The Leader News
BREAKING
අල්ලස් කොමිසමේ අලුත් ගමනට භාණ්ඩාගාරයෙන් තිරිංග වැටෙයිද?●ඩොලර් අර්බුදයට විසඳුම්: ආයෝජකයන්ට නව බදු සහනයක්●ඖෂධ 90කට උපරිම මිලක්: රෝගීන්ට සහනයක්ද?●ඩිජිටල් අපනයනයෙන් ඩොලර් බිලියන පහක ඉලක්කයක්●ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●
Top Ad
විශේෂාංග

දිට්වා ව්‍යසනයෙන් මාසයක් - ලක්ෂ දහයකට තවමත් හදිසි ආධාර අවශ්‍යයි | Saroj Pathirana

T

The Leader Desk

December 28, 2025 • 5:10 PM

දිට්වා ව්‍යසනයෙන් මාසයක් - ලක්ෂ දහයකට තවමත් හදිසි ආධාර අවශ්‍යයි | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෑත ඉතිහාසයේ ලංකාවේ ජන ජීවිතයට, යටිතල පහසුකම්වලට සහ ආර්ථිකයට බරපතලම විනාශයක්
  • මේ ව්‍යසනයෙන් මාසෙකට පස්සෙත් ලංකාවේ දස ලක්ෂයකට වැඩි පිරිසකට හදිසි මානවීය සහය අවශ්‍යව තියෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා.
  • රටේ පළාත් ගණනාවකට සඳුදා ආයෙත් වැසි වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තියෙනව.
  • මේ තත්වය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරන ආකාරයට මිලියන 1.8ක ජනකායක් තවමත් මේ ව්‍යසනයේ බලපෑමෙන් මිදිලා නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

කරපු ස්වභාවික ව්‍යසනය, දිට්වා කුණාටුව, ඇවිත් අදට හරියටම මාසයක්.

මේ ව්‍යසනයෙන් මාසෙකට පස්සෙත් ලංකාවේ දස ලක්ෂයකට වැඩි පිරිසකට හදිසි මානවීය සහය අවශ්‍යව තියෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා. මේ අතරින් ලක්ෂ පහකට වැඩි පිරිස දරුවන්. සමහර පළාත්වල තවමට් ගංවතුර, ඒ වගේම තාමත් නාය යාම් සිද්දවෙනවා. ඒ මදිවට වැස්සත් වරින්වර දරුණු වෙනව.

රටේ පළාත් ගණනාවකට සඳුදා ආයෙත් වැසි වැඩිවීමක් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරලා තියෙනව.

දිට්වා ව්‍යසනයෙන් අවතැන් වූ සමහර පවුල් යළි පදිංචිවීම පටන්ගෙන තිබුණත් විශේෂයෙන්ම නුවර, නුවර එළිය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලට ඇද හැලුන වර්ෂාව නිසා යළිත් ගංවතුර සහ නාය යාම් හටගත් අතර මහාමාර්ග වසා දැමීමටත් සිදු වුණා.

මේ තත්වය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරන ආකාරයට මිලියන 1.8ක ජනකායක් තවමත් මේ ව්‍යසනයේ බලපෑමෙන් මිදිලා නැහැ. ඒ අතරින් මිලියන 1.2කට වැඩි පිරිසකට වහාම මානවීය ආධාර අවශ්‍යව තිබෙන බවත් ජගත් සංවිධානය පෙන්වා දෙනවා. 527,000 ක් දරුවනුත් ඒ අතර ඉන්නවා.

දිට්වා ව්‍යසනයෙන් ලංකාවේ පළාත් නමයටම බරපතල හානි සිදු වී ඇතැයි ආණ්ඩුවේ බලධාරීන් සමග එක්ව මානවීය ආධාර සංවිධාන විසින් කරන ලද ඇස්තමේන්තුවකින් හෙළි වී ඇති බව සඳහන් කරන එක්සත් ජාතීන්ගේ නිවේදනය, අත්‍යවශ්‍ය සේවාව බරපතල ලෙසින් බිඳ වැටී තිබෙන අතර, විශේෂයෙන්ම මේ තත්වය නිසා කාන්තාවන්, දරුවන් සහ ආබාධිත පුද්ගලයින්ට ඇති අවදානම උත්සන්න වී තිබෙන බවත් පවසනවා.  

කුසගින්න සහ ආහාර අනාරක්ෂිතභාවයත් උත්සන්න වෙමින් තිබෙන අතර, බොහෝ පවුල්වලට ආහාර වේල් අඩුකිරීම වැනි උපායමාර්ග කෙරෙහි යොමුවීමට සිදු වී තිබෙන බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ.

ty5654t
යුනිසෙෆ් සංවිධානය පෙන්වාදෙන අන්දමට ව්‍යසනය හේතුවෙන් දිස්ත්‍රික්ක 12ක ළමා ආරක්ෂණය සම්බන්ධ බරපතල ගැටළු මතු වී තිබෙන අතර, දිස්ත්‍රික්ක 13ක අධ්‍යාපනයට දැඩි බාධා හටගෙන තිබෙනවා. ළමා පෝෂණය සම්බන්ධ බරපතල ගැටළු මතු වී ඇති දිස්ත්‍රික්ක ගණන 19ක්. දිස්ත්‍රික්ක 11ක දරුවන්ට ජලය, සනීපාරක්ෂාව සහ ස්නානය සම්බන්ධ ගැටළු මතු වී තිබෙනවා. විශේෂයෙන්ම රැකවරණ මධ්‍යස්තාන හෝ රැකබලා ගන්නා පවුල් සමග ගතකිරීමේදී දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධ ගැටළු මතුවීම සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය ඉහළ යාමේ අවදානමක් පවතින බවත් යුනිසෙෆ් සංවිධානය පවසනවා.

සංක්‍රමණිකයින් සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානය (IOM) පවසන පරිදි කුණාටුවෙන් අනතුරුව 272,000ක වැඩි පිරිසක් තවමත් අවතැන්ව සිටින අතර, ලෝක බැංකුව තක්සේරු කරන අන්දමට දිත්වා කුණාටුව ශ්‍රී ලංකාවට කළ ආර්ථික හානිය ඩොලර් බිලියන 4.1ක් නැතහොත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 4%ක්.

දිට්වා කුණාටුවෙන් උන් හිටි තැන් අහිමිවුණ වතුකරයේ මලෛයහ දෙමළ ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්න අන්දම ගැන වාර්තාවකුත් "සංදේශය" නාලිකාවේ මම ඉදිරිපත් කළා.

මලෛයහ සිවිල් සමාජ සන්ධානයේ වීරේ වීරසිංහම් කියන විදියට භාෂා ප්‍රශ්න‍ය ඔවුන් මුහුණදෙන ප්‍රධානම ගැටලුවක්. ඒ වගේම තවත් බොහෝ පරිපාලන හා සංස්කෘතික ගැටළු තියන බවත් ඔහු පෙන්වා දෙනවා.

ඒ සාකච්ඡාවට අදාලා වීඩියෝව මතු පළවේ.

Saroj Pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...