මහේෂිට තියන චෝදනාව ස්නායූ ශල්‍ය වෛද්‍ය කටයුතු සදහා අවශ්‍ය අයිතම් දෙකක් තමන්ට හිතවත් ආයතනයකින් ලබාගැනීමට නිර්දේශ කිරීමෙන් රෝගීන්ට පාඩුවක් සිදුකිරීම සහ මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් මියගිය රෝගීන්ට සැත්කම් කිරීම කියන චෝදනායි. ඒ චෝදනා මත මහේෂි අද (08) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරලා තියනවා.
මහේෂිගේ දුව අනිත්‍රාට තියන චෝදනාව පහුගිය 4 වෙනදා අධිකරණ භූමියේදී මහේෂිගේ නඩු විභාගය අවසන් කරලා යන අල්ලස් කොමිසමේ නිලධාරින්ට මරණ තර්ජණ එල්ල කිරීම. උසාවි රාජකාරි අවසන් කරලා යන නිලධාරීන්ට තර්ජණය කිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 347 සහ 486 යන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්.

ඒ වගේම අල්ලස් කොමිසමෙන් සිදු කරගෙන යන විමර්ශනයකට අදාළව අනිත්‍රා මේ තර්ජනය කරලා තියෙන නිසා ඒ තුළින් සමාජයට වැරදි පූර්වාදර්ශයක් ඇති වන බව පැමිණිලි පාර්ශවය අධිකරණය හමුවේ කරුණු දක්වලා තිබුණා. ඊට ප්‍රතිතර්ක විත්තිය පැත්තෙන් ඉදිරිපත් කළත් අවසානයේ ජුලි 09 වෙනිදා දක්වා අනිත්‍රා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කරනවා.
මහේෂිට සහ අනිත්‍රාට අදාල චෝදනාවලට සාධාරණය අධිකරණය විසින් ඉෂ්ඨ කරන බවට පූර්ණ විශ්වාසයක් රටේ රාළට තියනවා. රටේ රාළ මේ කතා කරන්නේ අනිත්‍රා රක්ෂිත බන්ධනාගාර ගතවීම දක්වා ඇය මුහුණ දුන්න අකටයුතුකම් ගැනයි .මහේෂිට එල්ලවෙන චෝදනාවලට මහේෂිගේ දුව වන අනිත්‍රාට කිසිදු සම්බන්ධයක් නෑ. අනිත්‍රා විදේශගතව අධ්‍යාපන ලබන 21 හැවිරිදි තරුණියක්.

එයා ලංකාවට එන්නේ ගරු අධිකරණය හරහා තමන්ගේ අම්මාට යුක්තිය ඉෂ්ඨ කරගැනීමේ පරමාර්ථයෙන්. අම්මා වෙනුවෙන් සද්භාවයෙන් එහෙම ගමනක් ආපු අනිත්‍රාට මේ කෙටි කාලයක ඇතුලේ අත්වුන ඉරණම ගැන රටේ රාළට නං තියෙන්නේ බරපතල කනගාටුවක්. ඒ එයා රක්ෂිත බන්ධනාගාරගතවීම ගැන විතරක් නෙවෙයි. මේ කෙටි කාලය ඇතුලේ මුහුණ දුන්න කර්කෂක අද්දැකීම් සමුදාය හින්දයි.
ඒවා පෙරලා අනිත්‍රාගේ ජීවිතයට බලපාන හින්දයි. එයා එකවරම දැවැන්ත සමාජ අපවාදයකට ලක්වෙන කිසිම වරදක් නෙකරපු ළමයෙක්. මේ එල්ල වෙන චෝදනා එයා ජීවිතයේ කිසිම දවසක බලාපොරොත්තු නොවුන ඒවා වෙන්න ඕනි. ඒ වගේ එයාගේ අම්මාට එරෙහිව එල්ලවෙන දැවැන්ත මාධ්‍ය මෙහෙයුමේ කොටසක් අනිත්‍රාටත් එකවර එල්ල වෙන්නේ අපේ රටේ මාධ්‍ය සදාචාරයේ හැටි නිසාවෙන්න ඕනි. ඊයේ රක්ෂිත බන්ධනාගාර ගත වුනාට පස්සේ ඒ ප්‍රහාරය තවත් වැඩිවෙලා වගේම සංවිධානාත්මක වෙලත් තියනවා.

කොහොම උනත් තවමත් මහේෂි සහ අනිත්‍රා කියන්නේ අපේ රටේ නීතිය ඉදිරියේ නිවැරදිකාරයෝ දෙන්නෙක්. අධිකරණයකින් වැරදිකරුවන් නොකරපූ ඒ දෙන්නම අද මේ සමාජය ඉස්හරහා වැරදිකරුවන් කරලා බරපතල පලිගැනීමකට ලක්කරලා තියනවා. අනිත්‍රා අම්මා බලන්න ගිය පලවෙනි දවසේම බන්ධනාගාර නිලධාරීන් කියලා තිබුණේ " හෙරක් බලන්න ආවේ මොකටද " කියලායි.
මෙතනදී මතුවෙන පළවෙනි ප්‍රශ්න වෙන්නේ අධිකරණයෙන් තවමත් හෙරක් නොකළ මහේෂී සමහර බන්ධනාගාර නිලධාරීන්ට හෙරක් උනේ කොහොමද කියන එකයි. අනික හෙරක් උනත් ඒ අනිත්‍රාගේ අම්මා. පියා නැති දුවෙක් සහ අම්මා අතර තියන සානුකම්පිත මානව සම්බන්ධය තේරුම් ගන්න බැරි තරමේ යමපල්ලෝද අපේ බන්ධනාගාරවල ඉන්නේ කියන ප්‍රශ්නයත් මෙතන තියනවා. බන්ධනාගාර නිලධාරීන් කරපූ මේ ප්‍රකාශය ගැන ඕනි තරම් මාධ්‍ය වාර්තා පලවුනා. හැබැයි ඒ වෙනුවෙන් අනිත්‍රාට යුක්තිය ඉෂ්ඨ උනේ නෑ. ඒ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තේ නෑ.

සිරකරුවෝද මනුස්සයෝය කියලා බන්ධනාගාර බිත්තියේ ගහලා තිබුනට බන්ධනාගාර නිලධාරීන්ගේ මනස වැඩ කරන්නේ අමනුෂ්‍යයෝ විදියටද? ඊළඟට එන ප්‍රශ්නය තමයි එහෙම හැරස් කිරීමක් කරපු බන්ධනාගාර නිලධාරීන් සහ ඒ බව ප්‍රකාශ කරපු අනිත්‍රාට බන්ධනාගාරය ඇතුලේදී මනුස්සයෙකුට වගේ සළකයිද කියන ප්‍රශ්නයත් තියනවා.
මෙතන තව බරපතල ප්‍රශ්නයක් තියනවා. තමන්ගේ අම්මාට සිදුවු දෙයින් කම්පනයට පත්වෙලා සියදිවි නසාගන්න තැත් කල බව කියන මේ දරුවාට සියදිවි නසාගැනීමේ අදහසට මේ පීඩනයන් විසින් මොනවගේ මානසික බලපෑමක් වෙලා ඇතිද කියන ප්‍රශ්නයත් බරපතල එකක්.
සමහර වෙලාවට අනිත්‍රාට මහේෂිව බන්ධනාගාර ඇතුලේදී හම්බ වෙන්නත් ඇති. හම්බවුනා නං ඒ අවස්ථාව ඉතාමත් සංවේදී අවස්ථාවක් වෙන්නත් ඇති. මහේෂිගේ දුව අතින් වරදක් උනා නම් ඒ ආම්මාට අත්වෙලා තියන ඉරණම සම්බන්ධව දරුවෙකුට දැනෙන කම්පනය විසින් දක්වන ප්‍රතිචාරයක් නිසා වෙන්නත් ඇති. කොහොම උනත් අනිත්‍රා රක්ෂිත බන්ධනාගාර ගතවීම ගැන දුකයි. ඒත් එහෙම හෝ ඇයට අම්මා හමුවීම ගැන දුක්බර සතුටක් තියනවා.

රටේ රාළ හිතන්නේ ඒ සතුට ටික වෙලාවකට හරි ඒ දෙන්නාටත් දැනෙයි. ඒ අවස්ථාව දෙන්න බන්ධනාගාර නිලධාරීන් උනත් මානුෂික වෙන්න ඕනි. ඇත්තටම සිරකුටියේදී ලැබුණ මව් සෙනෙහස ගැන කියන්න කතාවක් අනිත්‍රාටත් ඇති. ඒ වගේම මව් සෙනෙහස සොයාගෙන සිරකුටියට ආපු අනිත්‍රා ගැන කියන්න කතාවක් මහේෂිටත් ඇති. මේ නඩුකරය ඇතූල අම්මෙක් සහ දුවෙක්ගේ සංවේදී ආදර කතාවකුත් තියනවා..
ඒ නිසා මේ සංවේදී කතාව කියද්දී ඉතාමත් පරිස්සමෙන් ඒක කරන්න කියලා රටේ රාළ නවතත් මාධ්‍යයෙන් ඉල්ලනවා. දෙමාපියන් වෙනුවෙන් විශාල කැපකිරීම් කරපු සහ තවමත් කරන දරුවන් මේ සමාජයේ ඉන්නවා. ඒ මානුෂීය ගුණයට අපේ සමාජයේ තවමත් දැවැත්ත වටිනාකමක් තියනවා. මද්දුම බණ්ඩාර වගේ පුංචි විරයෝ ඒ වෙනුවෙන් ජීවීත පවා පරිත්‍යාග කරලා තියනවා.
අපි අනිත්‍රා පිලිගන්නේ ඒ පරපුරේ තවත් එක දිරිය දියණියක් විදිහටයි. ඒක නිසා හෙට දවසට ධෛර්යයෙන් මුහුණ දෙන්න අනිත්‍රාට ශක්තිය ප්‍රාර්ථනා කරනවා.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ
උපුටා ගැනීම - Rate Rala ෆේස්බුක් පිටුවෙන්..
සබැඳි පුවත් :
විශේෂඥ වෛද්‍ය මහේෂිගේ දියණිය රිමාන්ඩ්
ජ‘පුර විශේෂඥ වෛද්‍යවරිගේ දියණිය තර්ජනය කලබවට පැමිණිල්ලක් ! ; 'මගේ කතාව විකෘති කරලා' - දියණියගෙනුත් පැමිණිල්ලක් !!



