The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සපුගස්කන්ද ආයෙත් වැහුවේ ඇයි?

T

The Leader Desk

October 10, 2022 • 11:15 AM

සපුගස්කන්ද ආයෙත් වැහුවේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරමින් පසුගිය 07 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
  • විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
  • කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
  • එසේම මහ බැංකුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත සතිපතා ලබාදෙන මුදල් භාවිත කර කිසිදු හිඟයකින් තොරව පසුගිය කාලසීමාව තුළ පවත්වාගෙන ආ ලෙසින් ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

කරමින් පසුගිය 07 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම මහ බැංකුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත සතිපතා ලබාදෙන මුදල් භාවිත කර කිසිදු හිඟයකින් තොරව පසුගිය කාලසීමාව තුළ පවත්වාගෙන ආ ලෙසින් ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.




වෙනින් කතාවක් !


ඔක්තෝම්බර් 07 දින සිට නැවතත් දින නියමයක් නොමැතිව සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට කටයුතු කිරිමත් සමගින් යළිත් විවිධාකාරයේ පුවත් ජනගත වීමට පටන් ගෙන ඇත.

දේශපාලනඥයින් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද ඒ සම්බන්ධයෙන් සැකසංකා මතුකර ඇත. ඔවුන් පවසන්නේ මේ පිටුපස බරපතල වංචාවක් සිදුව ඇති බවයි.

සිය අනන්‍යතාවය හෙලිනොකරන්නැයි ඉල්ලා සිටිමින් මෙම කාරණය සම්බන්ධයෙන් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විසින් සැකසු සටහනක් truthfirstreport@gmail.com විද්‍යුත් තැපෑල මගින් අප වෙත යොමුකර ඇත.

'Truth first විශේෂ සටහන්කරු' ලෙස සඳහන් කරමින් යොමුකර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.


''තෙල් සංස්ථාවේ සෙවන මත පවුල් නඩත්තු කරන අපේ හිත් වලත් චකිතයක්''


''ඇත්තටම රට හිතැති පුර වැසියන් මෙන්ම වසර ගණනාවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සෙවන මත පවුල් නඩත්තු කරන අපටත් යළිත් මෙලෙසින් පිරිපහදුව වසා දෑමීම ගැන හිත් වල චකිතයක් මතුව තිබේ.

 

ඔක්තෝම්බර් 06 දිනට පෙර ඔපෙක් (OPEC) සංවිධානය විසින් ඔවුන්ගේ දෛනික නිෂ්පාදනයෙන් බැරල් මිලියන 2ක් කප්පාදු කිරීමට පියවර ගැනීම සමගින් ලෝක වෙළෙඳපොලේ ඉන්ධන සැපයුමට එල්ලවන බලපෑම සේම මෙම තිරණය මත අද වන විට ගෝලීය ඉන්ධන මිල ඉතාමත් සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතියි.

 

ලෝකයෙ ඉන්ධන ක්ෂේත්‍රයේ කටයුතු මෙසේ සිදු වෙද්ද්දී අමාරුවෙන් මහ බැංකුවෙන් ඩොලර් සපයා ගෙන ගෙන්වන ඉන්ධන නැව් මෙරට මුහුදු සීමාවටත් පැමිණි පසු මෙසේ පිරිපහදුව වසා දමන්නට සිදුවීම මහත් කණගාටුවට කරුණකි.


ශ්‍රී ලංකාවට ආ URALS නැව් දෙක:


2021 සිට 2022 අතර කාලය තුළ කිහිප වරක් මෙරටට ඉන්ධන නිෂ්පාදනය සඳහා බොරතෙල් ගෙන්වීමට ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වීම නිසා සපුගස්කන්ද පිරිපහදුවේ ක්‍රියාවලිය නැවැත්වීමට සිදුවූ අතර පසුව දීර්ඝ සැපයුම්කරුවන් එකඟකර ගැනීමේ මෙහෙයුමක අවසානයේ සමාගම විසින් ඉතාමත් සානුකම්පිත පදනමක් යටතේ නම්‍යශීලී ලෙස ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා ඉන්ධන සැපයීම සහා එකඟ විය.

ඒ අනුව සපුගස්කන්ද පිරිපහදුව Coral Energy ලබාදුන් සයිබීරියන් ලයිට් පිරිපහදු කරන විට හැමෝම සතුටුවිය. නමුත් සයිබීරියන් පැමිණීමට පෙර මාස ගණනාවක් අපගේ පිරිපහදුව වසා තැබීමට සිදුවී තිබුණි.

 

ඉන්පසු අදාල පිරිවිතර සළකා බලා රුසියාවේ Urals බොරතෙල් ගෙන්වීමට සමාගම කටයුතු කළේය. ඒ සඳහා වන ගෙවීම් සිදු කිරීමට විශේෂ සහන කාලයක් ලබාදුන් අතර ප්‍රමාද ගාස්තු අය කිරීමෙන් ද CPC සංස්ථාව නිදහස් කිරීමට සැපයුම්කාර Coral Energy සමාගම කටයුතු කළේය.

 

Coral Energy යනු ජාත්‍යන්තර වශයෙන් වේගයෙන් වර්ධනය වන ගෝලීය ඉන්ධන සැපයුම්කරුවෙකි. Coral Energy සමාගම මේ වන විට ඉන්දියාවට රුසියානු බොරතෙල් සපයනු ලබන විශාලතම සැපයුම්කරු බවට පත්ව ඇති අතර එමෙන්ම පාකිස්තානයට ඉන්ධන සපයන විශාලතම සැපයුම්කරු බවට පත්ව ඇත.

එම පිළිගත් ජාත්‍යන්තර සමාගමෙන් CPC සංස්ථාව විසින් Urals නැව් දෙකක් ඇණවුම් කරන ලද අතර Urals වෙත පිරිපහදුව දක්වන ප්‍රියතාව මඳ බව සත්‍යයකි. නමුත් පිරිපහදුව සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හා වඩා හොඳ නිමැවුම් නිපදවීමට ප්‍රමාණවත් තරම් වෙනත් බොරතෙල් තිබුණේ නම් එය වඩා හොඳ විය හැකිය.

නමුත් වසා තැබෙන පිරිපහදුවකට වන හානිය ගණනය කිරීමට එතරම් උනන්දුවක් දක්වන විවේචකයින් එය සක්‍රීයව තබා ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව කිසිදු ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරයි.


වරාය දැක දැක රුපියල් නැතුව මුහුදු තීරය ආසන්නයේ නැව්ගුරම් ලා සිටින ESPO නෞකාව:


ඉන්ධන පෝලින් නැතිවෙනවට ආලාපාලු දේශපාලකයින් අකමැති ඇයි?


 CPC තෙල් සංස්ථාව විසින් Coral energy සමාගමෙන් ලබා ගත් පළමු සයිබීරියන් බොරතෙල් නෞකාවට පොරොන්දු වූ පරිදි මුළින් ශ්‍රී ලංකා රුපියල් වලින් අදාල මුදල පියවා දින 30ක එකඟතා කාලයකින් පසු එම රුපියල් ඇමරිකානු ඩොලර් (USD) වලට ආදේශ කොට ගනුදෙනුව අවසන් කිරීමට පියවර ගනු ලැබිය.

ඉන්පසු තවත් නැව් දෙකක් සඳහා ඉල්ලුම් ඉදිරිපත් කල අතර දෙවන හා තුන් වන නැව ලෙස Urals නැව් 02  Coral energy සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලැබිය.

 එම නැව් වලට වන ගෙවීම් ශ්‍රී ලංකා රුපියල් වලින් සංස්ථාව විසින් සිදු කර ඇතත් නියමිත පරිදි අදාල කාලය තුල එම ශ්‍රී ලංකා රුපියල් වෙනුවට ඩොලර් ආදේශ කිරීමට මේ වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව අපොහොසත්ව ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙන්වා ගැනීමට මහ බැංකුව විසින් ඩොලර් මුදල් සංචිත නොමැතිව පත්ව ඇති අසීරුතාව මෙමගින් හොඳින් ම පැහැදිලි වේ. එය අපේ සංස්ථාවෙ හෝ බලශක්ති අමාත්‍යවරයාගේ හෝ සැපයුම්කරුවන් ගේ හෝ වරදක් නිසා සිදු වූවක් නොවේ.

ESPO බොරතෙල් ප්‍රමිතියෙන් සයිබීරියන් මෙන්ම සමාන පිරිවිතර වලින් යුක්තය.

 

මේ වන විට CPC කරන ලද ඇණවුම මත Coral Energy  සමාගම විසින් ගෙන්වන ලද ESPO බොරතෙල් නැව මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති නමුත් තවමත් මේ ESPO නෞකාව බොරතෙල් ගොඩබෑම සඳහා නැවට ගෙවීමට ශ්‍රී ලංකා රුපියල් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවට සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

 

අයෙත් ඉන්දන පෝලිම් හැදෙයිද?


මේ වන විට අදාල පෙට්‍රල් ඩීසල් ගුවන් යානා ඉන්ධන භූමිතෙල් වැනි පාරිභෝජනයට අවශ්‍ය මූලික ඉන්ධන වර්ග අපේ ගබඩා සංකීර්ණ වල පවතින බව ජනතාව වෙත වගකීමෙන් අපි මෙසේ ප්‍රකාශ කර සිටිමු.  

නමුත් යම් යම් සිල්ලර වෘත්තීය සමිති විසින් මේ වන විටත් විවිධ අසත්‍ය ප්‍රකාශ පතුරුවමින් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් පොදු ජනතාව කුපිත කරවා තවත් විශාල ගින්නක් රට තුළ ඇවිළ වන්නට කැස කවමින් සිටියි.

 

සතිපත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දෙනු ලබන ඉන්ධන මිලදී ගැනීම වෙනුවෙන් වන මුදල් සංචිත ඉදිරි දින කිහිපය තුළ සංස්ථාවට නිදහස් කළ සැණින් යළිත් පිරිපහදුව ක්‍රියාත්මක කරනු ඇත. නමුත් මෙසේ කෙටි කාලයක් තුළ කිහිප වරක් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අක්‍රීය කිරීම තාක්ෂණික වශයෙන් ගැටළුකාරී තත්ත්වයක් බව සැබෑවකි.

 

චෝදනාකරුවන්ගේ සැඟවුණු උවමනාව ?


ඇතැම් විවේචකයින්ට අවශ්‍ය වන්නේ රටට තෙල් නොමැතිවීම සහ බලශක්ති අර්බුදයකින් ජනතාව යළිත් මහාපාරේ මිය යනු දැකීමයි. මුළු රටේ ලේ වැගිරෙනවා දැකීමයි. අහිංසක පොදු ජනතාවගේ ලේ මතින් පීනා ගොස් තමන් ගේ දේශපාලන ජය කණුවට ලඟා වීමේ තුච්ඡ ආශාවයි.

චේතනාව හා ඔවුන්ගේ බල ලෝභී සැලසුම ඉතා පැහැදිලිය.  ඔවුන්ගේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම නවතා අර්බුදය වඩාත් දරුණු දිශාවකට ගෙන යාමටය. ''

(උපුටා ගැනීම අවසන් )


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

Theleaderx2022

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සපුගස්කන්ද ආයෙත් වැහුවේ ඇයි? | The Leader