The Leader News
BREAKING
නිදහස් කිරීමට ආණ්ඩුව පොරොන්දු වූ උතුරේ විහාර භූමියක ‘අනවසර ඉදිකිරීම්’●අපේක්ෂිත ඇප ඉල්ලූ ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට●නාමල්ගේ සිරගතවීම ගැන සාගරගෙන් ප්‍රබල හෙළිදරව්වක්●ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රජයට දැඩි අවධාරණයක්●ඉන්ධන මිල සහ IMF කොන්දේසි: විපක්ෂ නායකගෙන් යෝජනාවක්●අනවසර තැන්පතුවලට හසුවූවන්ට මහ බැංකුවෙන් උපරිම සාධාරණයක්●'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●
Top Ad
විශේෂාංග

සාරාවියෝ (18) : කාන්තාවන්ට පිරිමි පාලනය කිරීමේ හැකියාව තියෙනවා

T

The Leader Desk

March 3, 2023 • 9:17 AM

සාරාවියෝ (18) : කාන්තාවන්ට පිරිමි පාලනය කිරීමේ හැකියාව තියෙනවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්පූර්ණ නම - ඉමදුව පරණ හේවාගේ රතිකා අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (සා/පෙළ) වෘත්තීය- සැලුන් එකක් පවත්වාගෙන යෑම, ඇඳුම් මැසීම දැනට දරන තනතුර - ප්‍රාදේශීය සභා මන්ත්‍රී දේශපාලන පවුල් පසුබිම- පසුබිමක් නැත නියෝජනය කරන කොට්ඨාශය - මාතර දෙවිනුවර දකුණ එජාප ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?
  • මුලින් මට ඇත්තටම දේශපාලනයට එන්න තීරණයක් තිබ්බෙ නෑ.
  • මට මේ තනතුරට ආරාධනා ලැබුණට පස්සෙ තමයි කැමැත්තක් ඇති වුණේ.
  • ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?
අකුරු ප්‍රමාණය (Font Size):

 

saaraaසම්පූර්ණ නම - ඉමදුව පරණ හේවාගේ රතිකා

අධ්‍යාපන සුදුසුකම්- අ.පො.ස (සා/පෙළ)

වෘත්තීය- සැලුන් එකක් පවත්වාගෙන යෑම, ඇඳුම් මැසීම

දැනට දරන තනතුර - ප්‍රාදේශීය සභා මන්ත්‍රී

දේශපාලන පවුල් පසුබිම- පසුබිමක් නැත

නියෝජනය කරන කොට්ඨාශය - මාතර  දෙවිනුවර දකුණ එජාප

 

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?

මුලින් මට ඇත්තටම දේශපාලනයට එන්න තීරණයක් තිබ්බෙ නෑ. මට මේ තනතුරට ආරාධනා ලැබුණට පස්සෙ තමයි කැමැත්තක් ඇති වුණේ.. ගමේ අය තමයි යෝජනා කරල තිබුණෙ.

 

ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?

ඇත්තටම ඉඩක් තියෙනවා. ඒත් අපහසුතාත් තියෙනවා. ඒත් කරන්න බැරිකමක් නෑ.
 

ඔබට මේ දේශපාලන ගමනෙදි වැඩියෙන්ම සහයෝගය දුන්නෙ කව් ද?

මගේ පවුලෙ අය තමයි සහාය දුන්නෙ.

 

දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව් ද?

කිසි කෙනෙක් විරුද්ධ වුණේ නෑ. මම ආවට ගොඩක් අය සතුටු උනා.

 

ඔබ විශ්වාස කරනව ද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?

ඇත්තටම අවශ්‍යයි. ඒත් කාන්තාවන්ට කරදර, ප්‍රශ්න තියෙනවා. ඒත් කාන්තාවන්ට අනිත් අයව, විශේෂයෙන් පිරිමි අයව පාලනය කරන්න පුලුවන් හැකියාවක් තියෙනවා.


නායිකාවක් වෙන්නම් මොන වගේ කැපකිරීමක් කරන්න වෙනව ද? ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

නිහතමානී වෙන්න ඕනි. හැමෝම එක්ක එක සමානව වැඩ කරගෙන යන්න ඕනි. ඒ වගේම හැම කෙනෙක් එක්කම සුහදව වැඩ කරගෙන යන්න ඕනි. නායකයෙක් බිහිවෙන්න නම්, මේ ගුණාංග ඇතුළත් වෙන්න ඕන. එතකොට නායකයෙක් බවට ඉබේම පත්වෙනවා.


ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනව ද?

ඇත්තටම ඉගෙනගන්න ඕන. අපි දේශපාලනයට ආවට පස්සෙ තමයි ගොඩක් දේවල් දැනගත්තේ. නැත්තම් කිසි දෙයක් දන්නෙ නෑ. අපි ඡන්දයක් දානව විතරයි සිද්ධ උනේ. කාන්තා නියෝජිතවරියක් වුණාට පස්සෙ තමයි දේශපාලනය කියන්නෙ පුළුල් ක්ෂේත්‍රයක් කියලා දැනගත්තෙ. මම හිතුවෙම නැහැ මේ දේශපාලනය මෙච්චරම අමාරු වැඩක් කියල.

 

ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවා ද? ඒ ගැන ඔබේ අදහස මොකක් ද?

සතුටුයි. නමුත් හිතේ කලකිරීමක් තියෙන්නෙ. මිනිස්සුන්ට දීපු පොරොන්දු ඉෂ්ඨ කරගන්න බැරි වුණා. හිතේ ශක්තිය එකපාරටම නැති උනා වගේ උනා. ඉතින් ඒවා නිසා ලොකු දුකක් තියෙනවා. ඒතට හේතුව තමයි අපිට මිනිස්සුන්ට හැමදාම බොරු කියන්න බෑ. ඉතින් මිනිස්සුන්ගෙ විශ්වාසය නැති වුණා. දේශපාලනය තුළ වැඩි වශයෙන්ම කියන්න වෙන්නෙ බොරු. සමාජයේ ප්‍රචලිත වෙලා තියෙන්නෙ දේශපාලකයෝ කියන්නෙ බොරුකාරයෝ කියලා. ඉතින් මේවා කණට ඇහෙද්දි ලොකු දුකක් තියෙනවා.


අපිට අදහස් තිබුනට වැඩක් වෙන්නෙ නැහැ. දේශපාලනය ගැන ලොකු කළකිරීමක් තියෙන්නෙ. කරගෙන ආපු වැඩ සියල්ල අතෑරලා මේවට බැස්සෙ. කරපු දේවල් කරගෙන හිටියනම් සල්ලි හම්බකරගෙන ජීවත් වෙන්න තිබුන. අපිට යෝජනාවක්වත් දෙන්න හිතෙන්නෙ නැහැ මේ නිසා. ඇත්තටම දේශපාලනය ගැන කලකිරීමක් තියෙන්නෙ.


ඔබට සහයෝගය දීපු අය ගැන සඳහන් කරන්න කලොත්?

පවුලෙ අය සහ ගමේ අය තමයි සහය වුණේ. පක්ෂයේ කිසිම සහයෝගයක් නෑ. සභාවෙන් වත් සහයෝගයක් නැහැ.

 

Mawbima 

සැබැඳි ලිපි
 
 
 
 
 
 
 
 
 
 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...