The Leader News
BREAKING
Top Ad
පුවත්

සුළුතරයට එරෙහිව PTA යොදා ගැනීම ගැන හකීම් ජාත්‍යන්තරයට කියයි

T

The Leader Desk

March 5, 2022 • 1:52 PM

සුළුතරයට එරෙහිව PTA යොදා ගැනීම ගැන හකීම් ජාත්‍යන්තරයට කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කරන බහුතරයක් සුළුතර ජන ප්‍රජාවන්ට අයත් වුවන් බව
  •  නවසීලන්ත තානාපති මයිකල් ඇපල්ටන් මාර්තු 02 වැනිදා මුස්ලිම් කොංග්‍රස් මුලස්ථානය වන කොළඹ දාරුස්සලාම් මන්දිරයට පැමිණ රවුප් හකීම් සමඟ රටේ වත්මන් දේශපාන වාතාවරණය ගැන සාකච්ජා කර තිබේ.
  • ඒවායෙන් කිසිම පලක් වෙන්නේ නැහැ.
  •  ඔහු වැඩිදුරටත් තානාපති ඇපල්ටන්ට කියා සිටියේ යුද අවසානයත් සමගින් රට ගොඩ නැගීම පසෙක ලා දේශපාලන අරමුණු වෙනුවෙන් රාජපක්‍ෂ ආණ්ඩුව දිගින් දිගටම සුළුතර ජන ප්‍රජාවන්ට එරෙහිව ජාතිවාදය මුදා හල බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මුස්ලිම් දේශපාලන නායකයෙක් විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයන් හමුවේ අවධාරණය කර තිබේ.

''මේ පනත යොදා ගෙන අත්අඩංගුවට ගෙන කිසිම සාක්කියක් නැතිව දීර්ඝ කාලයක් සිරගත කරගෙන ගිටින අයගෙන් බහුතරය සුළුතර ජන ප්‍රජාවන්ට අයත්,'' යැයි ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කොළඹ සිටින නවසීලන්ත තානාපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

 නවසීලන්ත තානාපති මයිකල් ඇපල්ටන් මාර්තු 02 වැනිදා මුස්ලිම් කොංග්‍රස් මුලස්ථානය වන කොළඹ දාරුස්සලාම් මන්දිරයට පැමිණ රවුප් හකීම් සමඟ රටේ වත්මන් දේශපාන වාතාවරණය ගැන සාකච්ජා කර තිබේ.

''ත්‍රස්ත පනත අහෝසි කරන්න කියලා උද්ඝෝෂණ පැවතිද්දි ආණ්ඩුව ඒ වෙනුවට මේ හා සමාන වෙනත් පනතක් ගෙන්න පුළුවන්. දැන් ගෙන්නලා තියෙන සංශෝධනත් ආණ්ඩුවට ඕනෑ විදිහට සකස් කරපුවා. ඒවායෙන් කිසිම පලක් වෙන්නේ නැහැ. කිසිසේත්ම අපි ඒවා පිළිගන්නේ නැහැ. කළ යුත්තේ ත්‍රස්ත පනත මුළුමනින්ම අහෝසි කිරීම,'' යි මුස්ලිම් කොංග්‍රස් නායකයා තානාපතිවරයාට පෙන්වා දුන්නේය.

 ඔහු වැඩිදුරටත් තානාපති ඇපල්ටන්ට කියා සිටියේ යුද අවසානයත් සමගින් රට ගොඩ නැගීම පසෙක ලා දේශපාලන අරමුණු වෙනුවෙන් රාජපක්‍ෂ ආණ්ඩුව දිගින් දිගටම සුළුතර ජන ප්‍රජාවන්ට එරෙහිව ජාතිවාදය මුදා හල බවයි.

 ''2009 පසුවත් ජාතීන් අතර සමගිය ඇති කරලා ඒ මගින් රට ගොඩනැගීම වෙනුවට ආණ්ඩුව කළේ තමන්ගේ දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න සුළුතර ජනතාවට, විශේෂයෙන් මුස්ලිම් ජනයාට එරෙහිව ජාතිවාදය ඇවිස්සීමයි.''

PTA 1

PTA 2

 

 

Leader Whats app

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...