The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Rishi Sunak: එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

T

The Leader Desk

January 22, 2023 • 8:00 AM

Rishi Sunak: එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ වෙලාවේ රිෂී සුනක් හිටියේ කාර් එකේ පස්සේ සීට් එකේ.
  • අවුරුදු 14කට අඩු දරුවෙක් කාර් එකේ යනවා නම් ඒ දරුවට සීට් බෙල්ට් එක දාන එක driver ගේ වගකීම.
  • අවුරුදු 14ට වැඩි හැම කෙනෙක්ම සීට් බෙල්ට් එකක් පළඳින එක මගියාගේ වගකීම.
  • ඒත් ඇත්තම කිවුවොත් වාහනයක ඉස්සරහ සීට්වල ඇරෙන්න පස්සේ සීට් එකේ යන අයගෙන් අති බහුතරය බෙල්ට් එක දාන්නේ නෑ; අඩුම ගානේ දරුවෝ ඉස්කෝලේ අරගෙන යන වාහනවල පස්සේ සීට්වල ඉන්න දරුවන්ටත් බෙල්ට් එක දැමීම සාමාන්‍ය පුරුද්ද නෙවෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):



ඒ වෙලාවේ රිෂී සුනක් හිටියේ කාර් එකේ පස්සේ සීට් එකේ.

 

බ්‍රිතාන්‍ය නීතියේ විදියට වාහනයක යන හැම කෙනෙක්ම සීට් බෙල්ට් එක දැමීම අනිවාර්යයි. අවුරුදු 14කට අඩු දරුවෙක් කාර් එකේ යනවා නම් ඒ දරුවට සීට් බෙල්ට් එක දාන එක driver ගේ වගකීම. අවුරුදු 14ට වැඩි හැම කෙනෙක්ම සීට් බෙල්ට් එකක් පළඳින එක මගියාගේ වගකීම.

 

ඒත් ඇත්තම කිවුවොත් වාහනයක ඉස්සරහ සීට්වල ඇරෙන්න පස්සේ සීට් එකේ යන අයගෙන් අති බහුතරය බෙල්ට් එක දාන්නේ නෑ; අඩුම ගානේ දරුවෝ ඉස්කෝලේ අරගෙන යන වාහනවල පස්සේ සීට්වල ඉන්න දරුවන්ටත් බෙල්ට් එක දැමීම සාමාන්‍ය පුරුද්ද නෙවෙයි.

කොහොම වුණත් රටේ අගමැති නිතිය කඩල. මොකද නීතියේ තියෙන්නේ හැම passenger කෙනෙක්ම බෙල්ට් එක දාන්න ඕන කියලා.  

වැදගත්ම දේ ඒක නෙමෙයි; නීතිය කඩපු අගමැතිටත් පොලිසිය දඬුවම් කිරීම.

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ රටේ පළමු පුරවැසියාට - අගමැතිට - පොලිසිය දඬුවම් කරපු දෙවෙනි වතාව මේක.

 

British Prime Minister Boris Johnson leaves 10 Downing Street to attend the weekly Prime Minister's Questions at the Houses of Parliament, in London, Wednesday, May 25, 2022. A report into lockdown-breaching U.K. government parties says blame for a “culture” of rule-breaking in Prime Minister Boris Johnson’s office must rest with those at the top. Senior civil servant Sue Gray’s long-awaited report was published Wednesday. (AP Photo/Matt Dunham)

පළවෙනි වතාවට මෙහෙම දෙයක් වුණේ හිටපු අගමැති බොරිස් ජොන්සන්ට. ඒ ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ. රසවත්ම දේ තමා එදා බොරිස් ජෝන්සන්ට දඩ ගහන වෙලාවෙත් රිෂි සුනක්ටත් (එවකට ඇමති කෙනෙක්) දඩයක් වැදුන එක. එදා දෙන්නම දඩ කෑවේ ලොක්ඩවුන් කාලේ ලොක්ඩවුන් නීති කඩල පාටියකට ගිහින්.

අපේ රටේ නම් කවදාවත් මෙහෙම දෙයක් වේවිද?

අගමැති නෙවෙයි, ඇමති කෙනෙක් නැත්නම් අඩු ගානේ මන්ත්‍රී කෙනෙකුට මේ වගේ දඬුවමක් දෙන්න පොලිසියට පුලුවන්ද?

මන්ත්‍රී කෙනෙක් නම්, ඇමති කෙනෙක් නම් අපේ රටේ වෙන්නේ මිනීමැරුම් නඩු පවා නීතිපති ඉල්ලා අස්කරගන්න එක. මැති, ඇමති ගොල්ල විතරක් නෙවෙයි, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විස්තර කරපු විදියට පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිසමෙන් නිර්දේශ කරපු ඉහළ පොලිස් නිලධාරීන් ගැන තවම කිසිම පියවරක් නෑ.

 



ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දුන්නත් තවමත් මිනිහ පොලිසියේ දෙවෙනි පුටුවේ.

මට තවත් දෙයක් මතක් වෙනවා.

මිට අවුරුදු ගාණකට කලින් අගමැති ටෝනි බ්ලෙයාර් ගේ බිරිඳ චෙරි බ්ලෙයාර් කෝච්චියේ ටිකට් නැතුව ගිහින් අහුවුනා. චෙරී, අගමැති බිරිඳ වගේම රාජ නීතිඥවරියක් සහ වැඩබලන විනිසුරුවරියක්.

එදා චෙරී බ්ලෙයාර්ට දඩ ගැහුවේ පොලිසිය නෙවෙයි; කෝච්චියේ කොන්දොස්තර.

ඒත් අපේ රටේ?

ලංකාවේ ජනාධිපති නෝනා කෙනෙකුට චෝදනාවක් ආවම CID එක ගෙදරටම ගිහින් සැලියුට් එකක් ගහල එනවා;  හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගන්න දෙන්නෙ නෑ කියල අධිකරණ ඇමති පාරම් බානවා; දරුවො අතුරුදහන් කිරීම ගැන හිටපු හමුදාපතිට නඩු දැම්මම ජනාධිපතිට කේන්ති යනවා; අලුත් රාජ්‍ය නායකය ආපු ගමන් රටේ දක්ෂම රහස් පරීක්ෂයකයට දඬුවම් මාරුවක් දෙනව.

බ්‍රිතාන්‍යයේ දඩය කියන දේ පොඩි මුදලක් වෙන්න පුළුවන් ඒත් එහෙම දඩයක් ගහපු ගමන් ඒක කෙලින්ම criminal record එකට යනවා.
ඒ record එක අඩුම තරමේ අවුරුදු තුනක් database එකේ තියෙනව.

බ්‍රිතාන්‍යය වගේ proper system එකක් තියන රටවල නීතියේ ආධිපත්‍යය (Rule of Law) රජයන්නේ එහෙමයි.

අපේ රටේ නීතියේ ආධිපත්‍යය වල් වැදිලා තියෙන්නේ පොඩි එකා තලන නීතිය මහ එකාට නිකමටවත් බලපාන්නේ නැති නිසා.


ඇත්තටම ලංකාවට මොකද මේ වුණේ?.. - (සරෝජ් පතිරණ)(සරෝජ් පතිරණ)  
BBC සංදේශය හිටපු මාධ්‍යවේදී

sarojpathi@gmail.com

(සරෝජ් ගේ ෆේස්බුක් පිටුවෙන් )


JW

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...