The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මහ මඟ ලිංගික හිංසන | Sanjeewani Rupasinghe

T

The Leader Desk

June 27, 2025 • 7:42 AM

මහ මඟ ලිංගික හිංසන | Sanjeewani Rupasinghe

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් වරක් මා දේශනයක් කරමින් සිටියදී මා කීවේ ලෝකයේ සෑම ගැහැණු ළමන් තිදෙනෙකුගෙන් අයෙක් හිංසනයට ගොදුරු වී ඇති බවයි.
  • එහෙත් එහි සිටි විදුහල්පතිනියක් වහා මගේ අදහසට විරුද්ධ වෙමින් එය වැරදි අදහසක් බව කීවාය.
  • එවිට මම එහි සිටි පහලොස් දෙනාට කඩදාසි කැබලි පහලොවක් දී කීවේ ඔබ කවදා හෝ හිංසනයකට ගොදුරු වී ඇත් නම් මෙහි හරි ලකුණත් එසේ නොමැති නම් වැරදි ලකුණත් යොදන්නැයි කියාය.
  • එයින් 14ක තිබුණේ හරි ලකුණය.
අකුරු ප්‍රමාණය (Font Size):


එක් වරක් මා දේශනයක් කරමින් සිටියදී මා කීවේ ලෝකයේ සෑම ගැහැණු ළමන් තිදෙනෙකුගෙන් අයෙක් හිංසනයට ගොදුරු වී ඇති බවයි. එහෙත් එහි සිටි විදුහල්පතිනියක් වහා මගේ අදහසට විරුද්ධ වෙමින් එය වැරදි අදහසක් බව කීවාය. එවිට මම එහි සිටි පහලොස් දෙනාට කඩදාසි කැබලි පහලොවක් දී කීවේ ඔබ කවදා හෝ හිංසනයකට ගොදුරු වී ඇත් නම් මෙහි හරි ලකුණත් එසේ නොමැති නම් වැරදි ලකුණත් යොදන්නැයි කියාය. අවසානයේ කොළ කැබලි පහලොව මම එකතු කළෙමි. එයින් 14ක තිබුණේ හරි ලකුණය.

ලෝක සංඛ්‍යාලේඛන වලට වඩා ශ්‍රී ලංකාවේ සංඛ්‍යාලේඛන වෙනස්ය. ලංකාවේ සිටින සෑම ස්ත්‍රියක්ම පාහේ පුංචිම ගැහැණු දරුවාගේ සිට පොදු ප්‍රවාහනයේ ලිංගික ගොදුරු බවට පත් ව ඇත.

unnamed 27

එක්කෝ බස් එකේ පොල්ලක් අල්ලා සිටින ගැහැණියගේ අතින් අල්ලයි. නැත්නම් හිරවී යන බස් එකක ඇඟට හේත්තු වෙයි. නැතහොත් තට්ටම් මිරිකයි. ඉඳගෙන ගියොත් පිරිමින්ට ඇත්තේ පුදුම නිදිමතකි. නිදිමරගාතේ මෙන් ගැහැණුන්ගේ උරහිසට කඩා වැටේ. නැතහොත් අත් බැඳගෙන යන්නා සේ දක්වා හිමිහිට පපුව අතගාන්නට සැරසෙයි. මේ ආදී විවිධ ක්‍රම මඟනි පිරිමි සිය ලිංගික ආශාවන් තෘප්ත කර ගැනීමට නොදන්නා ගැහැණියක භාවිතා කරයි. වරක් 280 මහරගම හොරණ බසයක ගැහැණියක් සිය පස්ස මිරිකුවා යැයි වයසක පිරිමියෙකුට බැන වදින විට ඔහු කීවේ “කෑ ගහන්න එපා සෙල්ලමට කළේ” යනුවෙනි. සෙල්ලම් කරන්නට ගැහැණු සෙල්ලම් බඩුද?

image 3b8265ae7e
මෙය අතිශය පහත් අනීතික ක්‍රියාවක් වුව ද එයට විරුද්ධ ගැහැණිය කතා කළ විට බොහෝ විට ඉතිරි වන්නේ එසේ අසාධාරණයට ලක් වූ ගැහැණිය පමණි. වෙනත් කිසිවෙකු සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. හිංසකයා පවසන්නේ බස්වල යනවා නම් මෙහෙම තමයි. තමුසෙලා කාර් එකක් අරන් යනවා ඇඟේ ගෑවෙන්න බැරි නම් වැනි කතාය. බොහෝ විට හිරවවී තොරපී යන බස් රථයක මෙය වෙනත් අයෙක් දකින්නේ ද නැත.

photo 1 8

අපි සියලු දෙනාම මේ වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙමු. ගැහැණියකට එවැනි හිංසනයක් පිළිබඳ බොරු කියන්නට කිසිම උවමනාවක් නැත. ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුය. අපට ද අපේ දරුවන්ට ද මෙම හිංසනයේ උරුමය ඉතිරි නොකරන්නට නම් එම අවස්ථාවේම එයට විරුද්ධ විය යුතුය.

ශිෂ්ට සම්පන්න සමාජයක් උදෙසා ගැහැණුන් හිංසනයට ලක් වූ ගැහැණිය වෙනුවෙන් පෙනී සිටිය යුතු අතර පිරිමින් හිංසනයට විරුද්ධව පෙනී සිටිය යුතුය. පොලීසියකට පැමිණිලි කළ විට ඒ අදාල අංශ නීතිය ක්‍රියාත්මක කළ යුතුය. හිංසනයට විරුද්ධ හඬක් නොනැගෙන තුරු සමාජයේ හිංසනය පවතිනු පිරිස් එම නිසා එයට දුටු දුටු තැන විරුද්ධ වෙමු.

සංජීවනී 1
(සටහන | සංජීවනී රූපසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.

(උපුටා ගැනීම : LDM - lankadailymail)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...