කිර්ති පැස්කුවෙල් නිවේදනය කරලා තිබ්බ. ඇත්තටම දුකයි. ආරංචි හැටියට ටික කාලයක් රෝගාතුරව ඉඳල තියෙනවා.
අපි ඉස්කෝලේ යන කාලෙත් ඊට පස්සෙත් කෑගල්ලේ ටවුමේ ඇතැම් තැනක දකින්න ලැබුණ චරිතයක් රාජු. ඉස්කෝලේ කාලේ නම් ටිකක් ආඩම්බරයි. ආඩම්බර කියනවට වඩා හොඳ වචනයක් තමයි අඩුවෙන් කතාකරන්නේ කියන එක. එයාලගේ පවුලේ හැමෝම වගේ අඩුවෙන් කතාකලේ. රාජු, මහින්ද වගේම ඔය පවුලේ තව බාල මල්ලි කෙනෙක් හිටිය අපේ පන්ති වල. එයා මියුසික් වලට ආවේ නැහැ. ඌත් වැඩි කතාවක් නැහැ.
අනික ආඩම්බර වුණත් කමකුත් නැහැ. මොකක් හරි වැඩක් කරපු එකෙක් හින්ද.
රන් සීනු නාද දේ, රෝසමල් කුමාරි, කවුදෝ මගේ ලොවේ, ළඳුනේ සොදුරු ළඳුනේ, හඳ වේදනා මෙසේ වගේ මුමුණන්න පුළුවන් සිංදු ගණනාවක් රාජු ගායනා කරලා තිබ්බ. මම මුලින්ම රාජු දැක්කේ අපේ ඉස්කෝලේ (කෑගලු විද්‍යාලේ) තිබ්බ සංගීතයක් දවසක. ෆෝචූන්ස් තමයි බැක් කළේ. ඔය අසූව දශකයේ අග විතර.

රාජුගේ සිංදු ගොඩක් එක්ක රූකා ඉඳල තියනවා. මේ සිංදු ගොඩක් ඉස්සෙන්න ඒක බලපෑව. අනික රාජු සහ මහින්ද එන්නේ මියුසික් පසුබිමක් තියන පවුලකින්.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන් ප්‍රේමදාස යුගයේ 'ගම් උදා' ජනප්‍රිය සංගීතය මේ හැමෝටම උඩට එන්න රුකුලක් උනා. සෘජුව හෝ වක්‍රව. ජෝති ලතා මිල්ටන් වගේ අය උඩින්ම හිටිය. එයාලට බැක් කරමින් ෆෝචූන්ස් ලොකු වැඩක් කළා. තවත් කලාකරුවෝ එකතු උනා. ෆෝචූන්ස් එක්ක හිටපු කීර්ති පැස්කුවෙල් සහ මහින්ද බණ්ඩාර දෙන්නට මේක මතක ඇති.
මම කියන්නේ ඒක තමයි ප්‍රාග්ධන පසුබිම. ඒ වගේම ඉන්දියන් තනු සහ ටියුන්ස් එන්නේ ඒ එක්ක. ඕක තමයි නැගල යන්නේ. ඒකට ආර්ථික දේශපාලනයක් තිබ්බ.

මම හිතන්නේ අන්න ඒ ලංකාවේ පොප් සංගීතය යම් උපරිමයට යාමේ ගමන්මඟ ඇතුලේ යම් තැනක රාජු ඉන්නවා. මේ සටහන ලියන්නේ හෝ ලියවෙන්නේ ඒක නිසා.
සුබගමන්!
(ආචාර්ය මහේෂ් හපුගොඩ)සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජනවාරි 15




