කරයි.
''මේ අනුව ඉකුත් මාසයක කාලය තුළ,
# හොරොව්පතාන රත්මලේ වනාන්තර ඉඩම් අක්කර 150ක්,
# ආනවිලුන්දාව රැම්සා තෙත් බිමේ ඉඩම් අක්කර 2 ක්,
# වනාතවිල්ලුව - එළුවන්කුලම අක්කර 100ක් සහ
# කිරින්ද අක්කර 30 කඩොලාන පද්ධතියක් විනාශ වෙලා තියන බවට මේ දක්වා මාධ්‍ය හරහා තොරතුරු වාර්තා වෙලා තියනවා.
ඒ කියන්නෙ අගෝස්තු 6 වැනිදා ඉඳන් ගෙවුණු දවස් 41ක කාලය තුළ වනාන්තර ඉඩම් අක්කර 282ක් විනාශ වෙලා තියනවා.
ඒ කියන්නෙ ආසන්න වශයෙන් දිනකට වනාන්තර ඉඩම් අක්කර 7ක් මේ රටේ විනාශ වෙනවා.
සිංහරාජ වනාන්තරය මැදින් පාරක් හදලා සිදු කරන පරිසර හානිය අයිති වෙන්නෙ නෑ. මේ ශීඝ්‍ර වන සංහාරය අතිශයින් ම අසාමාන්‍ය තත්ත්වයක්.
මේ බොහෝ තැන්වල මෙම වනාන්තර විනාශය සිද්ධ වෙන්නෙ දේශපාලනඥයන්ගෙ රැකවරණය සහ අනුදැනුම යටතේ.
ඒත් මේ දක්වා මේ කිසිම සිද්ධියකට ඇත්තට ම වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
"පසුගිය ජනාධිපතිවරණය කාලෙදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කතා කළේ පරිසර හිතකාමී සංවර්ධනයක් කරන්න. අඹ පැළයක් හිටවලා තමයි ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය පටන් ගත්තේ. ඒත් දැන් ඒ හැම දෙයක් ම විශාල මාධ්‍ය සංදර්ශනයක් පමණක් වෙලා තියනවා. පරිසර හිතකාමී සංවර්ධනය කෙසේ වෙතත් තියන වනාන්තර ටිකවත් රැකගන්න බැරි අසමත් ආණ්ඩුවක් නිර්මාණය වෙලා තියනවා."
"දැන් මේ සම්බන්ධයෙන් එක එක අයට බෝලේ පාස් කරලා වැඩක් නෑ. වැරැදි කරලා තියෙන්නෙ කවුරු වුණත් ඒකට එරෙහිව පියවර ගන්න එක ආණ්ඩුවේ වගකීම. මේ වන විනාශය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම පමා කරනවා කියන්නෙ ම මේක යට ගහන්න ආණ්ඩුව කටයුතු කරනවා කියන එක," යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
සබැඳි පුවත් :
'සුදු අධිරාජ්‍යවාදීන් කළ විනාශයම යළි මධ්‍යම කඳුකරයට සිද්ධවෙනවා' - රෝහිණී කවිරත්න
වනජීවි වන සංරක්ෂණ ඉඩම් සමාගම් අතට! - රවින්ද්‍ර කාරියවසම්ගේ අනාවරණයක්
කියත්මග : දවසට අක්කර 7 බැගින් වනාන්තර විනාශ කරලා" - රසික ජයකොඩි
T
The Leader Desk
September 16, 2020 • 5:32 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- පසුගිය මහ මැතිවරණයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වනාන්තර රක්ෂිත ඉඩම් ආසන්න වශයෙන් අක්කර 7 බැගින් දිනකට විනාශ වී ඇතැයි සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි ප්‍රකාශ
- වැරැදි කරලා තියෙන්නෙ කවුරු වුණත් ඒකට එරෙහිව පියවර ගන්න එක ආණ්ඩුවේ වගකීම.
- මේ වන විනාශය සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම පමා කරනවා කියන්නෙ ම මේක යට ගහන්න ආණ්ඩුව කටයුතු කරනවා කියන එක," යැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


