The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
පුවත්

කුණු කෑමෙන් හැදෙන ලෙඩ ගැන PHI ලා අනතුරු අඟවති !

T

The Leader Desk

June 9, 2020 • 3:38 AM

 කුණු කෑමෙන් හැදෙන ලෙඩ ගැන PHI ලා අනතුරු අඟවති !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දූෂණයට ලක්වූ ආහාර වලින් පාචනය වැනි උදරාබාධ මෙන්ම පිළිකා ආදී මාරාන්තික රෝගද ඇතුලත්ව රෝග 200 පමණ වැලදීමේ ඉඩකඩ පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය පවසයි.
  • එයට  අමතරව ලෝකයේ මිලියන 600 ක් පමණ පුද්ගලයන් ප්‍රමාණයක් විවිධ රෝගවලට ලක් වීමට මෙම දූෂිත ආහාර අනුභව කිරීම හේතු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.
  • වඩාත් අනුවේදනීය කාරණය : වසරක් තුළ  සෑම පුද්ගලයන් 10 දෙ‍නකුගෙන් එක් අයෙකු රෝගී බවට පත් වීමට හේතුවක් වන්නේ විවිධ ද්‍රව්‍ය වලින් දූෂණය වූ ආහාර පරිභෝජනය වන අතර මෙසේ රෝගී බවට පත්වන ප්‍රමාණයෙන් සියයට හතලිහක්  වයස අවුරුදු 5ට අඩු දරුවන් වේ.
  • මෙසේ සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබාදීමේ අභියෝගයට මුහුණ දීමට අන් කවර කලකටත් වඩා කොවිඩ් -19 වැනි බෝ වන රෝග පැතිරී යන මෙවැනි කාල වකවානුවල වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව  දූෂණය වූ ආහාර පරිභෝජනය හේතුවෙන් ලෝකයේ එක් වසරක් තුළ  පුද්ගලයන් හාරලක්ෂ විසිදහසක්  පමණ මරණයට පත්වන බවයි එම සංගමය පවසන්නේ.

එයට  අමතරව ලෝකයේ මිලියන 600 ක් පමණ පුද්ගලයන් ප්‍රමාණයක් විවිධ රෝගවලට ලක් වීමට මෙම දූෂිත ආහාර අනුභව කිරීම හේතු වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය වැඩි දුරටත් අවධාරණය කරයි.

වඩාත් අනුවේදනීය කාරණය :


yimg JhTJSA 640x426

වසරක් තුළ  සෑම පුද්ගලයන් 10 දෙ‍නකුගෙන් එක් අයෙකු රෝගී බවට පත් වීමට හේතුවක් වන්නේ විවිධ ද්‍රව්‍ය වලින් දූෂණය වූ ආහාර පරිභෝජනය වන අතර මෙසේ රෝගී බවට පත්වන ප්‍රමාණයෙන් සියයට හතලිහක්  වයස අවුරුදු 5ට අඩු දරුවන් වේ.

"වඩාත් අනුවේදනීය කරුණ වන්නේ රෝගී වන දරුවන්ගෙන් 125,000 ක් වාර්ෂිකව මරණයට පත් වීමයි."

ආහාර නිපදවීමේ, සැකසීමේ සිට පිලිගැන්වීම දක්වාත්, ආහාර අනුභවයේදීත් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කිරීමෙන් මෙසේ ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් නිකරුණේ රෝගී වීම සහ මරණයට පත් වීම වලක්වා ගැනීමට හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ අදහසයි.

මෙසේ සෞඛ්‍යාරක්ෂිතව ආහාර ලබාදීමේ අභියෝගයට මුහුණ දීමට අන් කවර කලකටත් වඩා කොවිඩ් -19 වැනි බෝ වන රෝග පැතිරී යන මෙවැනි කාල වකවානුවල වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව එම සංගමය අවධාරණය කරයි.

"ආහාර සුරෂිතතාව - සියලු දෙනාගේම වගකීමකි" මැයෙන් ලෝක ආහාර සුරක්ෂිතතා දිනය ජූනි මස 7 දා ලොව පුරා සැමරු අතර ශ්‍රී ලංකාව මෙවර තේමාව කරගෙන තිබුනේ  “සෞඛ්‍ය සම්පන්න වෙළඳපොළක් ”ඇතිකර ගැනීම තුලින් “COVID-19 වළකමු - ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරමු” යන්නයි.


"ආහාර සුරක්ෂිතතාව"

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය මුලික කරගනිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ආහාර නිපදවීමේදි, පරිහරණය කිරීමේදි සහ ගබඩා කිරීමේදි, මෙන්ම ආහාර පිරිනැමීමේදීද ආහාර මඟින් ඇතිවන රෝග වළක්වා ගත හැකි පරිදි කටයුතු කළ  යුතුය.

එය "ආහාර සුරක්ෂිතතාව"  නමින් හැදින්වේ.

බොහෝ අවස්ථාවල ලාභයම අරමුණු කර ගැනීමත් අති විශාල ජනතාවකට ආහාර සැපයීමේ භාරධූර බවත් ඇතුළුව කරුණු ගණනාවක් නිසා වර්තමානයේ “ ආහාර සුරක්ෂිතතාව” නොයෙකුත් අභියෝගයන් රැසකට මුහුණපා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

මේ අතරින් ආහාරවල තත්වය බාල කිරීම, ක්ෂුද්‍ර ජීවින්, රසායනික ද්‍රව්‍ය හා විකිරණ මඟින් ආහාර දූෂණය වීම  ප්‍රධාන වන බව  එම  සංගමයේ සභාපති එම්.ජී.යු.රෝහණ විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කුණු කෑමෙන් හැදෙන ලෙඩ ගැන PHI ලා අනතුරු අඟවති ! | The Leader