The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වීදුරු ගෙවල්වල සිට ගල් ගසන සරත් වීරසේකර - උකුස්සා

T

The Leader Desk

September 3, 2020 • 3:04 PM

වීදුරු ගෙවල්වල සිට ගල් ගසන සරත් වීරසේකර - උකුස්සා  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පළාත් සභා සහ පළාත් පාලන කටයුතු භාර රාජ්‍ය අමාත්‍ය, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර
  • ලංකාවේ 'NGO කාරයින්' ජිනීවා ගොස් ත්‍රස්තවාදීන් මුණ ගැසෙද්දී, සරත් වීරසේකරත් ජිනීවා ගොස් ත්‍රස්තවාදීන් මුණ ගැසුණ බව බොහෝ දෙනා නොදනිති.
  • ඔහු එසේ මුණ ගැසුන බොහෝ දෙනා ඉන්දියාවේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදීන් ලෙසින් නම් කළ සංවිධානවල සාමාජිකයින්ය.
  • තමන්ගේ හාම්පුතාලා වන රාජපක්ෂලා පමණක් නොව වර්තමානයේ පක්ෂයේ සභාපති වන සිරිසේනත් වරින්වර ලන්ඩන් ගොස් ඔය කියන 'ත්‍රස්තවාදීන්' සමඟ කෝපි බිවු බව සරත් වීරසේකර නොදන්නවා නොවේ.
අකුරු ප්‍රමාණය (Font Size):

'NGO කාරයින්' වගේම 'ජිනීවා කාක්කෙකි'.

ලංකාවේ 'NGO කාරයින්' ජිනීවා ගොස් ත්‍රස්තවාදීන් මුණ ගැසෙද්දී, සරත් වීරසේකරත් ජිනීවා ගොස් ත්‍රස්තවාදීන් මුණ ගැසුණ බව බොහෝ දෙනා නොදනිති.

වෙනස 'NGO කාරයින්' මුණ ගැසුනේ ලංකාවේ මිනිසුන්ය. නැතිනම් සරත් වීරසේකරලාගේ ක්‍රියාකලාපය නිසා රට හැර දමා යන්නට සිදු වූ මේ බිමේම දූ පුතුන්ය.

සරත් වීරසේකර ජිනීවා වලදී කෝපි බිවුවේ පන්ජාබයේ, පාකිස්තානයේ 'ත්‍රස්තවාදීන්' සමගය.

ඔහු එසේ මුණ ගැසුන බොහෝ දෙනා ඉන්දියාවේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදීන් ලෙසින් නම් කළ සංවිධානවල සාමාජිකයින්ය.

නැතිනම් ඇෆ්ඝනිස්තානයේ 'ත්‍රස්තවාදීන්ය'.

තමන්ගේ හාම්පුතාලා වන රාජපක්ෂලා පමණක් නොව වර්තමානයේ පක්ෂයේ සභාපති වන සිරිසේනත් වරින්වර ලන්ඩන් ගොස් ඔය කියන 'ත්‍රස්තවාදීන්' සමඟ කෝපි බිවු බව සරත් වීරසේකර නොදන්නවා නොවේ.

නිමල්කා ප්‍රනාන්දු ගෝලීය දෙමළ සංසදයේ සභාපති එමානුවෙල් පියතුමා සමඟ කෝපි බීම වරදක් නම්, ජනාධිපතිවරයා ලෙසින් මෛත්‍රීපාල සිරිසේන ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයින් හමුවීම වරදක් නොවේද?

රාජපක්ෂ සහෝදරවරුන් වරින්වර රහසිගතව දෙමළ ඩයස්පෝරාව මුණගැසුන බව සරත් වීරසේකර නොදන්නේද?

(උකුස්සා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...