The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

Sex සහ සෙක්ස් විරෝධය – ඇලන් වොට්ස් (Alan Vots)

T

The Leader Desk

May 9, 2021 • 9:01 AM

Sex සහ සෙක්ස් විරෝධය – ඇලන් වොට්ස් (Alan Vots)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෙක්ෂුවල් බයොලොජිවලින් අපිට පුළුවන් විශ්වයේ විශ්මිත බව කියවන්න.
  •       ඇලන් වොට්ස් (Alan Vots)      ආදරය කියන්නෙ මේ දිව්‍යමයභාවයට ඇතුල්වෙන්න ඇතිකරන දැඩි පෙළඹවීම.
  • ආශීර්වාදයක් වගේ දෙයක්.    ආදරේ ඇතුලෙදි අපි මිනිස්සුන්ව ඒ අයගෙ දිව්‍යමයභාවයෙන් දකින්න පටන්ගන්නවා.
  • ආදරේ ඇතුලෙ තියෙනවා මේ ඉසිවරමය මත්බව.
අකුරු ප්‍රමාණය (Font Size):
සෙක්ස් කියන්නෙ නිකංම සෙක්ස් නෙමෙයි. සෙක්ස් කියන්නෙ පූජනීය දෙයක්. දිව්‍යමයභාවය සමග පුදුමසහගත මුනගැසීමක්. 
 
ඒත් පල්ලියට ඒක එහෙම කියන්න බෑ. අපි අරන් බැලුවොත් ටිබෙට් බුදුදහමෙ ප්‍රතිමාකලාව, නැත්තං හින්දු කෝවිල් දිහා බැලුවොත් අපිට මුනගැහෙන දේවල් ඇමරිකානුවෙකුට හෝ යුරෝපියෙකුට තේරුම් ගැනීම සරල නෑ. 
 
sex art
 
මේ බුදුවරු දෙවිවරු ඒ ගොල්ලොන්ගෙ ස්ත්‍රී පාර්ශ්වයන් එක්ක නොයෙක් විලාසයන්ගේ ලිංගික ක්‍රියාවල යෙදෙනවා. හැමෝම හිතුවා මේවා කවුරුන් හෝ කරපු අසභ්‍ය නිර්මාණ කියල. ඒත් ඒවා එහෙම නෙමෙයි. ඒවයින් කියන්නෙ මිනිසා සහ ගැහැණිය අතර මේ රමණය කියන්නෙ විශ්වයේ මූලික ක්‍රියාවලියමයි කියන එක. 
 
ධන රින, අලෝකය අඳුර, මානසික භෞතික මේ හැම බෙදීමක්ම එකට. සෙක්ස්වල මූලික දේ පරපුර පවත්වාගැනීම හෝ ඒ වගේ උපයෝගිතාවාදී දෙයක් නෙමෙයි. ඒක සත්තුන්ගෙ නම් එහෙමයි කියන්න පුළුවන්. මානවයාගේ සෙක්ස්වල තියෙන සුවිශේෂතම දේ තමයි ඒ මගින් එහි යෙදෙන සහකරුවන් සමීපයෙන් සමීපයට ගේන එක. 
 
දෙන්නම එක්කෙනෙක් වෙන තරමෙ ඒකත්වයක් ගැන හැඟීමක්. ඒක පූජාවක්. සෙක්‍රමෙන්තුවක්. එහෙම මිනිස්සුන්ට විශේෂ දෙයක් පිරිහෙලා කතාකිරීමම මෝඩකමක්. ඒක එහෙම කරන්නෙ මිනිසෙක් සහ ගැහැණියක් අතර සෙක්ස් ඒ වගේ පූජනීය දිව්‍යමය තැනකට යනවා කියල නොදන්න පිරිස් විසින්.
 
 Alan Watts
 ඇලන් වොට්ස් (Alan Vots)
 
  
ආදරය කියන්නෙ මේ දිව්‍යමයභාවයට ඇතුල්වෙන්න ඇතිකරන දැඩි පෙළඹවීම. ආදරේ කරන එකත් සාමාන්‍ය මිනිස්සු පිස්සුවක් කියල කියන්නෙ මේ හින්ද. මොකද ඒක ඉසිවර දර්ශනයක් වගේ දෙයක්. ආශීර්වාදයක් වගේ දෙයක්. 
 
ආදරේ ඇතුලෙදි අපි මිනිස්සුන්ව ඒ අයගෙ දිව්‍යමයභාවයෙන් දකින්න පටන්ගන්නවා. ආදරේ ඇතුලෙ තියෙනවා මේ ඉසිවරමය මත්බව. අපිට අපේ පරිපූර්න ගැහැණිය දෙවඟනක් විදිහට මුනගැහෙනවා. ඇත්තටම ගත්තොත් හැම ගැහැනියක්ම එහෙම තමයි. සාමාන්‍යයෙන් අපේ ඇස්වලට ඒක පේන්නෙ නැතිවෙනවා විතරයි. හැම පිරිමියෙක්මත් එහෙමයි. ආදරය පිරුනු ඇස්වලින් විතරයි අපිට ඒ දිව්‍යමයබව දකින්න වෙන්නෙ.
 
මේ නිසා මෙතනදි ආගමත් ජීවවිද්‍යාවත් දෙකට බෙදෙනවා. ඒ ගොල්ලොන්ට එකට ඉන්න බැරි වෙනවා. 
 
පල්ලියට හෝ පල්ලියට විරුද්ද අයට තේරුම්ගන්න බැරිවුනා ලිංගිකත්වය යටපත්කිරීම කියන එකේ අවිඥානක උවමනාව වෙන්නෙම සෙක්ස් තවත් උත්කර්ෂයට නංවන එක කියල. 
 
ඒ වගේම සෙක්ෂුවල් බයොලොජි සහ ඒ ආශ්‍රිත අනිත් දේවල් කියන්නෙ විශ්වයේ සමස්ත ජීව විද්‍යාවෙම ආරම්භක බලය කියන එක. ප්‍රීතිමත් නර්තනයක් ඒක. 
 
 
දැන් සුළු පිරිසක් මේක දකිනවා, විශේෂයෙන්ම යුදෙව් දෘෂ්ටිකෝනයෙන්, සෙක්ස් කියන්නෙ දෙවියන්ගෙ නිර්මාණයක් කියල. ඒ හින්දම වර්ගයා බෝකිරීමට වඩා දෙයක් එහි තියෙනවා කියල. ඒත් පොදුවෙ ගත්තම සෙක්ස් කියන එක තියෙන්නෙ මහ භයානක දෙයක් කියන අදහසෙන්.
 
අනිත් පැත්තෙන් මේ ක්‍රිස්තියානි පාරිශුද්ධවාදයට එරෙහි බලවේගයත් ඕනවට වඩා එහාට යනවා වෙන්න පුළුවන්. පූර්ණ අවසරයේ දිශාවටයි ඒ අය ගමන් කරන්නෙ. 
 
මෙතන තියෙන්නෙ අමුතු සටනක්. එක පිරිසකට ඕන සාය බිම ගෑවෙන්න අඳින්න. අනිත් අයට ඕන සාය බෙල්ල ළඟට වෙනකල් උස්සන්න. කොතන හරි ඉරක් අඳින්න වෙනවා. ඒ ඉර ඇඳෙන්නෙ මේ දෙපිරිස අතර ගැටුමෙන්ම තමයි. ඒක හරි එක්සයිටින් දෙයක්. මේ දෙපිරිසෙන් එකක්වත් දිනන්න නරකයි. ඒකයි වැදගත්. 
  
හිතන්න මේ ලිබරල් අය දිනුවා කියල. ඒ ගොල්ලො පල්ලියෙ බලය ගන්නවා. බදාදා හවස තරුණ තරුණියන්ට සෙක්ස් සමග යාඥා පංති තියනවා. ළමයි ඉස්කෝලෙ ගිහින් ප්ලාස්ටික්වලින් හෝ සිලිකන්වලින් හදපු ඉතාම ආරක්ෂිත උපකරන එක්ක සෙක්ස් පුහුනු වෙනවා. කොයිතරම් බෝරිං වෙයිද සෙක්ස් කියන එක?
 
සෙක්ස් නරක දෙයක් කියල යටපත් කරන්න හදන අයගෙත් හරි පැත්තක් තියෙනවා. ඒ තමයි සෙක්ස්වල එක්සයිට්මන්ට් එක තියාගන්න එක. ඒත් ඒ ගොල්ලොන්ට බලය ලැබෙන එක හොඳ දෙයක් නෙමෙයි. 
 
හිතන්න A කියල සත්ව වර්ගයක් ඉන්නවා. උන්ව කන සත්තු ජාතිය තමයි B. එකවෙලාවක A පිරිසට තරහ ගිහින් ඒ අය එකතුවෙලා මේ ස්වභාවික සතුරාව සම්පූර්ණයෙන් ඉවර කරලා දානවා. ඒ ගොල්ලොන්ගෙ වර්ගය වැඩිවෙනවා. ආහාර අඩුවෙනවා. දුර්වල වෙනවා. මේ වැඩිවෙන පිරිස පාලනය කරන්න කෙනෙක් නෑ. ඉතින් ටික ටික ඒ ගොල්ලො වඳවෙනවා.
 
  
ඒ හින්ද කරන්න ඕන දේ තමයි ඔබේ සතුරු පිරිස වගා කරන එක. ඒකට කියන්නෙ ආදරනීය පසමිතුරුබව කියල. ඔයාට එහෙම ආදරනීය පසමිතුරෙක් නැත්නම් ඔයා ඉන්නෙ අනතුරක. මේ බැලන්ස් එක තමයි මේ ගමන අරගෙන යන්නෙ.
  
 නිදහස සහ පාරිශුද්ධභාවය කියන දෙකත් ඒ වගේමයි. මේ දෙන්නට දෙන්නව ඕනවෙනවා. ඒක හින්ද ඔයාට මේ විදිහෙ සාම්ප්‍රදායික පාරිශුද්ධබව රකින දෙමව්පියන් ලැබුනා නම් ඔයා ගොඩක් සතුටුවෙන්න ඕන. 
 
මොකද ඔයාගෙ දැන් තියෙන ලිංගික ආස්වාදය, ආශාව නිර්මාණය වෙන්නෙ ඒ බාධාව හින්ද.
 
ඔයාගෙ සෙක්ස් වඩා රසවත් කරන්නෙ ඒ අය හින්ද.
 
 
(උපුටා ගැනීම- facultyofsex.com)
 

 

 

 


 

THE LEADER TV
 

එන්නත් විදීම බරපතල අවුලක - බලවතුන් 100ක් හිරගෙට යයි!

 

යාපනයේ හමුදා ලොක්කාට ඉන්දීය ධීවරයන්ගෙන් ප්‍රහාරයක් !

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...