The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන්න - facultyofsex

T

The Leader Desk

July 1, 2022 • 3:13 PM

පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන්න - facultyofsex

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇත්තටම ඒක මගේ නම් සෙක්ස් කරන්න කැමතිම කාලයක්.
  • ඒත් සංස්කෘතියට බයේ මිනිහටවත් කියන්නෙ නෑ.
  • මේ හැමදේකටමත් වඩා වැදගත් වෙන්නෙ මේ කාලෙ සෙක්ස් කිරීමත් එක්ක ඇතිවෙන ආදරය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇත්තටම ඒක මගේ නම් සෙක්ස් කරන්න කැමතිම කාලයක්.

පීරියඩ්ස් කියන්නෙ කිල්ලක්, අප්‍රසන්න දෙයක්, අප්පිරියාවක් වගේ මනස්ගාත වෙනුවට මට පීරියඩ් සෙක්ස් කියන්නෙ ආස්වාදජනක අත්දැකීමක්. පිරිමින්ගෙ මේ තියෙන ප්‍රතික්ෂේ කිරීම හින්දම ගැහැණුත් බොහෝ විට පීරියඩ්ස් කාලෙ පැත්තකට වෙලා ඉන්න පෙළඹෙනවා.

‘අද බෑනෙ, පීරියඩ්ස්නෙ’ කියනවා.

ඒත් ඒක ට්‍රයි කරලා බැලුවොත් ආයෙ කවදාවත් මේ කාලෙ අතාරින්නෙ නම් නෑ.

පීරියඩ් කාලෙ සෙක්ස් කරන එකේ ගොඩක් වාසි තියෙනවා. වි‍ශේෂයෙන් ගැහැණුන්ට.

එකක් තමයි පීරියඩ් ක්‍රෑම්ප්ස් වලින් සහනයක් ලැබෙන එක. මේ කාලෙ බොහෝ අයට විඳින්න සිද්ද වෙන වේදනාබර මේ ක්‍රෑම්ප්ස්වලට හේතුව ගර්භාෂය එහි මතුපිට ලයිනින් එක ඉවත් කිරීම සඳහා පේශීන් හැකිලෙන්න ගන්න එක. සෙක්ස්වලදි ලැබෙන සුරතාන්තයත් එක්ක මේ ගර්භාෂයේ පේශීන් හැකිලීම සිද්ද වෙන අතර ඉහිල්වීමකුත් සිද්ද වෙනවා. ඒක ක්‍රෑම්ප්ස්වලට ලොකු සහනයක් වෙනවා.

ඒ වගේම සෙක්ස් කරද්දි එන්ඩෝර්ෆීන්ස් කියන රසායනිකයන් නිදහස් වෙනවා. ඒක ස්වභාවික වේදනා නාශකයක් වෙනවා වගේම මූඩ් එකත් සතුටට පෙරලනවා. සෙක්ස් කරද්දි අපි කැමති දේකට අපේ මනස යෙදෙන නිසා පීරියඩ්ස් කාලෙට දැනෙන කනස්සලුගතියත් මැකිලා යනවා.


සෙක්ස් කලොත් ඔයාගෙ පීරියඩ් කාලෙ කොට වෙන්න පුළුවන්. සුරතාන්තයකදි ගර්භාෂ පේශීන් හැකිලීම ඉහිල්වීම නිසා වඩා ඉක්මනින් මතුපිට ස්ථරය ගැලවී යන්න සලසනවා. ඒ කියන්නෙ ඔයාගෙ පීරියඩ්ස් කාලෙ කෙටි වෙන්න ඉඩ තියෙනවා.

xfgdfg

පීරියඩ්ස් කාලෙට වැඩියෙන් සෙක්ස් ඩ්‍රයිව් එක දැනෙන ගැහැණු මට මුනගැහිලා තියෙනවා. ගොඩක් අයට මේක පීරියඩ්ස් හැදෙන්න ආසන්නයේ දැනෙන තත්වයක් වුනත් ඒ වගේම පිරිසකට මේක පීරියඩ්ස් කාලෙ දැනෙන ආශාවක්. ඒත් සංස්කෘතියට බයේ මිනිහටවත් කියන්නෙ නෑ.

වහනය වෙන රුධිරය නිසා ලුබ්රිකන්ට් ඕන වෙන්නෙත් නෑ. මේක ගැහැණියට වගේම පිරිමියාටත් ආස්වාදජනක දෙයක්. වඩා පහසුවෙන් ලිහිසිව ඉහළ පහල යමින් වඩා සොඳුරු ආදරණීය අත්දැකීමක් ගන්න පුළුවන්.

සමහර අයට පීරියඩ්ස් කාලෙට ඔලුව රිදෙන්න ගන්නවා. එහෙම ඔලුව රිදෙන හින්දම ඒ අය සෙක්ස් කරන්න බෑ කියන්නත් ඉඩ තියෙනවා. ඒත් සෙක්ස් කිරීමෙන් මේ වගේ හිසේරුදාවන් මගහැරී යනවා කියලයි පීරියඩ්ස් කාලෙ සෙක්ස් කරන ගොඩක් ගැහැණුන්ගෙ අත්දැකීම.

ඒ වගේම පීරියඩ්ස් හින්ද තියෙන ලොකුම වාසියක් තමයි ගැබ්ගැනීම් ගැන බය වෙන්න දෙයක් නැති එක. පීරියඩ්ස් තියෙද්දි ගැබ් ගැනීමක් සිද්ද වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අවමයි. මේ කියන්නෙ වෙන්නම බෑ කියල නෙමෙයි. ඒත් ඒ තමයි ස්වභාවිකව ආරක්ෂිතම කාලය.

dcfhfdghfgh


මේ හැමදේකටමත් වඩා වැදගත් වෙන්නෙ මේ කාලෙ සෙක්ස් කිරීමත් එක්ක ඇතිවෙන ආදරය. තමන්ගේ සියලු දේ අනුරාගයෙන් ආසාවෙන් රසවිඳින පෙම්වතෙක් ඉන්නවා කියල දැනෙන එක ගැහැණියකට ආදරනීය හැගීමක් ගේනවා. වැඩිවිය පත් වයසෙ ඉඳන් ප්‍රතික්ෂේප කළ යුතු, වසන් කළ යුතු, අප්‍රසන්න දෙයක් හැටියෙන් පුරුදු පුහුණු කළ මේ පීරියඩ්ස් කියන්නෙ ලංකාව වගේ රටක ගැහැණුන්ට තමන්ගෙම සිරුර පවා කිළිටි හැටියෙන් දකින්න පනවපු සංස්කෘතික තහංචියක්. ඒ දවස් කීප‍යෙත් අනිත් හැම දවසක වගේම තමන්ව ආදරෙන් බාරගන්නා, සිපගන්නා, තමන් තුල රැදෙන්න ආස කරන පෙම්වතෙක් කියන්නෙ ගැහැණියකට ඒ තහංචිය බිඳින ප්‍රේමයක්.




මේ හැම දෙයක්ම විඳිද්දි පරිස්සම් වෙන්න තියෙන්නෙ රුධිරය තැවරීමෙන් සිද්ද වෙන අවුල ගැන විතරයි. වෙන ෂීට් එකක් වගේ දෙයක් පාවිච්චි කිරීමෙන් ලේසියෙන්ම ඒක මගහරින්න පුළුවන්.

(facultyofsex.com)

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පීරියඩ්ස් එක්ක සෙක්ස් කරන්න - facultyofsex | The Leader