The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මාසයකට වැඩි කාලයක් අධිකරණ සේවා කොමිසමේ ඇබෑර්තුව පුරවා නෑ ! | Saroj Pathirana

T

The Leader Desk

May 1, 2026 • 9:03 AM

මාසයකට වැඩි කාලයක් අධිකරණ සේවා කොමිසමේ ඇබෑර්තුව පුරවා නෑ ! | Saroj Pathirana

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • * අධිකරණ සේවා කොමිසමට රටේ නීතිය අදාළ නැද්ද?
  • අනෙක් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්.    එස් තුරෙයිරාජා නමුත් අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙක් විදියට කටයුතු කරපු එස් තුරෙයිරාජා විනිසුරුතුමා පහුගිය මාර්තු 19 වෙනිදා විශ්‍රාම ගියාට පස්සේ මේ වනතුරුම කොමිසමේ පුරප්පාඩුවක් පවතිනවා.
  •   විනිසුරුවරුන්ගේ වැඩ තහනම් අපි දන්නවා මේ වෙනකොට විනිසුරුවරුන්/වරියන් 20කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග අරගෙන තියෙනව.
  • සමහර විනිසුරන් ගැන විමර්ශන පැවැත්වෙන බවත් වාර්තා වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ පහල අධිකරණවල විනිසුරුවරුන් සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය තිබෙන, සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කොමිසමක්.

කොමිසම පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. අගවිනිසුරුවරයා/වරිය නිල බලයෙන් එහි සභාපති පදවියට පත්වෙනවා. අනෙක් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්. 

 

S. Thurairajah 1000pxඑස් තුරෙයිරාජා

නමුත් අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙක් විදියට කටයුතු කරපු එස් තුරෙයිරාජා විනිසුරුතුමා පහුගිය මාර්තු 19 වෙනිදා විශ්‍රාම ගියාට පස්සේ මේ වනතුරුම කොමිසමේ පුරප්පාඩුවක් පවතිනවා.

විශේෂයෙන්ම සාමාජිකයින් තුන් දෙනෙක් සිටිය යුතු කුඩා කොමිසමක මේ විදියට දීර්ඝ කාලයක් එක සාමාජිකයෙකුගේ පුරප්පාඩුවක් පැවතීම කොමිසමේ තීන්දුවලට පැහැදිලිවම බලපාන කරුණක්.

ජනාධිපති අනුර සති හයකට ආසන්න කාලයක් මේ පුරප්පාඩුව පුරවන්නේ නැත්තේ ඇයි?

ඒ වගේම හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු විශ්‍රාම ගිය වෙලාවෙත් ඒ පුරප්පාඩුවට තුරෙයිරාජා විනිසුරුතුමා පත් කළෙත් සති ගාණක් ප්‍රමාද වෙලා. මට තියන ප්‍රශ්නය රටේ නීතිය පසිඳලීමේ ආයතනවල විනය සම්බන්ධයෙන් ඉහළම වගකීම තියන කොමිසමේ පුරප්පාඩු පුරවන්න මේ තරම් ප්‍රමාද වෙන්නේ ඇයි කියන එක.  

විනිසුරුවරුන්ගේ වැඩ තහනම්

v565656
අපි දන්නවා මේ වෙනකොට විනිසුරුවරුන්/වරියන් 20කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග අරගෙන තියෙනව. සමහරුන්ගේ වැඩ තහනම් කරලා. සමහර විනිසුරුවරුන්ට දිගටම වැටුප පමණක් ලැබුණත්, සමහරුන්ගේ වැඩ තහනම් කරලා තියෙන්නේ වැටුප සහ සියලු දීමනා නවත්තලා. සමහර විනිසුරන් ගැන විමර්ශන පැවැත්වෙන බවත් වාර්තා වෙනවා.

විනය ක්‍රියාමාර්ග අරගෙන තියන විනිසුරුවරුන් ගැන තොරතුරු ඉල්ලලා මම තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාර්තු 24 වෙනි දින අධිකරණයට අමාත්‍යංශයට යොමු කළ ඉල්ලීම අප්‍රේල් 10 වෙනි දින අධිකරණ සේවා කොමිසම වෙත යොමු කළ බව මට දන්වල තිබුණ.

පහත දැක්වෙන ප්‍රශ්න මම අධිකරණ අමාත්‍යාංශයට යොමු කළා.

1. පසුගිය මාස 12 ඇතුළත අධිකරණ සේවා කොමිසම විසින් විනය ක්‍රියාමාර්ග ගනු ලැබූ විනිසුරුවරුන්/වරියන් සංඛ්‍යාව කොපමණද?

2. ඔවුන් ගේ වැඩ තහනම් කරනු ලැබ තිබෙන්නේ වැටුප සහිතව ද, රහිතව ද?

3. වැටුප් සහිතව ඇතැම් විනිසුරන්ගේ වැඩ තහනම් කරන අතර, වැටුප් රහිතව තවත් සමහරුන්ගේ වැඩ තහනම් කර ඇත්නම් එම වෙනසට හේතුව කවරේද?

4. එසේ වැඩ තහනම් කරනු ලැබූ අධිකරණ නිලධාරීන් කිසිවෙක් හෝ විනය පරීක්ෂණවලින් අනතුරුව අදාළ චෝදනාවලට වැරදිකරුවන් බව හෝ නිවැරදිකරුවන් බව සනාථ වී තිබෙන්නේ ද?

5. එම කාලය තුළ ස්ථාන මාරු ලබාදුන් විනිසුරුවරුන් පිරිස කවරක් ද සහ එසේ ස්ථාන මාරු ලබාදීම සහ විනය ක්‍රියාමාර්ග අතර සම්බන්ධයක් තිබෙන්නේ ද?

6. දැනට අධිකරණ පද්ධතිය තුළ පවතින ඇබෑර්තු ප්‍රමාණය කවරක් ද?


තොරතුරු දැනගැනීමේ පනතට අනුව දින දාහතරක් ඇතුළත පිළිතුරක් දිය යුතු වුණත්, දින විස්සකට පසුවත් තවමත් කොමිසමෙන් මට කිසිම ප්‍රතිචාරයක් ලැබිල නැහැ. නීතිය පසිඳලන ආයතන සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ඉහළම ආයතනයත් රටේ නීතිය ගැන දක්වන්නේ ඒ වගේ සැලකිල්ලක් නම්? ඇත්තටම අධිකරණ සේවා කොමිසමට රටේ නීතිය බලපාන්නේ නැද්ද?

ඒ අතරේ මට තියන ප්‍රශ්නය, සාමාජිකයින් තුන් දෙනෙක් සිටිය යුතු කොමිසමක එක සාමාජිකයෙකුගේ ඇබෑර්තුවක් තියන වෙලාවක පහල අධිකරණවල පත්කිරීම්, මාරු කිරීම් සහ විනය කටයුතු සම්බන්ධයෙන් කොමිසම ගන්නා තීන්දු කොයි තරම් සාධාරණ ද, අපක්ෂපාතී ද කියන එක.  

saroj pathirana(සටහන | සරෝජ් පතිරණ)

බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

(Saroj Pathirana ෆේස්බුක් පිටුවෙන්...)
2026 අප්‍රේල් 30

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...