The Leader News
BREAKING
ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●
Top Ad
විශේෂාංග

ජවිපෙට රට භාර දෙමුද? -'Sandeshaya by Saroj'

T

The Leader Desk

February 3, 2022 • 6:47 AM

ජවිපෙට රට භාර දෙමුද? -'Sandeshaya by Saroj'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “Sandeshaya by Saroj” යූටියුබ් නාලිකාව ආරම්භ කරන්න පහුගියදා ලංකාවට ගිය වෙලාවේ මම බොහොමයක් ගමන් බිමන් ගියේ Tuk Tuk වල. ඒ කියන්නේ
  • මට මතකයි 2019 ජනාධිපතිවරණය වෙලාවේ රටේ තිබුන ගෝඨාභය උද්දාමය.
  • 2020 මහ මැතිවරණය වෙලාවේ කලාකරුවෝ, උගතුන්, බුද්ධිමතුන් බොහෝ දෙනෙක් ජාතික ජන බලවේගයට සහය දුන්න.
  • ඒ බොහෝ දෙනෙකුගේ අදහස වුනේ ජවිපෙට ආසන 10ක් විතර ලැබේවි කියල.
අකුරු ප්‍රමාණය (Font Size):

ත්‍රී රෝද රථවල.

ඉතින් ඒ හැම වෙලාවකම වගේ මම පොඩ්ඩක් ත්‍රී රෝද රථ රියදුරන් එක්ක රටේ තත්වය ගැන දොඩමලු වුනා.
ඒ හැම දෙනාම කතා කලේ ආණ්ඩුව ගැන ලොකු කලකිරීමකින්.

වැඩි දෙනෙක් කිවුවේ මමත් ඡන්දේ දුන්නේ ගෝඨාභය මහත්තයට තමයි ඒත් ඒ මහත්තය රටට කිසිම වැඩක් කලේ නෑ කියල. 'අඩු ගානේ අපි හිතුව රටේ නීතිය වත් ක්‍රියාත්මක කරාවි ඒත් ගෝඨාභය මහත්තය ඒ කිසිම දෙයක් කලේ නෑ' කියල සමහරු කිවුව.

ආයෙත් සැරයක් මේ ආණ්ඩුවට ඡන්දේ දෙන්නේ නෑ කියල එයාල කියනවා.

ඒ වෙනුවට එයාල කියන විදියට ඊලඟ වතාවේ එයාලගේ තේරීම ජනතා විමුක්ති පෙරමුණ.
එක සැරයක් ජවිපෙටත් රට පාලනය කරන්න ඡන්දේ දීල බලන්න ඕනේ කියල ඒ රියදුරන් කිවුව.

කඩපොළේ දී ත් මග තොටෙදිත් මට අහන්න ලැබුනේ ඒ හා සමාන අදහස්.

ඒ මිනිස්සු විතරක් නෙමේ ආණ්ඩුවේම පාර්ශවකාරයෙක් වෙන හිටපු ජනාධිපති මෛත්‍රී කිවුවේ දැන් පොහොට්ටුව ගැන කලකිරුණු නැති කෙනෙක් හොයාගන්න බෑ කියල.

එදා බුදුන් වහන්සේ කිසා ගොතමියට කිවුව වගේ. කිසිම කෙනෙක් නොමල ගෙයකින් අබ ඇටයක් හොයාගන්න බෑ වගේම අද මේ ආණ්ඩුව ගැන හොඳ කියන කෙනෙක් හොයාගන්න නෑ, ආණ්ඩුවේම නායකයෝ ඇරුනම.

මට මතකයි 2019 ජනාධිපතිවරණය වෙලාවේ රටේ තිබුන ගෝඨාභය උද්දාමය.
ඒ වෙලාවේ මම කොළඹ ඉඳල බීබීසී යට ජනාධිපතිවරණය වාර්තා කළා.

ලංකාවට එන්නත් කලින් හීත්රෝ එයාර්පෝට් එකේ ඉඳලම ලංකාවේ මිනිස්සු කතා කලේ ගෝඨාභය ගැන.
කොළඹ දී ත්‍රී රෝදවල, ටැක්සිවල රියදුරන් පාරේදී හමුවුන මිනිස්සු හැමෝම කතා කලේ ගෝඨාභය ඇවිත් රට හදන හැටි.

මේ දවස්වල රටවැසියන් අතරේ එදා ගෝඨාභය ගැන ඒ තිබුණ උද්දාමයට ටිකක් සමාන තත්වයක් තමයි අද ජවිපෙ ගැන තියෙන්නේ. හරියටම කිවුව්වොත් මිනිස්සු එක්ක කතා කලාම තේරෙන්නේ අද ඡන්දයක් තිබුනොත් ජවිපෙ ආණ්ඩු බලයට ඒවි කියල.

ඒත් අපි දන්නවා මිනිස්සු අතරේ මෙහෙම ප්‍රසාදයක් දිනාගැනීමයි, ඡන්දයක් දිනිමයි අතරේ loku වෙනසක් තියෙනව කියල.

මෙහෙම කිවුවම ජවිපෙ සහෝදරවරු අමනාප වේවි, එත් මෑත ඉතිහාසයේ මැතිවරණ දිහා බැලුවම අපි දකින යතාර්ථය ඒකයි.

2020 මහ මැතිවරණය වෙලාවේ කලාකරුවෝ, උගතුන්, බුද්ධිමතුන් බොහෝ දෙනෙක් ජාතික ජන බලවේගයට සහය දුන්න. ඒ බොහෝ දෙනෙකුගේ අදහස වුනේ ජවිපෙට ආසන 10ක් විතර ලැබේවි කියල. අන්තිමට අපි දැක්ක ප්‍රතිඵලය මොකක්ද කියල. පක්ෂ විපක්ෂ හැම දෙනාගේම ප්‍රසාදය දිනාගත්ත සුනිල් හඳුන්නේතිට පවා ආසනය අහිමි වුනා.

දක්ෂ කතිකයෙක් වගේම දූෂණ විරෝධී ක්‍රියාධරයෙක් වෙන අනුර කුමාර සහෝදරයට ජනාධිපතිවරණයේදී ඇපත් අහිමි වුනා.

ඊට කලින් මහ මැතිවරණය ගනිමු. ඔබට මතකද එදා සමාජ මාධ්‍ය ජාලවල ජවිපෙට තිබුන ප්‍රසාදය?

මමත් ඇතුළුව බොහෝ විශ්ලේෂකයින්ගේ අදහස වෙලා තිබුනේ ඒ වෙලාවේ ජවිපෙ ආසන 20ක් වත් දිනාවි කියල.  

ඉතින් මාත් එක්ක කතා කල රියදුරන්ට මම මේ කතාව මතක් කළා.
එකක් තමයි මැතිවරණයක් පේන මානෙකවත් නෑ. අනික අද මැතිවරණයක් තිබුනත් මේ ජනප්‍රියත්වය මැතිවරණයකදී ඒ විදියට පිළිබිඹු වෙන්නෙත් නෑ.

ඒ බව කිවුවම එක රියදුරෙක් මට කිවුවේ මැතිවරණයක් ලංවෙන කොට ජනතාවට සහන මල්ලක දීල, ජාතිවාදය අවුස්සලා, ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් හදල මිනිස්සුනේගේ 'බ්‍රේන් වොෂ්' කරන්න රාජපක්ෂලා හරි දක්ෂයි කියල.

ඇත්ත. ඒත් ඒ එක පැත්තක් විතරයි.

ජවිපෙ අද ජනප්‍රිය එයාල ජනතාවගේ ප්‍රශ්න කතා කරන නිසා. ජනතාවගේ පැත්ත ගන්න නිසා. දූෂිත නැති නිසා. ජනතාව එක්ක ලඟින් ඉන්න නිසා.

ඒත් මැතිවරණයකදී රටේ මිනිස්සුන්ට ඕනේ දූෂිතයෝ පත්කරගන්න. දන ගහල වඳින්න පුළුවන් කෙනෙක් පත්කරගන්න. ලන්වෙනකොට ගෙම්බර් දාන, සරකරන 'ස' කෙනෙක් පත්කරගන්න. තමන් එක්ක එකට ඉන්න මනුස්සයෙක් නෙමෙයි.

මොකද ලංකාවේ ජනතාවත් අතිශය දූෂිත නිසා.

ඉතින් බ්‍රෙෂ්ට් කිවුව වගේ ප්‍රශ්නය නායකයින්ගේ නෙමේ. ජනතාවගේ. ඉස්සෙලම ජනතාව වෙනස්කරන්න ඕනේ.

අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය පුරා කරපු ඓතිහාසික වැරදි තියෙනව.

89 භීෂණ කාලේ ජවිපෙ කැරැල්ල කුරිරු විදියට මර්දනය කලේ ජවිපෙම කියල මම කිවුවොත් ඔබ පුදුම වේවි.
ඒ කොහොමද එහෙම වුනේ? ඔබට මතකද ප්‍රේමදාස ජනාධිපති බලයට ආවේ කොහොමද කියල?

ජේ ආර් ජයවර්ධනගේ අවුරුදු 11 ක මර්දනකාරී පාලනයකින් පස්සේ, අවුරුදු 7ක් ප්‍රජා අයිතියත් අහිමි කරලා හිටපු සිරිමාවෝ බණ්ඩාරනායක එදා ආර් ප්‍රේමදාසට විරුද්ධව ඉදිරිපත්වුන වෙලාවේ ජවිපෙ රට පුරා දැවැන්ත භීෂණයක් දියත් කළා. ඒ නිසා ශ්‍රීලනිප පාක්ෂිඅකයෝ ඡන්දේ දාන්න ආවේ නෑ.

1988 ජනාධිපතිවරණය මේ රටේ අඩුවෙන්ම ඡන්දය භාවිතා කරපු මැතිවරණය. ඒ කියන්නේ සමස්ත ඡන්දදායකයින්ගෙන් 25% යි ඡන්දය දැම්මේ.

එදා ජවිපෙ ඒ භීෂණය දියත් කළේ නැත්නම්, ලංකාවේ ඉතිහාසය, ජවිපෙ  මීට වඩා ගොඩක් වෙනස්වෙන්න ඉඩ තිබුන. එහෙම නම් එදා ජනපති වෙන්නේ සිරිමාවෝ, ආර් ප්‍රේමදාස නෙවෙයි.

ඒක හරියටම 2005 දී මහින්ද රාජපක්ෂට ඡන්දේ දිනනන කොටි සංවිධානය උදවු කළා වගේ. ඉතිහාසය යලි, යලි කැරකෙනවා කියන්නේ ඒකයි.

ඉතින් අන්තිමට මොකද වුනේ? ජවිපෙ උදව්වුවෙන් බලයට ආපු ප්‍රේමදාස අතින්ම ජවිපෙ විනාශ වුනා.

දැන් ජවිපෙ මහින්ද රාජපක්ෂ පාලනය වගේම ගෝඨාභය පාලනයත් පතුරු ගහනවා.

ඒත් ජවිපෙ උදවුව නොතිබුනා නම් 2005 දී මහින්ද රාජපක්ෂ කියල ජනාධිපති කෙනෙක් නෑ. එහෙම වුනා නම් අද ගෝඨාභය පාලනයකුත් නෑ. ලන්ඩන්වලදී මම අනුර කුමාර මන්ත්‍රීතුමාගෙන් මේ ගැන ඇහුව. ඔහු කියන්නේ අදත් ඒ ගැන කනගාටුවක් නෑ කියල.

මහින්ද රාජපක්ෂ බලයට පත්කරන්න එදා ජවිපෙ මුළු රට පුරාම දැවැන්ත ජාතිවාදයක් වැපුරුවා. මහින්දලට වඩා රටේ ජාතිවාදය උත්සන්න කලේ ජවිපෙ. අදත් අපේ සමාජය ඒ වපුරපු ජාතිවාදයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා.

ඒ වගේම තමා දෙමල ජනතාවගේ ගැටළු ගැන, ජාතික ප්‍රශනය ගැන ජවිපෙ එදත් අදත් දරන ඇල්මැරුණු ආකල්පය.

කොහොම වුනත් ආණ්ඩුවටත් මේ මොහොතේ ජවිපෙ ජනප්‍රියත්වය දරාගන්න බැරි වෙලා.

ආණ්ඩුව කොයි තරම් බයවෙලාද කියන එකට හොඳම සාක්කිය තමා කුණු බිත්තර ප්‍රහාරය.

අද ජවිපෙ ජනප්‍රියයි කියන එක විවේචකයින් පවා පිළිගන්නවා.

ඒත් මම හිතන්නේ ජවිපෙ මේ ජනප්‍රියත්වයෙන් උද්දාම විය යුතු නෑ කියල. ඔලුව උදුම්මා ගත යුතු නෑ කියල. ඒක නිහතමානීව දරාගෙන අතීතයෙන් පාඩම් ඉගෙනගත යුතුයි කියල.

එහෙම නොවුනොත් ටික දවසකින් මේ බබල් එක නිකමම බිඳිලා යාවි.

මේ සියල්ල කිවුව ජවිපෙ සහෝදරවරු ගැනවත් වත්මන් නායකත්වය ගැනවත් අහිතකින් නෙවෙයි. අපි ඉතිහාසය අමතක නොකළ යුතු නිසා.

ඇත්තටම මම හිතන්නේ නැහැ, අතීතය දිහා හැරිලා බලල, ඒ පාඩම්වලින් අත්දැකීම් උකහාගෙන, ඉස්සරහට යන එක ජවිපෙට විතරක් නෙමෙයි අපි කාට වුනත් වැරදි දෙයක් කියල.

ඉතින්, “සරෝජ් සමග සංදේශය” නාලිකාව ඔස්සේ ඉක්මනින් ආයෙත් හමුවෙමු.



(සරෝජ් පතිරණ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී



 Leader Whats app
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...