The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සාරාවියෝ (4) : කාන්තාවන් අනිවාර්යයෙන් දේශපාලනය ඉගෙන ගත යුතුයි

T

The Leader Desk

November 21, 2022 • 11:22 AM

සාරාවියෝ (4) : කාන්තාවන් අනිවාර්යයෙන් දේශපාලනය ඉගෙන ගත යුතුයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?
  • ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?
  • සියල්ලන්ම එකට එකතු වෙලා වැඩ කරනවා.
  • කාන්තාවන් අනිවාර්යයෙන් ඉගෙනගන්න ඕනි' කාන්තාවන් ට ඇතිවෙන ග්‍රාමීය ගැටළු තේරුම් ගන්න" ඒවාට උදව් කරන්න ගන්න ඕනි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත්භාවයක් තියෙන්න නම් ඉගෙනගන්නම ඕනි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 

shyamali

ඔබ දේශපාලනයට එන්න තීරණය කළේ ඇයි?


මම දේශපාලනයට එන්න තීරණය කළේ, කාන්තාවන් වෙනුවෙන් නැගී සිටින්න ඕනි කියලා සහ අපි ඉස්සරහට ඉදිරි ගමනක් යන්න ඕන කියලා හිතලා.
 

ඔබ විශ්වාස කරනවද මේ තියෙන දේශපාලන සංස්කෘතිය ඇතුළෙ කාන්තාවට දේශපාලනය කරන්න ඉඩක් තියෙනව කියල?
 
 
ඇත්තටම කණගාටුයි ඒ ගැන. කාන්තාවට ඉඩක් ලැබෙනවා අඩුයි. නමුත් ඒ ඉඩකඩ ලබා ගන්න තැනට අපි යොමුවෙන්න ඕන. ධනාත්මකව අපි හිතලා වැඩ කරනවා නම්  අපිට ඉදිරි ගමනක් යන්න පුලුවන්.
 
 
ඔබට මේ දේශපාලන ගමනෙදි වැඩියෙන්ම සහයෝගය දුන්නෙ කව්ද?
 

මගේ සහෝදරයාගේ මඟපෙන්වීම යටතේ තමයි මං මේ ගමන යන්නෙ.  එයා තමයි මට ගොඩක් උදව් කරේ. අපි ගමේ කමිටුවක් හැදුවා.  එම කමිටුව හරහා අපි සාකච්ඡා කරලා තමයි වැඩපිළිවෙළවල් ඉදිරියට කරගෙන ගියේ.
 

දේශපාලනයේදී වැඩියෙන්ම ඔබට විරුද්ධ වුණේ කව්ද?
 

විරුද්ධ පක්ෂයේ (පොහොට්ටු පක්ෂයේ) අය තමයි විරුද්ධ වුණේ. පිරිමි අය වගේම කාන්තාවන් ද විරුද්ධ වුණා.
 
 
ඔබ විශ්වාස කරනවද කාන්තාව දේශපාලනයේ නියැලිය යුතුයි කියලා?
 
 
අපේ ප්‍රථම ප්‍රථම අගමැතිණිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සෙ කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ තිබ්බෙ නෑ. ඊට පස්සෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය නායකත්වය ගත්තා. ඉස්සර කාන්තාවන් ඉතා අඩු පිරිසක් තමයි දේශපාලනයේ හිටියේ. දැන් ඊට වඩා වැඩියි. සභාවක වැඩ කරද්දි කාන්තාවෝ එකම හඬින් ඉන්නවා. සියල්ලන්ම එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ නිසා කාන්තාවන් දේශපාලනයට එන්නම ඕනි කියලා මං හිතනවා.
 
 
ඔබේ දේශපාලන ගමනට රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මට්ටමින් යම් දැනුවත්භාවයක් ලබාදිලා තියෙනවද?
 

අපි වසම්වල වැඩ කරද්දි අපිට රාජ්‍ය නිලධාරීන් එක්ක වැඩ කරන්න වෙනවා. (සමෘද්ධි නිලධාරීතුමිය, ග්‍රාමසේවා නිලධාරී තුමිය, ආර්ථික සේවා නිලධාරීතුමිය, සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, කෘෂිකාර්මික අංශයේ නිලධාරීන්) එතකොට ඒ සම්බන්ධතා මත අපි එයාලා එක්ක වැඩ කරද්දි එයාලා අපිට දැනුම දෙනවා. අපි දැනුම බෙදා ගන්නවා. මහවැලි අධිකාරියේ වැඩවලට අපි සහභාගී වෙලා තියෙනවා'
 

රාජ්‍ය නොවන සංවිධාන එක්ක තමයි අපි ගොඩක් Training Programsවලට යන්නේ. ඒවා තමයි AA.W.A.W ආයතනය සහ One text වැනි ආයතනය'
 

නයකත්ව ගති ලක්ෂණ කියල එළියෙ කතාවෙන දේ පිරිමින්ට හදපු පිරිමි පෞරුෂයක් කියල මම කිව්වොත් ඔබේ අදහස මොකක්ද ඒ ගැන?
 
 
පිරිමි හිටියත් කාන්තාවන් තමයි පෞරුෂයක් අරගෙන වැඩ කරන්නේ' එතකොට පිරිමින්ට හැදුණු පෞරුෂයක් කියලා කියන්න බෑ. පවුල්වල වැඩියෙන්ම තීන්දු තීරණ ගන්නෙ පිරිමි.
 
 
ගැහැණිය තවදුරටත් දේශපාලනය ඉගෙන ගත යුතුයි කියල ඔබ හිතනවද?
 
 
කාන්තාවන් අනිවාර්යයෙන් ඉගෙනගන්න ඕනි' කාන්තාවන් ට ඇතිවෙන ග්‍රාමීය ගැටළු තේරුම් ගන්න" ඒවාට උදව් කරන්න ගන්න ඕනි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත්භාවයක් තියෙන්න නම් ඉගෙනගන්නම ඕනි.
 
 
ඔබ දේශපාලනයට සම්බන්ධ වීම ගැන ඔබ සතුටු වෙනවාද? ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
 

ඇත්තටම හිටියට වඩා සතුටු වෙනවා. මේ දවස්වල මුළු බල ප්‍රදේශය තුළම ආර්ථික දරිද්‍රතාවෙන් පෙළෙන කාන්තාවන් තෝරාගෙන එක ආයතනයක් සම්බන්ධ කරගෙන ඇඳුම් මැසීමේ ක්‍රියාවලියක නිරත වෙන්න මම කටයුතු කරගෙන යනවා. බල ප්‍රදේශයේ කාන්තාවෝ තමයි නිවෙස්වල හිරවෙලා ඉන්නේ ආර්ථික අතින්. මටත් ඒක හොඳටම දැනෙනවා. 'ගෙදර නිකරුණේ කාලය ගතකරන කාන්තාවන් ටික එකතු කරගෙන තමයි මං මේ වැඩේ කරගෙන යන්නේ. රටට මේ වගේ උදව් කරන්න ලැබුණ එක ගැන ලොකු සතුටක් තියෙනවා.


WhatsApp Image 2022 10 13 at 21.49.10

 WhatsApp Image 2022 10 13 at 21.49.17

Mawbima 
 
 
සැබැඳි ලිපි
 
 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...