The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය : 'ආණ්ඩුවේ ආර්ථික මාදිලිය රාජ්‍ය දේශීය ධනවාදයක්' - ශිරාල් ලක්තිලක

T

The Leader Desk

August 20, 2020 • 3:25 PM

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය : 'ආණ්ඩුවේ ආර්ථික මාදිලිය රාජ්‍ය දේශීය ධනවාදයක්' - ශිරාල් ලක්තිලක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නව ආන්ඩුවේ ආර්ථික මාදිලිය රාජ්‍ය දේශීය ධනවාදයක් වන බවට ඉඟියක් ජනාධිපතිවරයා අද (අගෝස්තු 20) 09 වැනි පාර්ලිමේන්තුව අමතමින්
  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු මෙවැනි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.
  • පසුගිය දශක 7 කට ආසන්න කාලයක් තිස්සේ එය අපට ඉටුකරගත නොහැකිවු බවද යතාර්තයකි.
  • එය මෙරට සිංහල ජාතිකවාදයෙන් පෝශනය වන ජනතාවගේ අභිලාෂයන් එක්තැන් කිරිමට සමත්වු කථිකාවක් බව කිව හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):

සිදුකළ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අනාවරණය වී ඇතැයි 'සමගි ජන බලවේගයේ' නායකයකු හා ප්‍රකට දේශපාලන විචාරකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු මෙවැනි විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.

''ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමේ ආශාව විවිධ දේශපාලන කඳවරුවලට ප්‍රතිපත්තිමය මුලෝපායන්ට යටත්ව අප සැවොම සතු ප්‍රාර්තනයකි.

පසුගිය දශක 7 කට ආසන්න කාලයක් තිස්සේ එය අපට ඉටුකරගත නොහැකිවු බවද යතාර්තයකි.

එවැනි පසුබිමක සිට වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලැබු සංවර්ධනමය මුලෝපාය විමසන කල එය impressive fiction එකක් යයි මට සිතේ.

''වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කරනු ලැබු සංවර්ධනමය මුලෝපාය විමසන කල එය impressive fiction එකක් යයි මට සිතේ. ''

මම එසේ පවසන්නේ උපහාසයෙන් නොවේ. එය මෙරට සිංහල ජාතිකවාදයෙන් පෝශනය වන ජනතාවගේ අභිලාෂයන් එක්තැන් කිරිමට සමත්වු කථිකාවක් බව කිව හැකිය.

එය කෙතරම් ප්‍රායෝගිකද නැද්ද යන්න වෙනම කතාවකි. නමුත් එය බොහෝ සිංහල හා දෙමල ජනතාවගේ හද තුල ඇති ප්‍රාර්තනයකි.

ජනාධිපතිවරයා අද එකී ජනතා ප්‍රාර්ථනය ස්පර්ශ කල බව කිවයුතුය.

''ජනාධිපතිවරයා අද එකී ජනතා ප්‍රාර්ථනය ස්පර්ශ කල බව කිවයුතුය. එය තුල කේන්ද්‍රීය කර ඇත්තේ සංවර්ධනයට ඇති රාජ්‍ය මැදිහත් වීමේ අවධාරනයයි. ඒ අනුව අපට පුර්වේක්ෂනය කරන්නට වන්නේ නව ආණ්ඩුවේ ආර්ථික මාදිලිය රාජ්‍ය දේශීය ධනවාදයක් වන බවය. ''

එය තුල කේන්ද්‍රීය කර ඇත්තේ සංවර්ධනයට ඇති රාජ්‍ය මැදිහත් වීමේ අවධාරනයයි. ජනාධිපතිවරයාගේ කතාව තුල පුද්ගලික අංශයේ මැදිහත්විම පිලිබඳව අසන්නට ලැබුනේ එක් අවස්තාවකදි පමනි. ඒ අනුව අපට පුර්වේක්ෂනය කරන්නට වන්නේ නව ආන්ඩුවේ ආර්ථික මාදිලිය රාජ්‍ය දේශීය ධනවාදයක් වන බවය.

මා එය ධනවාදයක් යයි කියන්නේ ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති මත ධනය ඉපයීම ව්‍යංගයෙන් අවධාරනය කල නිසාය. එසේ ධනය ඉපයීමේ එකම මුලෝපාය ලෙස ඉදිරිපත් කලේ කෟෂිකර්මය, ධිවර හා දේශීය ව්‍යවසාය නිසා එම වැඩපිලිවල දේශිය ධනය ඉපීමේ වැඩ පිලිවලක් ලෙස සිතමි.

කෙසේ නමුත් ඉදිරිපත් කල අදහස් අනුව කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රය තුලින් ධනය ඉපයීම පිලිබඳව වචනයක් හෝ සඳහනක් නොවීම මෙහිලා විශේෂයෙන් සඳහන් කලයුතුව තිබේ.

''කෙසේ නමුත් ඉදිරිපත් කල අදහස් අනුව කර්මාන්ත හා සේවා ක්ෂේත්‍රය තුලින් ධනය ඉපයීම පිලිබඳව වචනයක් හෝ සඳහනක් නොවීම මෙහිලා විශේෂයෙන් සඳහන් කලයුතුව තිබේ. ''

 

කරන්න පුලුවන් නම් අතිවිශිෂ්ඨයි :

නමුත් කර්මාන්තයේ දී re-engineering වෙතට යොමුවන ලෙසටය. ඉන් ඇඟවෙන්නේ වෙනම කතාවකි. කරන්න පුලුවන් නම් අතිවිශිෂ්ඨය.

හැබැයි ඉහත මාදිලියට අනුව කරන්න යන්නේ බර කරත්තයකට බෙන්ස් එන්ජිමක් එමගින් හයිකරන්නටය. ඇතැම් විට නොසිතු අත්හදා බැලීමක් විය හැකිය.
උදා මැටි කර්මාන්තය දියුනු කිරීමට ජපානයෙන් තාක්ෂනය හොරකම් කිරීම

ජනාධිපති වරයා සියල්ලන්ටම ආරාධනා කරන්නේ out of box හිතන ලෙසටය. එයත් හොඳ ප්‍රවිශ්ඨයකි.

අනික් හොඳ කතාව result base development Monitering සිදුකරන බව සඳහන් කිරීමය.

මේ සියල්ල අතර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කී කතා වන්නේ මැතිවරන ක්‍රමය වෙනස් කිරීම හා 19 සංශෝදනය ඉවත් කිරිම පිලිබඳව පමනය.

ඒ අනුව පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යූහයක් තුල පමනක් තිබෙන්නට ඔහු කැමති බවය. ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදය මේ ආර්තික මාදිලිය යටතේ පවත්වා ගෙන යාම අසීරු වනු ඇත.

 

මානව හිමිකම් ගැන කතා නොකලේය...

දුෂනයට සමාවක් නැති බව කීම අගනේය.

මානව හිමිකම් ගැන කතා නොකලේය

ඇතැම් විට ජනාධිපතිවරයා සිතනවා ඇත්තේ සංවර්ධනයට ඇති අයිතිය සැපිරේ නම් සිවිල්, දේශපාලනික, සුලු ජාතික අයිතිවාසිකම් අවැසි නොවන බවය.

කෙසේ නමුත් මට හිතෙන්නේ මේ අතවනන්නේ authoritarian capitalism වෙතටය. මක් නිසාද යත් මෙවැනි ආර්ථික මාදිලියක් බලය යොදවා මිස ආදරයෙන් ඒත්තු ගැන්වීමෙන් කල නොහැකි නිසාය.

එසේම රාජ්‍ය පාලන තරාදියයේ එක් පැත්තකට ගොඩනැගෙමින් එන ආර්ථික සුනාමිය හා අද ඉදිරිපත් කල සංවර්ධන සිහිනය දැමු කල එය සමතුලිත කල හැක්කේ අධිකාරීවාදී බලයටම පමනක් යයි මට සිතේ.

''එසේම, රාජ්‍ය පාලන තරාදියයේ එක් පැත්තකට ගොඩනැගෙමින් එන ආර්ථික සුනාමිය හා අද ඉදිරිපත් කල සංවර්ධන සිහිනය දැමු කල එය සමතුලිත කල හැක්කේ අධිකාරීවාදී බලයටම පමනක් යයි මට සිතේ.''

එසේ නොකල හොත් ඉතිරිවිය හැක්කේ ඉච්ඡාභංගත්වයයි. එම නිසා අවම හෝ උපරිම බලය යොදා සිහිනය යතාර්තයක් කිරීමට ජනාධිපති තුමන් ගේ දේශපාලන ව්‍යාපෟතිය කටයුතු කරනු නියතය.

එසේ නොවන්නේ නම් අවුරුදු පහකට පසුව marching order එක ජනතාවගෙන් ලැබෙනු ඇත. එසේ වුවහොත් රාජපක්ෂ වරුන්ට මෙන්ම ඔවුන් රැගෙන ආ දේශිය චින්තනයටද රට්ටුන් තිත තබනු ඇත.

නමුත් මෙම අත්හදා බැලීම මෙරට තුල සිදුවිය යුත්තකි. මක් නිසාද යත් හරිගියත් වැරදුනත් ( මම පුද්ගලිකවම අපේක්ෂා නොකරමි) දෙකින් එකක් වන නිසාය.

බලයට වඩා රටට මම කැමතිය.


Shiral lakthilaka(නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක)
slakthilaka@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...