The Leader News
BREAKING
වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●
Top Ad
විශේෂාංග

President's War Diary : සුබාරංචියට විපක්ෂය කළබල වෙයි - මහනාහිමිවරුගේ ප්‍රසාදය

T

The Leader Desk

June 28, 2024 • 5:04 PM

President's War Diary : සුබාරංචියට විපක්ෂය කළබල වෙයි - මහනාහිමිවරුගේ ප්‍රසාදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ පැරිස් සමාජය නියෝජනය කරන ජපානය ඇතුළු රටවල් කිහිපය මෙන්ම චීනය හා ඉන්දියාව ද්වි පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කිරීමත් සමඟය.
  • එම කාර්ය බාර කෙරුණේ දේශපාලන කැබිනෙට්ටුව යටතේ ඇති මැති ඇමතිවරුන් හා නිලධාරීන්ගෙන් සැදුම්ලත් මාධ්‍ය අනුකමිටුවටය.
  • පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කෙරුණ ද ආණ්ඩු පෙරළියෙන් පසු පල්ලියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුව නැති බව ජනපතිගේ නිරීක්ෂණයට ලක්විය.
  • ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට උපදෙස් දුන්නේ ජනාධිපති කාර්යාලයේ මුදල් වලින් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලෙසටය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ පැරිස් සමාජය නියෝජනය කරන ජපානය ඇතුළු රටවල් කිහිපය මෙන්ම චීනය හා ඉන්දියාව ද්වි පාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කිරීමත් සමඟය. ජනපති රනිල් මෙම කාරණය දේශපාලන කැබිනෙට්ටුවට දැනුම් දුන්නේය.

ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පණිවුඩය ජනපති රටට ලබා දෙන ආකාරය ගැන ඔවුහු සැලසුම් සකස් කරන්නට වූහ. එම කාර්ය බාර කෙරුණේ දේශපාලන කැබිනෙට්ටුව යටතේ ඇති මැති ඇමතිවරුන් හා නිලධාරීන්ගෙන් සැදුම්ලත් මාධ්‍ය අනුකමිටුවටය. පැරිස් සමාජය හා චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ජාතිය ඇමතීමට ජනපති රනිල් තීන්දු කළේය.

මාධ්‍ය අනුකමිටුව සැලසුම් කළේ ඒ වෙනුවෙන් පූර්ව ප්‍රචාරණයක් සහ ජනාධිපතිවරණය ඉලක්ක කර ගත් ප්‍රචාරණයක් ආරම්භ කිරීමටය. ඔවුන් මාධ්‍ය මෙහෙයුම ගැන සාකච්ඡා කරද්දී ජනපති රනිල් ඉකුත් සති අන්තයේ මඩකපුව බලා පිටත්ව ගියේය.

usy45fg
මුලින්ම මඩකලපුවේ සියෝන් දේවස්ථානය වෙත ගිය රනිල් එහි ප්‍රතිසංස්කරණ කටයුතු ගැන සොයා බැලුවේය. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු එහි ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මුදල් වෙන් කෙරුණ ද ආණ්ඩු පෙරළියෙන් පසු පල්ලියේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුව නැති බව ජනපතිගේ නිරීක්ෂණයට ලක්විය.

ඔහු කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට උපදෙස් දුන්නේ ජනාධිපති කාර්යාලයේ මුදල් වලින් යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සියෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලෙසටය. උරුමය ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමෙන් අනතුරුව ජනපති ගියේ එස්. වියලේන්ද්‍රන් රාජ්‍ය ඇමතිවරයාගේ නිවසටය.

zdxfw55d

දෙමළ ජාතික සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වූ මෙම මන්ත්‍රීවරයා මේ වන විට වෙනම පක්ෂයකට නායකත්වය දෙන බැවින් එහි සාමාජිකයෝ ද නිවසට පැමිණ සිටියහ. තේ පැන් සංග්‍රහයෙන් පසු වියලේන්ද්‍රන් මන්ත්‍රීවරයා දක්ෂ ටියුෂන් ගුරුවරයකු බව හෙළි වූයේ සුහඳ කතා බහේදීය. සති අන්තයේ තවමත් තමන් උපකාරක පන්ති පවත්වන බව මන්ත්‍රීවරයා ජනපති හමුවේ කීවේය.

00012 1

ඔහු රාජ්‍ය අමාත්‍ය ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ කාර්යාලයට ගියේ ඉන් අනතුරුවය. ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් ජනපති රනිල්ට සහාය දීමට තීන්දු කළේද එම අවස්ථාවේදීමය. පසුදින කාත්තන්කුඩි මුස්ලිම් දේවස්ථානය වෙත ජනපති යද්දී පාර දෙපස පොදි කකා සිටි ජනතාව ඉදිරියේ වාහනය නවත්වා ඉන් බැස ගොස් ජනතාව සමඟ සුහද කතාවක නිරත වීමට ද ජනපති අමතක නොකළේය.

00012 2
අලි සහිර් මවුලානා මන්ත්‍රීවරයා ද මේ අවස්ථාවට එක්ව සිටීම  විශේෂත්වයකි. ඉරිදා සවස කොළඹ පැමිණිමට මඩකලපුව ගුවන් තොටුපොල වෙත එද්දී ජනපතිට තවත් වැදගත් චරිතයක් මුණ ගැසුණේය. ඒ ඔහු දිගින් දිගටම විවේචනය කළ ශානක්කියම්  රාසමානික්කම් ය. ප්‍රදේශයේ ප්‍රශ්න ගැන මෙන්ම දේශපාලනය ගැන ද ඔවුන් දෙදෙනා කතා කළේ සුබ ලකුණු පහළ කරමිනි.

සදුදා ජනපති රනිල් කාර්යාලය වෙත ගියේ සතියේ රාජකාරි ආරම්භ කිරීමටය. එහිදී කිහිප දෙනකුගෙන් ඔහුට දැන ගන්නට ලැබුණේ එදින අලවා තිබූ පෝස්ටරය ගැනය. “ආරංචිය සුබයි” කියලා පෝස්ටරයක් ගිහින් තියෙනවා.” ජනපති හමුවූ පිරිස කීවේ එවැන්නකි.

shdfiw54
“ඔව් ඕක මනූෂගේ වැඩක්නේ. එයාගේ කට්ටිය තමයි පෝස්ටරය හදලා තියෙන්නේ. මටත් ඒ ගැන කිව්වා.” ජනපති පිළිතුර එය විය.

ඇමති මනුෂ මාධ්‍ය කමිටුවට මෙය ඉදිරිපත් කළේ පූර්ව ප්‍රචාරක පෝස්ටරයක් ලෙසය. එය සැමගේ සිත්ගත් බැවින් පළමුව එය රටපුරා ඇලවීමට තීන්දු විය. කාලෙකට පසු පෝස්ටරයකට ලැබුණු හොදම ප්‍රචාරණය ඊට ලැබී තිබුණේ විපක්ෂ කණ්ඩායම් විසින් මෙම පෝස්ටරය ඔවුන්ගේ සංශෝධන ද ඇතුළත් කොට සමාජ මාධ්‍යවල ප්‍රචාරය කිරීමත් සමඟය.

ජනාධිපති රනිල්ගේ ජාතිය ඇමතීම ගැන ද විපක්ෂය කලබල වී සිටියේය. ඔවුන් ජනපතිගේ කතාව සහ ආරංචිය සුබයි පෝස්ටරය ගැන විවිධ අදහස් මාධ්‍ය හමුවේ පළ කරන්නට වූවේය.


“රට බංකොලොත් බවින් මිදෙනවා කියන පණිවුඩය සර් ජාතිය අමතල කියන්න යනවා කියලා හර්ෂ ඇතුළු සජබ අය කියනවා. එයාලා කියන්නේ ඒක කියන්න පුළුවන් ණය ශ්‍රේණිගත කරන කණ්ඩායම් වලට කියලායි” අකුරැස්ස සංවිධායක දිනුක් කොළඹගේ කීවේ ජනපතිටය.

“තාම මම කතාව කරලා නෑනේ. අනෙක මම එහෙම දෙයක් කියන බව කියලත් නෑ. රට බංකොළොත් බවින් මිදෙනවාට එයාලා කැමති නැද්ද?” ජනපති දුන්නේ වෙනත් පිළිතුරකි.


ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පැරිස් සමාජය හා චීනය එකඟවීමට අදාළ තොරතුරු සදුදා සවස පැවැති ඇමති මණ්ඩලය වෙත ජනපති රනිල් ඉදිරිපත් කරනු ලැබුවේය. ජාතිය ඇමතීම ගැන ද එහිදී තොරතුරු හෙළිදරව් කෙරිණි. කැබිනට් හමුවෙන් පසුව ජනපති රනිල් 26 දා කරන කතාව ගැන හිතවතුන් සමඟ සාකච්ඡා කළ අතර  ඔහු පිරිසගෙන් විමසා සිටියේ ප්‍රකාශය කිරීමට සුදුසු වේලාව කුමක් ද කියාය.

“පැරිස් ගිවිසුම අත්සන් කෙරෙන්නේ ලංකාවේ වෙලාවෙන් දහවල් දෙකට විතරනේ. එතන වෙන දේත් බලලා අප්ඩේට් එකක් අරගෙන රාත්‍රී 8.00 ට මේ කතාව සියලුම මාධ්‍යවල ලයිව් යවන්න පුළුවන් නම් හොදයි.” ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සිය අදහස ඉදිරිපත් කළේය.

එය අනුමත කළ ජනපති රනිල් 26 දා රාත්‍රී 8.00 ට තමන් ජාතිය අමතන බවත් ඒ ගැන දැනුම් දෙමින් මාධ්‍ය ආයතන ප්‍රධානින්ට ලිපි යොමු කරන ලෙසත් උපදෙස් දුන්නේ දිනිත් චින්තකටය. ඒ අනුව ඔහු සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත 26 දා රාත්‍රී 8 ට ජනාධිපතිවරයා වෙනුවෙන් කාලය වෙන් කර දෙන ලෙස ඉල්ලා තිබුණි.

අඟහරුවාදා ජනපති රනිල් නීතිපතිවරයාගේ සේවා කාලය මාස 6 කින් දීර්ඝ කිරීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කරන ලදී. ඊට අමතරව ඔහු ජුලි මස 02 දින පාර්ලිමේන්තුව විශේෂ සැසිවාරයක් වෙනුවෙන් කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දෙන්නැයි උපදෙස් දුන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායකටය.

ඒ අනුව එහි වැඩකොටස ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ විසින්  සංවිධානය කළේය. පැරිස් සමාජය සමඟ අත්සන් කළ ණය ප්‍රතිව්‍යුහත කිරීමේ ගිවිසුම හා චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම එදිනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිතය.

xfgrt34534
රාජකාරී උදෙන්ම අහවර කළ ජනපති රනිල් අම්පාර බලා පිටත්ව ගියේ උරුමය ඉඩම් ඔප්පු පිරිනැමීමේ අවස්ථාවට එක්වීමටය. එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව රැස්වූ අතර ජනපති රටට සුබ ආරංචිය කියන අවස්ථාවේ පාක්ෂිකයන්  සතුට සමරන්න අවස්ථාව ඉල්ලා තිබෙන බව මහලේකම් රංගේ බණ්ඩාර ජනපතිට කීවේය. ඊට සිය විරුද්ධත්වයක් නැතැයි ජනපති කීවේ සුබ ආරංචියට ජනතා ප්‍රතිචාර තමන්ට වැලැක්විය නොහැකි බව කියමිනි.

පැරිස් සමාජය හමුවීමත් චීන කණ්ඩායම මුණ ගැසීමත් සැලසුම් කර තිබුණේ බදාදා දහවල්ය. ඒ අතර ජනපති සවස ජාතිය ඇමතීමේ කතාවට ද සුදානම් වූවේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ මුලින්ම සිටි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මෙන්ම ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද කැඳවමින් ජනපති රනිල් ජාතිය ඇමතීමේ කතාවට සුදානම් වූවේය.

fge5fg
ප්‍රංශයේ තොරතුරු සියල්ල ජනපති වෙත දැනුම් දුන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසිනි. චීන තානාපති කාර්යාලය හරහා චීන තොරතුරු ලැබුණි. ඒ තොරතුරුත් එකතු කර ගනිමින් ජනපති රනිල් ජාතිය අමතමින් සුබ පණිවුඩය රටට හෙළි කළේය.

ජනපති රනිල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමේ තොරතුරු ඇතුළත් සුබ ආරංචිය රැගෙන බ්‍රහස්පතින්දා පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ගියේය. රටේ ආර්ථික තත්ත්වය ගැන මෙන්ම සමාජ ගැටළු කිහිපයක් ගැනම මෙහිදි කතා බහ කෙරිණි. දළදා සමිදුන් වැඳ පුදා ගත් ජනපති රනිල් දළදා මාළිගාව වෙත පැමිණ සිටි වන්දනාකරුවන් සමඟ ද පිළිසඳරක නිරත වූවේය.

zfwer34

අනතුරුව බලංගොඩට පැමිණ අමරපුර නිකායේ මහනාහිමි බැහැ දැක රටේ ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කර දුන්නේය. සවස කෝට්ටේ පාර්ශවයේ මහනායක හිමියන් බැහැදැක උන්වහන්සේට ද කරුණු පැහැදිලි කර දීමට ජනපති අමතක නොකළේය.

සිකුරාදා පෙරවරුවේ පරිසර ජනාධිපති සම්මාන උළෙලට එක්වූ අතර සවස ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා රචනා කළ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වූවේය.  ඉන් අනතුරුව කොළඹ දී සංවිධානය කර තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ හමුවටද ජනපති එක්වූවේය.

fghr56
සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...