ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙවන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ ඉරිදා පස්වරුවේ ඉන්දියාවේ ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් හිදීය.
එයාර් ඉන්දියා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ජනපති සමඟ
ඔහු ඉන්දියාව බලා පිටත් වූවේ කොළඹින් උදේ 8.20 ට පිටත් වන එයාර් ඉන්දියා ගුවන් යානයකිනි. එහි කාර්ය මණ්ඩලය ජනපති රනිල් හා කතා බහට එක්වූ අතර එය අවසන් වූවේ කාර්ය මණ්ඩලය ජනපති හා සෙල්ෆි ඡයාරූපයක් ද ගැනීමෙන් අනතුරුවය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමෙන් අනතුරුව උත්සවයට පැමිණ සිටි රාජ්‍ය නායකයන් සියළු දෙනා ප්‍රධාන පීඨිකාව වෙත කැදවා ගත් ඉන්දීය අගමැති මෝදි ජනපති රනිල්ව ඔහුගේ වම්පසින් රඳවා ගත්තේය.
ඉන්දීය අගමැති මෝදි ජනපති රනිල්ව ඔහුගේ වම්පසින් රඳවා ගත්තේය.
ප්‍රධාන පීඨිකාවේ සිට රාජ්‍ය නායකයින් රාශ්ට්‍රපති භවන් මන්දිරය වෙත කැදවාගෙන ගියේ ද අග්‍රාමාත්‍යවරයා විසිනි. ජනපති මන්දිරයය ඇතුළට ඔහු පිවිසියේ සීසෙල්ස් රාජ්‍යයේ උප ජනාධිපති අහමඩ් අෆිප් සමඟය. මෙහිදි ජනපති රනිල් ඔහුගෙන් විමසුවේ මෙය ඔබ රාශ්ට්‍රපති භවන් වෙත එන පළමු අවස්ථාවද කියාය. ඔහු එසේයැයි පිළිතුරු දෙමින් ජනපතිගේ එම පැනයම පෙරළා විමසුවේය.
මම රාශ්ට්‍රපති භවන් වෙත පළමු වරට පැමිණියේ 1984 දීයි.
“මම රාශ්ට්‍රපති භවන් වෙත පළමු වරට පැමිණියේ 1984 දීයි. ඒ රාජිව් ගාන්ධි අග්‍රාමාත්‍යවරයා මිය ගිය අවස්ථාවේ ශෝකය පළ කිරීම උදෙසා එවක ඉන්දීය ජනාධිපති මුණ ගැසීමටයි. මම එදා තරුණ ඇමතිවරයෙක්. මාත් සමඟ අපේ රටේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් වූ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණි දිසානායක සමඟ විදේශ ඇමති හමීඩ් මැතිතුමත් හිටියා.” ජනපති රනිල් කියාගෙන යද්දී සීෂෙල්ස් උප ජනාධිපතිවරයාගේ ඇස් උඩ ගියේ ජනපතිගේ ජ්‍යෙෂ්ඨත්වය සිහිපත් වීමෙනි.
“මේ අයගෙන් දැන් ජීවතුන් අතර ඉන්නේ මා පමණයි.” ජනපති කියද්දී සීෂෙල්ස් උප ජනාධිපතිවරයා ජනපති රනිල්ට දීර්ඝායුෂ පතමින් ඔහුගෙන් තමන්ට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇතැයි කීවේය. මෝදි අගමැතිවරයා රාජ්‍ය නායකයින් වෙන වෙනම මුණ ගැසුණු අවස්ථාවේ ජනපති රනිල් ඔහුගේ ජයග්‍රහණයට සුබ පතමින් නිල සංචාරයකට ලංකාවට පැමිණෙන්නැයි ආරාධනාවක් ද කළේය.
භෝජන සංග්‍රහයේදී ත් ජනපති රනිල් තමා අසලින්ම රදවා ගැනීමට අගමැති මෝදි කටයුතු කර තිබුනි.
භෝජන සංග්‍රහයේදී ත් ජනපති රනිල් තමා අසලින්ම රදවා ගැනීමට අගමැති මෝදි කටයුතු කර තිබුනි. භෝජන සංග්‍රහයේ බහුතරයක් ආහාර ඉන්දියනු ක්‍රමයට සකසා තිබුනි. මෝදි අගමැතිවරයා හා ජනපති අතර සුහද පිළිසඳරේදි “ඔබට ඉදිරියේදි ඡන්දයකට මුහුණ දෙන්න තිබෙනවා නේදැයි.” මෝදි අගමැතිරයා ජනපති රනිල්ගෙන් විමසද්දී ඔහු හිස සලමින් සිනහවකින් පමණක් පිළිතුරු බැන්දේය.
කෙටි ආරාධනාවකින් පැමිණිම තුළ තමන්ට ශක්තියක් වූ බව කියමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනපති රනිල්ට තුති පුද කරද්දී “රජ කාලේ ඉදන්ම ඉන්දියාව හා ලංකාව අතර මෙවැනි බැදීමක් තිබුණා. එදා ලංකාවේ රජවරු ඉන්දීය රජදරුවන්ගේ රාජාභිෂේකයට සම්බන්ධ වෙලා තියනවා.” ජනපති රනිල් කීවේ දෙරට අතර සමීප සබඳතා සිහිපත් කරමිනි.
“මැතිවරණය ජයග්‍රහණය කිරීමට මා ඔබට සුබ පතනවා. මැතිවරණයෙන් පස්සේ ඉන්දියාවට නිල සංචාරයකට එන්න.”
“මැතිවරණය ජයග්‍රහණය කිරීමට මා ඔබට සුබ පතනවා. මැතිවරණයෙන් පස්සේ ඉන්දියාවට නිල සංචාරයකට එන්න.” මෝදි අග්‍රමාත්‍යවරයා රාත්‍රී බෝජන සංග්‍රහයෙන් පසුව පිටතට යන ජනපති රනිල්ට සුබ පැතුවේ පිටට තට්ටුවක් ද දමමිනි. සදුදා පෙරවරුවේ ජනපති රනිල් බංග්ලාදේශ අගමැතිනිය සමඟ මෙන්ම ඉන්දීය විදේශ ඇමතිවරයා සමඟ ද ද්විපාර්ශවික සාකච්ඡාවන්ට එක්වූවේය.

රනිල් බංග්ලාදේශ අගමැතිනිය සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවන්ට එක්වූවේය.
සිය ඉන්දීය නිල සංචාරයට මෙරටින් මාධ්‍යවේදීන් කණ්ඩායමක් රැගෙන යමු යැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නට ජනපති රනිල් කීවේ ඔහුට ඉන්දියාවෙන් නිල ආරාධනාවක් ලද වහාය. කෙටි කාලයක් තුළ ජනාධිපති ලේකම් සමන් ඒකනායක හා සම්බන්ධවෙමින් මාධ්‍යවේදීන් ඉන්දියාවට රැගෙන යාමට අවශ්‍ය සියළු කටයුතු ඔහු නොපිරි හෙළා ඉටු කිරිම තුළ මාධ්‍යවේදීන්ට රාශ්ට්‍රපති භවන් වෙත ගොස් උත්සවය ආවරණය කිරීමට ද අවස්ථාව උදා වූවේය.
ඉන්දීය සංචාරය නිම කර සදුදා සවස කොළඹට පැමිණි රනිල් අගහරුවාදා පෙරවරුවේ පුරුදු පරිදි ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගොස් ආරත්ෂක කවුන්සිලයට එක්විය. සවස ඇමති මණ්ඩල හමුව පැවැති අතර එහිදි ඉන්දීය සංචාරයේ ප්‍රගතිය ගැන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය හිමිවීම ගැන ද දැනුම්වත් කර තිබුනි.
ජනපති රනිල් වෝටර්ස් ඒජ් හෝටලයේදී ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගී වන තරුණයන් දැනුම්වත් කිරීමේ අවස්ථාවකට එක්වූවේය
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන සොයා බලා වාර්තා කිරීමට හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය ආර් සෙනවිරත්නගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේ ඉන් පසුවය. අගහරුවාදා සවස ජනපති රනිල් වෝටර්ස් ඒජ් හෝටලයේදී ආංශික අධික්ෂණ කාරක සභා සඳහා සහභාගී වන තරුණයන් දැනුම්වත් කිරීමේ අවස්ථාවකට එක්වූවේය.
ජනාධිපති හා සාක් සමුළුවේ මහලේකම්
ජනාධිපති හා සාක් සමුළුවේ මහලේකම් මුණ ගැසුණේ ජනාධිපති කාර්යාලයේදී බදාදා පෙරවරුවේය. සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ ස්මාරකයක් ඉදිකිරීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට පිළිගැන්වුනේද එදිනමය.
2019 ආප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන ලැබුණු පූර්ව තොරතුරු අනුව ගත් ක්‍රියාමාර්ග ගැන සොයා බැලීමට ජනපති රනිල් තවත් කමිටුවක් එදිනම පත් කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය නිදහස් කිරීමට ඔවුන් තීන්දු කර තිබුණේ බදාදා සවස පැවැති කාර්ය මණ්ඩල රැස්වීමේදී ය. මේ පුවත කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් ජනපතිට දැනුම් දුන් අතර මේ කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් උර දුන් කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලට සේම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු මුදල් අමාත්‍යාංශයේත්, මහ බැංකුවේත් නිලධාරීන්ට ඔහු ස්තූතිය පුද කිරීමට අමතක නොකළේය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමටත්, ලංකාවේ කණ්ඩායමටත් අතර විසදා ගන්න අපහසු වෙන කාරණා නිරවුල් කර ගැනීමට මැදිහත් වූවේ සාගල රත්නායක” යැයි එහි සිටි නිලධාරීන් කීවෝය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමටත්, ලංකාවේ කණ්ඩායමටත් අතර විසදා ගන්න අපහසු වෙන කාරණා නිරවුල් කර ගැනීමට මැදිහත් වූවේ සාගල රත්නායක
එම කතා බහෙන් පසු ජනපති රාත්‍රියේ ජනාධිපති මන්දිරය වෙත ගියේ ඇමති මණ්ඩලය වෙනුවෙන් පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහයට එක්වීමටය. මුලින්ම ජනපති රනිල් අවුරුදු දෙකක අමාරු කාලයක් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යාමට සහාය දුන් ඇමතිවරුන්ට ස්තූතිය පුද කළේය.
“අමාරු තීන්දු තීරණ ගනිද්දී ඔබ තමුන්නාන්සේලා මට සහාය දුන්නා. ඔබතුමන්ලාගේ සහාය නැතිනම් මට වැල් පාලමේ මේ තරම් දුර එන්න ලැබෙන්නේ නෑ.” ජනපති රනිල් කීවේ හැගුම් බරවය.
ඇමතිවරුන්ගේ අත්පොලසන් නාදයෙන් පසු ඇමති ප්‍රසන්න රණතුංග, නිමල් සිරිපාල ද සිල්වා, කාංචන විජේසේකර, බන්දුල ගුණවර්ධන යන පිරිස අදහස් දක්වමින් පරිණත නායකයෙකු ලෙස අමාරු කාලයක, සැවොම වගකීම් අතහැර පැන යද්දී එය බාරගෙන රට මෙවැති තත්ත්වයකට කෙටි කාලයක් තුළදී ගෙන ඒම ගැන ජනපති රනිල්ට ද පෙරළා ස්තූතිය පළ කළේය.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති ගියේ සාක් රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවට එක්වීමටය.
රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ඉදිරි මැතිවරණ කටයුතු ගැන ද ඔවුනොවුන් සාකච්ඡා කර තිබුනි. පසුදින රාජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් ද ජනපති රනිල් භෝජන සංග්‍රහයක් පිරිනමන බව එහිදි කියැවිනි. බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති ගියේ සාක් රටවල මහබැංකු අධිපතිවරුන්ගේ සමුළුවට එක්වීමටය.
එදින මැති ඇමතිවරු පිරිසක් ජනපති ලේකම් කාර්යාලයට පැමිණ සිටි අතර ආර්ථික පරිවර්ථනීය පනත ගැන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරිකය ලැබීම ගැන ද කතා කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත යුතු බව නිතර කියපු සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා දැන් ආර්ථික පරිවර්ථනීය පනතට විරුද්ධවීම ගැන ජනපති ඉදිරියේ කරුණු කීවේ ඇමති සේමසිංහය.
“එතුමා දැන් ආර්ථික පරිවර්තනීය පනතට විරුද්ධව කතා කරන්නේ කොහොමද දන්නේ නෑ. මේ අයට වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලට වෙච්ච වැඩේ.” මන්ත්‍රී වජිර ද කතාවට එක්වූවේ එලෙසිනි.
මේ සියළු කතා අසා සිටියා මිස ජනපති රනිල් කිසිවක් කීවේ නැත
“පනතට හරි නම් මෙයාලා සහාය දෙන්න ඕනේ. කොහොම වුනත් මේ පනත පාස් වුනාට පස්සේ මෙතුමන්ලට කතා කරන්න දෙයක් නැති වේවි.” මහාචාර්ය ආශු ද කතාවට එක්වූවේ එලෙසිනි. මේ සියළු කතා අසා සිටියා මිස ජනපති රනිල් කිසිවක් කීවේ නැත.
සති අන්තයේ ජනපති රනිල් මන්නාරම බලා පිටත්ව ගියේ එහි ව්‍යාපෘති කිහිපයකට එක්වීමට මෙන්ම මන්නාරම අගරදගුරු හිමිපාණන් මුණ ගැසීම උදෙසාය.
ජනපති රනිල් ඉරිදා ඉන්දියාව බලා පිටත්ව යද්දී කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක කඩුවෙල බලා ගියේ ගංවතුර උවදුර වෙනුවෙන් ස්ථිරසාර විසදුමක් උදා කර දීමටය. මෙහිදි කොළොන්නාවේ සිට කඩුවෙල දක්වා පවතින අඩුපාඩු ගැන කතා කළ අතර නිලධාරීන් මුණ ගැසී පළමුව සාකච්ඡා කරන ලෙසත් ඉන් පසුව තමන් සමඟ කතා කරන ලෙසත් සාගල රත්නායක ඔවුන්ට උපදෙස් දුන්නේය.
කැස්බෑවේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කරන්න ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට අපූරු පිළිතුරක් සාගල දුන්නේ මහලේකම් රංගේව ද ලග තබා ගනිමිනි.
කැස්බෑවේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කරන්න ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට අපූරු පිළිතුරක් සාගල දුන්නේ මහලේකම් රංගේව ද ලග තබා ගනිමිනි. “මහලේකම්තුමා ඉදලා හිටලා බෝම්බ පත්තු කරනවා. ඒ වුනාට නියමිත වෙලාවට අපි ඡන්දය තියෙනවා.” සාගල කියද්දී සැවොම කොක් හැඩලූහ.
දකුණු පළාතේ විශාල ආයෝජනයක් කිරීමට ඇඩ්‍රියන් සීකා සමාගමේ ප්‍රධානියා පැමිණ සාගල සමඟ කතා බහක නිරතවූවේ මේ අතරවාරයේය. කොළඹ සංවර්ධන වැඩසටහන ගැන මෙන්ම ත්‍රිකුණාමලයේ සංවර්ධන වැඩසටහන ගැන නිලධාරීන් හා සාකච්ඡා කරමින් ප්‍රගතිය විමසා එහි තොරතුරු ජනපතිට සම්ප්‍රේෂණය කිරීමට ද ඔහු කටයුතු කළේය.
සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com



