The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

President's War Diary : රංගෙගේ ප්‍රශ්නය විසදන්න ජනපති රනිල් මැදිහත් වූ හැටි

T

The Leader Desk

August 30, 2024 • 3:18 PM

President's War Diary : රංගෙගේ ප්‍රශ්නය විසදන්න ජනපති රනිල් මැදිහත් වූ හැටි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ රැදී සිටිමින් රටේ රාජකාරී කරන අතරතුර මැතිවරණ ප්‍රචාරක රැළි වෙනුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ගමන් කරමින් සිටියි.
  • සදුදා සුපුරුදු ලෙස මල්පාරේ මැතිවරණ කාර්යාලය වෙත පැමිණි ජනපති රනිල් දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කළේය.
  • සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සාකච්ඡාවක් ජනපති හා නිලධාරීන් අතර පැවැත්විනි.
  • ජනපති රනිල් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමට අදාළව තොරතුරු එක්රැස් කිරීමේ කණ්ඩායම් සොයාදීමේ වගකීම පැවරූවේ ලේකම් සමන් ඒකනායක වෙතය.
අකුරු ප්‍රමාණය (Font Size):

කොළඹ රැදී සිටිමින් රටේ රාජකාරී කරන අතරතුර මැතිවරණ ප්‍රචාරක රැළි වෙනුවෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ගමන් කරමින් සිටියි. ගෙවුනු  සතිය පුරාම ජනපති රනිල් වික්‍රමසිංහ සිටියේ අකුරණ, මාවනැල්ල, ඇහැළියගොඩ, මොණරාගල හා තිස්සමහාරාමය යන ප්‍රදේශවලය.

frwerwer‘පුළුවන් ශ්‍රී ලංකා‘ මොණරාගල පැවැති රැලියට සහභාගි වෙමින්...
මහජන රැළි එම නගරවල සංවිධානය කර තිබූ අතර ජනපති රනිල්ට එම ජනතාවගෙන් ලැබුණේ උණුසුම් ප්‍රතිචාරයකි. අවු - වැසි නොතකමින් ජනතාව පැමිණ සිටියේ ජනපති රනිල්ට සහාය දැක්වීමටය. බොහෝ ප්‍රචාරණ රැස්වීම් වෙත ජනපති රනිල් ගියේ ගුවනිනි. ඒ වෙනුවෙන් ගුවන් හමුදාව වෙත පෞද්ගලිකව මුදල් ගෙවීමට ද ජනපති රනිල් අමතක කළේ නැත.

සදුදා සුපුරුදු ලෙස මල්පාරේ මැතිවරණ කාර්යාලය වෙත පැමිණි ජනපති රනිල් දේශපාලන කටයුතු ගැන සාකච්ඡා කළේය. මාධ්‍ය කටයුතු ගැන මෙන්ම, මැතිවරණ රැස්වීම් සංඛ්‍යාව ගැන හා කථික ලැයිස්තු ගැන ද මෙහිදි කතා කළේය. ඉරිදා සිරිකොත දී ප්‍රසිද්ධියේ කීවාක් මෙන් ගෙයින් ගෙට ගොස් කරන ප්‍රචාරණ කටයුතු වැඩි කරන්නැයි ජනපති පිරිසට එහිදි දැඩිව උපදෙස් දුන්නේය.

සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සාකච්ඡාවක් ජනපති හා නිලධාරීන් අතර පැවැත්විනි. ජනපති රනිල් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසීමට අදාළව තොරතුරු එක්රැස් කිරීමේ කණ්ඩායම් සොයාදීමේ වගකීම පැවරූවේ ලේකම් සමන් ඒකනායක වෙතය.

ඔහු එම කාරණය කණ්ඩායම් ගණනාවකට පැවරූ අතර ජනපති හා එම කණ්ඩායම් සම්බන්ධීකරණය පමණක් ඔහු විසින් ඉටු කරන ලදි. ජනපතිගේ ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සමරතුංගට හා සමන් අතාවුදහෙට්ටිට කතාව ගලපා සකස් කිරීමේ වගකීම පවරා තිබුනි. ඔවුන් එම කටයුතු බදාදා සවස් වන තෙක් කරනු ලැබීය.

ser2342

ජනපති රනිල් අගහරුවාදා පෙරවරුවේ ආරක්ෂක මණ්ඩල හමුවට සහභාගී වූ අතර දහවල් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මුණ ගැසී රටේ ආර්ථික තත්ත්වය ගැන කතා කළෝය. පිල් මාරු කිරීම් ද මෙම කාලයේ බහුලව සිදුවන බැවින් ජනපති රනිල් හමුවට ද කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ඇතුළු තවත් පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පිරිසක් පැමිණ සහාය දැක්වීමට පොරොන්දු වූහ.

මේ අතර ජනපති රනිල් රඳගුරු සම්මේලනයේ සභාපති හැරල්ඩ් ඇන්තනි රඳගුරුතුමන් මෙන්ම හලාවත රඳගුරුතුමන් ද මුණ ගැසී ආශීර්වාද ලබා ගත්හ. ජනපති රනිල් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉකුත් බ්‍රහස්පතින්දා ඉදිරිපත් කළ අතර “පුළුවන් ශ්‍රී ලංකා“ පස් අවුරුදු ආර්ථික සැලසුමක් එහි තිබුනි.

t345345
ජනපති රනිල් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ගියේ ඔහුගේ දේශපාලන කාර්යාලය වෙතය. මැති ඇමතිවරු පිරිසක් එහි පැමිණ සිටි අතර මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගැන මෙන්ම දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළෝය.

“අපේ නම් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කලා. ඒත් සජිත් අද නුවරදි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනවා කිව්වාට හවස් වෙනකම් ඉදිරිපත් කරන්න බැරිවුනා.“ ඇමති ප්‍රසන්න රණතුංග කතාව පටන් ගත්තේ එලෙසිනි.

“අන්තිමේදි හවස මල්වතු අස්ගිරි නාහිමිවරුන්ට ඉදිරිපත් කරලා ජනතාවට දෙන එක සැප්තැම්බර් 04 දා කරනවා කියලා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා අවසන් කලා. පක්ෂේ ඇතුලේ අර්බුද වැඩිවෙලා කියලා ආරංචියි.“ වජිර අබේවර්ධන කීවේය.

“ජගත් කුමාර මන්ත්‍රී ගියාට සමෘද්ධි සංගමය ඉන්නේ අපිත් එක්ක. මෙයාගේ වැඩ නිසා ඒකත් දැන් බෙදුනා.“ ශෙහාන් සේමසිංහ කීවේය.

“එක්සත් ජාතික පක්ෂ මහලේකම් සජබ ට යනවා කියලා ආරංචියක් යවනවා. එයාට විරුද්ධව චෝදනා තියනවා කියලත් කියනවා.“ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් විමසුවේය.

“එතුමා ප්‍රශ්නයක් ගැන මට කිව්වා. දේශපාලන පළිගැනිම් යටතේ මේකට වන්දියක් පාස් වුනා. හැබැයි එතුමගේම නිතිමය කරුණක් මත මේක දෙන්න බාධාවක් ඇවිල්ලා තියෙනවා.“ ජනපති කීවේ ඔහු දන්නා දේය.

“ඔව් ඒකට අදාළ කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ ඇමති මණ්ඩලයට එනවා.“ එහි සිටි නිලධාරියෙකු කීවේ එවැන්නකි.

“තලතා අතුකෝරලට එක්සත් ජාතික පක්ෂ මහලේකම් කම දෙන්න හදනවා කියලා මාධ්‍යවල පළවෙනවා.“ මන්ත්‍රී දොළවත්ත විමසුවේය.

“එතුමිය වගේම සජබේ ඉන්න තවත් කට්ටියකට දෙන්න කියලාත් අපෙන් ඉල්ලනවා. තලතා මැතිණිය ආවොත් තවත් හුගක් දේවල් දැන ගන්න පුළුවන් වේවි.“ නියෝජ්‍ය නායක රුවන් කීවේ සිනාසෙමිනි.

ජනපති රනිල් හිස සැලුවා මිස කිසිවක් කීවේ නැත.

මේ අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවෙනවාද මාධ්‍ය සාධාරණව කටයුතු කරනවාද යන්න ගැන සොයා බැලීමට පවරා තිබෙන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකට ය. ඔහු මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක හා එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටියි.

මැතිවරණයට මාධ්‍ය බලපෑම් වැඩිවී තිබෙන වකවානුවක සමාජ මාධ්‍ය ගැන මෙන්ම පෞද්ගලික මාධ්‍යයක් ගැන ද දිගින් දිගටම මැතිවරණ කොමිසමට හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබෙමින් සිටියි.

මෙම කාරණය ගැන මැතිවරණ කොමිසම හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සාකච්ඡා කොට මාධ්‍ය ප්‍රධානීන් කැදවා සිය අවසන් නිවේදනය ඔවුන් වෙත ලබාදී තිබුනි. ඒ මාධ්‍ය උපමාන හා කොන්දේසි නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙස කළ දැනුම් දීමය. ඒ ගැන දැඩි ව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇතැයි ද ඔවුන් මාධ්‍ය ආයතන වෙත දැනුම් දුන්නේය.

සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...