The Leader News
BREAKING
Top Ad
පුවත්

ආණ්ඩුවේ PTA සංශෝධන 'චිත්‍රපටියට' විරුද්ධව ජිනීවා නුවරට පෙත්සමක්

T

The Leader Desk

March 4, 2022 • 12:48 AM

ආණ්ඩුවේ PTA සංශෝධන 'චිත්‍රපටියට' විරුද්ධව ජිනීවා නුවරට පෙත්සමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බලයේ සිටින දේශපාලනඥයන් සිය විරුද්ධවාදීන්ගෙන් පළි ගැනීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගන්නා බවට
  • '' සටන් පාඨය පෙරටු කරගනිමින් මාර්තු 3 වැනි බ්‍රහස්පතින්දා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක් පැවැත්වීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
  • ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන් අහෝසි කරන ලෙස බලකරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ විසින් දියත් කර ඇති මහජන පෙත්සම් ව්‍යාපාරයට අනුග්‍රහය දක්වමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.
  • ඒ සුමන්තිරන්ද විරෝධතාවය සදහා එක්ව සිටි අතර ඔහු අවධාරණය කළේ අද දිනයේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගන්නා මොහොතේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට සාමාජික රටවල් කතා කළ යුතු බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දිවයිනේ ක්‍රියාකාරී මානව හිමිකම් නීතිඥයෙක් චෝදනා  කරයි.


''මේ දේශපාලනඥයන්ට තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පළිගන්න හොඳම අවස්ථාවක් තමයි මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. එතකොට ඒක තාම ඒ විදිහටම තියාගෙන තමයි ඔය සංශෝධනය කියන කතාව තියෙන්නේ. ''

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා එම චෝදනාව එල්ල කළේ ''අමානුෂික PTA හකුලා ගනු ! '' සටන් පාඨය පෙරටු කරගනිමින් මාර්තු 3 වැනි බ්‍රහස්පතින්දා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක් පැවැත්වීමෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.



ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කරන ලෙස බලකරමින් පැවැති විරෝධතාවයේදී නීතිඥ සේනක පෙරේරා වැඩි දුරටත් අවධාරණය කළේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සංශෝධනය සදහා රජය ඉදිරිපත් කර තිබෙන යෝජනා ජිනීවා මානව හිමිකම් සමුළුව ඉලක්ක කරගත් "චිත්‍රපටයක්"  බවයි.



ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන් අහෝසි කරන ලෙස බලකරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි තරුණ පෙරමුණ විසින් දියත් කර ඇති මහජන පෙත්සම් ව්‍යාපාරයට අනුග්‍රහය දක්වමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්ද විරෝධතාවය සදහා එක්ව සිටි අතර ඔහු අවධාරණය කළේ අද දිනයේ ජිනීවා නුවරදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගන්නා මොහොතේ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට සාමාජික රටවල් කතා කළ යුතු බවයි.

ජගත් මානව හිමිකම් මහකොමසාරිස්  මිචෙල් බැචලේ වෙත යොමු කිරීම සදහා කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය වෙත සිය ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් භාර දීමටත් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කටයුතු කර තිබුනි.

PTA වින්දිත පවුල් වල සමාජිකයන් කිහිපදෙනකු ද විරෝධතාවය සඳහා එක්ව සිටි බව අගනගරයේ වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති. 

 

 

Leader Whats app

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...