The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඔක්කොම කුණු බේරුවල් බොක්කටය…| Sanjeewani Rupasinghe

T

The Leader Desk

October 1, 2025 • 7:39 AM

ඔක්කොම කුණු බේරුවල් බොක්කටය…| Sanjeewani Rupasinghe

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය බොහෝ විට බලය පිළිබඳ කරුණකි.
  • මෙහි ඇත්තේ කුමන සාධාරණයක් ද?
  • එහෙත් එම මොඩලය මේ වන විට යල් පැන ගොස් ඇත.
  • එහෙත් එසේ වැඩ බෙදා ගන්නා පවුල් ඇත්තේ කීයෙන් කීයක්ද?
අකුරු ප්‍රමාණය (Font Size):


එය බොහෝ විට බලය පිළිබඳ කරුණකි. බලයෙන් අඩු පුද්ගලයා වෙතින් පීඩනය පිටවී යයි. එයට සිංහල වහරේ කියන්නේ මිටි තැනින් දිය ගලා යාමක් සේ කියාය. ඒ අනුව සියල්ලටම බැනුම් ඇසිය යුත්තේ අම්මාය. දරුවෙකු කුඩා කළ වැටුනොත් බනින්නේ අම්මාටය. පාසලේ ලකුණු අඩු වුවහොත් බැනුමි ඇසිය යුත්තේ අම්මාය. වැඩිහිටි කළ එම දරුවා වරදක් කළ විට ද බැණුම් ඇසිය යුත්තේ අම්මාය. මෙහි ඇත්තේ කුමන සාධාරණයක් ද?

ලංකාවේ පවුලක බල ධූරාවලිය තුළ පිරිමියා ඉහළෙන් තැබීම නිසා නිතරම පවුලේ පීඩනය පිටව යන්නේ බිරිඳ වෙතිනි. එසේම සෑම වරදකටම බොහෝ විට වැරදකරුවා වන්නේ ද බිරිඳය.

amma 1

ළමයි හදලා තියෙන වරද යැයි කියන්නේ අම්මායට. එහෙත් දරුවන් හැදීම යනු අම්මාගේ තනි කාර්යයක් නොවේ. දරුවෙක් හැදීම මවගේ මෙන්ම පියාගේ ද කාර්යයකි. වැඩිහිටියන්ගේ ඥාතීන්ගේ මෙන්ම පාසලේද කාර්යයකි. සමාජයේද කාර්යයකි.

amma 2

එහෙත් තවමත් ජනවහර තුළ දරුවෙකුගේ වරදකදී බනින්නේ අම්මා මතක් කරමිනි. එය එසේ සකස් වීමට එක් හේතුවක් නම් පියා රැකියාවට යාම සහ මව නිවසේ සිට දරුවන් බලා ගැනීම නැමැති පැරණි මොඩලය නිසාය. එහෙත් එම මොඩලය මේ වන විට යල් පැන ගොස් ඇත. මව ද පියා ද රැකියාවට යති. දෙදෙනාම රෑ බෝ වී පැමිණෙති. එසේ නම් නිවසේ වැඩ දෙනෙනා බෙදා ගත යුතුය. එහෙත් එසේ වැඩ බෙදා ගන්නා පවුල් ඇත්තේ කීයෙන් කීයක්ද?

බිරිඳ වැඩ ඇරී ඇවිත් නැවත තනිවම උයන්නත් සැමියා ඇඟ පත සෝදා ගෙන රූපවාහිනිය ඉදිරියේ ඉඳ ගැනීමත් අසාධාරණ බව තේරුම් යා යුතුය. ඉවීම රෙදි සේදීම දරුවන්ගේ පාසල් වැඩට උදව් කිරීම යන සියල්ල තව දුරටත් වැඩ ඇරී එන අම්මා පිටම පැවරිය යුතු තනි වගකීමක් නොවේ. බොහෝ විට මෙයට නිවසේ සිටින වැඩිහිටියන්ට සැලකීම ද ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම ද අයත් වේ. මේ සියල්ල කරමින්ම අම්මා දරුවනන්ගේ වරදට බැනුම් ඇසිය යුතුය. නිවසේ වැඩ බෙදා ගන්නට තරම් පවුලේ සාමාජිකයින් සාධාරණ වන අවස්ථා කොතරම් අඩුද?

amma 3

දරුවන්ට ගුණ ධර්ම කියා දීම, සංවේදී ලෙස දරුවන් ලොකු මහත් කිරීමේ කාර්යයේදී අම්මා මෙන්ම ඊට තාත්තා ද වග කිව යුතුය. ඇතැම් විට දරුවන් සිදු කරන වැරදි ඔවුනන්ට පාසලෙන් සමාජයෙන් ලැබුණු දේවල් හෝ නොමඟ ගිය අවස්ථා විය හැකිය. දරුවන් ආශ්‍රය කරන්නේ කව්ද යනාදී දරුවනන් දෙස ඇස ගසා සිටීම මවගේ තනි කාර්යයක් නොවේ.

මේ නිසා දරුවන් සම්බන්ධ වැරදි වලදී අම්මාට බනින්නට ඉක්මන් වන සමාජ ආකල්පය වෙනස් කරන්නට අප දැන්වත් කටයුතු කළ යුතු වේ. දරුවන් හැදීම සමාජ වගකීමකි.

sanjeewani rupasinghe(සටහන | සංජීවනී රූපසිංහ)
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

උපුටා ගැනීම - lankadailymail.com

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...