The Leader News
BREAKING
තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●
Top Ad
විශේෂාංග

වන්දි නැතුව එක්ස්ප්‍රස් පර්ල් නඩුව අවසන් - වන්දි ලැබේවි ද? යුක්තිය කෝ? | Saroj Pathirana

T

The Leader Desk

February 2, 2026 • 9:05 AM

වන්දි නැතුව එක්ස්ප්‍රස් පර්ල් නඩුව අවසන් - වන්දි ලැබේවි ද? යුක්තිය කෝ?  | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට, ආර්ථිකයට සහ සමස්ත සමාජයට සිදු වූ දැවැන්ත හානිය සම්බන්ධයෙන් වන්දිය ලබාගැනීම සඳහා නෞකා සමාගම සමග සාකච්ඡා කොට එකඟතත්වයකට ඒමට ආණ්ඩුවට අවසර දෙමින් ඒ සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ පශ්චාත්-අධිකරණ යාන්ත්‍රණය (post-judicial mechanism) සම්බන්ධ විභාගය අවසන් කිරීමට සඳුදා (ජනවාරි 26) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
  • නෞකා සමාගමේ දේශීය නියෝජිතයින් වන Sea Consortium සමාගමත්, ඔවුන් රජය වෙත කරන ලද ඉල්ලීම් කිහිපයක් පිටපත් අධිකරණය වෙත ලබා දී ඇති බවත් අධිකරණයේ දී අනාවරණය වුනා.
  •   මෙය, ජුලි 24 වෙනි දින පංච-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දුන් ප්‍රධාන තීන්දුව අභිබවා යන තීන්දුවක්.
  • එවක අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ විනිසුරුවරුන් ද ප්‍රධාන නඩු තීන්දුව දුන් විනිසුරු මඩුල්ලට ඇතුළත්ව සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):



කෙසේ වුවත් අදාළ සාකච්ඡා සිදුවිය යුත්තේ පසුගිය ජුලි 24 වෙනි දින ලබා දුන් ප්‍රධාන නඩු තීන්දුවට අනුකූලව බවත් අධිකරණය නියෝග කළා.

 

එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයි ද? -(ගාමිණී වියන්ගොඩ)

අචල වෙංගප්පුලි, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ශිරාන් ගුණරත්න විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල සඳුදා මේ තීන්දුව ලබා දුන්නේ, පෙත්සම්කරුවන් නොවන පුද්ගලික පාර්ශවයක් විසින් කිසියම් ලේඛන ඉදිරිපත් කොට තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව. නෞකා සමාගමේ දේශීය නියෝජිතයින් වන Sea Consortium සමාගමත්, ඔවුන් රජය වෙත කරන ලද ඉල්ලීම් කිහිපයක් පිටපත් අධිකරණය වෙත ලබා දී ඇති බවත් අධිකරණයේ දී අනාවරණය වුනා. නෞකා සමාගම රජය වෙතින් කරන ලද ඒ ඉල්ලීම් හෝ යෝජනා කවරක්ද යන්න මේ වනතුරුම අනාවරණය වී නොමැති අතර, ඔවුන් අධිකරණයට යොමු කළ ලේඛන පෙත්සම්කරුවන්ට ලබා දී තිබුණේත් නැහැ.  

පසුව ඔවුන්ගේ ඉල්ලීම පරිදි නීතිපති දෙපාර්තමේන්තුව පමණක් ඇතැම් ලේඛනවල පිටපත් අධිකරණය තුළ දී පෙත්සම්කරුවන්ට ලබා දුන්නත්, එම ලිපි ලේඛන හදාරා සිය ප්‍රතිචාරය පළ කිරීම සඳහා වෙනත් දිනයක නඩුව කැඳවන මෙන් පෙත්සම්කරුවන් ඉල්ලා සිටියත් එම ඉල්ලීමට අනුමැතිය පළ නොකළ අධිකරණය, පසු විපරම් විභාගය මෙතෙකින් අවසන් කරන බව දැනුම් දුන්නා.

 

X-Press Pearl නඩු තීන්දුව: සමාගම වහල, වන්දි ගෙවන්නේ කොහොමද?

මෙය, ජුලි 24 වෙනි දින පංච-පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දුන් ප්‍රධාන තීන්දුව අභිබවා යන තීන්දුවක්. එවක අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ විනිසුරුවරුන් ද ප්‍රධාන නඩු තීන්දුව දුන් විනිසුරු මඩුල්ලට ඇතුළත්ව සිටියා. ප්‍රධාන තීන්දුවේ සඳහන් වුණේ, තීන්දුව සම්බන්ධයෙන් දිගටම පසු විමසුමක් සිදුවිය යුතු බව. පංච-පුද්ගල විනිසුරු මඩුල්ලක තීරණයක් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලකට වෙනස් කළ හැකි ද යන්නත් නීති ක්ෂේත්‍රයේ සංවාදයට ලක් වී තිබෙනවා. 

වන්දි ගණනය කිරීමේ කොමිසමක් සහ ව්‍යසනයෙන් විනාශ වූ සමුද්‍රීය පරිසරය යළි ගොඩ නැගීමේ කමිටුවක් ස්ථාපිත කළ යුතු බවත් ප්‍රධාන තීන්දුවේ සඳහන්  වුණා. එහෙත් මේ වනවිට එම ආයතන ස්ථාපිත කොට තිබෙන්නේ ද, නැද්ද යන්නත් පැහැදිලි නැහැ.

වන්දිය ලැබේවිද?


ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන තීන්දුව ප්‍රකාර නෞකා සමාගම මේ වනවිට ඩොලර් මිලියන 500ක් වන්දි වශයෙන් ගෙවා තිබිය යුතුයි. එහෙත් නෞකා සමාගම වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කරන අතර, සමාගමේ දේශීය නියෝජිතයා මෙතෙක් ගෙවා තිබෙන්නේ රුපියල් මිලියන 300ක් පමණයි. එය ඩොලර් මිලියනයකට ආසන්න මුදලක්. ඒ අනුව අධිකරණ නියෝගය ප්‍රකාර මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබෙන ඩොලර් මිලියන 499ක් මේ වනවිටත් අහිමි වෙලා.

ඇත්තෙන්ම මේ ව්‍යසනය සම්බන්ධයෙන් පරීක්ෂා කළ විශේෂඥ කමිටුව තක්සේරු කර තිබුණේ 2022 නොවැම්බරය වනවිට ව්‍යසනයේ සම්පූර්ණ මූල්‍ය හානිය ඩොලර් බිලියන 6.4ක් බව. එයත් අන්තර්වාර ඇස්තමේන්තුවක් පමණක් බවත් විශේෂඥ කමිටුව සඳහන් කළා. ජුලි 24 වෙනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන තීන්දුවේ සඳහන් වුණෙත් ඩොලර් බිලියනය මූලික වන්දියක් පමණක් බව. එහෙත් නෞකා සමාගමේ ස්ථාවරය සහ අධිකරණයේ අලුත්ම තීන්දුවත් සමග අධිකරණය නියෝග කළ වන්දියෙන් කොටසක් හෝ ශ්‍රී ලංකාවට ලැබේවිද යන්නත් ප්‍රශ්නයක්.

 

සමස්ත රටට, ආර්ථිකයට සහ පරිසරයට මේ සා විනාශයක් කළ ව්‍යසනයක් වෙනුවෙන් ඩොලර් බිලියන කිහිපයක වන්දියක් ගෙවීම සාධාරණ බව විශේෂඥයින්ගේ සහ රටවැසියන්ගේ මතය වුණත් පංච-පුද්ගල විනිසුරු මඩුල්ල තීන්දුව ක්‍රියාවට නැගීම (enforcing) අපහසු වනු ඇති බව ඇතැම් නීති විශාරදයින්ගේ අදහස වී තිබෙන බව මට දැනගන්න ලැබුණා. ඒ වගේම නෞකා සමාගමත් ඒ සම්බන්ධයෙන් හිටියේ දැඩි ස්ථාවරයක. විශේෂයෙන්ම නෞකා සමාගම මෑතදී සඳහන් කරලා තිබුණෙ ආණ්ඩුව එක්ක කතා කරන්න උත්සහ කළත්, ආණ්ඩුව නඩු තීන්දුව ක්‍රියාත්මක කළ යුතුයි කියන දැඩි ස්ථාවරයක ඉන්න බව. ඒ නිසා මේ කඹ ඇදිල්ල නතර කරලා දෙපාර්ශවය අතර සම්මුතිය ඇතිකරගන්න අවස්තාව දීම පිණිස අධිකරණය මේ අලුත්ම තීන්දුව දුන්න වෙන්නත් පුළුවන්.

කොයි විදියකට හරි මේ ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දැනට ලැබී තිබෙන මුදලට වඩා වැඩි වන්දි මුදලක් ලැබිය යුතු බව අවධාරණය කළ යුතුයි. ඒ විදියට ගත්තම නෞකා සමාගම සමග සංවාදයකින් හරි මේ වන්දිය ලබාගන්න අලුත් තීන්දුව උපකාරී වෙනවා නම් ඒක සාධනීය ප්‍රවේශයක් කියල විග්‍රහ කරන්නත් පුළුවන්.    

යුක්තිය?

sp565655
විශේෂයෙන්ම වන්දි ඉල්ලීමේ නඩුව ශ්‍රී ලංකාවේ පවරනු වෙනුවට සිංගප්පූරුවේ පැවරීමට, එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහිතව හිටපු නීතිපති සංජේ රාජරත්නම් ගත් තීරණය දැඩි දෝෂදර්ශනයට ලක් කළ අගවිනිසුරු ප්‍රමුඛ පංච-පුද්ගල විනිසුරු මඩුල්ල, රටවැසියන්ගේ නීතිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවත් තීරණය කළා. එබැවින් දූෂණ, වංචා චෝදනා ඇතුළු නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණය ජුලි 24 වෙනි දින නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කළා.  

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලද බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අධිකරණයේ ඉදිරියේ කියා සිටියත්, එහි ප්‍රගතිය කවරක් ද යන්න විවෘත අධිකරණයේ හෙළිදරවු වූයේ නැහැ. එමෙන්ම නීතිපතිවරයා එවැනි විමර්ශනයක් ආරම්භ කොට තිබෙන්නේ ද යන්නත් පැහැදිලි නැහැ. තවමත් එය ආරම්භ කොට නැත්නම්, සමස්තයක් වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සමාජයේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙමින් තිබෙන වාතාවරණයක පවා නීතිපති දෙපාර්තමේන්තුව රටේ ඉහළම අධිකරණයේ නියෝග පැහැර හරින්නේ මන්ද යන්නත් ප්‍රශ්නයක්.

 

X-Press Pearl: ව්‍යසනය වෙනුවෙන් ඩොලර් බිලියනයක් වන්දි ගෙවන මෙන්  ශ්‍රේෂ්ඨාධිකරණය නැව් සමාගමට නියෝග කරයි

ඒ වගේම මේ නඩුකරය කඩාකප්පල් කිරීමට උත්සහ දැරුව කියලත්, ඒ සඳහා නෞකා සමාගමෙන් හෝ රක්ෂණ සමාගමෙන් අල්ලස් ලබාගත්ත කියලත් රට පුරා දැවැන්ත ආන්දෝලනයක් මතුවුණා. නෞකා සමාගම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා නමුත් තවමත් ලංකාව පැත්තෙන් ඒ ගැන නිසි පරීක්ෂණයක් කෙරිලා නැහැ. පැහැදිලිවම මේ ව්‍යසනය වෙනුවෙන් ලංකාවට සාධාරණ වන්දියක් ලැබිය යුතුවා වගේම කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නෞකා සමාගමෙන් අල්ලස් අරගෙන තියෙනව නම් ඔවුන්ට එරෙහිව පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මොකද ලංකාවේ අපරාධ සම්බන්ධයෙන් අපි මෙතෙක් දැක්කේ නීතිය ක්‍රියාත්මක වීම වෙනුවට අපරාධකරුවන් නීතියෙන් බේරී යාම. ඒ නිසා එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයට අදාලව කිසියම් වංචාවක් සිදුවෙලා තියෙනව නම් ඒ වංචාවට වගකිය යුතු පුද්ගලයින්ට නීතියේ රැහැනින් පලා යන්න ඉඩ දිය යුතු නැති බවත් අවධාරණය කරන්න ඕනේ.

X-Press Pearl නඩුව : ජනාධිපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

 

මේ අතරේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ, රජය සහ නෞකා සමාගම අතර යම්කිසි එකඟතාවක් ඇතිවෙනවා නම් එය ප්‍රධාන නඩු තීන්දුවට පටහැනි නොවන පරිදි සිදුවිය යුතු යයි පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ බව කියා සිටියා. එමෙන්ම අධිකරණ නියෝග උල්ලංඝනය කරන රජයේ හෝ පෞද්ගලික සියලුම පාර්ශවකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගවලට යොමුවෙන බවත් ආචාර්ය දාබරේ අවධාරණය කළා.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක

sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 ජනවාරි 27

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...