The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රටේ රාළ : මීළඟ එජාප නායකයා කවුද? - (POLITI CALL වීඩියෝවක්)

T

The Leader Desk

March 28, 2023 • 6:43 AM

රටේ රාළ : මීළඟ එජාප නායකයා කවුද? - (POLITI CALL වීඩියෝවක්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උදාහරණයක් ගත්තොත් රනිල්ගෙන් පස්සේ එජාප නායකයා කවුද?
  • ඇත්තටම නායකත්ව ප්‍රශ්නයක් නැත්තේ පොහොටුවට විතරයි.
  • ඇත්තටම ඇයි පක්ෂවලට එහෙම නායකත්ව අර්බුදයක් ඇති වෙන්නේ?
  • වමේ දේශපාලන ඇතුලේ උනත් තිස්සලා, ඩිව්ලා, වාසුලාගෙන් පස්සේ නායකත්ව පෞරුෂයක් පේන්න නෑ.
අකුරු ප්‍රමාණය (Font Size):

උදාහරණයක් ගත්තොත් රනිල්ගෙන් පස්සේ එජාප නායකයා කවුද? මෛත්‍රිගෙන් පස්සේ ශ්‍රිලනිප නායකයා කවුද? ජවිපෙ දිහා බැලුවත් අනුරගෙන් පස්සේ නායකයෙක් පේන්න නෑ. සජබෙත් එහෙමයි. එකම නායකයා සජිත් විතරයිමයි.

ඇත්තටම නායකත්ව ප්‍රශ්නයක් නැත්තේ පොහොටුවට විතරයි. දැනට මහින්ද ඉන්නවා. ඊට පස්සේ බැසිල්, නාමල්, ශෂීන්ද්‍ර ඉන්නවා. ඕනි උනොත් ගන්න ස්ටෑන්ඩ් බයි ‍යෝෂිතලා, චීචීලා රෙඩි පිට ඉන්නවා. පොහොට්ටුවට නායකත්ව ප්‍රශ්නයක් එන්නේ නැත්තේ ඒක එක පවුලකට හදපු පක්ෂයක් හින්දයි. කොහොම හරි පවුලෙන් කෙනෙක් දානවා. කවුරුත්ම නැති උනොත් ඩේසි ආච්චි හරි දායි.

ඇත්තටම ඇයි පක්ෂවලට එහෙම නායකත්ව අර්බුදයක් ඇති වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව තමයි පක්ෂ නායකත්වයන් විසින් දෙවෙනි පෙළ නායකත්වයක් ගොඩනොනැගීම. වමේ දේශපාලන ඇතුලේ උනත් තිස්සලා, ඩිව්ලා, වාසුලාගෙන් පස්සේ නායකත්ව පෞරුෂයක් පේන්න නෑ. ඒ පක්ෂ වාමාංශික මතවාදයත් එක්කම දියවෙලා ගිහින්. ලංකාවේ දෙවෙනි පෙල නායක්වයක් හදපු නායකයන් ගැන හිතුවොත් ඉස්සරහින්ම ඉන්නේ ජේආර්.



unp
ජේආර්ගේ දේශපාලනයට රටේ රාළ එකඟ නැති උනත් ඇත්ත කියන්න ඕනි. ජේආර්ගේ එක්සත් ජාතික පක්ෂය ඇතුලේ එදා රට පිලිගත්ත නායකත්ව මණ්ඩලයක් හිටියා. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, ගාමිණී ජයසුරිය, රොනීද මෙල්....වගේ නම් වැලක් කියන්න පුලුවන්. ඇත්තටම ඒ හැමදෙනාම දක්ෂයෝ.

ඊළගට වමේ දේශපාලන ඇතුලේ නායකත්ව පරපුරක් ගොඩනගපු නායකයා තමයි විජේවීර.

තහනම් දේශපාලන ඇතුලෙත් විජේවීර ඒ භූමිකාව ඉෂ්ඨ කළා. උපතිස්ස ගමනායක, සමන් පියසිරි ප්‍රනාන්දු, ශාන්ත බණ්ඩාර, සුමිත් අතුකෝරල, සෝමවංශ අමරසිංහ, නිෂ්මි....ඔය වගේ නම් සියගානක් කියන්න පුළුවන්. එයාලත් පුදුම දක්ෂයෝ.

ඇත්තටම ජේආර් සහ විජේවීර කවදාවත් දේශපාලනයේදී පුද්ගල චරිතවලට බය උනේ නෑ. දේශපාලන කදවුරු දෙකක හිටියත් තමන් පසුකරගෙන යන්න පුළුවන් නායකත්ව පරපුරක් හදන්න තරම් ඒ දෙන්නා පරාර්ථකාමි වුනා. ඒක කරන්න වරප්‍රසාද සහිත වටපිටාවක් ජේආර්ට තිබුණා. හැබැයි විජේවීර ඒ සිල්ල කළේ අනන්ත කැපවීම් කරලා. අප්‍රතිහත ධෛර්යයෙන්. බණ්ඩාරණායලගේ සෙවනේ හැදුණු දේශපාලනය පරපුරක් හිටියත් ඒක ඉස්සරහට ගේන්න පසුකාලීනව ආපු ශ්‍රිලනිප නායකයන් කල්පනා කළේ නෑ.

චන්ද්‍රිකා අලුත් දේශපාලන පරපුරක් හැදුවේ නැතිවුනාට හිටපු දේශපාලන නායකත්වය විනාශ කළේ නෑ. චන්ද්‍රිකාගේ නායකත්වය යටතේ මහින්ද රාජපක්ෂ,මංගල සමරවීර, මෛත්‍රිපාල සිරිසේන, ලක්ෂමන් කදිරගාමර් වගේ නායකත්වයන් හිටියා.

ජේආර්ගෙන් පස්සේ එජාප නායකයා උන ප්‍රේමදාස කළේ පක්ෂය ඇතුලේ තිබුණ නායකත්ව පෞරුෂයන් විනාශ කිරීමයි. ප්‍රේමදාස ලලිත්ට ,ගාමිණීට එලව එලවා ගැහුවා. ප්‍රේමදාසගෙන් බෙල්ල බේරගෙන හිටියේ රනිල් ඇතුළු කණ්ඩායමක් විතරයි. ප්‍රේමදාස ජේආර්ගෙන් පස්සේ නායකත්වය ගන්න පක්ෂය ඇතුලේ සීතල කැරැල්ලක් මෙහෙයවමින් හිටියා. අවසානයේදී එජාපයේ අවාසනාවට ජේආර් ප්‍රේමදාසට නායකත්වය දුන්නා. ප්‍රේමදාසගේ පුතා සජිත්තුත් පසුකාලීනව ඒකම කළා.සජිත් එජාපය ඇතුලේ රනිල්ගේ නයකත්වයට විරුද්ධව කැරැල්ලක් ගැහුවා.එදා ජේආර්ට සහ රණසිංහ ප්‍රේමදාසට එජාපය නොකඩා ඒ බල හුවමාරුව කරගන්න පුළුවන් උනත් සජිත්ට සහ රනිල්ට ඒ වැඩේ කරගන්න බැරිවුනා. ඒ එජාපය කැඩුනත් සජිත්ට නායකත්වය දෙන්නේ නෑ කියන තද ස්ථාවරයක රනිල් හිටිය නිසයි.

අවසානයේ එජාපය කඩලා සජිත් සජබය හැදුවා. එතනදී තමයි සජිත් රණසිංහ ප්‍රේමදාසගේ පුතාමයි කියලා දේශපාලන වශයෙනුත් තහවුරු වෙන්නේ. සජිත් තමන් හදපු පක්ෂයට රනිල් දාලා ආපු සියලු දෙනාගේ දේශපාලන පෞරුෂයන්ට ගැහුවා. ඇත්තටම පාඨළී 43 හදන්න ඉස්සෙල්ලා සජිත්ගේ සජබයට එන්න හිතාගෙන හිටිය බව ඕනි කෙනෙක් දන්නවා.ඒත් සජිත් පාඨළීට බය වුනා. සජිත් පාඨළීට නෙවෙයි වෙල්ගමටත් බයවුනා. අද සජිත් ෆොන්සේකා කපලා දාලා බව පේනවා. ඊළගට සජිත් හර්ෂටත් වැඩේ දෙනවා. ඕනි නං රටේ රාළ අද කිව්වා කියලා ලියලා තියාගත්තත් කමක් නෑ. මෙතනදී සජිත් වැරදි දෙකක් කළා. එකක් රනිල් හදපු එජාප නායකයන් එලියට අරගෙන එජාපය ඇතුලේ නායකත්ව රිත්තකයක් ඇති කළා. ඊළගට තමන් එක්ක ආපු අයගේ දේශපාලන පෞරුෂය බින්දුවට බස්සලා අතවැසියන් නිර්මාණය කරන දේශපාලනයට බැස්සා. ඒකෙන් උනේ බරපතල නායකත්ව අර්බුදයකට එජාපය සහ සජබය පත් වීමයි.

ඇත්තටම සජිත් බලය ගත්තොත් සජිතුයි ජලනි ආර්යාවයි තමයි මේ රට පාලනය කරන්නේ.කොහොම උනත් එජාපයට අඩුම ගානේ රනිල් තව අවුරුදු පහක් හයක්වත් නායකත්වය දෙයි. ඒක දැන් හොල්ලන්න බෑ. දැන් රනිල්ට වලි නැති එජාපයක් තියනවා. සජිත්ට වලි සභිත සජබයක් තියනවා. ඇත්තටම රනිල් එජාප නායකයා උනාට මේ තියන තත්වය යටතේ රනිල්ට එජාපයට විතරක් කොටු වෙන්න බෑ. මොකද රනිල් ඊළඟ ජනාධිපතිවරණයට එන්නේ එජාප අපේක්ෂකයා විදිහට නෙවෙයි. පොදු අපේක්ෂකයෙක් විදිහට. හැබැයි එතනදී එජාපය ශක්තිමත්ව තිබීම රනිල්ට වැදගත්.

මෙතනදී තමයි එජාපයට නායකත්ව ප්‍රශ්නය එන්නේ.....

ප්‍රවීන දේශපාලන විචාරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ජිත් විතාරණ ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති 'රටේ රාළ ' දේශපාලන විග්‍රහයේ ඉතිරි කොටස POLITI CALL සමාජ මාධ්‍ය නාලිකාවේ පහත වීඩියෝවෙන් බලන්න




JW

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...