යුද අපරාධ, පොදු දේපොළ කොල්ලකෑම, පාස්කු ප්‍රහාරය, මහ බැංකු වංචාව, බටලන්ද වධකාගාරය, සුදු වෑන් පැහැර ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම, තාජුදීන් ඝාතනය, පුද්ගලයින් අතුරුදහන් කරවීම වගේ දැවැන්ත අපරාධ ගැන වගේම X-Press Pearl ව්‍යසනය වගේ පරිසර විනාශයන්ටත් නීතිය එක සේ අදාළ වෙන්නත් ඕනේ.
ඒ වගේම ඉෂාරා සෙව්වන්දි ටත්, කෙහෙල්බද්දර පද්මේ ටත්, ගුණරත්න වන්නිනායක ටත්, ටිරාන් අලස් ටත්, ... ලක්මාලි හේමචන්ද්‍ර ටත්, නීතිය ක්‍රියාත්මක වෙන විදියේ වෙනසක් තියෙන්න බැහැ.
කොටින්ම ආණ්ඩු පක්ෂයෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වීම නිසා හෝ, නීතිඥවරියක් වීම නිසා හෝ, ජනතා හිතවාදී activist කෙනෙක් වීම නිසා හෝ, ජනාධිපති අනුර කුමාරගේ සමීප හිතවතියක් වීම නිසා හෝ නීතිය ඉදිරියේ ලක්මාලිට විතරක් විශේෂයක් කරනවා නම් ඒක වැරදියි.
නමුත් මම කියන්න හදන්නේ වෙනත් කාරණයක්.
ඇත්තටම ලක්මාලි අධිකරණයට අපහාස කළා ද, නැද්ද කියල මම දන්නේ නැහැ. මම ඇය කරපු ප්‍රකාශය දැක්කෙත් නැහැ.
ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගත්තත්, LGBTIQ වගේ ආන්තික ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත්තත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ගත්තත්, අධිකරණයට අපහාස කිරීමේ නීතිය ගත්තත් ලංකාවේ තවමත් තියෙන්නේ යල් පැනපු, හම්පඩ ගහපු, සුද්දන්ගේ කාලේ ඉඳල වෙනස්වෙලා නැති නීති ගොන්නක්.

අරගලයේ පිහිටෙන් බලෙන් ජනාධිපති පුටුවට පැන ගනිපු රනිල් වික්‍රමසිංහ ගේ මර්දනකාරී පාලනය මම පොඩ්ඩක්වත් අනුමත නොකළත්, අඩුම ගානේ IMF ඇතුළු ජාත්‍යන්තර බලපෑම නිසා හරි රනිල් ගේ ආණ්ඩුව පනත් 200ක් විතර සංශෝධනය කළා, නැත්නම් අලුතෙන් සම්මත කළා.
නමුත් තුනෙන් දෙකක බහුතර බලයකුත් තියාගෙන අවුරුද්දකට වැඩි කාලයකදී මාලිමාව සම්මත කළේ මට මතක විදියට එක නීතියක් විතරයි. අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරත් පිළිගත්ත විදියට අඩුම ගානේ පොරොන්දු වෙච්ච විදියට PTA එක අහෝසි කරන්නවත් ආණ්ඩුවට තවම බැරිවෙලා තියෙනව. විපක්ෂයේ ඉන්න කොට PTA එක පතුරු ගහපු අනුර ඒ නීතියම use කරලා අහිංසක තරුණයෝ කූඩු කරනව.
කොටින්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දීපු පොරොන්දුවත් දැන් ඉතිහාසයට එකතුවෙලා ඉවරයි. අලුත් ව්‍යවස්ථාවක් හදන බවට දීපු පොරොන්දුවත් ඒ වගෙයි. අලුත් ව්‍යවස්ථාවක් අරගෙන ජනතාව ඉදිරියට ගිහින් දැන් ආණ්ඩුවට ජනමත විචාරණයක් දිනන්න පුලුවන්ද?
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් අධිකරණය යොදාගන්න නීතියත් ඒ වගේම යල් පැනපු එකක්.

පැහැදිලිවම බො| දු බ| ල සේනාවේ ඥාන| සාර වගේ උසාවියට කඩා පැනල විනිශ්චයකාරයින්ට තර්ජනය කළාම දැඩි දඩුවම් දෙන්න ඕනේ. නමුත් සාධාරණ කරුණු ඇතිව අධිකරණය හෝ අධිකරණ තීන්දුවක් විවේචනය කිරීම කියන්නේ 21 වෙනි ශතවර්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. කොහොමත් අධිකරණයත් සුදෝ සුදු නැහැ. ඒක අපි සරත් සිල්වාගෙන්, මොහාන් පීරිස් ගෙන් විතරක් නෙවෙයි මෑතදී නිශ්ශංක බන්ධුල කරුණාරත්නගෙන් හොඳටම දැකපු දෙයක්.
ටෝනි එමානුවෙල් ගේ ඉඳල, එස් බී දිසානායක ගේ ඉඳල, රන්ජන් රාමනායක දක්වාම අධිකරණය හැසිරුණේ ඒකාධිපති ස්වරූපයකින්. ටෝනි එමානුවෙල් සම්බන්ධ නඩුවේදී විනිසුරු පුටුවේ ඉඳගෙන ටෝනි ට දඬුවම් කළේ චුදිත සරත් සිල්වා මයි.
අධිකරණයේ මේ හැසිරීමට ප්‍රධානම හේතුව මේ වගේ කොයි තරම් අත්දැකීම් තිබුණත් අධිකරණයට අපහාස කිරීම ගැන පාර්ලිමේන්තුව එදා, මෙදා තුර කිසිම නීතියක් සම්මත කරලා නැතිවීම.

රන්ජන් රාමනායක හිරේ දාපු වෙලාවෙ, බ්‍රිතාන්‍ය නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ ප්‍රධානී හෙළනා කෙනඩි ආදිපාදවරියගෙන් මම ඒ ගැන කරුණු විමසුවා.
ගෝටාභය රාජපක්ෂ පාලනය ශානි අබේසේකර වගේ දක්ෂ නිලධාරීන් දඩයම් කිරීම වගේම අධිකරණයට අපහාස කිරීමේ වරදට අවුරුදු ගණන් සිරගත කිරීම ගැනත් ඇය එදා දැඩි කණස්සල්ල පළ කළා. (ලින්කුව පළමු කොමෙන්ටුවේ) ඇය කිවුවේ නිසි කළමනාකරණයක් තියන අධිකරණයකට එවැනි දඩුවම් දීමේ ක්‍රමවේදයක් අවශ්‍ය නැහැ කියල.
නමුත් අධිකරණයට අපහාස කිරීම ගැන ලංකාවේ තවමත් තියෙන්නේ එදා තිබුණ නීතියමයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීතිය වගේම ත්‍රස්ත විරෝධී පනත සහ Online Safety Act වගේ ආණ්ඩුව පොරොන්දු දීපු නීති වහාම ඉවත් කළ යුතුයි. නැත්නම් සංශෝධනය කළ යුතුයි. ළමා අයිතිවාසිකම් සම්බන්ධ, LGBTIQ අයිතිවාසිකම් සම්බන්ධ ආණ්ඩුව අකුලා ගත්ත නීති සම්මත කළ යුතුයි.
ඒ වගේම පොරොන්දු වෙච්ච විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි.

ලක්මාලි ඇතුළු ජාජබ ආණ්ඩුවට ජනතාව තුනෙන් දෙකේ බලයක් දීල තියෙන්නේ ඒ වගේ නීති සංශෝධනය කරන්න, අලුත් නීති සම්පාදනය කරන්න.
ආණ්ඩුව ඒ යුතුකම ඉටු කළා නම්, මම හිතන්නේ ලක්මාලි අධිකරණයට අපහාස කළාද, නැද්ද කියන විවාදය මතු නොවෙන්නත් ඉඩ තිබුණා.
(සටහන | සරෝජ් පතිරණ)බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com
(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2025 ඔක්තෝබර් 21
පසු සටහන -
2024 දක්වාම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විශේෂ නීතියක් නොතිබුනත් ලංකාවේ පාර්ලිමේන්තුව 2024 පෙබරවාරි මාසේ ඒ සම්බන්ධ නීතියක් සම්මත කරලා තියෙනව. (Contempt of A Court, Tribunal or Institution Act, No. 8 of 2024) ඒක රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සම්මත කරපු 200කට අධික නීතිවලින් එකක්. මම ඒ ගැන දැනුවත්ව හිටියේ නැහැ. ඒ බව දැනුම් දුන්න නීතිඥ සුරේන් ප්‍රනාන්දු ට ස්තුතියි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නීතිය ගැන ඉහත සටහනේ දැක්වෙන වරද ගැන මගේ කණගාටුව.