The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාරාවියෝ : දේශපාලනයේ දී කාන්තාවන්ට වැඩි ඉඩක් ඕනෑ

T

The Leader Desk

October 24, 2022 • 9:45 AM

සාරාවියෝ : දේශපාලනයේ දී කාන්තාවන්ට වැඩි ඉඩක් ඕනෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කාලය තුළ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ වාර්තාවන පළමු කාන්තාව වන්නේ ඇඩ්ලින් මොලමුරේයි.
  • සිට වර්තමානය වන පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වසර 75කට අධික කාලයක් පුරාම පාර්ලිමේන්තු නියෝජනය කරනු ලබන කාන්තාවන්ගේ දායකත්වය වනුයේ මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පමණි.
  • ලංකාවේ ජනගහනයෙන් 52.09% කාන්තාවන් ය.
  • පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ 13 දෙනෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

දක්වා වූ කාලයයි. ඒ කාලය තුළ ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ වාර්තාවන පළමු කාන්තාව වන්නේ ඇඩ්ලින් මොලමුරේයි. ඇය රුවන්වැල්ල ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණ ජන්දයට ඉදිරිපත්වී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්විය.

 

24 01 0

ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළ වාර්තාවන පළමු කාන්තාව ඇඩ්ලින් මොලමුරේ

 

ලීසා නේයිසුම් සරවනමුත්තු ශ්‍රී ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ දෙවැනි මන්ත්‍රීවරියයි.


1947 දී ආරම්භ කරන ලද පළවෙනි පාර්ලිමේන්තුව සඳහා කාන්තාවන් කිහිපදෙනෙක්ම තේරී පත්වූහ.


1947 සිට වර්තමානය වන පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වසර 75කට අධික කාලයක් පුරාම පාර්ලිමේන්තු නියෝජනය කරනු ලබන කාන්තාවන්ගේ දායකත්වය වනුයේ මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පමණි.

 

2


ලංකාවේ ජනගහනයෙන් 52.09% කාන්තාවන් ය. පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන්නේ 13 දෙනෙකි. එවන් වාතාවරණයක් තුළ ලංකාවේ බහුතරයක් කාන්තාවන්ගේ දේශපාලන දායකත්වය අවම මට්ටමක පවතී.


එම තත්ත්වයන්ට මූලික වන බොහෝ කරුණු කාරනා හඳුනාගැනීමට මෙම ලිපි පෙළින් අදහස් කරන්නෙමු. ඉදිරි මැතිවරණ තුළදී කාන්තා දායකත්වය වර්ධනය වනු ඇතැයි යන්නෙ අපගේ අපේක්‍ෂාවයි.


මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.



PHOTO 2022 10 12 08 44 14 1සම්පූර්ණ නම - සමුද්‍රා ජාලිනි දයානන්ද
වයස  - අවුරුදු 51
අධ්‍යාපන සුදුසුකම් - අපොස උපෙළ ජීව විද්‍යා අංශය
වෘත්තීය - ව්‍යාපාරික
දේශපාලන පවුල් පසුබිම - හිටපු කම්කරු නියෝජය ඇමතිවරයෙකු වූ හේමචන්ද්‍ර සිරිසේන(සීයා), ගම් සභාපති කුලුගම්මන සියපත්තුව (පියා)
නියෝජනය කරන කොට්ඨාසය - මහනුවර, ලෙව්ල, අනිවත්ත, දොඩම්වල.
දේශපාලන තනතුර - මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීනි


1.ඔබ දේශපාලනය ට ප්‍රවිශ්ට වීමට කැමැත්ත ඇතිවුනේ කොහොමද?

 

මම පාසල් යන කාලයේදී  මුතුහර ළමා සමාජය පිහිටුවලා ගමට ගොඩක් වැඩ කළා ළමයි එක්ක.ඉන් පස්සේ තරුණ සමිති ය පිහිටුවලා ඒ තුළිනුත් වැඩ කළා.පොඩිකාලෙ ඉඳලා ගමට ලොකු සේවාවක් කළා. ඒ කාලේ මට දේශපාලනයට කැමැත්තක් ඇතිවෙන්නට හේතු වෙන්න ඇත්තේ පවුල් පසුබිම කියලා මට හිතෙන්නෙ.
 
 
මනාප ක්‍රමය නිසා දේශපාලනයේ යෙදෙන්න් අවස්ථාවක් ලැබුනෙ නැහැ. ඊට පස්සේ මම විවාහ ජීවිතයට ඇතුලුවුනා. මම හිතුවා දරුවො ලොකුමහත්වුනාට පසු දේශපාලන කටයුතුවලට සම්බන්ද වෙනවා කියලා. මට ඕනෙවුනේ දරුවො දෙන්නා හොඳට හදාගන්නයි.
 
 
ඒ අනුව තමයි මම පසුකාලීනව දේශපාලනයට ප්‍රවිශ්ට වෙන්නේ. ඒ කාන්තාවන් 25%ක කෝටාවක් ලැබුන නිසා. පක්‍ෂ කිහිපයකින්ම මට ආරාධනා කළා නම දාන්න කියලා.මම ඒ වෙලාවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් කරන ලද සේවය සලකා බලලා  ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවුනා. ඒ කෝටාවෙන් තමයි  2018  වර්ෂයේදී මම මහනුවර මහනගර සභාවේ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නෙ.
 

2.ඔබට දේශපාලනය පිළිබඳව තිබුන අවබෝධය කුමක් ද?
 

අප්පච්චි සමඟ ඔහුගේ සමාජ කටයුතුවලට මමත් සම්බන්ධවෙලා තියෙනවා.ඒ කාලේ ඔවුන් කළේ ආර්ථික සවිබල ගැන්වීම්. මමත් ව්‍යාපාරික කාන්තාවක් ඒ වගේම මධ්‍යම පළාතේ කුඩා කර්මාන්ත සංවර්ධන සමිතිවල දේශනවලට දායක වෙලා තියෙනවා ඉතින් මම හිතුවා දේශපාලනයට සම්බන්ධවුනොත් මට මීට වඩා වැඩි දෙයක් කාන්තාවන් වෙනුවෙන් කරන්න පුලුවන් නේද කියලා ඉතින් ඒ අනුව තමයි මම දේශපාලනයට ප්‍රවිශ්ට වෙන්නේ .
 

3.ලංකාවේ  සමස්ත දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධව ඔබේ පොදු අදහස කුමක්ද?
 

ඇත්තටම මට කනගාටුවක් දැනෙනවා. හැම දෙනාම තම තමන්ගේ සුඛවිහරණය සඳහා තමයි දේශපාලනයට ප්‍රවිශ්ට වෙන්නේ. අතලොස්සක් තමයි  මහජනතාව ගැන හිතලා දේශපාලනයට එන්නේ
 
 
4.ඔබට අනුව ප්‍රායෝගික දේශපාලනය සහ න්‍යායික දේශපාලනය අතර පරස්පරයක් තිබෙනවා ද?
 

මම දේශපාලන විද්‍යාව පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් බාහිර අධ්‍යාපනයක් ලැබුවා සහ ඒ වගේම නොයෙක් ආකාරයේ අධ්‍යාපනික වැඩ සටහන්වලට සහභාගී වෙලා තියෙනවා.ඉතින් ඒ හැදෑරීම්වලදි මට දැනුන දෙයක් තමයි ප්‍රායෝගික දේශපාලනය තුළ සහ අපි හදාරනු ලැබුව දේශපාලන විෂය අතර විශාල වෙනසක් තියෙනවා.ඇත්තටම දේශපාලන කෝටාවෙන් අපි දේශපාලනයට ආවට අපි දේශපාලනය ගැන දැනුමක් ඇතිව ආවෙ නැහැ වගේ අද ඉන්න හුගක් අයට දේශපාලනය පිළිබඳ දැනුමක් ඇතිව ආව අය නෙමේ. නමුත් යම් සුළු පිරිසක් දැනුම සහ අවබෝධය සහිත අය ලෙස කටයුතු කරන බව පේනවා.
 
 
මැතිවරණයකදී ගමේ ජනප්‍රිය පුද්ගලයට තමා නාමයෝජනා ලැබෙන්නේ. අධ්‍යාපනයක් ලබපු  සුදුසුකම් ඇති දේශපාලනය ගැන හැදෑරීමක්  ඇති අයට තැනක් ලැබෙන්නේ නැහැ.
 

5. ලංකාවේ දේශපාලනය තුළ කාන්තාවන්ගේ නියෝජනය ප්‍රතිශතයක් ලෙස අඩුවීම ඔබ දකින්නේ කෙලෙස ද ?
 

ඇත්තටම මනාප ක්‍රමය තුළ කාන්තාවකට ඒ මනාප ක්‍රමයට යන්නට අමාරුයි. ඔවුන්ට ආර්ථිකය බලපැමක්වෙනවා.අපි දකින දෙයක් තමයි දේශපාලනයෙදී ඡන්දදායකයෝ පවා යන්නේ ලාභ ප්‍රයෝජන ලැබෙන තැන්වලට.මිනිස්සුන්ට බඩු භාණ්ඩ ලබාදෙන්න ඕනෙ,බොන්න දෙන්න ඕනේ අතපය දිග ඇරලා වියදම් කරන්න ඕනෙ. ඉතින් කාන්තාවන්ට එවැනි අවස්ථාවන්වලදී ඒ වගේ දේවල්වලට මැදිහත් වෙන්න අමාරුයි.
 
 
අනිත් ප්‍රධාන කාරණය තමයි දේශපාලනය කරන කාන්තාවන් ඉලක්කකොට ගෙන කරන මඩ ප්‍රහාර, චරිත ඝාතනය කිරීම් වගේ දේවල්. එවන් දේවල් සංවිධානාත්මකව හිතා මතා සැලසුම් සහගතව කරන දේවල්. උගත් බුද්ධිමත් කාන්තාවෝ දේශපාලන ක්ෂේත්‍රයට එන්න අකමැතිවෙන්නේ එවැනි දේවල්වලට මුහුණ දෙන්න අකමැති නිසා.
 
 
බොහෝ කාන්තා දේශපාලනඥයින්ට මුහුන දෙන්න වන ප්‍රධාන ගැටලු ඒවා. පසුබට වෙන අවස්ථා තියෙනවා. මෙවන් වාතාවරණයක් හමුවේ කාන්තාවන් පසුබට වෙනවා දේශපාලනයට එන්නට. ඒ නිසාම කාන්තාවන් ගේ දේශපාලන දායකත්වය අඩුවෙනවා
 

6.ස්ත්‍රි-පුරුෂ සමාජභාවය තුළ පිරිමියා විසින් ලිංගිකත්වය මූලික කරගෙන ස්ත්‍රීන්ට පහර ගසනවා කියන කාරණය ද ඔබ ඉස්මතු කරන්නේ?
 

හැමෝටම මේ කාරණය අදාළ වෙන්නෙ නැහැ.නමුත් පිරිමි ඉතාම පහසුවෙන් කරන්නේ ස්ත්‍රීන් ට මඩ ගහන එක. ඒ වගේම මනාප ක්‍රමය.
 
 
අනිත් කාරණය සංවිධායක තුමා අතේ තමයි නාමයෝජනා දෙන්නේ කාට ද කියන බලය තියෙන්නේ. දේශපාලන විද්‍යාව හදාරලා යම්කිසි සමාජ සේවා කර්තව්‍යවල නිරත වෙලා සුදුසුකම් සපුරා තිබුනත් සංවිධායකවරයා ඒ ඡන්ද අපේක්‍ෂකයට කුමන හෝ කාරණයක් නිසා අකමැතිනම් නාමයෝජනා ලබා දෙන්නෙ නැතිවෙන්න පුලුවන්.
 
 
මට වුනත් කෝටා ක්‍රමය නිසා දේශපාලනයට එන්න පුලුවන් වුණා. දේශපාලන මනාප ක්‍රමය තුළ තියෙන්නේ බලය සඳහා විශාල තරගයක්. එම තරගය තුළ කාන්තා දේශපාලනඥයින්ට විශාල ගැටලුවලට මුහුණ දෙන්න සිදුවෙනවා.
 

7.ඔබ දේශපාලනයට ප්‍රවිශ්ට වීමේදී නායකත්ව කේන්ද්‍රීයව ද, පක්‍ෂ ප්‍රතිපත්ති මත ද දේශපාලන පක්‍ෂයක් තෝරගනු ලැබුවේ?
 

ඇත්තටම මම පක්‍ෂ නායකත්ව කේන්ද්‍රීයව සහ පක්‍ෂයේ ප්‍රතිපත්ති ගැනත් හිතලා තමයි දේශපාලන පක්‍ෂය තෝරගනු ලැබුවේ. ඒකට හේතුව මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා රට වෙනුවෙන් කරන ලද මෙහෙය නිසා. නමුත් මට පසුකාලීනව තේරුනා මේ කිසිඳු දේශපාලන පක්‍ෂයක නිසි ප්‍රතිපත්තියක් නැති බව. අවස්ථාවාදී දේශපලනයක් ඇති බව. ජනතාවාදී බවට වඩා පුද්ගලවාදී දේශපාලනයක් තමයි සිද්ධවෙන්නෙ. ඇත්තටම දේශපාලනයෙන් මම අයින්වෙන්නත් තීරණය කළා මට මේ දේශපාලන ප්‍රතිපත්ති ගැලපෙන්නේ නැහැ වගේම මට ගෙම්බො වගේ පක්‍ෂ මාරු කරන්නත් බැරි නිසා. නමුත් මේ වසරේ ජනතා සේවයට වෙන්කරන ලද ප්‍රතිපාදන තුළින් ජනතාවට යම් සේවයක් කිරීම අතපසුවෙනව කියලා දැනුන නිසා මම මේ වෙනකොට ස්වාධීන මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කරනවා.
 

8.ඔබට ඔබ නියෝජනය කරනු ලැබූ පක්‍ෂය තුළින් ඊට බලපෑමක් නැති ද?
 

මම ඇත්තටම පසුගිය කාලයේ ජනතාව වින්ද පීඩාවන් දැක්කා විතරක් නෙමේ අත්වින්දා. මම දේශපාලනයට එන්නේ ජනතාව වෙනුවෙන්. විශේෂයෙන් කාන්තාවන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම උදෙසා.මමත් දේශපාලනයට එන්න පෙර ව්‍යාපාරයක් කරමින් හිටියේ. දේශපාලකයන් ගෙන් මිනිස්සු හුගක් වෙලාවට බලාපොරොත්තුවෙන්න රජයේ රැකියා. නමුත් මට අවශ්‍යවුනේ රජයේ රැකියාවක් නෙලැබුනත් කොහොමද තමන්ට ආර්ථික තත්ත්වයක් ගොඩ නගාගන්න පුලුවන් වෙන්නේ කියන ප්‍රායෝගික තත්ත්වය හදලා දෙන්න. මම ඊට අවශ්‍ය කටයුතු කරනු ලැබුවා. මම දේශපාලනයට පැමිණියේ මට දෙයක් ගොඩනගාගන්න නෙමේ.
 
 
ඒ නිසා පවතින ක්‍රමය තුළ මගේ දේශපාලන ප්‍රතිපත්ති මත පිහිටා මට කටයුතු කරන්න අමාරු නිසා මම පක්‍ෂ දේශපාලනයෙන් ඉවත්ව ස්වාධීන වෙනවා. මගේ මන්ත්‍රීධූරය අහෝසිවෙන්න පුළුවන්. එය නුදුරේදීම විය හැකියි.  
 

9.ඔබේ ක්‍රියාකාරී දේශපාලන වසර කිහිපය තුළ ඔබේ ප්‍රදේශයේ ජීවත් වන කාන්තතාවන් හෝ පවුල් වලට යම් මෙහෙවරක් කරද්දී තමන් නියෝජනය කරන පක්‍ෂයේ ජනතාවට පමණ ද ඔබ අනුග්‍රහය දැක්වූයේ?
 

ඇත්තටම මම හරි ආඩම්බරෙන් කියනවා මහනුවර මහනගර සභාවේ මන්ත්‍රීවරුන්, වරියන් 11 දෙනෙක් ඉන්නවා. ගන්න සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ සියලු දෙනාගේම එකගතාව අනුව.කිසිඳු දේශපාලන පක්‍ෂයක් ඉස්මතුවන ආකාරයට කටයුතු කරන්නෙ නැහැ. අපි සියලු දෙනාම ඉතාමත් සාමුහිකව කටයුතු කරන්නේ. ජාති බේද, ආගම් බේද කිසිවක් නැහැ. එක්කෙනෙක් කරන දේට අනිත් සියලුම දෙනා එකාවගේ සහයෝගය දෙනවා.
 

10. කාන්තා දේශපාලනඥවරියක් ලෙස ඔබගේ ප්‍රදේශයේ ස්ත්‍රීන් වෙනුවෙන් සහ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ආරක්‍ෂණය වෙනුවෙන් ඔබගේ දායකත්වය කෙබඳු ද?
 

ඇත්තටම මම මූලිකවශයෙන් සිදුකරනු ලැබුවේ කාන්තාවන් ඒකරාශී කරගෙන ඔවුන්ට ඔවුන් පිළබඳ ස්වයං අධ්‍යාපනයක් ලබාදීම. කාන්තාවන් ලෙස ඔවුන්ට ඇති අයිතීන් කාන්තාවන්ට සමාජය තුළ කළහැකි කාර්යභාරය ආදී වශයෙන් ඔවුන්ව මානසිකව ශක්තිමත් කරනු ලැබුවා. බොහෝ වේලාවට කාන්තාව ගෙදර කුස්සියට සීමාවූ වැඩ කටයුතුවල නිරතවෙනවා පමණයි නේ. නමුත් ඔවුන්ට ඇති ශක්තිය පිළිබඳ ඔවුන්ට නිසි අවබෝධයක් නැහැ.ඒ නිසාම ඔවුන්ට ඔවුන් පිළිබඳ අභිමානයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබුවා.
 
 
ඒ වගේම මෑතකදි අපි කාන්තා හා ළමා කමිටුවක් පිහිටුවාගනු ලැබුවා.අපිට කාලය පිළිබඳ ගැටලු මතුවුනා. පාස්කු ප්‍රහාරය නිසාත් ඉන් පසු කොරෝනා වසංගතය නිසාත් අපිට ලොකූ වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න බැරිවුනා.
 

11.දේශපාලනයේ නියුතු කාන්තාවන්ට මූලික වශයෙන් තිබිය යුතු කරුණු මොනවාද ?

හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මිනිසුන්ගේ අවශ්‍යතා තේරුම් ගන්න හැකියාවක් වගේම ඇහුම්කන්දීමේ ශක්තිය තියෙන්න ඕනේ. නිසි කළමනාකරණයක් සහිතව කටයුතු කිරීමේ උවමනාවත් උකුසු ඇහැයි ඔටු මොල්ලියක් තියෙනවා වගේ තීක්‍ෂණ දැක්මත්, දරාගැනීමේ ශක්තියත් තියෙන්න ඕනේ. දේශපාලන හා සමාජීය අවබෝධය දැනුම සමගම.
 
Mawbima 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...