The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

රිචඩ් පීරිස් - CMU 13 වසරක නොනිමි කම්කරු සටන: ඉෂංඛා සිංහආරච්චි

T

The Leader Desk

September 13, 2020 • 9:39 AM

රිචඩ් පීරිස් - CMU 13 වසරක නොනිමි කම්කරු සටන: ඉෂංඛා සිංහආරච්චි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කම්කරු අධිකරණයේ බේරුම්කරුවෙකුගේ අවසන් තීන්දුව තුලින් මෙරට පෞද්ගලික අංශ කම්කරුවන්ගේ තවත් එක් නොනිමි ජයග්‍රහණයක් සනිටුහන්වේ.
  • මෙම හබය මේ සා කාලයක් ඇදී යාමට හේතු වුයේ ද කලින් ලබා දුන් විනිශ්චයන්ට එරෙහිව සමාගම විසින් අභියාචනා ඉදිරිපත් කිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි.
  •   වෘත්තීය සමිති දඩයම : 'රිචඩ් පීරිස් එක්ස්පොර්ට්ස්' යනු බෝතල් මුඩි නිසි ලෙස වැසීම සඳහා යොදා ගන්නා රබර් මුද්‍රා නැතහොත් රබර්  වළලු අපනයනය සඳහා නිෂ්පාදනය කෙරෙන සමාගමකි.
  • ලංකා වෙළඳ කර්මාන්ත හා පොදු සේවක සංගමයට අයත්  ප්‍රබල  ක්‍රියාරිත්වයක් පෙන්නුම් කරන වෘත්තීය සමිති ශාඛාව ඇතැම් අවස්ථාවන්හි සමාගම් බලධාරීන්ට හිසරදයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

පුරා වසර දහ තුනකට පෙර සිදුවූ ආරවුලක් වසර පහක් පුරා බේරුම්කරුවෙකු යටතේ විනිශ්චය වූ ජා ඇළ ඒකල  පිහිටි  රිචඩ්  පීරිස් එක්ස්පොර්ටර්ස් සමාගම හා එහි සී.ඇම්.යූ  වෘත්තීය සමිතිය අතර ඇතිවූ මේ හබය වැඩ වර්ජනයකට එක්වූ  කම්කරුවන් 159 දෙනෙකුට යුක්තිය හා සාධාරණය ඉටුවන අයුරින් බේරුම් කර ඇත.

ඒත් මෙකී තීන්දු වලට එරෙහිව එම සමාගම මගින් අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් අරඹා තිබේ.

මෙම හබය මේ සා කාලයක් ඇදී යාමට හේතු වුයේ ද කලින් ලබා දුන් විනිශ්චයන්ට එරෙහිව සමාගම විසින් අභියාචනා ඉදිරිපත් කිරීමේ ප්‍රතිපලයක් ලෙසිනි.

 

වෘත්තීය සමිති දඩයම :

'රිචඩ් පීරිස් එක්ස්පොර්ට්ස්' යනු බෝතල් මුඩි නිසි ලෙස වැසීම සඳහා යොදා ගන්නා රබර් මුද්‍රා නැතහොත් රබර්  වළලු අපනයනය සඳහා නිෂ්පාදනය කෙරෙන සමාගමකි.

ලංකා වෙළඳ කර්මාන්ත හා පොදු සේවක සංගමයට අයත්  ප්‍රබල  ක්‍රියාරිත්වයක් පෙන්නුම් කරන වෘත්තීය සමිති ශාඛාව ඇතැම් අවස්ථාවන්හි සමාගම් බලධාරීන්ට හිසරදයකි.

වෘත්තීය සමිති ලේකම් එච්. කේ චන්දන ක්‍රියාශීලි කම්කරුවෙක් මෙන්ම සටන්කාමි වෘත්තීය සමිති ක්‍රියාධරයෙකි.

සාමුහික ගිවිසුම් අත්සන් කිරීමේදී කම්කරුවන්ගේ පාර්ශවයෙන් කොන්දේසි ඉදිරිපත් කිරීම, කොන්ත්‍රාත් කම්කරුවන් ලෙස මෑන් පවර් පදනම යටතේ  සමාගමට බඳවා ගැනීමට ගත් ප්‍රයත්නයන් පරාජය කිරීම, වෘත්තීය සමිති රැස්වීම් වලට සහභාගී වීමට බාධා  කිරීම වැනි  කාරණා හේතුවෙන් කළමනාකාරිත්වය හා ඔහු අතර කලක පටන් ගැටුම් පැවතිනි.

''සාමුහික ගිවිසුම් අත්සන් කිරීමේදී කම්කරුවන්ගේ පාර්ශවයෙන් කොන්දේසි ඉදිරිපත් කිරීම, කොන්ත්‍රාත් කම්කරුවන් ලෙස මෑන් පවර් පදනම යටතේ  සමාගමට බඳවා ගැනීමට ගත් ප්‍රයත්නයන් පරාජය කිරීම, වෘත්තීය සමිති රැස්වීම් වලට සහභාගී වීමට බාධා  කිරීම වැනි  කාරණා හේතුවෙන් කළමනාකාරිත්වය හා ඔහු අතර කලක පටන් ගැටුම් පැවතිනි.''

2007 ඔක්තෝබර් 26 වැනිදා සමාගම මගින්  සිදුකළ තත්ව පරික්ෂාවක දී අපනයනය කිරීම සඳහා පිළියෙළ කර තිබු  රබර් වළලු අඩංගු පෙට්ටියකට කිසියම් කළු පැහැති දියරයක් ඉස ඇති බව හෙළිදරව් විය.

ඒ අනුව සියළු කම්කරුවන්ගේ ලොකර් පෞද්ගලික පරික්ෂාවට ලක් කළ අතර වෘත්තීය සමිති ලේකම් චන්දනගේ  ලොකරයේ තිබී සිලින්ජරයක් සොයා ගැනිණි.

එදිනම සමාගම විසින් චන්දනට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන තෙක් වැටුප් රහිතව ඔහුගේ සේවය අත්හිටුවීය.

මානව සම්පත් කළමනාකරු මගින් චන්දන වෙත චෝදනා පත්‍රයක් සති පහක් පමණ ඉක්ම ගිය පසු ලබා දුණි.

ඒ සමගම  එවකට ලංකා වෙළඳ කර්මාන්ත හා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බාලා තම්පෝ ක්‍රියාත්මක විය.

BalaThampo

චෝදනා පත්‍රයට චන්දන පිළිතුරු සැපයීමෙන් අනතුරුව බාලා තම්පෝ ගේ අත්සනින් යුතු ලිපියක් මගින් සමාගමට දන්වා සිටියේ චන්දනගේ සේවය අත්හිටුවීම පදනම්  විරහිත බවය.

එබැවින්  ඔහු සේවයේ පිහිටුවීමට අපොහොසත් වන්නේ නම් වෘත්තීය සමිති ශාඛාව විසින් ගනු ලබන කවර හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අනුමත කිරීමට ලංකා වෙළඳ කර්මාන්ත හා පොදු කම්කරු සංගමයේ  විධායක සභාව තීරණය කර ඇති බවත්, ඒ පිලිබඳ නිර්දේශ සංගමයේ මහා මණ්ඩලය වෙත යොමු කර ඇතිබවය.  

 

වැඩ වර්ජනය :

යළිත් දෙසැම්බර් 28 වැනිදා සමාගමේ මානව සම්පත් කළමනාකරුට දුරකථන ඇමතුමක් මගින් සී ඇම් යූ  ප්‍රධාන ලේකම් බාලා තම්පෝ දැනුම් දුන්නේ, තම සංගමයේ මහා මණ්ඩලය වැඩවර්ජනයක් සදහා ඒකමතිකව තීරණය කළ බවය.

ඒ අනුව වෘත්තීය සමිති ශාඛාව මගින් සිය සගයා නැවත සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා එදිනම වැඩ වර්ජනය  දියත් කළේය.

වර්ජනය  ආරම්භයේ සිටම එය කෙසේ හෝ හකුළුවා ලීමේ ප්‍රයත්නයක යෙදුනු සමාගම් කළමනාකාරිත්වය විටින් විට පොලිසියට පැමිණිලි කරන්නට විය.

''වර්ජනය  ආරම්භයේ සිටම එය කෙසේ හෝ හකුළුවා ලීමේ ප්‍රයත්නයක යෙදුනු සමාගම් කළමනාකාරිත්වය විටින් විට පොලිසියට පැමිණිලි කරන්නට විය.''

එසේ කළ පැමිණිලි අතර වැඩ වර්ජිත කම්කරුවෝ විසින් වැඩට පැමිණෙන කම්කරුවන්ට පමණක් නොව සමාගමේ  කළමනාකාරිත්වයට ද අපහාස හා තර්ජනය කරන බවය.

ඊට අමතරව වැඩ වර්ජනය නීති විරෝධී බවට ප්‍රකාශයක් කරවා ගැනීම වෙනුවෙන් කොළඹ දිසා  අධිකරණයේ  නඩුවක් ද ගොනු කළේය.

ඒ අතර කළමනාකාරිත්වය විසින් වැඩ වර්ජනයේ නිරත සිටි කම්කරුවෝ 159 දෙනා වෙත ලිපි යොමු කරමින්  වර්ජනය අවසන් කරන ලෙසත්, එසේ නොවුනහොත් ඔවුන්ගේ සේවය අවසන් කරන බවට දන්වා තිබිණි.

කාර්මික ආරවුල් පනත යටතේ වෘත්තීය සමිති ශාඛා ලේකම් එච්. කේ. චන්දනගේ වැඩ තහනමට අදාළ බේරුම්කරණයට යොමු කිරීමත් සමඟ වැඩ වර්ජනය අත්හල ද වර්ජකයන්ට යළි රැකියා ලබා දීමට සමාගම  එකඟ නොවිය.

''කාර්මික ආරවුල් පනත යටතේ වෘත්තීය සමිති ශාඛා ලේකම් එච්. කේ. චන්දනගේ වැඩ තහනමට අදාළ බේරුම්කරණයට යොමු කිරීමත් සමඟ වැඩ වර්ජනය අත්හල ද වර්ජකයන්ට යළි රැකියා ලබා දීමට සමාගම  එකඟ නොවිය.''

 ආරවුල කම්කරු කොමසාරිස්වරයා වෙත යොමු කිරීමෙන් පසු වර්ජිත කම්කරුවන්ගෙන් 105 දෙනෙක් යළි සේවයේ පිහිටුවීමට සමාගම එකඟ වුවද වෘත්තීය සමිති ඉල්ලීම වුයේ වර්ජනයට එක්වූ 159 දෙනාම යළි සේවයේ පිහිටුවිය  යුතු බවය.

ඒ අනුව චන්දනගේ හා වර්ජිත කම්කරුවන් 159 දෙනාගේ නඩුව ද බේරුම්කරණයට යොමු කළේය.

මෙම නඩු දෙකටම එරෙහිව සමාගම් කළමනාකාරිත්වය විසින් අධිකරණය වෙත රිට් අඥා ගොනු කරමින් කියා සිටියේ අදාළ නඩු දෙකම එක් බේරුම්කරුවෙක් යටතට පත් කිරීමට එරෙහි වන බවය.

චන්දන විසින් භාවිත කරනු ලැබූ ලොකරය සමාගම මගින් ඔහුට ලබා දුන්  එකක් නොව ඉන් පෙර සමාගම හැර ගිය අයෙකුගෙන් ලබා ගත් ලොකරයක් බව ඔහු විසින් ලබා දුන් ප්‍රකාශ වල සඳහන් වේ.

''චන්දන විසින් භාවිත කරනු ලැබූ ලොකරය සමාගම මගින් ඔහුට ලබා දුන්  එකක් නොව ඉන් පෙර සමාගම හැර ගිය අයෙකුගෙන් ලබා ගත් ලොකරයක් බව ඔහු විසින් ලබා දුන් ප්‍රකාශ වල සඳහන් වේ. ''

එහි තවත් දේ තිබුණු බවත්, එහි තිබු සොයා ගත සිලින්ජරය ගැන ඔහු නොදන්නා බව ද ප්‍රකාශ කර ඇත.

එම සිලින්ජරය පිළිබඳව කරන ලද පරීක්ෂණය ගැන පරස්පරතා ඇති බව පෙන්වා දෙන බේරුම්කරණ නිර්දේශ වාර්තාව චන්දනට සමාගමේ ආරක්ෂක අංශ වල පරීක්ෂාවෙන් තොරව සිලින්ජරයක් ආයතනය තුලට ගෙන ආ නොහැකි බවය.

එමෙන්ම අදාළ රබර් වළලු ඇසුරු පෙට්ටිවලට කළු දියරයක් ඔහු විසින් ඉසින ලද බවට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

ආරක්ෂක අංශ වල ඇසට හසු නොවූ එම ඇසුරුම් ගබඩාවට ඇතුල් විය නොහැකි බවද එකී වාර්තාව මගින් පෙන්වා දී  ඇත.  

RPE

එහි වැඩි දුරටත් දක්වා ඇත්තේ සමාගමට හිසරදයක් වූ චන්දන මුලින් වරදාන ලබා දී අවනත කර ගැනීමට උත්සහයක් ගත් බවත්, එය  අසාර්ථක වූ විට ඔහු ඉවත් කර දැමීමට පාලනාධිකාරියට අවශ්‍යතාව තිබු බවය.  

කෙසේ වෙතත් අවසන් බේරුම්කරණ නිර්දේශය වුයේ චන්දන නැවත සේවයේ පිහිටවිය යුතු යන්නය.

එම  තීරණයට එරෙහි වෙමින් රිචඩ් පිරිස්  එස්පෝර්ටර්ස් සමාගම විසින්  2011 දෙසැම්බරයේදී අභියාචනා අධිකරණය වෙත  අභියාචනයක් ගොනු කළේය.

ඒ  අනුව 2013 සැප්තැම්බරයේදී  වර්ජිත කම්කරුවන් 159 දෙනාගේ ආරවුල විභාග කිරීම සඳහා වෙනත් බේරුම්කරුවෙකු  පත් කළ අතර  .2013 ඔක්තෝම්බරයේ සිට 2018 අගෝස්තු දක්වා විභාගය පැවැත්විණි. එහි නිර්දේශ නිකුත් කෙරුනේ ඊට වසර දෙකකට පසු ඉකුත් අගෝස්තු වේදිය.  

 

විරිතමුල්ල නිර්දේශ:

# සේවය අහිමි කළ කම්කරුවන් 159 දෙනා 2007 දෙසැම්බර් 28 දින සිට බල පැවැත්වෙන අයුරින් ඔවුන් නැවත සේවයේ පිහිටුවිය යුතු බවත්,

# කිසිවෙකු  වැඩ වර්ජනයට සහභාගිවීමේ හේතුව මත  කිසිදු වෙනසකට හෝ අගතියකට භාජනය නොකොට හිඟ වැටුප් සහිතව, ජෙෂ්ඨත්වය අනුව සුදුසු රැකියා තලවල සේවයේ පිහිටුවිය යුතු බවටත්,

# එම කාලයට අදාළ සේවක අර්ථ සාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල්, පාරිතෝෂික දීමනා ආදී ව්‍යවස්ථාපිත ප්‍රතිලාභ ගෙවිය යුතු බවටත්,

# විශ්‍රාම වයසට පැමිණි කම්කරුවන්ට විශ්‍රාම දිනය දක්වා අදාළ ගෙවීම් ලබා දිය යුතු බවටත්,

# මිය ගොස් ඇති කම්කරුවන්ට ඔවුන් මිය ගිය දිනය දක්වා අදාළ ගෙවීම් ඔවුන්ගේ යැපෙන්නන්ට ලබා දිය යුතු බවටත් බේරුම්කරු ලෙස කටයුතු කළ ඇස්. විරිතමුල්ල නිර්දේශ කර තිබේ.

පුරා වසර 13 ක් පුරා ඇදෙමින් තවත් නිමාවක් නොදුටු, ජයග්‍රහණය පසු පස රැඳී ඇත්තේ ජාඇළ රිචඩ් පීරිස් එක්ස්පොර්ට්ස් හි සී ඇම් යූ  වෘත්තීය සමිති සාමාජිකයන්ගේ  ඉවසීම, කැපවීම හා ධෛර්යය.

''පුරා වසර 13 ක් පුරා ඇදෙමින් තවත් නිමාවක් නොදුටු, ජයග්‍රහණය පසු පස රැඳී ඇත්තේ ජාඇළ රිචඩ් පීරිස් එක්ස්පොර්ට්ස් හි සී ඇම් යූ  වෘත්තීය සමිති සාමාජිකයන්ගේ  ඉවසීම, කැපවීම හා ධෛර්යය. ''

 

නඩු අවසන් වෙද්දී ඇතැම් කම්කරුවන් මිය ගිහින්!

එදා මේ සටනට උරදුන් සී.ඇම්. යූ  ප්‍රධාන ලේකම් බාලා තම්පෝ  මිය ගොස්  මේ ගත වනුයේ හය වසරකි.

 ඔහුගේ වියෝවෙන් පසුව ද සටන අත් නොහැර කම්කරුවන් දිරිමත් කරමින් උද්යෝගිමත්ව කටයුතු කළ  සී.ඇම්. යූ  නීති සහායකවරයෙක්ව සිටි ඊ.වී. එන්   කබ්රාල් ද මනා ලෙස සාක්ෂි සම්පිණ්ඩනය කරමින්, ඉතාමත්  සුක්ෂම  අන්දමින් මුළු  නඩු කටයුත්තේ නියැළුණු  නීතිඥ  සාලිය එදිරිසිංහ අසාධාරණයට ලක්වූ කම්කරුවන් ජයග්‍රහණයේ  ඇස් මානය දක්වා ගෙන ඒමට ඉවහල් වූ ප්‍රමුඛතම පංගු කරුවන්ය.

වර්ජිත කම්කරුවන්ගෙන් දෙදෙනෙක් මේ වන විට මිය ගොස්ය.

සමාගම විසින් යළිත් අභියාචනා ගොනු කිරීම මගින්  මෙම කම්කරුවන්ට යුක්තිය ඉටු වීම තවත් ප්‍රමාද විය හැක. ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඉවසීම, කැපවීම,  ශක්තිය හා ධෛර්ය තවත් කලක් රඳවා ගතයුතු වීම අත්හල නොහැකි වගකීමක් වනු ඇත.

(ඉෂංඛා  සිංහආරච්චි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...