The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

බ්‍රිතාන්‍යයේ මහ පාරේ නිදන දේශපාලන අනාථයෝ - ශ්‍රී ලාංකිකයිනුත් ඒ අතර | Saroj Pathirana

T

The Leader Desk

February 6, 2026 • 12:30 PM

බ්‍රිතාන්‍යයේ මහ පාරේ නිදන දේශපාලන අනාථයෝ - ශ්‍රී ලාංකිකයිනුත් ඒ අතර | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍යයේ බලයට පත්වන ආණ්ඩු දිගින් දිගටම සංක්‍රමණිකයින් සම්බන්ධ නීති දැඩි කිරීම නිසා දේශපාලන රැකවරණ පතපු විශාල පිරිසකට මහ පාරෙ නිදාගන්න බලකෙරිල තියන බව අලුත්ම ගවේෂණයකින් හෙලිවෙලා තියෙනව.
  • විශේෂයෙන්ම ආර්ථික අර්බුදය වෙලාවෙ වංචනික ඒජන්තයින්ට අහුවෙලා care worker ඇතුලු විවිධ රැකියා සොයාගෙන බ්‍රිතාන්‍යයට ආපු විශාල පිරිසකුත් දේශපාලන රැකවරණ හෝ modern slavery යටතෙ රැකවරණ පතල තියෙනව.
  • හෝටලයක් වෙනුවට ආණ්ඩුවෙන් ගෙවල පුද්ගලික නිවාසයක් දුන්නොත් එක්කෙනෙකුට සතියකට බ්‍රිතාන්‍ය පවුම් 50ක වගේ මුදලක් දෙනව කෑම, බීම වෙනුවෙන්.
  • එහෙම නැත්නම් voluntary return ක්‍රමය යටතෙ ආපසු සියරට යන්න එකඟවෙන අයට ගුවන් ටිකට් එකත් දීල පවුම් 3000ක මුදලකුත් දෙනව.
අකුරු ප්‍රමාණය (Font Size):


BBC ආයතනය පවත්වපු මේ ගවේෂණයට අනුව, ගතවගිය අවුරුදු හතර ඇතුළෙ මෙහෙම පාරට වැටුණ පිරිස පස් ගුණයකින් වැඩි වෙලා.

අපිට බොහෝ විට වාර්තා වෙන්නෙ නැති වුණත් මේ විදියට අසරණ වෙලා ඉන්න සංක්‍රමණිකයින් අතරෙ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකුත් ඉන්නව. විශේෂයෙන්ම ආර්ථික අර්බුදය වෙලාවෙ වංචනික ඒජන්තයින්ට අහුවෙලා care worker ඇතුලු විවිධ රැකියා සොයාගෙන බ්‍රිතාන්‍යයට ආපු විශාල පිරිසකුත් දේශපාලන රැකවරණ හෝ modern slavery යටතෙ රැකවරණ පතල තියෙනව. මේ කිසිවෙක් ප්‍රසිද්ධියෙ තමන්ගෙ කතාව කියන්නෙ නැති නිසා ඒ ගැන බොහෝ දෙනෙක් දන්නෙ නැහැ.

629317320 10161999617882155 2904808153282908553 n

සාමාන්‍යයෙන් දේශපාලන රැකවරණ පතන අයට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඉන්න තැනකුත් දීල, පොඩි දීමනාවකුත් දෙනව. ඔවුන් කන්න, බොන්න දීල හෝටලයක නැවැත්තුවොත් එක පුද්ගලයෙකුට ආණ්ඩුව ගෙවන්නෙ සතියකට පවුම් දහයකට ආසන්න මුදලක්. නමුත් ඒ හෝටල්වල දෙන කෑම ගැන ගොඩක් විවේචන තියෙනව.

හෝටලයක් වෙනුවට ආණ්ඩුවෙන් ගෙවල පුද්ගලික නිවාසයක් දුන්නොත් එක්කෙනෙකුට සතියකට බ්‍රිතාන්‍ය පවුම් 50ක වගේ මුදලක් දෙනව කෑම, බීම වෙනුවෙන්.

නමුත් ඒ දීමනා දෙන්නෙ ඔවුන්ගෙ asylum ඉල්ලුම්පත්‍ර  සලකා බලන තුරු විතරයි. තීන්දුවක් ආවම මේ පහසුකම් නැතිවෙනව.

pocpoaut9
Asylum application එක ප්‍රතික්ෂේප වුණොත් බොහෝ වෙලාවට ඒකට විරුද්ධව appeal එකක් දාන්න පුලුවන්. එහෙම නැත්නම් voluntary return ක්‍රමය යටතෙ ආපසු සියරට යන්න එකඟවෙන අයට ගුවන් ටිකට් එකත් දීල පවුම් 3000ක මුදලකුත් දෙනව. මම හිතන්නෙ ඒක සම්බන්ධීකරණය කරන්නෙ IOM ආයතනය.

කිසියම් කෙනෙකුට දේශපාලන රැකවරණ ලැබුණ නම්, ඒ එක්කම ආණ්ඩුව දෙන දීමනා නතර වෙනව. ඒ  වගේම මාසයක් ඇතුළත වෙනත් නිවාසයකුත් හොයාගන්න ඕනෙ. මෙතෙන්දි තමයි බොහෝ දෙනා ලොකු කරදරයක වැටෙන්නෙ. Political asylum ලැබුණ මොහොතෙ ඉඳන් රැකියාවක් කරන්න අවසර තිබුණත් දැන් බ්‍රිතාන්‍යයෙ කුලී සේවක රස්සාවක්වත් හොයාගන්න එක ලේසි වැඩක් නෙවෙයි. මට මතකයි ඉස්සර අපි student කාලෙ කෙලින්ම කඩේට ගිහින් manager එක්ක කතා කළා. එක කඩේක නෑ කීවොත් තව තැනකට ගිහින් ඇහුව. දැන් එහෙම බෑ. Cleaner ජොබ් එකක් ගන්නත් දැන් online apply කරල test එකකුත් කරන්න ඕනෙ! ඒ සේරම කළත් ජොබ් එකක් ලැබෙන්නෙ නෑ. ඉතින් මේ මිනිස්සු කබලෙන් ලිපට වැටෙන එක අහන්න දෙයක් නෙවෙයි.

polc hoii r448

 

අනික තමයි ඉන්න තැනක් හොයාගන්න තියෙන අමාරුව. දේශපාලන රැකවරණ පතපු කෙනෙකුට නෙවෙයි සාමාන්‍ය විදියට මේ රටට ආපු කෙනෙකුට පවා නවාතැනක් හොයාගන්න හරිම දුෂ්කරයි. ඉතින් කිසිම ආදායමකුත් නැතුව, reference දෙන්න විදියකුත් නැතුව මේ මිනිස්සු පාරට වැටෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ නිසා දැන් මේ සමහරුන්ට මේ දරුණු ශීත කාලෙ පවා කොහේ හරි තැනක් හොයාගෙන tent එකක් අටවගෙන නිදාගන්න පවා සිද්ද වෙලා. ඒ මදිවට මේ දවස්වල ලෝකෙ පුරා පැතිරෙන සංක්‍රමණික විරෝධී උමතුව නිසා මෙහෙම පාරෙ නිදාගනිද්දි ඔවුන්ට කිසිම ආරක්ෂාවකුත් නැහැ.

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 පෙබරවාරි 06

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...