The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපතිගේ එදා වේල ටුවර්ස් -ලසන්ත රුහුණගේ

T

The Leader Desk

August 25, 2020 • 5:06 AM

ජනාධිපතිගේ එදා වේල ටුවර්ස් -ලසන්ත රුහුණගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමාත්‍යාංශ තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් සති තුනක කාලයකදී තමාට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා
  • සියලුම අමාත්‍යාංශවල ප්‍රගතිය සම්බන්ධයෙන් මාස හයකට පසු වාර්තාවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයිද එම වාර්තාවල දැක්වේ.
  • රට හදන්නට තමා තුළ සැලසුමක් ඇතැයිද ඒ සඳහා බලය ලබාදෙන්නැයිද ජනාධිපතිවරයා ආයාචනා කළේය.
  • ඉන්පසු ඔහු කීවේ සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔහුට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

සියලු අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

සියලුම අමාත්‍යාංශවල ප්‍රගතිය සම්බන්ධයෙන් මාස හයකට පසු වාර්තාවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයිද එම වාර්තාවල දැක්වේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශ සැලසුම් කර ඇතැයිද එහිදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ක්‍රීඩා ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී ඇතැයිද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

රට හදන්නට තමා තුළ සැලසුමක් ඇතැයිද ඒ සඳහා බලය ලබාදෙන්නැයිද ජනාධිපතිවරයා ආයාචනා කළේය. ඒ සඳහා ජනාධිපතිවරණයේදී විශාල ජනවරමක් ජනතාව ඔහුට ලබා දුන්නෝය. ඉන්පසු ඔහු කීවේ සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔහුට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවය. එයද ජනතාව දැන් ලබා දී ඇත.

''රට හදන්නට තමා තුළ සැලසුමක් ඇතැයිද ඒ සඳහා බලය ලබාදෙන්නැයිද ජනාධිපතිවරයා ආයාචනා කළේය. ඒ සඳහා ජනාධිපතිවරණයේදී විශාල ජනවරමක් ජනතාව ඔහුට ලබා දුන්නෝය. ඉන්පසු ඔහු කීවේ සිය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඔහුට ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවය. එයද ජනතාව දැන් ලබා දී ඇත.'

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු ආණ්ඩු කිරීම සඳහා ඔහුට ප්‍රශ්නයක් පැන නැග තිබුණේ නැත. ආණ්ඩුව පිහිටුවා තිබුණේ ඔහුගේ සහෝදරයා ප්‍රමුඛ කණ්ඩායමය. තිබුණේ ඔහුගේ සෞභාග්‍යයේ දැක්මට අනුව රට කරගෙන යෑමය.

Gotabaya mahinda 2019

එහෙත් එම දැක්මට මොකක්දෝ අඩුවක් ඇතැයි කියමින් තුනෙන් දෙකක අතිවිශාල පාර්ලිමේන්තු බලයක් ඔහු සහ ඔහුගේ පිරිවර ඉල්ලීය. දැන් එය ලැබී ඇත. සිදුවිය යුත්තේ කියූ ලෙස ක්‍රියා කර පෙන්වීමය.

කියූ ලෙස ක්‍රියා කර පෙන්වීමට වැඩපිළිවෙළක් නැති බව ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ගේ සැලසුම් ඉල්ලීමෙන් පෙනී යයි.

''කියූ ලෙස ක්‍රියා කර පෙන්වීමට වැඩපිළිවෙළක් නැති බව ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ගේ සැලසුම් ඉල්ලීමෙන් පෙනී යයි.''

මේ අමාත්‍යවරුන් වූ කලි ඡන්දය ඉල්ලූ අපේක්ෂකයෝය. සමහරුන්ට ජයග්‍රහණය ගැන නියත අදහසක් තිබුණත් බොහෝ අයට තිබුණේ ඒ ගැන දෙගිඩියාවකි. ඔවුන්ගේ එකම ඉලක්කය ඡන්දයෙන් ජයගෙන පාර්ලිමේන්තු යෑමය.

කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍යධුරයක් ලැබෙනවාද යන්න මේ බොහෝ අයට නිශ්චිතව තිබුණේ නැත. එමෙන්ම එසේ ලැබෙන අමාත්‍යධුරය කුමක්ද යන්නද, ඊට අයත් විෂයන් හා ආයතන මොනවාද යන්නද ඔවුන් දන්නේ නැත. එසේම ලැබෙන ඕනෑම ක්ෂේත්‍රයක් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් හා අවබෝධයක්ද අමාත්‍යවරුන්ට නැත.

ඇත්තටම අමාත්‍යවරුන් යනු පරිපාලකයන් නැතිනම් කළමනාකරුවන් වැනි පිරිසකි. ඔවුන් අමාත්‍යාංශවලට ලබාදෙන්නේ තීන්දු තීරණ ගැනීමේ දේශපාලන නායකත්වයය.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්ම අනුව ජාතික වැඩපිළිවෙළට අමාත්‍යාංශ සැලසුම් කළේ නම් ඒ පිළිබඳ  අදහස් වෙනත් අය ළඟ තිබිය නොහැකිය. තිබිය හැක්කේ ජනාධිපතිවරයා ළඟත් ඔහු සමග එම ප්‍රතිපත්ති සැදීමට කටයුතු කළ පිරිසත් ළඟය.

''සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්ම අනුව ජාතික වැඩපිළිවෙළට අමාත්‍යාංශ සැලසුම් කළේ නම් ඒ පිළිබඳ  අදහස් වෙනත් අය ළඟ තිබිය නොහැකිය. තිබිය හැක්කේ ජනාධිපතිවරයා ළඟත් ඔහු සමග එම ප්‍රතිපත්ති සැදීමට කටයුතු කළ පිරිසත් ළඟය.''

එහෙත් මේ මැසිවිලිවලින් පෙනෙන්නේ ජනතාවගෙන් වරක් නොව දෙවරක්ම මගේ සැලසුමට රට කරවන්න බලය දෙන්න යැයි ඉල්ලුවාට එවැනි සැලසුමක් ජනාධිපතිවරයාට හා ඔහුගේ කල්ලියට තිබී නැති බවය. සාමාන්‍ය භාෂාවෙන් කියන ලෙස එදාවේල ටුවර්ස් ලෙස වැඩ කරමින් යන බවයි.

 

අතිවිශේෂ ගැසට් පත්‍රය :

එය අපට හොඳටම පෙනෙන්නේ අමාත්‍යාංශ විෂය හා කාර්යයන් ප්‍රකාශයට පත්කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින්ය. එහි සමහර අමාත්‍යාංශ විෂයන් ක්‍රියාත්මක කළ යුතු ආයතන ඇත්තේ වෙනත් අමාත්‍යාංශයකය.

උදාහරණයකට,

# මහජන උපයෝගිතා කොමිසම එක් අමාත්‍යාංශයකට තිබෙන විට ඒ මගින් නියාමනය කළ යුතු ලංකා විදුලිබල මණ්ඩලය ඇත්තේ වෙනත් අමාත්‍යාංශයකය.

#  ජාතික ගමනාගමන කොමිසම එක් අමාත්‍යාංශයක තිබෙන කල ඒ මගින් නියාමනය කළ යුතු ලංකා ගමනාගමන මණ්ඩලය ඇත්තේ තවත් අමාත්‍යාංශයකය.


විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් කිරීමේ ඇත්ත තත්වය එසේය. එය පෙර කී ලෙසම එදා වේල ටුවර්ස්වලට වඩා වෙනසක් පෙන්වන්නේ නැත.■

 විද්‍යාත්මකව හා ප්‍රායෝගිකව අමාත්‍යාංශ ව්‍යුහයන් සකස් කිරීමේ ඇත්ත තත්වය එසේය. එය පෙර කී ලෙසම එදා වේල ටුවර්ස්වලට වඩා වෙනසක් පෙන්වන්නේ නැත
 
(ලසන්ත රුහුණගේ- අනිද්දා 24/08/2020)
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...