The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රට ම කතාවෙන Porsche රථය: අධිසුඛෝපභෝගී රථයක් යනු කුමක් ද?

T

The Leader Desk

October 4, 2024 • 7:33 AM

රට ම කතාවෙන Porsche රථය: අධිසුඛෝපභෝගී රථයක් යනු කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑත කාලයේ ඊට බලපෑ කරුණු දෙකකි.
  • එක් කරුණක් වූයේ, අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු භාර දී තිබූ රථවාහන “අධිසුඛෝපභෝගී හෝ සුඛෝපභෝගී” ලෙස හඳුන්වමින් මාධ්‍ය වාර්තා පළවීම ය.
  • දෙවැන්න, රෝසි සේනානායකගේ ජනාධිපති උපදේශක තනතුරක් වෙනුවෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ලබා දුන් බව කියන පෝෂ’ (Porsche) කයෑන් එස් (Cayenne S) වර්ගයේ රථය “අධිසුඛෝපභෝගී රථයක්” බවට මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරනු ලැබීම ය.
  • රජයට ආපසු භාර දුන් රථවාහන 107ක් අතර එම රථය ද තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාහන ලැයිස්තුවේ සඳහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


මෑත කාලයේ ඊට බලපෑ කරුණු දෙකකි. එක් කරුණක් වූයේ, අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු භාර දී තිබූ රථවාහන “අධිසුඛෝපභෝගී හෝ සුඛෝපභෝගී” ලෙස හඳුන්වමින් මාධ්‍ය වාර්තා පළවීම ය.

දෙවැන්න, රෝසි සේනානායකගේ ජනාධිපති උපදේශක තනතුරක් වෙනුවෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ලබා දුන් බව කියන පෝෂ’ (Porsche) කයෑන් එස් (Cayenne S) වර්ගයේ රථය “අධිසුඛෝපභෝගී රථයක්” බවට මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරනු ලැබීම ය.

රජයට ආපසු භාර දුන් රථවාහන 107ක් අතර එම රථය ද තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ වාහන ලැයිස්තුවේ සඳහන් විය.

කෙසේ වෙතත්, රෝසි සේනානායක මාධ්‍ය හමුවක් කැඳවමින් ඔක්තෝබර් 02 වන දා ප්‍රකාශ කළේ, අදාළ රථය වසර 10කට වඩා පැරණි අබලන් තත්ත්වයේ පැවති එකක් වූ අතර, එය භාවිත කළ නොහැකිව මීට කලකට පෙර ආපසු භාර දුන් බව ය.


අදාළ රථය “අධිසුඛෝපභෝගී රථයක්” ලෙස ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ද ඇය අදාළ මාධ්‍ය ආයතනවලට චෝදනා කළා ය.





අධිසුඛෝපභෝගී රථයක් යනු කුමක් ද?

‘අධි සුඛෝපබෝගී රථයක් යනු සුවිශේෂී මට්ටමක පවතින සුවපහසු විශේෂාංග සහ උපකරණ සහිත මෝටර් රථයක් වන අතර එය බොහෝ විට උසස් තත්ත්වය, සුවිශේෂත්වය සහ අනන්‍යත්වය සමග සම්බන්ධ වේ,” යනුවෙන් රථවාහන පිළිබඳ තොරතුරු සපයන වෙබ් අඩවිවල දැක්වේ.

hq720‘අධි සුඛෝපබෝගී රථයක් යනු සුවිශේෂී මට්ටමක පවතින සුවපහසු විශේෂාංග සහ උපකරණ සහිත මෝටර් රථයක්'


ඒවා නිපදවීමට භාවිත කර ඇති ද්‍රව්‍ය, තාක්ෂණය, එන්ජිම, මාදිලිය, සුවපහසුව ආදී සෑම විශේෂාංගයක් ම උසස් ම තත්ත්වයේ පවතී.

යම් රථයක සුවිශේෂී විශේෂාංග කිහිපයක් තිබූ පමණින් එය “අධිසුඛෝපභෝගී රථයක්” ලෙස හැඳින්වීම “අවභාවිතයක්” බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

“ලංකාවේ අධිසුඛෝපභෝගී වාහන තියෙන්නේ කිහිපය යි. දැන් ලංකාවේ සාමාන්‍ය වාහනයකුත් රුපියල් ලක්ෂ දෙතුන් සීයක් වෙනවා. ඒවා අධිසුඛෝපභෝගී වාහන නෙවෙයි.”

අධිසුඛෝපභෝගී ලෙස සැලකිය හැකි වාහනවල ඇති විශේෂතා මොනවා ද?


ඒවා ඇතුළේ නිදාගන්න පුළුවන්, නාන්න පුළුවන්, උයාගෙන කන්න පුළුවන්. ඒවගේ විශේෂාංග තියෙනවා නම් අධිසුඛෝපභෝගී කියන්න පුළුවන්.”
* අධික මිල -
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පවසන පරිදි අධිසුඛෝපභෝගී වාහනවල මිල අධික වේ. “අධිසුඛෝපභෝගී කියන්නේ ලෝක වෙළෙඳපොළේ බැලුවොත් අඩු තරමින් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයකට වැඩි වටිනාකමක් තියෙන වාහන.”

* සුවිශේෂී විශේෂාංග -
“අධිසුඛෝපභෝගී කියල හඳුන්වන්න පුළුවන් වාහන තියෙනවා, ඒවා ඇතුළේ නිදාගන්න පුළුවන්, නාන්න පුළුවන්, උයාගෙන කන්න පුළුවන්. ඒවගේ විශේෂාංග තියෙනවා නම් අධිසුඛෝපභෝගී කියන්න පුළුවන්.”

* එන්ජිම -
“අධිසුඛෝපභෝගී වාහනවල එන්ජිමේ ධාරිතාව වැඩි යි. ඒකේ, ඉදිරියට තල්ලු වීමේ බලය වැඩි යි.”

* ගැස්සීම අඩු යි -
“අධිසුඛෝපභෝගී වාහනවල සස්පෙන්ෂන් එක ගත්තොත් සාමාන්‍ය වාහනවලට වඩා එයාර් සස්පෙන්ෂන් එකක් තියෙන්නේ. එතකොට ඒක ගැස්සීම අඩු යි.”

* භාවිත කරන ද්‍රව්‍ය -
“අධිසුඛෝපභෝගී වාහනවල ඇතුළේ භාවිත කරන ලෙදර් එක උසස්. ගොඩක් වෙලාවට නැචුරල් ලෙදර් පාවිච්චි කරනවා.”

* වායු සමීකරණය -
“ක්ලයිමටික් කන්ට්‍රෝල් එයාර් කන්ඩිෂනර් එකක් තමයි බොහෝවිට තියෙන්නේ. ඒකත් දැන් ගොඩක් වාහනවල තියෙනවා.”

import

 

ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහනවලින් 99%ක් ම අධිසුඛෝපභෝගී ගණයට නොගැනෙන බව ප්‍රසාද් කුලතුංග ප්‍රකාශ කළේ ය.

‘ඔය කියන පෝෂ’ එක ජපානයෙන් දැන් ගන්න පුළුවන් ලක්ෂ 20කට’

රෝසි සේනානායකට දී තිබූ බව කියන පෝෂ’ රථය වසර 10කට වඩා පැරණි එකක් වන අතර, එය වත්මන් මිල ගණන් අනුව ජපානයෙන් රුපියල් ලක්ෂ 20කට පමණ මිල දී ගත හැකි බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා පැවසීය.

“ඒ කාලේ ඒක ගේනකොට අලුත් වුණත් දැන් තියෙන තාක්ෂණයත් එක්ක ඒවා පරණ යි. ඒ නිසා දැන් කොහොමටත් ඒවා අධිසුඛෝපභෝගී කියල කියන්න බැහැ.”

‘චචන අවභාවිත කිරීමක්’

යම් ආකාරයක සුඛෝපභෝගී වාහන පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන බොහෝවිට ‘අධිසුඛෝපභෝගී’ යන වචනය වැරදි ලෙස භාවිත කරන බව ලේකම්වරයා පවසයි.

“ඕන ම වාහනයක් ගැන කතා කරද්දී මාධ්‍ය ගොඩක් වෙලාවට කියන්නේ අධිසුඛෝපභෝගී වාහන කියලා. මම නම් දකින්නේ, ඒක වචන අවභාවිත කිරීමක් විදිහට.”


‘රජයේ පාවිච්චියට ගෙන්විය යුත්තේ සුදුසු වාහන විතර යි’

 

AdobeStock 184123812 1“අධිසුඛෝපභෝගී වාහනවල ඉන්ධන පරිභෝජනය වැඩි යි.

කෙසේ වෙතත්, රජයේ නිලධාරීන් හෝ දේශපාලනඥයින්ගේ පාවිච්චිය සඳහා රථවාහන ගෙන්වීමේදී ඒවායේ නඩත්තු වියදම් පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ප්‍රසාද් කුලතුංගගේ අදහස යි.

“අධිසුඛෝපභෝගී වාහනවල ඉන්ධන පරිභෝජනය වැඩි යි. නඩත්තු වියදමත් වැඩි යි. ඒ නිසා වියදම් අඩු වාහන ගන්නවා නම් හොඳ යි රජයේ වැඩවලට.”


(කුමුදු ජයවර්ධන)
BBC සිංහල සේවය


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...