The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහාචාර්ය නලීන් අබේසේකර ; ඊගෝ (අහං)කාරය පරාජය කළ මනුෂ්‍යත්වය...

T

The Leader Desk

April 25, 2026 • 3:51 PM

මහාචාර්ය නලීන් අබේසේකර ; ඊගෝ (අහං)කාරය පරාජය කළ මනුෂ්‍යත්වය...

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහාචාර්ය නලීන් අබේසේකර වසර පනහ පසු කර ගතකර තිබූණේ තවත් වසර කිහිපයක් පමණි.
  • අද උදෑසන ඔහුගේ අභාවය දැනගැනීමට අප සියලු දෙනාම අභ්‍යාග්‍යවන්ත වී ඇත.
  • කිසිවක් තදින් අල්ලාගැනීම, දැඩිව දේවල් සම්බන්ධයෙන් අර්බූද ඇතිකරගැනීම ඔහුගේ විධිය නොවීය.ඔහු තුළ මානාධික බවක් නොවීය.
  • අප තනතුරු ආදිය ලබනවිට ඒවා මගින් අනෙකා දැඩිව මර්දනය කර, පාලනය කිරීම ඔහු කිසිසේත්ම අනුමත කළේ නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු සැමදා වයසට නොයන තාරුණ්‍යයක් සතුව තිබු මිනිසෙක් වීය. අද උදෑසන ඔහුගේ අභාවය දැනගැනීමට අප සියලු දෙනාම අභ්‍යාග්‍යවන්ත වී ඇත.

නලීන් අයියා සහ මා අතර සබඳතාව වසර විස්සකට ආසන්නය. අප එකිනෙකා මුණගැසී නොතිබුණු කාලයේදීත් එකිනෙකා කල කී දේ පිළිබඳ අවබෝධයක පසුවීමු. විවෘත සරසවියට පැමිණි සමයේ සිට පසුගිය දා දක්වාම අප අතර දැඩි මිත්‍රත්වයක් වීය. එය අතිශය විවෘත මිත්‍රත්වයකි.

ඒ තුළ එකගතා සහ නොඑකගතාවලට වඩා එකිනෙකාගේ මතවාද සහ අස්ථානයන් හඳුනා ගැනීමට උපකාරීවූ අතිශය තියුණු මනුෂ්‍යත්වය පිළිබඳ සබදතාවක් පැවතුණි. අව්‍යාජත්වය අපගේ මිත්‍රත්වයේ පදනම වීය. එකිනෙකාගෙන් සැගවීමට අපට කිසිවක් නොවීය. ඕනෑම දෙයක් විවෘතව කතා කිරීමට ඔහු අපට සිටි දුර්ලබ මිතුරෙකි.

cfxgdfy
නලීන් බොහෝ විවිධ දේ කියවීමට කැමැත්තක් දැක්වූ අයෙක් විය. කළමණාකරණය විෂය ප්‍රධාන වූවත් ඔහු දේශපාලනය, කලාව, සංස්කෘතිය සම්බන්ධයෙන් වූ දේ කියවීමට සහ රසවිඳීමට හුරුව සිටියේය. කලාවට විශාල ඇල්මක් දැක්වීය.

ජීවිතය දෙස, රැකියාව දෙස, තත්වයන් දෙස ඔහු තුළ වූයේ අතිශය නොඇළුණු දැක්මකි. කිසිවක් තදින් අල්ලාගැනීම, දැඩිව දේවල් සම්බන්ධයෙන් අර්බූද ඇතිකරගැනීම ඔහුගේ විධිය නොවීය.ඔහු තුළ මානාධික බවක් නොවීය. සැමදෙනාට ලංවීමට, සමානාත්මතාවය දැක්වීමට ඔහුට තිබූ හැකියාව මහත්ය.

අප තනතුරු ආදිය ලබනවිට ඒවා මගින් අනෙකා දැඩිව මර්දනය කර, පාලනය කිරීම ඔහු කිසිසේත්ම අනුමත කළේ නැත. අප සියලු දෙනා සාමාන්‍ය මිනිසුන් බව ඔහු නිතර ඔහුගේ භාවිතාව තුලින්ම අපට කියා දුන්නේය.

ඔහු නිරන්තරයෙන් සියලු දෙනා සමග හිතවත්වීය. අනෙක් අයගේ සිත්රිදවීමට ඔහු කිසි කලෙකත් ක්‍රියා කළේ නැත.

516816691 10162904162083810 8225167705533906962 n

ඒ සියලු යහපත් ගුණාංග සමග ඔහුට අනන්‍යවූ සමාජ දේශපාලන දැක්මක් තිබුණි. ආයතනයේ ප්‍රතිරූපය නැංවීමට ඔහු නිබඳව ක්‍රියා කළේය. සමහරවිට ඔහු මුල් යුගයේ යුනිවර්සිටි බ්‍රෑන්ඩින් ගැන කතාකරන විට මා එකග නොවූ අවස්ථා පැවතුණි. නමුත් පසුව අප ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් උගෙනීමට පෙළඹුණෙමු.

ඔහු සරල ජීවිතයක් ප්‍රිය කළ අතිශය නිරහංකාර චරිතයකි. සම්ප්‍රදාය ගරුකිරීම සමගම එයට නව මානයක්  එකතුකිරීමටත් ඔහු ක්‍රියා කළේය. තම විෂය වන "මාර්කටිං" සම්බන්ධ දේශීය ඥාණයක් ගොඩනැගිය හැකිබව ඔහු දැඩිව විශ්වාස කළේය. ජාතිකත්වය, රාජ්‍ය, සහ සමාජය පිළිබඳ ඔහු තුළ වූ කියවීම හා අප වෙත වූ සමහර අදහස් පිළිබඳ අපට විසංවාදයක් පැවතුණි. නමුත් සැමවිටම සත්‍ය, යුක්තිය සහ සදාචාරමය පැවැත්ම පිළිබඳ අපට පොදු කතා බහක් පැවතුණි.

ඔහුගේ සේවය තවත් දීර්ඝ කාලයක් පුරා ලබාගැනීමට අප වාසනාවන්ත නොවුනත්, ඔහු ජීවත් වූ කාලයේ අපට ඉතිරි තළභාවිතය සහ දැක්ම තවත් බොහෝ කාලයක් අපට මග පෙන්වනු ඇත. හිතවත් නලීන් අයියා, ඔබට නිවන් සුව අත්වේවා !

Athulasiri Samarakoon(සටහන | ආචාර්ය අතුලසිරි සමරකෝන්)
Digital creator
Lecturer at Open University of Sri Lanka
Former Teaching assistant at University of Colombo

smasa@ou.ac.lk

(උපුටා ගැනීම - Athulasiri Samarakoon ගේ ෆේස්බුක් පිටුවෙන්..)

gertgg

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...