The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට නීති මහජන අනුමැතියට - (ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ)

T

The Leader Desk

October 16, 2022 • 6:37 AM

පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට නීති මහජන අනුමැතියට - (ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුණගැසුණු බව වාර්තා වෙනවා.
  • එහිදී ඉදිරි මැතිවරණවලදී පොදු ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය අවධාරණය වූ බව සඳහන්.
  • ප්‍රතිපත්ති ප්‍රකාශන අද අපි මුහුණ දෙමින් සිටින අර්බුදයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබෙනවා.
  • මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ මැතිවරණ සමයේ සාම්ප්‍රදායානුකූලව ප්‍රසිද්ධ කරල බලයට පත්වුණාට පස්සේ හමස් පෙට්ටියට යන සංකේතාත්මක භාවිතාවක්.
අකුරු ප්‍රමාණය (Font Size):

මුණගැසුණු බව වාර්තා වෙනවා. එහිදී ඉදිරි  මැතිවරණවලදී පොදු ප්‍රතිපත්ති මාලාවක අවශ්‍යතාවය අවධාරණය වූ බව සඳහන්.


මැතිවරණවලදී ජනතාව විසින් දේශපාලන  පක්ෂ වලට සහ නායකයින්ට ආණ්ඩු බලය ලබා දෙන්නේ එම දේශපාලන පක්ෂ විසින් ජනතා හමුවේ තබන ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම්ව යන ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය ලංකාවේදී යථාර්ථයක් නොවුනණත් එය යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාවය කවරදාටත් වඩා අද අපි තේරුම් ගනිමින් සිටිනවා. ප්‍රතිපත්ති ප්‍රකාශන අද අපි මුහුණ දෙමින් සිටින අර්බුදයේ  ප්‍රධාන භූමිකාවක් ඉටු කර තිබෙනවා.

 

මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ මැතිවරණ සමයේ සාම්ප්‍රදායානුකූලව ප්‍රසිද්ධ කරල බලයට පත්වුණාට පස්සේ හමස් පෙට්ටියට යන සංකේතාත්මක භාවිතාවක්. ජනතාව හමුවී තබන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්නේ ජනතාව ගොනාට අන්දවන ප්‍රචාරක උපක්‍රමයක් කියන එක ජනතාවත් දන්නවා.

 

යම් දේශපාලන පක්ෂයක් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක් වූවාට පසු ඒ පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණය හැරෙන්නට එහි අඩංගු දෑ ගැන ගැඹුරු සංවාදයක් සඳහා විවෘත වේදිකාවක් සකසා දීම සහ ඒවා ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීම ජනමාධ්‍ය වෙත පැවරී තිබුනත් ජනමාධ්‍ය විසින් එම භූමිකාව ඉටු කරනවා වෙනුවට තම දේශපාලන න්‍යාය පත්‍රයට අනුව මැතිවරණ වේදිකාවේ ඇසෙන හැගීම්,  ගැටුම් සහ නොමග යවන නිගමනවලින් ජනමාධ්‍ය අන්තර්ගතය පුරවනවා.


ඒ වගේම දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කරුණු බලයට පත් වුණාට පසුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා හොයල බලන්නෙ හෝ ඒ පිළිබඳව ප්‍රශ්න කරන්න ජනමාධ්‍ය උත්සාහක කරන්නේ නැහැ.


තවද  ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගත දෑ පිළිබඳව දේශපාලන පක්ෂ අතර දීර්ඝ, ගැඹුරු, විවෘත සාකච්ඡා ජනමාධ්‍ය විසින් සංවිධානය කරන්නේ නැහැ. ඒ නිසා මැතිවරණයකදී ජනතාව ඡන්දය දෙන්නෙ කාටද කියන එක තීරණය කරන්නේ සමස්ත තොරතුරුවලින් සන්නද්ධ වීමකින් තොරව සහ විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්ති ප්‍රකාශන වල අන්තර්ගතය ගැන දැනුවත්කභාවයක්  නොමැතිවය.

 

මේ නිසා ඡන්දදායකයා ඡන්ද පොළේදී ගන්නේ වැරදි තීරණයක්. ඒ වැරදි  තීරණයේ ප්‍රතිඵල සමකාලීන සමාජය ට විතරක්  නෙවෙයි බොහෝ විට අනාගත පරම්පරා ගණනාවකට අහිතකර ලෙස බලපානවා. මෙය මුළුමනින්ම ජනතා  විරෝධී  භාවිතයක්. එය රටක  ප්‍රජාතන්ත්‍රවාදයට බලවත් තර්ජනයක්. අද අප මුහුණ දී සිටින අර්බුදයටට බලයට පත්වූ ආණ්ඩු වගකිවයුතු නම් එහි මුල් තියෙන්නෙ මෙතනයි.

 

මැතිවරණයක් ආසන්න වන විට දේශපාලන පක්ෂ විසින් ප්‍රතිපත්ති ‍ප්‍රකාශන ජනතාව හමුවේ තබනවා.  හෙත් බලයට පත්වූ පසු ඒවා  ක්‍රියාත්මක කිරීමට කිසිම නීතිමය හෝ සදාචාරාත්මක බැදීමක් පක්ෂ සහ ජනතාව අතර ඇති වන්නේ නැහැ.


එහිදී සැබවින්ම සිදුවන්නේ දේශපාලන පක්ෂ විසින් මැතිවරණ සමයේ ජනතාව හමුවේ තැබු ප්‍රතිපත්ති  ප්‍රකාශන පසකට දමා මැතිවරණයේදී පක්ෂයේ ප්‍රචාරක කටයුතුවලට මුදල් යෙදවූ ව්‍යාපාරිකයින්ට කෘතගුණ සැලකීම සහ තම ඥාති මිත්‍රාදීන්ට වරප්‍රසාද ලබා දීමේ ප්‍රතිපත්ති හා තීරණ ක්‍රියාවට නැංවීමට බලයට පත්වෙන ආණ්ඩු කටයුතු කිරීමයි.


අද අපි මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය එයට කදිම නිදසුනක්. රාජපක්ෂ ආණ්ඩුවේ මහා පරිමාණ වංචා දූෂණ වලට අමතරව පසුගිය මැතිවරණවලදී  රාජපක්ෂවරුන්ට මුදල් වියදම් කරනු ලැබූ ව්‍යාපාරික පංතියේ උවමනාවන් ඉටුකිරීමේ ප්‍රතිඵල අද අප අත්විඳිමින් සිටිනවා.


ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට යෝජිත අණපනත්


මැතිවරණ පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන සජීවී වටිනාකම්ක් ඇති ප්‍රායෝගික හරයාත්මක ලියවිල්ලක් බවට පත් කළ හැක්කේ දේශපාලන පක්ෂ විසින් මැතිවරණයේදී  ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනු වෙනුවට ප්‍රතිපත්ති  ක්‍රියාත්මක කිරීමට අදාළ  පනත් කෙටුම්පත්, ව්‍යවස්ථා සහ නීති, ඒවා නීතිගත කිරීමේ කාල රාමුවක් ද සමග මහජනතාව හමුවේ තබා ඒවාට මහජන අනුමැතිය ලබා ගැනීමෙනි.  


නිදසුනක් වශයෙන් යම්කිසි දේශපාලන පක්ෂයකට ඔවුන් බලයට පත්වූ පසු නීතිගත කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව කෙටුම්පතක් ලෙස මැතිවරණයේදී ජනතාව හමුවේ තැබිය හැකිය. එසේ නැතහොත් බලයට පැමිණි පසු සම්මත කරන දේශපාලන පක්ෂයකට මැතිවරණයේදී  මුදල් ලැබුණු ආකාරය සහ ඒවා වියදම් කළ ආකාරය විවෘතව ප්‍රකාශ කිරීමේ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පතක් මැතිවරණ සමයේ මහජනතාව හමුවේ තබා ඒ සඳහා ජනතා කැමැත්ත  විමසා සිටිය හැකියි.


රනිල්ගේ ගජමිතුරු ප්‍රතිපත්ති


අවම වශයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ ජනතාවට ඉදිරිපත් නොකර බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ දැන් ජාතික ප්‍රතිපත්ති සහ ඒකාබද්ධ ජාතික වැඩසටහන් ගැන කතා කරමින් දේශපාලන ක්‍රීඩාවක නියැළීම මහජන කැමැත්ත, මහජන අවශ්‍යතා, සහ  මහජන උනන්දුව යන කාරණා බලය ලබා ගැනීමෙන් පසුව කොතරම් නොවැදගත් දෙයක් බවට පත්වන්නේද යන්නට කදිම නිදසුනක්.


අහම්බෙන් හෝ මේ මොහොත විසින් රනිල් වික්‍රමසිංහට විශේෂඥයන් සමඟ එක්ව මහජන යහපත, සහ මහජන උනන්දුව මත පදනම්ව රට තුළ පුළුල් සමාජ, දේශපාලන, ආර්ථික පරිවර්තනයක් කිරීමට අවස්ථාව උදාකර ඇති නමුත් ඔහු සුපුරුදු පරිදි සිය පැරණි ගජ මිතුරන් සමග එක්ව රටේ ප්‍රජාතන්ත්‍රවාදය විකෘති කරමින්  ඉන්න බව පේනවා. ජාතික  ප්‍රතිපත්ති සහ ජාතික වැඩපිළිවෙළක් ගැන කතා කරන ඔහු අනිත් පැත්තෙන් සිය ගජ මිතුරන් රාජ්‍ය ආයතන පාලනය කිරීමට පත් කරමින් ඉන්නවා. රනිල්ගේ රාජ්‍ය පාලන මොඩලය වන්නේ පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී, පශ්චාත් ලිබරල්වාදී ආණ්ඩුකරණයක්.

 

මේ මොහොතේ අරගලයේ සටන් පාඨ මත පදනම්ව කෙටුම්පත් කරන ව්‍යවස්ථාවක්, අණපනත් සහ නීති, ඒවා නීතිගත කිරීමේ කාල රාමුවක් සහිතව මහජනතාව හමුවට යන්නේ නැතුව විපක්ෂයට මහජන විශ්වාසය දිනා ගැනීමේ හැකියාවක් නැහැ. විපක්ෂය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටුනොත් රනිල් වික්‍රමසිංහගේ පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තන්ත්‍රය මෙරට මුල් බැස ගැනීමේ අවදානමක් තිබෙනවා.





සෘජු මහජන සහභාගිත්ව දෙවන පාර්ලිමේන්තුවක් ! - ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ(ආචාර්ය ප්‍රදීප් එන්. වීරසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
කොළඹ විශ්වවිද්‍යාලය.

pnweera@yahoo.com


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට නීති මහජන අනුමැතියට - (ආචාර්ය ප්‍රදීප් එන්' වීරසිංහ) | The Leader