මාතරින් ආරම්භ කළේය. රැස්වීමට නොයන්නැයි විවිධ බලපෑම් එල්ල වෙද්දී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් ඊට සහභාගී වූවේ “පොහොට්ටුවේ පළුවක් මෙතන” යැයි ඇමති කාංචන කියූ කතාව සනාථ කරමිනි.
මෙම රැස්වීම සාර්ථක කර ගැනීමට ඇමති කාංචනත්, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගලත් හරි හරියට වෙහෙස වූවේය. ඒ වෙනුවෙන් සාගල මාතර, වැලිගම, දෙවිනුවර, අකුරැස්ස, කඹුරුපිටිය යන මැතිවරණ කොට්ඨාශ ඇතුලු මාතර දිස්ත්‍රික්කයේ සියලූම ආසනවලට යමින් සංවිධායකයන් දැනුම්වත් කරන්නට වූහ.
ජනපති රනිල් ආණ්ඩුවේ කණ්ඩායමත් සමඟ රජයේ වැඩපිළිවෙල ගැන මහජනතාව දැනුම්වත් කිරීමේ රැස්වීම් මාලාවේ පළමු රැළිය මාතරින්
පොදුජන පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් හරි හරියට පැමිණීම නිසා මාතර කොටුව ක්‍රිඩාංගණය අතුරු සිදුරු නැතුව පිරී ගියෝය. ජනපති රනිල් එහි පැමිණියේ මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවට උරුමය ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් වැල්ලවායේ පැවැති උත්සවයට සහභාගී වීමෙන් අනතුරුය.
වැලිගම පිහිටි ඇමති කාංචනගේ නිවසේ ජනපති රනිල් වෙනුවෙන් දිවා ආහාරය සුදානම් කර තිබූ අතර දිවා ආහාරය ගැනීමෙන් පසු ජනපති රනිල් රැස්වීම් භූමිය වෙත පැමිණියේය. ආණ්ඩුව වෙනුවෙන් පැමිණි සැමට කාංචන ස්තූති කළේ පොහෝට්ටුවේ අපේක්ෂකයා රනිල් විය යුතු බව කියමිනි.
මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට ද රැස්වීමේ කතාවක් වෙන්කර තිබූ නමුත් මහින්දානන්ද මන්ත්‍රීවරයා ඇමති කාංචනට කීවේ දැඩි අවුරශ්මිය නිසා ජනතාව අපහසුතාවයට පත් නොකර ජනපතිගේ කතාවට කෙලින්ම යමු කියාය. ඒ අනුව ඊළග කතාව හිමි කාංචන කතා කොට ජනපති රනිල්ට අවස්ථාව වෙන් කර දුන්නේය.
රැළිය අවසන්වූ පසු පැමිණි මන්ත්‍රීවරුන්ට හා ආරාධිත අමුත්තන්ට තේ පැන් සංග්‍රහයක් සුදානම් කර තිබුණේ මාතර තානායමේය. මන්ත්‍රීවරුන් අතර ඇතිවූ අල්ලාප සල්ලාපයේදී ඇමති අලි සබ්‍රි “පළමු රැස්වීම මාතර ගත්ත එක හොදයි. මහින්ද සුළග නුගේගොඩින් පටන් ගත්තා වගේ රනිල් සුළග මාතරින් පටන් ගත්තා” යැයි කියද්දී සියල්ලෝම හිස සලන්නට වූහ.
ජනපති රනිල් රැළිය ඇමතිම
“නුවර රැස්වීමටත් මේ වගේම ඔබතුමන්ලා එන්න ඕනේ. ඇවිල්ලා උදව් කරන්න ඕනේ.” යැයි ඇමති මනූෂ කියද්දී ඇමති රමේෂ් හා ඇමති සබ්‍රී සියල්ලෝම අනිවාර්යෙන්ම පැමිණෙන බව කීහ. එවිට සැවොම ඇමති ප්‍රසන්න රණතුංග සොයද්දී මහින්දානන්ද මන්ත්‍රීවරයා කීවේ ඔහු මීරිගම තිබෙන පොහොට්ටු රැස්වීමට ගිය බවකි.
සදුදා පෙරවරුවේ ජනපති රනිල් කාර්යාලයට පැමිණි අතර දේශපාලන කැබිනෙට්ටුව හා මැති ඇමතිවරුන්ගෙන් සමන්විත මාධ්‍ය කමිටුව ද හමුවූහ. ඔහු සවස ඇමති මණ්ඩලය හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්වූවේය.
ඇමති මණ්ඩලය වෙත ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය. එනම් 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කරන ලද වැරැද්දක් නිවැරදි කිරීමය. 19 න් ජනපතිධූර කාලය වසර 5 ක් කිරීමේ සංශෝධනයක් සම්මත වුවද වසර 6 ක කාලය අත්හිටුවා නොතිබීම ගැටලුවක්ව පැවතිනි.
එම නිසා ජනාධිපතිධූර කාලය වසර 5 ක් ය යන යෝජනාව ජනපති රනිල් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය. එවිට අවුරුදු 6 ක කතාව අවසන් වන අතර ඊට අදාළව ඉදිරියේදි සංශෝධන පනතක් ඉදිරිපත් වීමට නියමිතය.
ඉන් පසුව ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය සහකාර ලේකම්වරයා ජනපති හා කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මුණ ගැසුණේ ලේකම් කාර්යාලයේදීය. ඔවුන් ජනපතිගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල හා මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අගය කළේය.
ජනපති රනිල් පාර්ලිමේන්තුව වෙත ගියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ගැන මන්ත්‍රීවරුන් දැනුම්වත් කරන්නටය. ඔහු එහිදි වැල් පාලමේ කතාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට කරන නින්දා අපහස ගැනද කතා කළේය.
අගහරුවාදා උදෙන්ම ජනපති රනිල් පාර්ලිමේන්තුව වෙත ගියේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය ගැන මන්ත්‍රීවරුන් දැනුම්වත් කරන්නටය. ඔහු එහිදි වැල් පාලමේ කතාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ට කරන නින්දා අපහස ගැනද කතා කළේය.
පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු රැසක් ජනපතිගේ කතාව අගය කළේය. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සුබ අසුබ කතාවට දුන් පිළිතුර ගැනද ඔවුන් ප්‍රශංසා කළේ ජනපති රනිල්ටය. ආර්ථිකය දියුණු වෙන කොට මෙයාලට බලාගෙන ඉන්න බෑ. ඉරිසියාවයි කුහක කමයි ඔඩු දුවලා.” මන්ත්‍රීවරු කීවේ එවැන්නකි.
“ප්‍රධාන රටක තානාපතිවරයෙකු ඇතුළු කණ්ඩායමක් විපක්ෂ නායක සජිත්, හර්ෂ ඇතුළු කණ්ඩායම මුණ ගැහිලා ඒ වෙලාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථකවීම ගැන ඔවුන් අසතුටුවීම ගැන තමන් පුදුමයට පත්වුනැයි ඒ අය මට කිවුවා.” මන්ත්‍රී දොළවත්ත පිරිසට කීවේ කණගාටුවෙනි.
පිරිස ඉන් නික්ම ගියේ ජනපති රනිල් පාර්ලිමේන්තු කමිටු කාමරයක තිබූ දිස්ත්‍රික් සංවර්ධන කමිටු ප්‍රධානින්ගේ හමුවට ගිය පසුවය. එම කටයුතු නිමවා ජනපති රනිල් කෙලින්ම ගියේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙතය.
“මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි මම මතු කළ ප්‍රශ්නවලට උත්තර සේරම ජනාධිපතිතුමාගේ කතාවේ තිබුණා.” ඇමති ලසන්ත අලගියවන්න කීවේ මහාචාර්ය ආශු මාරසිංහ සමඟය.
අගහරුවාදා සවස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව සිරිකොත පක්ෂ මූළස්ථානයේදීම පක්ෂ කළමනාකරණ කමිටුවද රැස්විනි. එය නිමවා නිවසට යන අතරමඟදී දිවි සැරිය නිමා කළ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ ආර්. සම්බන්ධන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ද කටයුතු කළේය.
දිවි සැරිය නිමා කළ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ ආර්. සම්බන්ධන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම
බදාදා පෙරවරුවේ ජනපති රනිල් අරලියගහ මන්දිරය වෙත ගියේ ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයක් වෙනුවෙනි. එහිදි ඔහු ගරුවරුන් අසලටම ගොස් කතා බහ කළේය. සවස ඔහු ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ ආසන සහ කළාප සංවිධායකවරුන් මුණ ගැසීමට ගියේ සීදුවටය. එහිදි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පක්ෂය හා එක්වීම ගැන මෙන්ම ආසන හා කලාප සංවිධායකවරුන් අනෙක් ආසනවලට පැමිණීම ගැනද පැමිණ සිටි අය ජනපතිගෙන් විමසන්නට වූහ.
“එක පළතුරක් ආහාරයට ගත්තොත් එය ඒ පළතුරේ නමින් හදුන්වනවා. හැබැයි පළතුරු ගොඩක කැබලි එකතු වුනාම ඒක ෆෲට් සැලඩ් එකක් වෙනවා. ඉතින් මේ ඔක්කොම එකතු කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය මුළු රටේම ජයග්‍රහණයට වැදගත්. ඒ නිසා ඔයාලා ආසන, කලාප වශයෙන් සීමා වෙන්නේ නැතුව දුවලා පැනලා මේ දිස්ත්‍රික්කය දිනාගන්න කටයුතු කරන්න.” සියලු කතා අවසානයේ ජනපති දුන් පිළිතුර එය විය.
ජනපති රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලය වෙත ගියේය. මැති ඇමතිවරු රැසක් ඒ වන විටත් එහි පැමිණ සිටි අතර ජනපතිවරයාද පුරුද්දක් ලෙස මේ දිනවල වැඩි කාලයක් දේශපාලන කාර්යාලයේ ගත කිරීමට වගා බලාගෙන තිබේ.
“දැන් හැමෝම කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන අර්ථ නිරූපණයක් ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයට දාලා තියෙන පෙත්සම ගැන. විපක්ෂය කියන්නේ අපි ඒක පිටිපස්සේ ඉන්නවා කියලායි.”
“දැන් හැමෝම කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන අර්ථ නිරූපණයක් ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයට දාලා තියෙන පෙත්සම ගැන. විපක්ෂය කියන්නේ අපි ඒක පිටිපස්සේ ඉන්නවා කියලායි.” මන්ත්‍රී වජිර කතාව ඇද ගත්තේය.
“මම මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය තියන්න සහාය දෙනවා කියලා නිවේදනය කලා. අනෙක් පැත්තෙන් අපි මැතිවරණ කොමිසමට රුපියල් බිලියන 8 ක් වෙන් කරලා තියෙනවා. ජනාධිපතිධූර කාලය අවුරුදු 5 කියන එක මමත් පිළිගන්නවා. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි.” ජනපති කීවේ ඇගට පතට නොදැනීය.
“හැබැයි 19 වෙනි සංශෝධනයෙන් අවුරුදු 6 අවුරුදු 5 ට අඩු කලාට අවුරුදු 6 අවලංගු වෙලා නෑ කියලාත් තර්කයක් තියෙනවා.” මන්ත්‍රී දොලවත්ත තර්ක කළේය.
“ඔව් ඒ නිසා තමයි අවුරුදු 6 ඉවත් කරලා එය අවුරුදු 5 ක් විය යුතුයි කියලා ව්‍යවස්ථාව සංශෝධනය කරන්න කැබිනට් එකට යෝජනාවක් දැම්මේ.” ජනපති රනිල් නැවත පිළිතුරු දුන්නේය.
එදා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙද්දී ජනාධිපතිධූර කාලය අයින් කරන එක පැවරුවේ එදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට.
“එදා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙද්දී ජනාධිපතිධූර කාලය අයින් කරන එක පැවරුවේ එදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට. එතුමයි ජයම්පති වික්‍රමරත්න යි එකතු වෙලා තමයි මේ සංශෝධනය හැදුවේ.එදා අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ කාරණයට මැදිහත් වුනේ නෑ.” මහාචාර්ය ආශු මාරසිංහ අතීතය සිහිපත් කළේය.
“එදා ජනාධිපති සිරිසේන අවුරුදු 6 ගැන කතා කළත් උසාවිය එතුමට මේ අවස්ථාව දුන්නේ නෑ. අනෙක මේ පෙත්සම දාලා තියෙන්නේ රොහාන් පල්ලේවත්ත කියන කෙනාගේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ ඉන්න ව්‍යපාරිකයෙක්. පල්ලේවත්ත දැන් සජබ කෘත්‍යාධිකාරි සභිකයෙක්.” ඇමති මනූෂ කීවේ කාගේත් ඇස් උඩ යවමිනි.
“මේක ජනාධිපතිතුමාට මඩ ගහන්න කරපු එකක්. කාරණය දැන් පැහැදිලියි.” මන්ත්‍රී වජිර කතාවට හවුල් වූවේය.
“විපක්ෂයට දැන් වැලේ වැල් නෑ. ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරිමෙන් වාසියක් වුනේ නෑ කියනවා.” මන්ත්‍රී ගයාශාන් ද කතාවට සම්බන්ධ වූවේ එලෙසිනි.

“ඒ කතාව වැරදියි. මෙතනදී ලොකුවට ණය අඩුකර ගැනීමක් ගත්තේ නැති වුනාට රුපියල් බිලියන 5 ක් අපට ඉතිරි වෙනවා. අනෙක් පැත්තෙන් තවත් බිලියන 3 ක ණය අඩු කර ගැනීමක් ලැබිලා තියෙනවා. එතකොට අපිට බිලියන 8 ක වාසියක් ලැබෙනවා. එහෙම බැලුවම 20% ක ණය කප්පාදුවක් ලැබිලා තියෙනවා. මොකද අපිට විදේශ ණය බිලියන 40 ක් තිබෙන නිසා බිලියන 8 එහි ප්‍රතිශතයක් ලෙස ගත්තහම 20% හරි. අනෙක් පැත්තෙන් ණය ගෙවන්නේ අවුරුදු 4 ට පස්සේ.” ජනපති දීර්ඝ විස්තරයක් කළේය.
මේ අතරවාරයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක ද අපූරු අදහසක් ජනපති රනිල්ට දුන්නේය. “ජනාධිපතිතුමාගේ ගෙදරයි ඇතුලේ තිබුණ පුස්තකාලයයි පුච්චලා ලබන 09 වෙනිදට අවුරුදු දෙකක් වෙනවා. එදා තත්ත්වයයි. අද තත්ත්වයයි සංසන්දනය කරලා පත්තරවලට ලිපියක් හා රූපවාහිනියට වාර්තා වැඩසටහනක් දුන්නොත් කොහොමද” දිනිත් චින්තක කීවේය. “ඔව් ඒක අපූරු අදහසක්.” එහි සිටි පිරිස කියද්දී ජනපති ද හිස සලා ඊට අනුමැතිය පළ කළේය.
ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක එදින සවසම ජනපතිගේ පස්වෙනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට මාධ්‍ය කණ්ඩායමක් රැගෙන ගොස් මාධ්‍ය මෙහෙයුම නිම කළේය.
සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com



