The Leader News
BREAKING
උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●
Top Ad
විශේෂාංග

President's War Diary : වැඩට ආපු අය සීනියර්ලා කර වැඩට නාපූ අය ජූනියර්ලා වෙලා

T

The Leader Desk

July 12, 2024 • 8:52 AM

President's War Diary :  වැඩට ආපු අය සීනියර්ලා කර වැඩට නාපූ අය ජූනියර්ලා වෙලා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජාතික පක්ෂ සමුළුවට එක්වූ අතර එදිනම සවස පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සංවිධානය කර තිබූ උත්සවයකට එක්වූවේය.
  • එදින සවස ඔහු යලිත් කාර්යාලය වෙත පැමිණියේ රජයේ සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කරන වර්ජනය ගැන මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ඡා කිරීමටය.
  • මෙහිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන කීවේ රාජ්‍ය සේවකයන් ඉල්ලන වැටුප ගෙවීමට නම් වැට් බද්ද 21% ක් දක්වා වැඩි කළ යුතු බවය.
  • මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීම පනතකින්ම අත්හිටුවා ඇති බැවින් එය කළ නොහැකි ක්‍රියාවක් බවත් 18% ක් වැට් බද්ද තවත් ඉහළ දැමීම ජනතාවට දරාගත නොහැකි බවත් ඔහු කීවේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එක්සත් ජාතික පක්ෂ සමුළුවට එක්වූ අතර එදිනම සවස පොදුජන පෙරමුණේ මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සංවිධානය කර තිබූ උත්සවයකට එක්වූවේය.

ගාල්ල රැස්වීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් මෙන්ම උප නායක අකිල එක්ව සිටියදී රෝහිතගේ උත්සවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මෙන්ම පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පක්ෂ සාමාජිකයන් රැසක් එක්ව සිටියහ.

 



“මම අද උදේ හිටියේ ගාල්ල යූ.එන්.පී රැස්වීමේ. හවස පොහොට්ටුවේ රැස්වීමේ ඉන්නවා. ඊයේ රෑ හිටියේ සජබ කණ්ඩායමක් එක්ක.” ජනපති රනිල් කියද්දී සභාවෙන් ආවේ උණුසුම් ප්‍රතිචාරයකි. මහින්ද, බැසිල්, ගෝඨාභය හා නාමල් යන සියලු දෙනාම ජනපති සමඟ සුහඳ කතා බහක නිරත වුවද මැතිවරණය ගැන කතා බහ නොකිරීමට ඔවුනොවුන් වඟ බලාගෙන තිබුනි.

ඔහු ගියේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ ආර්. සම්බන්දන්ගේ අවමගුලට සහභාගී වීමටය.
ඉරිදා පෙරවරුවේ දේශපාලන රැස්වීම් කිහිපයක් පැජට් පටුමඟ නිවසේ පැවැති අතර සවස ඔහු ගියේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ ආර්. සම්බන්දන්ගේ අවමගුලට සහභාගී වීමටය. සදුදා පෙරවරුවේ ඔහු දේශපාලන කැබිනෙට්ටුව මුණ ගැසීනි. සවස රත්නපුරයට ගියේ අමරපුර සංඝ සභාවේ ආදිකර්තෘ සැමරුමට එක්වීමටය.

 

එදින සවස ඔහු යලිත් කාර්යාලය වෙත පැමිණියේ රජයේ සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කරන වර්ජනය ගැන මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ඡා කිරීමටය. ඊට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙන්ම ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග ද එක්ව සිටියහ.

රජයේ සේවකයින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා කරන වර්ජනය ගැන මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමඟ සාකච්ඡා කිරීම. ඊට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙන්ම ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග ද එක්ව සිටියහ.

මෙහිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන කීවේ රාජ්‍ය සේවකයන් ඉල්ලන වැටුප ගෙවීමට නම් වැට් බද්ද 21% ක් දක්වා වැඩි කළ යුතු බවය. මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීම පනතකින්ම අත්හිටුවා ඇති බැවින් එය කළ නොහැකි ක්‍රියාවක් බවත් 18% ක් වැට් බද්ද තවත් ඉහළ දැමීම ජනතාවට දරාගත නොහැකි බවත් ඔහු කීවේය.

 
ඒ අනුව මේ මොහොතේ වැටුප් වැඩි කළ නොහැකිය යන ස්ථාවරයට ජනපති පැමිණියේය. අගහරුවාදා උදේ ආරක්ෂක අමාතයාංශයට ගිය ජනපති රනිල් එය නිමවා පැමිණියේ පාර්ලිමේන්තුවටය. එහිදි ආණ්ඩු පක්ෂ රැස්වීමට ගොස් ඉන් පසුව ගියේ ඇමති මණ්ඩල හමුවටය.

 

IMF සාකච්ඡා : සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යාම රජයේ අරමුණයි - ජනපතිආණ්ඩු පක්ෂ රැස්වීමට ගොස් ඉන් පසුව ගියේ ඇමති මණ්ඩල හමුවටය
ඇමති මණ්ඩල හමුවට එක්වීම සඳහා ජනපති රනිල් පාර්ලිමේන්තු කාර්යාලය වෙත එද්දී එහි කොරිඩෝවේ පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණ සිටි පාසල් සිසුන් පිරිසක් මුණ ගැසුණි.

ළමුන් අසලට ගිය ජනපති ඔවුන් හා ඡයාරූපවලට පෙනී සිටිමින් විමසා සිටියේ “දැන් කවුද මෙතනින් පාර්ලිමේන්තු එන්නේ”. කියාය. ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිටින සිසුන් දහ පහලොස් දෙනෙකු එහිදි අත එසවූහ. එහි සිටි ඇමති සියඹලාපිටිය කීවේ “දැන් දරුවන්ටත් තේරිලා තියෙන්නේ ඔබතුමා හොදින් රට පාලනය කරනවා කියලා. දරුවන්ට මේ ගැන හොද අවබෝධයක් තියනවා.” කියාය.


එහිදි මහාචාර්ය ආශූබෝධ මාරසිංහ ද කතාවට එකතු වෙමින් ජනපති ආරම්භ කර තිබෙන  අධ්‍යාපන වෙනස්කම් ගැන හා කෘතිම බුද්ධිය පාසල් විෂය ධාරාවට එකතු කිරීම ගැන දේශනයක් කළේය.

“ජවිපෙ උත්සාහ කරන්නේ 88/89 කාලයේ වගේ රජයට විරුද්ධව කැරළි ගහලා භිෂණයක් ඇති කරන්න. රජය අපහසුතාවයට පත් කරලා බලය ගන්න සැලසුමක් ක්‍රියාත්මක වෙනවා” ඇමතිවරු එක හඩින් කියන්නට වූහ. එසේම තවත් ආයතන ඉදිරියේදි පාරට ගේන්න සැලසුම් කරමින් සිටින අතර ප්‍රවාහන ක්ෂේත්‍රය ද එහි කොටසක් බවත් මේ අය පෙන්වා දුන්නේය.

 

sdfw45fg වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදීමත් සේවය අගය කරමින් විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීම

සියලු කතාවලින් පසු ජනපති රනිල් සිය යෝජනාව ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය. වර්ජනයට එක් නොවූ රාජ්‍ය සේවකයන්ට වැටුප් වර්ධකයක් ලබාදීමත් සේවය අගය කරමින් විශේෂ ප්‍රශංසා සහතිකයක් නිකුත් කිරීමත් එහි අන්තර්ගතව තිබුනි. ඊට අමතරව 22 වන ව්‍යවස්ථා සංශෝධනය ලෙස ජනපතිධූර කාලය වසර 5 ක් කිරීමේ කැබිනට් පත්‍රිකාව ද ජනපති රනිල් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කොට සම්මත කර ගත්තේය.


ඇමති මණ්ඩල හමුව නිමවා ජනපති පිටතට පැමිණි අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන් යෝජනාව අගය කරමින් විමසන්නට වූවේ  ප්‍රශංසා ලිපිවලින් සිදුවන්නේ කුමක් ද කියාය. ඒ ගැන පැහැදිලි කිරීම කළේ මන්ත්‍රී වජිර අබේවර්ධනය.

 

vajira abeywar 1 1 ප්‍රශංසා ලිපිය සේවකයාගේ ලිපි ගොනුවට ගියාම උසස්වීම්වලට ඒක බලපානවා. සේවයට වාර්තා නොකරපු අයට වඩා මේ අයගේ උසස්වීම් ඉක්මන් වෙනවා
“ ප්‍රශංසා ලිපිය සේවකයාගේ ලිපි ගොනුවට ගියාම උසස්වීම්වලට ඒක බලපානවා. සේවයට වාර්තා නොකරපු අයට වඩා මේ අයගේ උසස්වීම් ඉක්මන් වෙනවා.” වජිර කියද්දී එය අසා සිටි මන්ත්‍රීවරු කීවේ එය කදිම වැඩක් කියාය.

“මෙතුමා කවුද කියලා ඔය වෘත්තීය සමිති නායකයන්ට මතක නෑ. ජේ.ආර් ජයවර්ධන 80 ජුලි වර්ජනය කරපු වෙලාවේ තීන්දු තීරණ ගන්න කැබිනේට්ටුවේ මෙතුමත් හිටියා කියලා වෘත්තීය සමිති නායකයොත් දැන් කතා කරන්න පටන් අරගෙන. අපිත් ඒක මතක් කරලා දෙන්න ඕනේ.” ඇමති ප්‍රසන්න රණතුංග කීවේ කාගේත් නලළ රැළි ගන්නවමිනි.

 

unnamed 9සජබ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සිය ආධාරකරුවන් පිරිසක් සමඟ ජනපති අසලට පැමිණ කතා බහ කරමින් ඡායාරූපවලට ද පෙනී සිටියෝය
ඇමති මණ්ඩල හමුව නිමවා පාර්ලිමේන්තු ඉහළ මහලට ගමන් කිරීමට ජනපති රනිල් විදුලි සෝපානය වෙත එද්දී විදුලි සෝපානය අසන්නයේ සජබ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සිය ආධාරකරුවන් පිරිසක් සමඟ එහි සිටිනු දුටුවේය. ජනපති දුටු ඔවුන් ජනපති අසලට පැමිණ කතා බහ කරමින් ඡායාරූපවලට ද පෙනී සිටියෝය.

එහි සිටි පිරිස් කියන්නට වූවේ “සර් ඉතින් අපේ නායකයානේ.” කියාය. “ඒකනේ. දැන් අපි ඔක්කොම රට හදන්න එකතු වෙන්න ඕනේ.” ජනපති කීවේ ඇගට පතට නොදැනීය. එය සියල්ලෝම අනුමත කරමින් එන බව කියද්දී ආශු කීවේ දැන් සැලුන් දොර ඇරලා තියෙන්නේ කියාය.


මේ අතරතුර පසුගිය දිනෙක ජනපති රනිල් හා මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ “වන් ගෝල්ෆේස්” සුපිරි වෙළෙද සංකිර්ණයට ගියේ එහි ඇති පී.වි.ආර් සිනමා ශාලාවේ චිත්‍රපටයක් නැරඹීමටය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙන්ම ශ්‍රී ලංකා පදනමේ සභාපති සමන් ආතාවුදහෙට්ටි ද ඔවුන් සමඟ එක්වූවේ ඔහුගේ සොහොයුරා නිපදවූ “අදර අන්තය” චිත්‍රපටය නැරඹීමටය.

81331431 2795868200474227 8110529530671661056 n අසෝක ආතාවුදහෙට්ටි ළගදීම ප්‍රදර්ශනය කිරීමට නියමිත අසෝක ආතාවුදහෙට්ටි අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් එහි ප්‍රදර්ශනය කෙරුණු අතර  ජනපති රනිල් එහි පැමිණ සිටි රසික රසිකාවන් සමඟ කතාබස් කරමින් නිදහසේ ඇවිද ගියේ චිත්‍රපටය නැරඹීමටය.

සිනමා කර්මානතය නියෝජනය කරමින් චිත්‍රපට බෙදාහරින්නන්, ශාලා හිමියන්, ආනයනය කරන්නන්, නිෂ්පාදකයන් සහ චිත්‍රපට සංස්ථා නියෝජිතයන් ද ජනපති ලේකම් සමන්  ඒකනායක ද ආරාධිතයන් අතර වූහ.

චිත්‍රපටය නැරඹීමට පෙර මේ අය ලාංකේය සිනමාවේ අභිවෘද්ධිය උදෙසා අලුතින් පිහිටුවන ආයතන දෙකක් පිළිබඳ කෙටි අදහස් හුවමාරු කර ගැනීමක නිතරවූහ.

 

film corporationචිත්‍රපට සංස්ථාව
චිත්‍රපට සංස්ථාව වෙනුවට පිහිටුවන ෆිල්ම් ශ්‍රී ලංකා ආයතනය සහ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට පිහිටුවන වර්ගීකරණ මණ්ඩලය යන මේ ආයතන දෙක ගැන විමසද්දී ජනපති දුන් පිළිතුරුවලින් ඔවුනට පැවැති සියලු සැක සංකා දුරුව ගොස් තිබුනි.

පැමිණ සිටි එක් ආරාධිතයෙක් ජනපතිගෙන් විමසූවේ දහසකුත් එකක් වැඩ රාජකාරි මධ්‍යයේ චිත්‍රපට නැරඹීමට වේලාව වෙන් කර ගන්නේ කෙසේද කියාය.

“පුංචි කාලේ ඉඳලම චිත්‍රපටි බලන එක මගේ විනෝදාංශයක් නේ. ඒ වුනත් ප්‍රසන්නගේ ගාඩි බැලුවට පස්සේ මේ වෙනකල් ශලාවකට ඇවිල්ලා චිත්‍රපටියක් බලන්න නම් බැරිවුනා.” ජනපති සැහැල්ලු පිළිතුරක් දෙමින් ඉන් පිටව ගියේය.

 

unnamed 10මහල් නිවාස හිමියන්ට සින්නක්කර ඔප්පු දීමේ වැඩසටහන

 

වාණිජ මණ්ඩලය විසින් සකස් කරන ලද තිරසර සංවර්ධන සැලැස්ම ජනපතිට පිළිගැන්වූවේ අගහරුවාදා පස්වරුවේය. අගහරුවාදා තවත් විශේෂ දිනයක් වූවේ ජනපති රනිල්ගේ නිවස සහ එහි තිබූ වටිනා පුස්තකාලය විනාශ කර වසර දෙකක් ගතවූ දිනය වීමය. සිය නිවස ගිනිබත් වූ තවත් ඇමතිවරයෙකු වන ප්‍රසන්න රණතුංග එදින මහල් නිවාස හිමියන්ට සින්නක්කර ඔප්පු දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණේ එය සිහිපත් කිරීම අරමුණු කර ගනිමිනි. එහිදි ජනපති රනිල් සංවේදී කතාවක්ද කරනු ලැබීය.

බදාදා පෙරවරුවේ ජනපති ගාල්ලට ගියේ කුරුදු සංවර්ධන දේපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමටය. එය නිමවා මුදල් අමාත්‍යාංශය වෙත ගිය ජනපති රනිල් රටේ ආර්ථික තත්ත්වය ගැන සාකච්ඡා කළේය. බ්‍රහස්පතින්දා පෙරවරුවේ කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම විවෘත කර නැවත කාර්යාලය පැමිණෙද්දී මැති ඇමතිවරු රැසක් ජනපති මුණ ගැසිමට පැමිණ සිටියේ රටේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන කතා බස් කිරීමටය.

 

450816657 877982647694690 3407769941300154927 nකොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම විවෘත කිිරිම

වැඩවර්ජන රැල්ලත් දුම්රිය මගීන්ට වූ අපහසුතාවයත් ගැන මෙහිදි කතා බහ ඇදී ආවේය. “80 වර්ජනයේදී සේවයට වාර්තා කළ නිලධාරීන්ට මේ වගේම දිරි දිමනා දුන්නාද?” ඒ කතාව විමසුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකය.

“මේ ලිපිය දුන්න නිසා වැඩට නාව අය ජූනියර්ලා වෙලා වැඩට ආපු අය සීනියර්ලා වෙනවා.” ඇමති මනූෂ කීවේ වෘත්තීය සමිති නායකයන්ගේ අමනෝඥකම ගැනත් සිහිපත් කරමිනි.

 

1718342458 mahindananda Lමේ වර්ජනයට ජනතාව විරුද්ධයි. ඔවුන් ආණ්ඩුවට දොස් කියන්නේ තද තීරණ ගන්නේ නෑ කියලයි. තවත් කට්ටියක් කියන්නේ දුම්රිය සේවය පුද්ගලීකරණය කරන්න කියලායි


“මේ වර්ජනයට ජනතාව විරුද්ධයි. ඔවුන් ආණ්ඩුවට දොස් කියන්නේ තද තීරණ ගන්නේ නෑ කියලයි. තවත් කට්ටියක් කියන්නේ දුම්රිය සේවය පුද්ගලීකරණය කරන්න කියලායි.” මන්ත්‍රී මහින්දානන්ද කීවේය.

“විපක්ෂයට සැලසුමක් නෑ. වර්ජන රැල්ලක් හදලා ආණ්ඩු විරෝධයක් අරගෙන මැතිවරණයට යන්න හදන්නේ. මේවා ප්‍රායෝගික නෑ. වර්ජනවලට මිනිස්සු එකඟ නෑ. එයාලට ඕනේ නිදහසේ තමන්ගේ වැඩ කරගන්න. වර්ජකයන්ට එරෙහිව දැඩි තීන්දු ගන්න වෙන්නේ ඒ නිසයි.” ජනපති රනිල් කීවේ බැරෑරුම්වය.


සටහන :
(ලසන්ත වීරකුලසුරිය)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
lasantha.weerakulasuriya@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...