිණි. ඔවුන් කටුවන දක්වා රට මැදට ආක්‍රමණය කර තිබුණේ එතැන් සිට තවදුරටත් ඉදිරියට පැමිණීමේ අරමුණිනි.
 
මෙම ලන්දේසි බලකොටුව භාරව සිටියේ ඇට්ලෙවල් නමින් හඳුන්වන ලද ලන්දේසි කපිතාන්වරයෙකි. සාමාන්‍ය මිනිසුන් "අතලවලයා" නමින් හැඳින්වූ මොහු ඒ ප්‍රදේශය හරහා ගිය ගැල් නවත්වා සියලු බඩු කොල්ලකෑවේය. මේ නිසා එවකට කන්ද උඩරට රජකම් කළ දෙවෙනි විමලධර්මසූරිය රජුට ද මොහු හිසරදයක් වී තිබිණි. අවසානයේ මඩුවන්වෙල මහ දිසාවේගේ සීයා තවත් පිරිසක් සමග මඟුල් කණ්ඩායමක් මෙන් වෙස් වලාගෙන අශ්වයන් පිට නැගී කටුවන ප්‍රදේශය බලා ගියේය. එහිදී සුපුරුදු ලෙසම පිරිස කොල්ල කන්නට අතලවලයා ප්‍රමුඛ පිරිස පැමිණි අතර මඩුවන්වෙල මහ දිසාවේගේ සීයා ගේ කණ්ඩායම ඔවුන් සියලු දෙනාටම පහර දී අවසානයේ අතලවලයාගේ හිස කපා ගෙනවුත් රජ්ජුරුවන්ට ඉදිරිපත් කළේය. ඉන් මහත් සේ සතුටට පත්වූ රජු පනාමුර නින්දගම තෑගි කර තිබිණි. 
 
මඩුවන්වෙල නින්දගම තෑගි ලැබී ඇත්තේ මේ ආකාරයටම එම පරපුරේ කෙනෙකු එවකට කන්ද උඩරට රජුට ඇලි (සුදු) ගෝනකු තෑගි කිරීම නිසා ය. එම නින්දගමේ සංකේතය වූයේ ද ගෝනා ය. මඩුවන්වෙල වලව්වේ අධිකරණ ශාලාවට ඇතුළු වන තැන ලීයෙන් නිමවූ ගෝන හිසක් තැන්පත් කර තිබිණි. මේ වනවිට එම හිස මඩුවන්වෙල කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. 
       
ලන්දේසින් රට මැදට සිය බලය ව්‍යාප්ත කිරීම වළක්වා ගැනීමට සබරගමුවේ රදල පිරිස දොළොස් දෙනෙක් එකතු වී පිරිස එකතු කරගෙන ලන්දේසීන්ට එරෙහි ව සටනක් ආරම්භ කළහ. මේ මඩුවන්වෙල මහ දිසාවේගේ පෙර පරම්පරාවල අයයි. මඩුවන්වෙල වලව්ව පිහිටියේ උඩරට පහතරට වෙන්වෙන සීමාවේ ය.
         
ගාල්ල කොටුව
ඔවුන් පළමුව විනාශ කළේ කටුවන බලකොටුව යි. එතැනින් මාතර දක්වා ගොස් මාතර තාරකා කොටුව විනාශ කර ඉන්පසු මාතර ලන්දේසි බලකොටුවට ළඟා වූහ. අවසන් වශයෙන් ගාල්ල ලන්දේසි බලකොටුවට පහර දී ලන්දේසින් මරා දැමූහ. බෙර හඬ, සක් හඬ මධ්‍යයේ අශ්වයන් පිට නැගගත් ප්‍රාදේශීය රදල නායකයන් පිරිවරාගෙන සිංහලයන් කළ මේ සටනට පෙර යුද්ධයට යන පිරිසට ආහාර සඳහා කුරක්කන්, අමු, මෙනේරි ආදී වූ ධාන්‍ය වර්ග පුරවා ගොඩ ගසා තිබූ බව සඳහන් වේ. ලන්දේසි බලය විනාශ කර පිරිස ආපසු එනවිට සැතපුම් තිහ හතලිහක පමණ දුරක සිටම සිංහල ජනයා මෙම පිරිස පිළි ගන්නට බලා සිටි බව ද සඳහන් ය. විශේෂයෙන් පිරිස එනවිට කාන්තාවන් බිම දණ ගසා හිස බිම හොවා තම දිගු කෙස්වැටිය යුද්ධය දිනා පැමිණෙන වීරයන්ට පාවාඩයක් වනසේ උනා දමා ගෙන සිටි බව ද ප්‍රසිද්ධ කරුණකි.       
එම යුද්ධයෙන් කටුවන බලකොටුව විනාශ කර එහි ප්‍රධාන දොර උළුවස්ස ද සමගින් මඩුවන්වෙල වලව්වට ගෙනැවිත් එහි සවි කරනු ලැබිණි. එවකට එම වලව්ව කුඩා එකකි. එය විශාල වලව්වක් ලෙස පසුව පැවති තත්ත්වයට නිර්මාණය කළේ ඊට පරම්පරා දෙකකට පමණ පසු මඩුවන්වෙල මහ දිසාවේ හෙවත් ගම්මුන් විසින් හඳුන්වන ලද ආකාරයට මඩුවන්වෙල රටේ මහත්තයා ය. ඔහු ලන්දේසි බලකොටුවෙන් රැගෙන විත් තිබූ උළුවස්ස පසුව තම වලව්වේ අධිකරණ ශාලාවට සවි කරවාගෙන තිබිණි. 
         WhatsApp Image 2026 08 08 at 12.17.36 PM 1තාරකා කොටුව 
මඩුවන්වෙල රටේ මහත්තයා තම වලව්ව තැනුවේ ඉන්දියාවේ වන්දනා ගමනක් ගිය අවස්ථාවක එවකට ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු තුමාගේ මන්දිරය දැක එම ආකෘතියට අනුව මෙම වලව්ව නිර්මාණය කර ඇත. එළියේ විවිධ හැඩතල මතුවන ආකාරයට පිඟන් කටු අල්ලා තිබෙන්නේ ඒ අතරින් තැනින් තැන වික්ටෝරියා රැජිනගේ මුහුණ සහිත පිඟන් කටු ද සමගිනි. මෙම කලාව ග්‍රීක රෝමන් සම්ප්‍රදායක් වූ මොසැක් කලාව යි. මේ ආකාරයට වලව්ව නිර්මාණය කළේ මඩුවන්වෙල මහ දිසාවේ ය.  
         
මෙම සුවිසල් දොර අඟල් තුනක් පමණ ඝනකමැති එක් තනි ලෑල්ලකින් නිමවා තිබේ. ලොක් එක සුවිශේෂ ය. ලොක් එක අරින ආකාරයේ වෙනසක් පවතී. එය ඊටම ආවේණික වූවකි. එවැන්නක් මෙරට වෙනය කොතැනකවත් නොතිබෙන බව බොහෝ දෙනා ගේ මතයයි. මේ වනවිට එහි යතුර අස්ථානගත වී ඇති බැවින් දොර ලොක් කරන්නේ නැත. මෙහි ඇති සුවි⁣ශේෂී බව නිසාම මින් වසර ගණනකට ඉහත දී ඕලන්දයේ (වර්තමානයේ නෙදර්ලන්තය) විශ්ව විද්‍යාලයක සිසුන් පිරිසක් තම අධ්‍යාපන කටයුත්තකට එම තොරතුරු ගවේෂණය කිරීම සඳහා ලංකාවට පැමිණ මඩුවන්වෙල වලව්වට ගොස් එම උළුවස්ස සහ ලොක් එක පරීක්ෂා කර ඇත.
 
WhatsApp Image 2026 08 08 at 12.17.36 PMමාතර බලකොටුව
       
මෙම සිංහල ප්‍රාදේශීය නායකයන් පිරිස සටන දිනා පැමිණ, ඉන්පසු කන්ද උඩරට රජකම් කළ දෙවන විමලධර්මසූරිය රජු බැහැදුටුවහ. සතුටට පත් රජු මේ දොළොස් දෙනා⁣ට රන් ආලේපිත තඹ උළු කැට දොළහක් පරිත්‍යාග කර තිබිණි. එහි අරුත ඉන්පෙර රජ මාලිගාවට පමණක් සීමාවී තිබූ උළු සෙවිලි කර හුණු පිරියම් කිරීමේ අයිතිය රදල පෙලපතටත් හිමි කර දීම ය. විශාල වලව් බිහි වූයේ ඉන්පසුව බව සඳහන් ය. මඩුවන්වෙල පරම්පරාවට වලකඩ නින්දගම ලැබුණේ මෙම ජයග්‍රහණයට ත්‍යාගයක් ලෙසිනි. 
       
කෙසේ වුවද මෙය සිංහලයන් විසින් ජයග්‍රහණය කරන ලද අවසන් සටන බව පැවසේ. ඉන්පසුව කරන ලද සියලු සටන්වලින් සිංහලයන්ට ජයග්‍රහණය කිරීමට අවකාශ ලැබුණේ නැත.
 
තවත් කොටසක් ලබන සතියේ 
 
තොරතුරු සපයා ගැනීමේ දී සහයෝගය ලබා දුන් පනාමුරේ මහා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති, පරිසරවේදී සහ ඓතිහාසික පනාමුර හස්තිරාජ පදනමේ සාමාජික ඩී.ඩී. දයාරත්න මහතාටත්, බුළුතොට විජේරිය සුමන ජාතික පාසලේ ඉතිහාස විෂය භාර ආචාර්ය ධර්ම ශ්‍රී නිශ්ශංක මහතාටත් ස්තුතියි.
 
ඡායාරූප - අන්තර්ජාලය
 

සටහන : ඉන්දු පෙරේරා

සබැඳි ලිපි :

පනාමුරේ කතාව (01 කොටස) : ඇත්ගාල ඉදිවූ පනාමුරේ නින්දගම | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (02 කොටස) : ඇතින්නියන් වලව්ව | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (03 කොටස) : රටේ මහත්තයාවත් ඇන්දවූ දුම්කොළ වෙ⁣ළෙන්දා | ඉන්දු පෙරේරා

පනාමුරේ කතාව (04 කොටස) : අඩනිරුවත් ඇඳුම ඇන්දත් කාන්තාවන් නොකෙලෙසුණු අතීත සමාජය | ඉන්දු පෙරේරා

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...