The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

President's War Diary : යූ.එන්.පී මන්ත්‍රීවරු තමන්ව බේරපු හැටි මෙත්‍රීපාල ජනපති රනිල්ට කියයි

T

The Leader Desk

June 21, 2024 • 3:25 PM

President's War Diary : යූ.එන්.පී මන්ත්‍රීවරු තමන්ව බේරපු හැටි මෙත්‍රීපාල ජනපති රනිල්ට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මුණ ගැසී මුලින්ම ආශීර්වාද ලබාගත් ජනපති රනිල් ඉන්පසුව ගියේ උරුමය ඉඩම් ඔප්පු පිරිනැමීමේ අවස්ථාවට එක්වීමටය.
  • අගරුවාදා පෙරවරුවේ ජනපති රනිල් පාර්ලිමේන්තුව වෙත ගියේ විශේෂ ප්‍රකාශයක් කිරීමටය.
  • ඒ කාන්තාවන්ගේ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බාධාවක් වී ඇති බව පෙන්වා දීමටය.
  • මේ අතර නැගුණ ගෙවල් කුලී බද්ද ගැන ප්‍රශ්නයට ජනපති පිළිතුරු දුන්නේ එය රටේ ගෙවල් කුලියට දී ඇති අයගෙන් 90% ට බල නොපාන බව කියමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මුණ ගැසී මුලින්ම ආශීර්වාද ලබාගත් ජනපති රනිල් ඉන්පසුව ගියේ උරුමය ඉඩම් ඔප්පු පිරිනැමීමේ අවස්ථාවට එක්වීමටය. ඊට මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.

දිවා ආහාරය අවස්ථාවේදී ඔවුන් දෙපල බොහෝ වේලාවක් කතා බස් කරනු එහි සිටි අයට දැක ගත හැකි විය. උරුමය ඉඩම් ඔප්පු පිරිනැමීමේ උත්සවයේදි මන්ත්‍රී රිෂාඩ් ජනපති වැඩපිළිවෙල අගය කරමින් කතා කළේය. සදුදා නිවාඩු දිනයක් වුවද ජනපති රනිල් ඇඹිලිපිටියට ගියේ මහවැලි වලව කලාපයේ ගොවීන්ට ඉඩම් ඔප්පු පිරිනැමීමටය.

urumayaඋරුමය ඉඩම් ඔප්පු හිමිකම් ලැබූණු පුරවැසියන්


“ඔබතුමා ඉඩම් ඔප්පු දෙනවා, අස්වැසුම දෙනවා, ශිෂ්‍යත්ව දෙනවා. ජනතාව වෙනුවෙන් මෙපමණ ප්‍රතිලාභයක් වසර දෙකකදී දුන් එකම ජනපති ඔබදැයි.” පැමිණි ජනතාව ඔහුගෙන් විමසුවේ උද්යෝගයෙනි.


අගරුවාදා පෙරවරුවේ ජනපති රනිල් පාර්ලිමේන්තුව වෙත ගියේ විශේෂ ප්‍රකාශයක් කිරීමටය. ඒ කාන්තාවන්ගේ සමාජ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව බාධාවක් වී ඇති බව පෙන්වා දීමටය. රීති ප්‍රශ්නයක් මතු කරමින් ජනපති රනිල් මේ ගැන දීර්ඝ විස්තරයක් කළේය.

මේ අතර නැගුණ ගෙවල් කුලී බද්ද ගැන ප්‍රශ්නයට ජනපති පිළිතුරු දුන්නේ එය රටේ ගෙවල් කුලියට දී ඇති අයගෙන් 90% ට බල නොපාන බව කියමිනි. එය බලපාන්නේ ඉහළ ධනපතියන් 10% ට බවද ඔහු පෙන්වා දුන්නේය.

 
ජනපති රනිල් සිය කතාව අවසන් කොට ගියේ විපක්ෂයේ ලොබිය වෙතය. ඒ යන විටත් විපක්ෂ මන්ත්‍රීවරු ගණනාවක් එහි අසුන්වලට බරදී සතුටු සාමිචියේ යෙදී සිටියෝය. මේ අතර අහඹු ලෙස එහි පැමිණි ජනපති දුටු සැනින් ඔවුන් ආසනවලින් නැගී සිට ජනපතිට ද අසුන් ගන්නට ආසනයක් සපයා දුන්නේය.

“මොනවද කට්ටිය කතා කරන්නේ.” ජනපති අසුන් ගත්තේ පිරිස දෙස බලමිනි.

“හොද වෙලාවට ඔබතුමන්ලා මගේ ජනාධිපතිධූර කාලය අවුරුදු 5 ට අඩු කළේ...” හිටපු ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන කියද්දී සැවොම විමතියට පත්ව එකිනෙකා දෙස බලන්නට වූහ.

“දැන් අවුරුදු 5 ට මගේ ධූර කාලය අඩු කර ගත්තේ නැත්නම් මම තමයි කොවිඩ් ප්‍රශ්නෙදි හිර වෙන්නේ. අනෙක මට තමයි කොවිඩ් එකත් එක්ක එන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නත් වෙන්නේ.” මෙත්‍රිපාල හිටපු ජනාධිපතිවරයා කීවේ ඇගට පතට නොදැනෙන්නටය.

“ ඒ කියන්නේ ඔබතුමාට එන්න තිබුණ එකක් ගෝඨාභය ජනාධිපතිතුමාට මුහුණ දෙන්න වුනා කියන එකද මේ කියන්නේ” එහි සිටි විපක්ෂ මන්ත්‍රීවරයෙකු විමසූවේ කාටත් සිනා නංවමිනි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද පිරිස දෙස බලමින් එම ස්ථානයෙන් යනු එහි සිටි සැමටම දැක ගත හැකිවිය. අන්න ඔබතුමාලගේ නායකයා යනවා එහි සිටි මාහාචාර්ය ආශු මාරසිංහ කීවේ සැමටම ඇසෙන පරිදිය.

හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා ද ඒ අසලින් යද්දී ජනපති විමසුවේ කෝට්ටේ සජබ කාර්යාලයේදී ඔබතුමාට කාන්තාවකගෙන් ප්‍රශ්නයක් වුනා කියලා ආරංචියි කියාය. “ නෑ නෑ ඒක කෝට්ටේ නොවෙයි නොම්මර 30 කාර්යලයේදි වුන එකක්. ලොකු දෙයක් නොවෙයි.” කියමින් හර්ෂණ එතනින් ලිස්සා ගියේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ඔහු නවතා ගන්නට තනද්දීය.

“රජයේ නිලධාරීන්ට වාහන පර්මිට් දිලා තියෙනවා. හැබැයි මන්ත්‍රීවරුන්ට දීලා නෑ. මන්ත්‍රීවරු හැටියට අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා.” විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුම ජනපතිට මැසිවිලි කියන්නට වූහ.

“ඔබතුමන්ලා මේ ඉල්ලීම විපක්ෂ නායකතුමා හරහා ඉල්ලන්න. එතකොට ආණ්ඩු පක්ෂයත් එක්කත් කතා කරලා මට මේ කාරණයට විසදුමක් දෙන්න පුළුවන්.” ජනපති රනිල් කියද්දී නැවතත් විපක්ෂ නායක සජිත් ඒ අසලින් යාමට පැමිණියේය.

“ආ මේ ඉන්නේ විපක්ෂ නායකතුමා. දැන් මෙතුමට කියන්න.” ජනපති රනිල් යළි කියද්දී විපක්ෂ නායක සජිත් “මට මුකුත් ඇහුනේ නෑ. මගේ කටේ අගුල් වැටිලා කියමින්.” එතනින් ඉවත්ව ගියේය.

“නඩුවක වුනත් නිහඩතාවය කියන්නේ කැමතියි කියන එකයි. විපක්ෂ නායකතුමාගේ නිෂ්ශබ්දතාවයෙන් පෙනී ගියේ එතුමත් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමට කැමතියි කියන කාරණයයි.” හිටපු ජනපති මෙත්‍රිපාල සිරිසේන කියද්දී සැවොම කොක් හැඩලූහ.

ජනපති ඉන් පිටත්ව ආවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමට මෙන්ම කැබිනට් රැස්වීමට ද සහභාගී වීමෙන් අනතුරුවය. ජනපති අධිකරණයේ ක්‍රියාකලාපය ගැන කළ ප්‍රකාශයෙන් පසුව විධායකයත් ව්‍යවස්ථාදායකයත් අධිකරණයත් අතර තිබෙන ගැටළුව ගැන බොහෝ මන්ත්‍රීවරු කතා බහ කරන්නට වූහ.

විධායකය කැබිනට් මණ්ඩලය හරහා ව්‍යවස්ථාදායකයට වගකීවත් අධිකරණය ව්‍යවස්ථාදායකය අභිබවා බලයක් ලබා ගැනීමට යාම ගැන මන්ත්‍රීවරු අදහස් පළ කරන්නට වූහ. මන්ත්‍රී අයිතිවාසිකම් බලහත්කාරයෙක් අධිකරණය ගැනීම ගැන සොයා බලා පියවර ගැනීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ජනපති ඉල්ලීම ඉදිරියට ගෙන යමින් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම කතානායකවරයාගෙන් තේරිම් කාරක සභාවක් ඉල්ලා සිටින්නට වූහ.

පාර්ලිමේන්තුවේ සිට ජනපති රනිල් කෙලින්ම පැමිණියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙතය. ඒ පක්ෂයේ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ දෙවන අදියරට එකතුවීම උදෙසාය.

8745mdlf4
එදින පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ට ජනපති ප්‍රමුඛ රජය මෙපමණ කාලයක් කර තිබෙන වැඩ කොටස ගැන දේශනයක් මහලේකම් රංගේ සංවිධානය කර තිබූ අතර එය නිම කර ඔවුන් සිරිකොතට ලහි ලහියේ පැමිණියේ ජනපතිගේ මෙම උත්සවයට එක්වීමට ය.

ජනපති රනිල් කථිකයන් සංඛ්‍යාව සීමා කරන ලෙස දැනුම් දී තිබූ නිසා කෙටි කතා තුනකට පමණක් අවස්ථාව හිමි වූවේය. මහලේකම් රංගේ, සභාපති වජිර හා උප නායක අකිල විරාජ් කතා කිරීමෙන් අනතුරුව ජනපති රනිල් සභාව ඇමතුවේය.

ඔහු ද පාර්ලිමේන්තු කතාවේම දිගුවක් කරමින් විනාඩි කිහිපයකින් කතාව අවසන් කොට මහලේකම් රංගේට ආරාධනා කළේ පත්වීම් ලිපි බෙදාදීමටය. පත්වීම් ලිපි ප්‍රදානයෙන් පසු සතිපතා රැස්වෙන පක්ෂ කළමනාකරණ කමිටුව ජනපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත දීම රැස්වූවේය. පක්ෂ සංවිධාන කටයුතු ගැන මෙන්ම වැඩ නොකරන පිරිස් ඉවත් කිරීම ගැන ද මෙහිදි ජනපති මහලේකම් රංගේ ට උපදෙස් දුන්නේය.

ඉන් පසුව පක්ෂ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ගැන ද කතා බස් කෙරින. මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් ලසන්ත ගුණවර්ධන, ශමල් සෙනරත් හා රොනල්ඩ් පෙරේරා යන අයට වගකීම් පැවරූ ජනපති රනිල් ඔහුගේ ඉදිරි දිනවල පැවැත්වෙන රැස්වීම් ගැන ද අදහසක් කළමනාකරණ කමිටුවට ඉදිරිපත් කර තිබුනි.

sdf455rr
බදාදා පෙරවරුවේ ජනපති රනිල් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත ගියේ කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කිරීමටය. ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝ ප්‍රදර්ශනයෙන් පසුව ඔහු යළිත් පාර්ලිමේන්තුවට පැමිණි අතර එහිදි ද මැති ඇමතිවරු රැසක් අධිකරණ ක්‍රියාදාමයේ ගැටළු ගැන ජනපති සමඟ කතා බහ කළෝය.

සවස අරලියගහ මන්දිරය වෙත ඔහු ගියේ ජනාධිපති අරමුදලින් පිරිනැමෙන පළමු ශිෂ්‍යත්ව වැඩසටහනට එක්වීමටය. දරුවන් අතරින් පැමිණි ජනපතිට දරුවන්ගෙන් හිමිවූයේ ඉහළ පිළිගැනීමකි. එහි සිටි ගුරුවරුන්ද ජනපති ශිෂ්‍යත්ව වැඩසටහන අගය කරමින් කතා කළෝය.

dfst453fg
පසුදින ජනපති ජනාධිපති කාර්යාලය වෙත ඔහු පැමිණියේ වෙනදා මුදල් අමාත්‍යාංශයේ පැවැත්වෙන රැස්වීම් කිහිපයක් කාර්යාලය වෙත කැදවා තිබූ බැවිනි. ඊට පෙර ඔහු එහි පැමිණි මැති ඇමතිවරු කිහිප දෙනෙකු ද මුණ ගැසිනි.

“පාර්ලිමේන්තුවේ බලය උසාවියට ගන්න දෙන්න බෑ. සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා අධිකරණය අධ්‍යාපන ගුරු පත්වීම් නතර කිරීමක් ගැන කියපු කතාව ඉතාම සංවේදීයි.” ඇමති මනූෂ කීවේ කණගාටුවෙනි.

“ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ගේ අයිතිය තහවුරු කරන්න කතා කළාට පස්සේ දැන් හැමෝම ඒ ගැන කතා කරන්න පටන් ගත්තා. පාර්ලිමේන්තු බලය වෙනත් පාර්ශවයකට ගන්න බෑ.” මන්ත්‍රී වජිර ද කතාවට එක්වූවේය.

“තේරිම් කාරක සභාවක් පත් කරලා මේ ප්‍රශ්නය විසදා ගන්න ඕනේ.” මන්ත්‍රී දොලවත්ත කීවේ එවන් කතාවකි.

නිතිපතිගේ පත්වීම ප්‍රතික්ෂේපවීම ගැනද මෙහිදි කතාවක් ඇදී ආ අතර ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා ගත් ස්ථාවරයෙහි නීතිමය ගැටළුවක් පවතින බව මන්ත්‍රීවරු කියද්දී ජනපති හිස සැලුවා විනා කිසිවක් කීවේ නැත.

“ව්‍යවස්ථාදායක සභාව ඔබතුමා යවපු නම ප්‍රතික්ෂේප කළාට නීතිය අනුව නැවතත් එම නම ම ව්‍යවස්ථාදායක සභාවට යවන්න ඔබතුමාට බලය තියෙනවා.” නීති නිලධාරියෙක් කීවේය.

“නීතිපතිතුමාගේ නම නැවතත් යවනවාද.” ආශු විමසද්දී ජනපති සිහින් සිනාවක් ආරූඩ කර ගනිද්දි ඔහු කරන්නට යන දේ සැමට පැහැදිලි වූහ.


බෞද්ධ කණ්ඩායමක් දැන් කලබල වෙලා ස්ත්‍රීපුරුෂ සමානාත්මතා පනතත් එක්ක. බෞද්ධ සම්මේලනයත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා තිබුණා. හැබැයි එයාලට අමතක වෙලා බෝනගේන් කෙනෙකුත් මේක පිටිපස්සේ ඉන්නවා කියන එක. මේ බෞද්ධ කණ්ඩායම් දැන් වැඩ කරන්නේ මේ කට්ටියට ඕන විදියට ද.” මන්ත්‍රී දොලවත්ත තවත් බෝම්බයක් පත්තු කළේය.


භාරතීය ජනතා පක්ෂය ප්‍රධාන සන්ධානය බලයට පත්වීමෙන් පසු එහි විදේශ ඇමතිවරයා ලෙස පත්වූ එස් ජයශංකර් බ්‍රහස්පතින්දා කොළඹට පැමිණියේ ඔහු පත්වීමෙන් පසු කරන පළමු විදේශ සංචාරය ලෙසය. තුන්වන වරටත් පත්වූ අගමැති මෝදිගේ පණිවුඩයත් රැගෙන ඔහු ජනපති ඇතුළු පිරිස මුණ ගැසුණු අතර ජනපති හා ඇමති යන දෙදෙනා අතර පමණක් වෙනමම සාකච්ඡාවක් පැවැතියේය.

දීවා භෝජනයෙන් පසු ඔහු ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්විනි. ජනපති රනිල් පොසොන් පෝ දින සවස තන්තිරිමලේ රාජමහා විහාරස්ථානය වැදපුදාගැනීමෙන් පසු උරුමය ඔප්පු ප්‍රදානයට මඩකලපුව හා අම්පාර බලා පිටත්ව ගියේය.

සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...