The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

විශ්ව විද්‍යාලවල ලිංගික පීඩනය පර්යේෂණවලින් හෙලිවේ!

T

The Leader Desk

March 27, 2022 • 4:20 PM

විශ්ව විද්‍යාලවල ලිංගික පීඩනය පර්යේෂණවලින් හෙලිවේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ විශ්ව විද්‍යාල පද්ධතියේ නවක වධය සහ ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් ප්‍රචන්ඩත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් පහුගිය දවසක එලිදැක්වුනා.
  • රාජ්‍ය විශ්ව විද්‍යාල 08ක 5000ක පිරිසක් මේ සමීක්ෂණය සඳහා සහභාගි වුනා.
  • එතනදි පෙනී ගිය කාරණයක් වුනේ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයෙන් 46%ක් වාචික ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වෙන බවයි.
  • මේ අයගෙන් 22%කගෙන් ලිංගික අල්ලස් ඉල්ලා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):



මේ විශ්ව විද්‍යාල පද්ධතියේ නවක වධය සහ ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත පදනම් ප්‍රචන්ඩත්වය පිළිබඳ සමීක්ෂණ වාර්තාවක් පහුගිය දවසක එලිදැක්වුනා.

රාජ්‍ය විශ්ව විද්‍යාල 08ක 5000ක පිරිසක් මේ සමීක්ෂණය සඳහා සහභාගි වුනා.

එතනදි පෙනී ගිය කාරණයක් වුනේ විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයෙන් 46%ක් වාචික ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වෙන බවයි. මේ අයගෙන් 22%කගෙන් ලිංගික අල්ලස් ඉල්ලා තිබෙනවා. 20%ක් ශාරීරික ලිංගික ප්‍රචන්ඩත්වයන්ට ලක්වෙලා තියෙනවා.



මෙතනදි මේ ලිංගික පීඩාවන් සිද්ද වෙන්නෙ ආචාර්ය මණ්ඩලය පැත්තෙන්ද නැත්නම් සිසුන් අතින්ද කියන කාරණය පැහැදිලි නෑ. කොහොම වුනත් වැඩි විභවයක් තියෙන්නෙ ආචාර්ය මණ්ඩලය පැත්තට. ලංකාවෙ උගත් යැයි සම්මත පිරිස අතර ශිෂ්ටබව ගැන ලොකු අර්බුදයක් මේ සමීක්ෂණය අනුව එලියට එනවා.




මේ අතර සිසුන්ගෙන් 17%ක් වාචිකව ලිංගික හිංසනයන්ට මුහුණ දෙනවා. 1.8%ක් පීඩාකාරී නවක වධයන්ට ගොදුරු වෙනවා.

සරසවි ශීෂ්‍යන්ගෙන් 50%ක් නවක වධයට මුහුණ දෙන බවයි දත්ත අනුව පෙනී යන්නෙ. එතනින් 34%ක පිරිසක් අප්‍රසන්න මානසික අත්දැකීම්වලට ලක්වෙනවා. 23%ක පිරිසක් කායික නවක වධයට මුහුණ දෙනවා.

මේ වාර්තාව එලියට ආපු ගමන් විශ්ව විද්‍යාල ප්‍රජාව මේක විශ්ව විද්‍යාල පෞද්ගලීකරණ සැලසුමේ කොටසක් විදිහට දක්වමින් නිෂ්ප්‍රභා කරන්න උත්සාහ කළා.

මෙවන් වාර්තාවක් පිටතට ආ සැනින් එය වගකීම්සහගතව බාරගනිමින් වහාම තත්වය පරීක්ෂා කරන්න උනන්දු වෙනවට වඩා මේ උගතුන් වෑයම් කලේම එවැන්නක් නැති බව හඟවන්නයි. ඒ උත්සාහයම මේ තත්වය යතාර්ථයක් වග සනාථ කරනවා.



ලංකාවෙ දැවැන්ත ලිංගික අර්බුදයක් පවතින බව අපි කියන්නෙ බොහෝ කාලයක පටන්. සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමය හරහාම ලිංගිකත්වය යටපත් කරමින් මේ අසහනකාරීත්වය වැඩිදියුනු කරනවා. අධ්‍යාපන ක්‍රමය තුලම කුහකත්වය නිර්මාණය කරනවා. ස්වභාවික තත්වයක් විදිහට මේ පීඩාව තනි තනි ස්ත්‍රීන් පුරුෂයන් සහ වෙනත් ලිංගිකයන් මතින් පුපුරා යනවා. මේ වරද ඒ පුද්ගලයන්ගේ වරද පමණක් නෙමෙයි. මේක තමයි ක්‍රමයේ අර්බුදය. රටේ උගත්කම පිටුපස ඇති සැබෑ හෙළුව.





රටේ සංස්කෘතිය ලිංගිකව වීවෘත නොවුනු තත්වයක, සියලු ආශාවන් සහ ලිංගිකත්වයන් ජාතියක් හැටියෙන් යටපත් කළ තත්වයක රටේ උසස්ම අධ්‍යාපන ආයතනවල තත්වය මෙබඳු වීම පුදුමයක් නෙමෙයි. දැන් වාර්තා හැටියට මේ දේවල් පිටතට පැමිනීම විතරයි සිද්ද වෙන්නෙ. විශ්ව විද්‍යාල තුල පවතින දැඩි ලිංගික අර්බුදය ඒ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ කාටවත් නම් රහසක් නෙමෙයි.

මේ ගැන මෑත මුනගැසීමකදි කථිකාචාරය අනුරුද්ධ ප්‍රදීප් එක්ක කෙටි කතාබහක් ඇතිවුනා. එතනදි අනුරුද්ධ කිව්වෙ විශ්ව විද්‍යාල තරම් සෙක්ස් තියෙන තැනක් ලංකාවෙ නෑ කියල. එයාගෙ අදහස වුනේ විශ්ව විද්‍යාල යනු ලිංගිකව නිදහස් කලාපයක් කියන එක.

ඒත් විශ්ව විද්‍යාලවල ලිංගිකත්වය පවතින්නෙ වසන් වූ රහස් දෙයක් විදිහට. දැඩි විෂම ලිංගික බලයකට යටත්ව. ලිංගිකත්වය රහසක් බවට පත්වෙනවා කියන්නෙම පීඩාකාරීත්වයක් නඩත්තු කරනවා කියන එක. සමාජයට පෙන්වන රුවට යටින් වෙනත් චරිතයක් පවත්වාගෙන යනවා කියන එක. ඒකට ලිංගික නිදහස කියල කියන්න බෑ. ඒක තමයි ඇත්තටම ලිංගිකත්වය යටපත් කළ සංස්කෘතියක මතුවන ලිංගික කුහකත්වය.

මේ සමීක්ෂණ වාර්තාවෙන් එලියට එන්නෙ අන්න ඒ ලිංගික සිරවීමේ ප්‍රතිඵලයි. මීට අමතරව ගබ්සා ප්‍රමාණය ආදිය ගැනත් හරිනම් සොයාබලන්න ඕන. මොකද එතනින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා ලංකාවෙ උසස්ම අධ්‍යාපන ස්ථානවල පවතින ලිංගික අධ්‍යාපනයේ මට්ටම.

Chinthana D(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක
vyadhadeva@gmail.com

 

 


The Leader TV අද වීඩියෝ 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...