The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

President's War Diary : රනිල් විවෘත කළේ මැතිවරණ කාර්යාලයක් ද? දේශපාලන කාර්යාලයක් ද?

T

The Leader Desk

June 7, 2024 • 7:41 AM

President's War Diary : රනිල් විවෘත කළේ මැතිවරණ කාර්යාලයක් ද? දේශපාලන කාර්යාලයක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැතිවරණයට අදාළ තනතුරු ඇතුළු තනතුරු කිහිපයක් පත් කළේය.
  • එහි සෙසු සාමාජිකයන් ලෙස වජිර අබේවර්ධන, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානයක්කාර, වඩිවෙල් සුරේෂ් සහ පක්ෂයේ 5 වැනි මන්ත්‍රීවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කරන බව නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත දැනුම් දුන්නේය.
  • ඉන් නොනැවති එක්සත් ජාතික පක්ෂ ජාතික මැතිවරණ සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු පත් කළ අතර ජාතික මැතිවරණ නියෝජ්‍ය ලේකම් ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කරනු ලැබීය.
  • ජාතික ලේකම් ලෙස රවී කරුණානායක පත් කෙරුණු අතර භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් පත් කරන ලදි.
අකුරු ප්‍රමාණය (Font Size):

මැතිවරණයට අදාළ තනතුරු ඇතුළු තනතුරු කිහිපයක් පත් කළේය. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබූ රංජිත් මද්දුම බණ්ඩාරගේ සාමාජිකත්වය යළි පිරිනැමුවේ ඒ අතරතුරය.

ඉන් නොනැවතී දේශපාලන කාර්යාලයක් ද විවෘත කරනු ලැබුවේ දේශපාලන කරලිය තුළ අමුතු සෙල්ලමක් කරමිනි. ජනපති රනිල් ඉරිදා පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගියේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට නායකත්වය දීමටය.

 

රනිල් ඉරිදා සිරිකොතට
එදින මුලින්ම සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටුවා තිබූ පක්ෂ සාමාජිකත්වය නිදහස් කිරීමේ යෝජනාව අනුමත කරමින් ඔහුව පක්ෂයේ දේශපාලන සහයෝගීතාවය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවට ද පත් කරනු ලැබීය.

එහි සෙසු සාමාජිකයන් ලෙස වජිර අබේවර්ධන, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානයක්කාර, වඩිවෙල් සුරේෂ් සහ පක්ෂයේ 5 වැනි මන්ත්‍රීවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කරන බව නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරි මණ්ඩලය වෙත දැනුම් දුන්නේය.

 

ඉන් නොනැවති එක්සත් ජාතික පක්ෂ ජාතික මැතිවරණ සංවිධායක ලෙස හරීන් ප්‍රනාන්දු පත් කළ අතර ජාතික මැතිවරණ නියෝජ්‍ය ලේකම් ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කරනු ලැබීය. ජාතික ලේකම් ලෙස රවී කරුණානායක පත් කෙරුණු අතර භාණ්ඩාගාරික ලෙස ෆිරෝස් ශාබ්දීන් පත් කරන ලදි. භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මිස්බා සතාර් පක්ෂ උප සභාපතිවරයෙකු ලෙස පත්වීම් ලැබීය. ක්‍රිෂාන් තියඩෝර් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ලෙස කරන ලද පත්වීමට ද කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය හිමිවිය.

කලාප සංවිධායකවරුන් සියලු දෙනාට ජනපති රනිල් අතින් පත්වීම් ලිපි පිරිනැමීමට පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර කටයුතු කර තිබුනි.

 

ඊට අමතරව පක්ෂයේ සෙසු නිලධාරී මණ්ඩලය ද පෙර පරිදිම පත් කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය හිමිවූ අතර පක්ෂයේ නව කලාප සංවිධායක පත් කිරීම්වලට ද අනුමැතිය හිමි විනි. එම කලාප සංවිධායකවරුන් සියලු දෙනාට ජනපති රනිල් අතින් පත්වීම් ලිපි පිරිනැමීමට පක්ෂ මහලේකම් රංගේ බණ්ඩාර කටයුතු කර තිබුනි.

 

සදුදා උදෙන්ම කොළොන්නාවට ගිය සාගල සජබ මන්ත්‍රී මරික්කාර් හා සරත් වීරසේකර සමඟ එක්වී ත්‍රිවිද හමුදාව හා පොලීසිය සම්බන්ධ කර  ගිනිමින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කළේය.

අයහපත් කාලගුණික තත්ත්වය ගැන ජනපති දැනුම්වත් කළේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න ය. කාර්ය මණ්ඩල ප්‍රධානි සාගලට හා ප්‍රමිත බණ්ඩාරට කතා කළ ජනපති ඔවුන්ට උපදෙස් දුන්නේ වහාම මේ ගැන සොයා බලන ලෙසටය. ඒ අනුව ඔවුන් ක්ෂණිකව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ගොස් නිලධාරීන් කැදවා අවශ්‍ය උපදෙස් දෙනු ලැබීය. පසුව සාගල මාතරට හා සීතාවකට ගොස් ආපදාවන්ට ලක්වූවන්ගේ තොරතුරු විමසා බලා අවශ්‍ය සහන ලබාදීමට පියවර ගත්තේය.

සදුදා උදෙන්ම කොළොන්නාවට ගිය සාගල සජබ මන්ත්‍රී මරික්කාර් හා සරත් වීරසේකර සමඟ එක්වී ත්‍රිවිද හමුදාව හා පොලීසිය සම්බන්ධ කර  ගිනිමින් ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කළේය. ඒ අතර ඔහු මෙම කටයුතු ගැන ජනපති රනිල්ද දැනුම්වත් කළ අතර තමන්ගේ මව් පාර්ශවයට සම්බන්ධ සේදවත්ත ග්‍රාමයේ අසල්වැසියාගේ සැප දුක සොයා බැලීමට තමන් එන බව ජනපති සාගලට දැන්වීය.

 



කොළොන්නාවට ගිය ජනපති මුලින්ම පන්සලට ගොස් එහිදී නිලධාරීන් හා මහජන නියෝජිතයයන් සමඟ සාකච්ඡා කළේ ගංවතුර ප්‍රශ්නයට ස්ථිර විසදුමක් දීමටය. අනවසර ඉදිකිරීම් හා පහත්බිම් ගොඩකිරිම් නතර කිරීමට අදාළව දැඩි නීති ගෙන ඒමට එහිදි තීන්දු කෙරිනි. ඉන් පසුව පීඩාවට පත් ජනතාව මුණ ගැසීමට ගිය ජනපති ඔවුන් ගේ දුක බෙදා ගත්තේ ජනතාවගේ ඇසට සතුටු කදුලක් එක් කරමිනි.

පීඩාවට පත් ජනතාව මුණ ගැසීමට ගිය ජනපති ඔවුන් ගේ දුක බෙදා ගත්තේ ජනතාවගේ ඇසට සතුටු කදුලක් එක් කරමිනි.

 

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව එදින සවස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගැනීමට ද එහිදී තීන්දු කෙරුනි. එදින පෙරවරුවේ දේශපාලන කැබිනෙට්ටුව ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට ප්‍රථම එම කණ්ඩායම රැස්වුනේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායකගේ කාර්යාලයේ ය. එහිදි ජනපති සමඟ සාකච්ඡා කරන කරුණු ගැන සාරාංශ ගත කෙරිනි.

එම සාකච්ඡාව යන අතරතුර පිටතට පැමිණි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක ජනපතිට ඇමතුමක් දී කීවේ එදින ඇමති ටිරාන්ගේ උපන්දිය බවය. ඒ අනුව සැලසුමක් ක්‍රියාත්මක වූ අතර ජනපතිගේ ප්‍රධානත්වයෙන් දේශපාලන කැබිනෙට්ටුව රැස්වෙද්දී ඉටිපන්දම් ගැසූ කේක් ගෙඩියක් තිබෙනු දැක ටිරාන් ද පුදුමයට පත්වූවේය.

කේක් කපා පිරිස ඔහුට සුබ පැතීමෙන් පසුව දේශපාලන කැබිනෙට්ටුව රැස්විනි. එදින පෙරවරුවේ මෙන්ම සවස් යාමයේදී ද ටිරාන් වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ කේක් කැපිනි. ඒ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ය.

 

1697292304 President Ranil Wickremesinghe L“ දැන් ඔය යන්ත්‍ර ගැන කතා කරලා වැඩක් නෑ. අපි මුලින්ම ජනතාවට සහන දෙන වැඩ ගැන බලමු. අපි ජනතාව අසලට ගොස් අඩුපාඩු සොයා බලා අවශ්‍ය විසදුම් දෙමු.”

සවස පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේය. එහිදි අයහපත් කාලගුණ තත්ත්වය ගැන මෙන්ම ඩොප්ලර් යන්ත්‍රයක් ගැනීම ගැනද කතාව ඇදී ආවේය. මන්ත්‍රීවරුන්ගේ කතා අවසානයේ ජනපති රනිල් “ දැන් ඔය යන්ත්‍ර ගැන කතා කරලා වැඩක් නෑ. අපි මුලින්ම ජනතාවට සහන දෙන වැඩ ගැන බලමු. අපි ජනතාව අසලට ගොස් අඩුපාඩු සොයා බලා අවශ්‍ය විසදුම් දෙමු.” කියා කීවේය.

flood2893ගුවණින් එන අතරතුර ගංවතුර තත්ත්වය පිරීක්සූ ජනපති රනිල් එහිදීම දුරකතනයෙන් අදාළ නිලධාරීන්ට කොට උපදෙස් දෙනු ලැබීය.

 

ජනපති රනිල් අගහරුවාදා පෙරවරුවේ රුවන්වල්ලට ගියේ උරුමය සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමටය. එහිදි ඔහු සිය ඥාතිත්වයක් ඇති මීදෙණිය වලව්වට ගොස් එහි මදවේලාවක් නතරව සිටි නැවත එන අතරතුර ගංවතුරෙන් අවතැන් පිරිසේ දුක සැප විමසීමට ද ගියේය. ගුවණින් එන අතරතුර ගංවතුර තත්ත්වය පිරීක්සූ ජනපති රනිල් එහිදීම දුරකතනයෙන් අදාළ නිලධාරීන්ට කොට උපදෙස් දෙනු ලැබීය.

 

447287207 855567963269492 2328897764221910451 nඑහිදි ජනපති රනිල් 1975 වර්ෂයේ කැළණිය සංවිධායක ලෙස රවීන්ද්‍ර රන්දෙණියගේ පවුලේ අය මුණ ගැසුණු හැටි සිහිපත් කළේය.
බදාදා නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පිරිසකට අක්තපත්‍ර ප්‍රදානය කිරීමෙන් පසු පරිසර දිනය වෙනුවෙන් පාසල් පරිසර නියමුවන්ට හා හොදම හරිත දුම්රිය ස්ථාන 10 ට සම්මාන ප්‍රදානය කෙරිනි. සවස ඔහු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත ගියේ රවින්ද්‍ර රන්දෙණිය සිනමාවේදියාගේ සිනමා දිවියට අඩසියවසක් පිරීම නිමිත්තෙන් පැවැති උපහාර උළෙලට එක්වීමටය. එහිදි ජනපති රනිල් 1975 වර්ෂයේ කැළණිය සංවිධායක ලෙස රවීන්ද්‍ර රන්දෙණියගේ පවුලේ අය මුණ ගැසුණු හැටි සිහිපත් කළේය.

ඉන්දීය අගමැති මෝදිට කතා කොට සුබ පැතුවේ ඉන් පසුවය. එහිදි ඉන්දීය අගමැතිවරයා සිය දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණෙන ලෙස ජනපති රනිල්ට ආරාධනා කළේය.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් කොළඹ අර්නස්ට් ද සිල්වා මාවතේ ස්ථාපිත කෙරුණු දේශපාලන කාර්යාලය විවෘත කළේ සුබ මොහොතිනි. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මෙම කාර්යාලය ස්ථාපිත කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් කර තිබුනි. මහා සංඝ රත්නය ඇතුළු ආගමික ප්‍රසාදීන්ගේ ආශීර්වාදයෙන් පසුව ඔහු එහි සටහන් පොතක යෙදූ ප්‍රථම සටහන කාගේත් අවධානයට ලක්විය.

 

447206615 855574379935517 4315601825685727182 nඅගමැති දිනේෂ්, ඇමති නිමල් සිරිපාල, ඇමති බන්දුල, ඇමති රමේෂ් හා මන්ත්‍රී ලන්සා ඇතුළු පිරිස සමඟ ජනපති සාකච්ඡාවක්ද පැවැත්වූවේය. 
“ආරම්භය - The Start” ලෙස ද්වි භාෂාවෙන් සටහනක් තැබූ ජනපති රනිල් සිංහලෙන් හා ඉංග්‍රිසියෙන් සිය අත්සන ද යොදා තිබෙනු පැමිණි පිරිසට දැකගත හැකි වූහ. ඕනෑම අවස්ථාවකදී ක්ෂණිකව අවශ්‍ය තැනට අවශ්‍ය වදන් සටහන් කිරීමට ඇති හැකියාව සැමගේ ප්‍රසංශාවට කාරණයක් වූවේය. එහි පැමිණි අගමැති දිනේෂ්, ඇමති නිමල් සිරිපාල, ඇමති බන්දුල, ඇමති රමේෂ් හා මන්ත්‍රී ලන්සා ඇතුළු පිරිස සමඟ ජනපති සාකච්ඡාවක්ද පැවැත්වූවේය.

එහිදි පිරිස විපක්ෂය මතු කරන 75 වසරක සාපය ගැන කරුණු ඉදිරිපත් කළ යුතු බව කියද්දී ජනපති රනිල් කීවේ අපි අවුරුදු දෙකට කරපු වැඩ ගැන ජනතාව දැනුම්වත් කරන ලෙසටය. අමාරු කාලයක රජයක් භාරගෙන නැවත රට යථා තත්ත්වයට ගෙන ඒමට කළ වැඩ කොටස ගැන තොරතුරු මැති ඇමතිවරුන්ට දෙන ලෙස ඔහු ආචාර්ය සමරතුංගට පැවසුවේය.

447265261 855574856602136 7482565284597781046 nදේශපාලන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව ඔහු පැමිණියේ මුදල් අමාත්‍යංශය වෙතය.

 

දේශපාලන කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව ඔහු පැමිණියේ මුදල් අමාත්‍යංශය වෙතය. එහි මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියේ ජනපති සමඟ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කිරීම ගැන මෙන්ම ගංවතුර ආපදාවන් ගැන ද මෙහිදි කතා කෙරිනි.

“ජනාධිපතිතුමා අද දේශපාලන කාර්යාලයක් පටන් ගත්තා. ඉරිදා සිරිකොතට ගිහින් පක්ෂයේ වැඩ කටයුතු වෙනස් කලා. අනෙක් පක්ෂ එක්ක සාකච්ඡා කරගෙන යනවා. තව පැත්තකින් ජන්දය කල් දාන යෝජනා එනවා. මිනිස්සුන්ට වගේම අපටත් මේ ගැන ප්‍රශ්න මතු වෙනවා.” ඇමති මනූෂ කී විට සියල්ලෝම හිස සලද්දී ජනපති කට කොනකට සිනහවක් නගා ගත්තා විනා කිසිවක් කීවේ නැත.

 

grtජනපති කට කොනකට සිනහවක් නගා ගත්තා විනා කිසිවක් කීවේ නැත
“ගංවතුර වෙලාවේ ජනාධිපතිතුමාත් මිනිස්සු අතරට ගියා. අගමැතිතුමාත් ගියා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුත් ගියා. හැබැයි වෙනදට යන විපක්ෂ මන්ත්‍රීවරු නම් හිටියේ නෑ. විපක්ෂ නායකතුමා ගිහින් තිබුණේ වතුර බැස්සට පස්සේ.” මහාචාර්ය ආශූ කීවේ එය ඉතිහාසගත වාර්තාවක් බවද පෙන්වා දෙමිනි.

ඉරිදා පැවැත්වෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට යාමට ජනපති රනිල් සති අන්තයේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

WhatsApp Image 2024 06 07 at 10.33.00 සාගල රත්නායක එහි ගොස් තිබුණු අතර ඔහු එක්සත් ජාතික පාක්ෂිකයන් මුණ ගැසෙන ස්ථානයට අල්ලපු ශාලාවේ ඇමති කාංචන ද පොහොට්ටු සාමාජිකයන් මුණ ගැසිනි.

 

සරත් වීරසේකර මන්ත්‍රීවරයා නිෂ්පාදනය කළ ශ්‍රී සිද්ධා නම් පනාකඩුව තඹ සන්නස් ගැන සකස් කෙරුණු චිත්‍රපටය නැරඹීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක එක්වූ අතර එහි පැමිණ සිටි මව්බිම ජනතා පක්ෂයේ දිලිත් ජයවීර සමඟ ඔහු කතා කරමින් සිටිනු කටත් කුකුසක් ඇති කරවන්නක් විය. ජනපති ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත්වෙන මහජන රැලියේ සංවිධාන කටයුතු කිරීමට සාගල රත්නායක එහි ගොස් තිබුණු අතර ඔහු එක්සත් ජාතික පාක්ෂිකයන් මුණ ගැසෙන ස්ථානයට අල්ලපු ශාලාවේ ඇමති කාංචන ද පොහොට්ටු සාමාජිකයන් මුණ ගැසිනි.

සාගල සිටින බව ආරංචි වූ ඇමති කාංචන එහි පැමිණි අතර යු.එන්. පි පාක්ෂිකයන් ඇමතූ කාංචන පසුව කාර්ය මණ්ඩල ප්‍රධානි සාගලව කැදවාගෙන පොහොට්ටු රැස්වීමට ගියේය. එදා ප්‍රතිපක්ෂ දෙකක දෙදෙනා මෙදා ජනාධිපති වෙනුවෙන් එකම වේදිකාවක සිටිනු දැකීම කාටත් මවිතයට කාරණයක් වූවේය.


සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...