The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ටෝච් බැටරි කතා මොනවා වුණත් සීතාට අසීමිත ආචාරය!!

T

The Leader Desk

October 7, 2020 • 8:40 AM

ටෝච් බැටරි කතා මොනවා වුණත් සීතාට අසීමිත ආචාරය!!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා දෙවැනි රැල්ල සීග්‍රයෙන් පැතිරී යමින් තිබේ.
  • කොරෝනා උවදුර පැමිණි දා පටන් මේ මොහොත දක්වාම ශ්‍රී ලාංකික දේශපාලකයන් අතරින් සමාජයට ආදර්ශයක් වන පරිද්දෙන් නිසි ලෙස මුඛ ආවරණ පැළැද සිටියේ එක් ගැහැණියක් පමණි.
  • ඒ ආදර්ශය මුළු මහත් සමාජයටම දෙනු ලැබුවේ වෛද්‍ය සීතා අරඹේපොල විසින් බව ඇයට ගෞරවයක් වශයෙන් සදහන් කළ යුතුය.
  • නැවතත් රටේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම වලක්වා ගැනීමට මේ අවස්ථාවේදීත් වඩාත්ම වැදගත් වෙන්නේ ජනතාව වගකීමෙන් කටයුතු කිරීම බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පළමු වරට රට වසා තැබීමෙන් පසුව රට යලි විවෘත කර ටික දිනකින් සියල්ලම සැමටම අමතක විය.

මුහුණු ආවරණ, අත් සේදීම , මීටරයේ දුර පරිමාණය යන මේ සියල්ලම හමස් පෙට්ටියට ගියේය.

ජනාධිපතිතුමාගේ පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දක්වා බොහෝ දෙනා සෞඛ්‍ය නිර්දේශ පිළිනොපදින තත්ත්වයක් විද්‍යාමාන විය.

Gotabaya Mask

තත්ත්වය එසේ තිබියදීත් කැපී පෙනෙන එක් ආදර්ශයක් ඉස්මතුව පෙනෙන්නට විය.

කොරෝනා උවදුර පැමිණි දා පටන් මේ මොහොත දක්වාම ශ්‍රී ලාංකික දේශපාලකයන් අතරින් සමාජයට ආදර්ශයක් වන පරිද්දෙන් නිසි ලෙස මුඛ ආවරණ පැළැද සිටියේ එක් ගැහැණියක් පමණි.

ඒ ආදර්ශය මුළු මහත් සමාජයටම දෙනු ලැබුවේ වෛද්‍ය සීතා අරඹේපොල විසින් බව ඇයට ගෞරවයක් වශයෙන් සදහන් කළ යුතුය.

Seetha Mask

නැවතත් රටේ කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යාම වලක්වා ගැනීමට මේ අවස්ථාවේදීත් වඩාත්ම වැදගත් වෙන්නේ ජනතාව වගකීමෙන් කටයුතු කිරීම බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ශ්‍රී ලංකාවේ කෝවිඩ් තත්වයේ නවතම වර්ධනයන් සලකා බැලීමේදී ප්‍රජාවන් අතර හඳුනා නොගත් ආකාරයෙන් වෛරසය ව්‍යාප්තියක් ඇතිවීමේ හැකියාව වැළැක්වීමට යහපත් සෞඛ්‍ය පුරුදු නැවතත් භාවිතයට ගැනීමට කාලය බව ද එම ආයතනය පවසයි.

 

එම සෞඛ්‍ය මාර්ගෝපදේශ පහත සඳහන් පරිදි වේ:

   #  පුද්ගල දුරස්ථභාවය සැමවිටම පවත්වාගන්න.

   #  නොතරම දෑත් පිරිසිදුව තබාගන්න.

    # කහින විට හෝ කිවිසන විට වැලිමිටෙන් හෝ ටිෂු කඩදාසියකින් කට සහ නාසය වසා ගන්න.

    # මුහුණ ඇල්ලීමෙන් වළකින්න.

    # ඔබට උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තියෙනවා නම්, හැකිතාක් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමට යාමේදී පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් හැකිතාක් දුරට වලකින්න.

    # ගමන් බිමන් නවතා නිවසට වී සිටින්න.

    # මුව ආවරණය නිවැරදිව පළඳින්න.

    # වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය දුරකථන සේවය අමතන්න.

 114781517 masksocialmediaශ්‍රී ලංකාව තුල ජනතාව පසුගිය වකවානුවේ මුහුණු ආචරණ පැළඳි ආකාරය සමාජ මාධ්‍යයේ දැක්වූ ආකාරය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...