The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

අනුරාධපුර 'පොහොට්ටු රැළිය' තේරුම්ගන්නේ කෙසේද?

T

The Leader Desk

February 10, 2022 • 6:41 AM

අනුරාධපුර 'පොහොට්ටු රැළිය' තේරුම්ගන්නේ කෙසේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අනුරාධපුරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළිය හා එහි සහභාගීත්වයේ තරම විපක්ෂයේ බොහෝදෙනෙකු කලබලයට පත්කිරීමට හේතු වී තිබේ.
  • කෙතරම් සූක්ෂම ලෙස කටයුතු කළත් මහජන මතය හැසිරවිය හැක්කේ එක්තරා දුරකට පමණි.
  • පොහොට්ටු රැළිය දැක විපක්ෂ ක්‍රියාකාරිකයන් බියපත් වී රැළියට සහභාගී වූ වෙනදා ‘ආදරණීය ජනතාව’ ලෙස හඳුන්වන පිරිස් අම්බරුවන් ලෙස හඳුන්වනු සමාජ මාධ්‍යවල දැකිය හැකි විය.
  •   මේ අතර, ගෝඨාභය, මහින්ද වැනි පොහොට්ටුවේ සංකේතීය නායකයන් කලකට පසු සෙනග රැස්වූ රැළියක් දැක ඕනෑවට වඩා චූන්වී ඇති බවක් ද දක්නට ලැබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):



ආණ්ඩුව නිකම්ම කඩාවැටී තමන් මේ වන විටත් මසාගෙන සිටින ජනාධිපති සූට් තමන්ටම අඳින්නට වාසනාව උදාවනු ඇතැයි සිතාසිටින සජිත්, අනුර, චම්පික වැනි අයට වැඩේ ලේසි නැති බව පෙන්වීමට පොහොට්ටුව සමත් විය.

රැළියට සෙනග ගෙන ආ ආකාරය හා ඒ සෙනග අතර එතරම් උණුසුමක් නොපැවතීම එතරම් ගැටලුවක් නොවේ. මහජන මතය යනු යම් දුරකට නිර්මානය කළ හැකි දෙයකි. එය නිර්මාණය කරන ආකාරය පිළිබඳ මනා අවබෝධයක් පොහොට්ටුවට තිබේ.

කෙතරම් සූක්ෂම ලෙස කටයුතු කළත් මහජන මතය හැසිරවිය හැක්කේ එක්තරා දුරකට පමණි.

පොහොට්ටු රැළිය දැක විපක්ෂ ක්‍රියාකාරිකයන් බියපත් වී රැළියට සහභාගී වූ වෙනදා ‘ආදරණීය ජනතාව’ ලෙස හඳුන්වන පිරිස් අම්බරුවන් ලෙස හඳුන්වනු සමාජ මාධ්‍යවල දැකිය හැකි විය.

 

මේ අතර, ගෝඨාභය, මහින්ද වැනි පොහොට්ටුවේ සංකේතීය නායකයන් කලකට පසු සෙනග රැස්වූ රැළියක් දැක ඕනෑවට වඩා චූන්වී ඇති බවක් ද දක්නට ලැබිණි. ඡන්ද පවත්වන්නට අභියෝග කළත්, තවමත් ඔවුන්ට වාසිදායක වන්නේ විපක්ෂයේ අසමගියයි.

 

ඔවුන් විසින් තම බලය ප්‍රදර්ශනය කරන්නට යාම ඔවුන්ට අවාසිදායක වන්නට ද පුළුවන. හේතුව, මේ වන විට, තනි ගමන් යමින් සිටින සජිත්, අනුර, චම්පික වැනි විපක්ෂ නායකයන්ට ආපසු හැරී බලන්නට පොළඹවන්නට ඉඩ තිබේ. තනිව පොහොට්ටුව පරාජය කිරීමට නොහැකිය යන අවබෝධය තුළ ඔවුන් අතර සම්මුතියක් නිර්මාණය වුවහොත් එය පොහොට්ටුවට අවාසිදායකය.

කෙසේ වෙතත්, මේ වන විට ආණ්ඩුව කරමින් සිටින දේ ගැන අපගේ අවධානය යොමුවිය යුතුය. ඔවුන් සුපුරුදු පරිදි යම් යම් දූෂණයන්වල යෙදෙන බව ඇත්තකි. එහෙත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙන් පවා පහළට විහිදෙන මහා පරිමාණ දූෂණයක් සිදුකළ නොහැකි තරමට ආර්ථිකය දුර්වලය.

ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව කරන දේ ඉතා වැදගත්ය. දීර්ඝ කාලයක් තිස්සේ ආණ්ඩු විසින් නොකර තිබුණු ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ඔවුන්ට කිරීමට සිදුවී තිබේ.

ඉතා වේදනාකාරී වන මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම සඳහා ආණ්ඩුවට යම් ජනප්‍රියත්වයක් අවශ්‍යය. ඒ සඳහා අනුරාධපුර රැළිය වැනි ජවනිකා වැදගත් වේ. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයකින් ජයගැනීම වුව නරක කැත. විපක්ෂයේ පක්ෂවලට තිබෙන ශක්තියේ තරම පෙන්වාදීම ද ඉතා වැදගත්ය.

ඔවුන්ට තනියෙන් මේක කරන්නටත් බැරිය. හවුලේ කැඳත් බැරිය.


AJITH PARAKUM(අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක

(praja.lk)




 

 
 
 

Leader Whats app

 

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අනුරාධපුර 'පොහොට්ටු රැළිය' තේරුම්ගන්නේ කෙසේද? | The Leader