The Leader News
BREAKING
ඉරාන නෞකා ප්‍රශ්නය: 'ඇමෙරිකාවෙන් බලපෑමක් නෑ' - රජය කියයි●තිලීපන් පිළිරුව ඉවත් කිරීම: ලන්ඩනයේත් විරෝධතා●මඟුල් ගෙදර සිංදු කියන්න ගාස්තු ගෙවිය යුතු ද? විජිත පැහැදිලි කරයි●ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●
Top Ad
විශේෂාංග

ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත... | Shabeer Mohamed

T

The Leader Desk

January 10, 2026 • 5:29 AM

ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත... | Shabeer Mohamed

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • Hayleys සමූහ ව්‍යාපාරයට අයිති Kelani Valley Plantations එක යටතේ තියෙන මේ Lavant Estate එකේ Upper Divition එක තමයි මේක. යටියන්තොට ඉදං කිලෝමීටර් දහයක් විතර ඇතුලට යන්න ඕනේ.
  • ගිහින් ඇත්තම තත්ත්වය තව හොයලා බැලුවා.
  •   කුකුල් කූඩු වගේ මේ තියෙන්නෙ 2021 ඉදං පවුල් විසි එකක් විතර ජීවත්වෙන තාවකාලික ගෙවල්.
  • සමහර ගෙවල් ඇතුලෙ 08 - 10 මිනිස්සු ඉන්නවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මං ගිය සතියේ මේ කතාව පත්තරේට ලිව්වා. ඊට පස්සේ පෙරේදා ඒ වත්තට ගියා. ගිහින් ඇත්තම තත්ත්වය තව හොයලා බැලුවා.  

කුකුල් කූඩු වගේ මේ තියෙන්නෙ 2021 ඉදං පවුල් විසි එකක් විතර ජීවත්වෙන තාවකාලික ගෙවල්. සමහර ගෙවල් ඇතුලෙ 08 - 10 මිනිස්සු ඉන්නවා. ඉස්කෝලෙ යන ළමයි, කසාද බැඳපු ජෝඩු සහ වයසක අය හැමෝම ජීවත් වෙන්නේ මේ වගේ කූඩාරම් ඇතුළේ.  

මේ වත්තට ගියාට පස්සේ තේරිච්ච දෙයක් තමයි ලංකාවේ වතුවල “වහල්භාවය” කියන එක වක්‍රාකාරව කොහොමද තවමත් තියෙන්නේ කියන එක.

 

612495189 3060167711037816 8284643205467272099 n
මේක තමයි මෙයාලගේ කතාව...

1996 තමයි මුලින්ම මහා වැස්සක් වෙලාවෙ මේකෙ ලයින් කාමර දෙකක් කැඩෙන්නේ. ඊට පස්සේ 2000, 2005 වගේ විවිධ අවස්ථාවන්වල ඒ ලයින් කාමර කැඩෙනව. සමහර වෙලාවන් වල එස්ටේට් එක පොඩ්ඩ පොඩ්ඩ ඒව හදලා දීල තියෙනවා.

මේ ලයින් කාමර තියෙන්නේ උස කන්දක මුදුනේ. ඊට පස්සේ ඒ කන්ද මුලින්ම ලොකුවට නාය යන්නේ 2016. ඒ වෙලාවේ මෙයාලව තාවකාලිකව ටිකක් ඈත තියෙන ඉස්කෝලෙකට යවනවා. පස්සේ දවස් 21කින් ආපහු ලයින් වලට යවනව.

එක පාරක් ඒ වගේ නාය ගිය නිසා ලොකු වැස්සක් එහෙම ආවොත් ආරක්ෂාවට කියල දිගටම දෙතුන් පාරක් ඒ ඉස්කෝලෙටම යවලා තියෙනවා. එහෙම ඉන්නකොට 2021 විශාල ආපදා තත්ත්වයක් ලංකාව පුරාම ආපු වෙලාවක මෙයාලට ආපහු අර ඉස්කෝලෙටම යන්න කියලා තියෙනවා.

ඒ වෙලාවේ මේ ලයින් කාමරවල හිටපු මිනිස්සු එකතු වෙලා “අපිට එච්චර දුර ගිහිල්ලා ඉන්න බෑ” කියල තමන්ට පුලු පුලුවන් විදිහට පුංචි කූඩාරම් හදාගෙන ලයින් කාමරවලට ඉස්සරහම ඉඳලා තියෙනවා. ඒ දවස්වල ඉන්දියාවෙන් පුංචි කූඩාරම් වගයක් මෙයාලට හම්බවෙලා තියෙනවා.

මෙයාල හිටපු ලයන් කාමර අවුරුදු 120 විතර පරණයි. ඒකෙ ගොඩක් තැන්වල ඉරිතැලිලා විනාශ වෙලා ගිහින් තියෙනවා. Estate එකෙන් කිසිම විදිහකින් ඒවා හදලා දීලා නෑ. හැමදාම “ඔයාලට ගෙවල් දෙනව” කියන බොරු පොරොන්දුව විතරයි දීල තියෙන්නෙ.

කලකිරිම සහ අනාරක්ෂිත භාවය නිසා තමයි 2021 මෙයාලා වෙනත් තැන්වල කූඩාරම් හදාගෙන තියන්න.

ඊට පස්සෙ ඒ වගේ ගිය අයගෙන් කිහිප දෙනෙක්ව විතරක් වත්තේ අයිතිකාරයෝ හම්බවෙලා ' ඔයාලට ගෙවල් දෙන්නම් දැනට ගිහිල්ල අර කැඩිච්ච ලයම ඉන්න' කියලා වංචනික විදිහට එයාලව ආපහු යවලා තියෙනවා.

ගමේ අය කිව්වේ මිනිස්සුන්ව දෙකට බෙදලා එයාලා වැඩේ කරගන්න හැදුව කියලයි. ඇත්තටම ඒක තමයි වෙලා තියෙන්නෙ.  

ඊට පස්සෙ වතු අධිකාරීවරයා - “නීති විරෝධීව වත්තට අයිති ඉඩමේ ගෙවල් හදාගත්තා” කියලා නොයා හිටපු අයට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාලා පස්සෙ නඩු දාලා තියෙනවා. මේක වෙලා තියෙන්නෙ කොරෝන කාලේ.

612832106 3060167561037831 5331551300713150878 n

අපිට ඒ මිනිස්සු කිව්වේ “මහත්තයො අපි කොරෝනා එකෙනුත් බැටකාගෙන මේ ප්‍රශ්නෙනුත් ඒ දවස්වල පුදුම දුකක් වින්දා. අපිට විරුද්ධව මුලින් පැමිණිල්ල දැම්මම අපි හැමෝටම පොලිසියට එන්න කිව්ව. ඉතින් ළමයි වයසක අය අරගෙන මෙතන ඉඳන් යටියන්තොට ටවුමට අපි පයින් ගියේ. ඒ කාලේ බස් එකක්වත් තිබ්බේ නෑ. පොලිසියට ගියාම OIC අපිට බැන්නා - නඩයත් එක්කම ආවේ ඇයි? කියලා. අපි දන්නේ නෑ ඒක. ඒ තරම් අපි දුක් විඳලා තියෙනවා…”

තවමත් ඒ නඩුව යනවා. කූඩාරම් වල ඉන්න හැමෝම රුපියල් දාහ ගානෙ නීතිඥවරයාට නඩු දවසට තවමත් සල්ලිත් ගෙවනවලු.

එතන හිටපු මනුස්සයෙක් මට ලොකු ෆයිල් එකක් පෙන්නුවා “මේක තමයි නඩුව” කියලා.

ඒකෙ 2021 NBRO Report එකක් තිබ්බා.

*පළවෙනි කාරණාව ඒක තියෙන්නෙ සිංහලෙන්. මේ මිනිස්සුන්ට සිංහල දන්නේ නෑ. භාෂා ප්‍රතිපත්තිය කියන එක තඹ සතයකටවත් රාජ්‍ය ආයතන ගණන් අරක් නෑ.

*දෙක, NBRO ආයතනය එයාලගෙ වාර්තාව දෙන්නෙ වතු අධිකාරීවරයාට. 2021කට පස්සෙ දීපු වාර්තා මොකුත් මෙයාල ගාව නෑ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට අයිතියක් නෑ තමන්ගේ ජීවිත අවදානම ගැනවත් තීරණයක් ගන්න.

ඒ 2021 report එකේ පැහැදිලිව තියෙනවා “මේ බෑවුම මධ්‍යම අවදානම් සහගත ප්‍රදේශයක් සහ මේ නිවාස පැරණි වීම නිසා ඒවා අබලන් වීමේ හැකියාවක් තියෙනවා” කියන එක.

මේ වගේ රිපෝට් එකක් දීපු ඉඩමක තියෙන අබලන් ලයින් කාමරයක හිටපු පවුල් 21 තමයි තාවකාලිකව වෙනත් තැන්වලට ගිහිල්ල පොඩි පොඩි කූඩාරම් ගහගෙන තියෙන්න. නමුත් ඒ අයට විරුද්ධව වත්ත නඩු දාලා තියෙනවා.

 

612322883 3060167514371169 3264337257124803439 n

*ඒ කියන්නේ මේ වත්තේ මිනිස්සුන්ට ආරක්ෂාකාරී ස්ථානයක ජීවත් වෙන්න අයිතියක් නෑ. වතු අධිකාරී කියනදේ තමයි කරන්න ඕනේ !!

ඒ විතරක් නෙමෙයි තාවකාලික කූඩාරම් වලට ගිය මිනිස්සුන්ව 2021 රැකියාවෙන් නෙරපල තියෙනවා. වංචනික විදිහට කැඩිච්ච ලයමට යවපු කට්ටියව විතරක් රස්සාවට අරන් අනිත් අයට කියලා තියෙන්නේ ‘ඔයාලා ආපහු අර කැඩිච්ච ලයමට ගියොත් තමයි රැකියාවට ගන්නෙ’ මේක ලිඛිතවම දැනුම් දීලත් තියෙනවා.

*සම්පූර්ණයෙන්ම කැඩිච්ච එකක් සහ බාගෙට කැඩිච්ච තව ලයින් පේලියක පවුල් 34 විතර දැන් එතන ඉන්නවා. එයාලා හැමෝටම තියෙන්නෙ ටොයිලට් තුනයි. ටොයිලට් වලක් හාරෙනවනම් ඒකටත් වතු අධිකාරීවරයාගෙන් ලියුමක් ගන්න ඕනේ. මේක තමයි යථාර්ථය.  

2025 මොකද වුණේ ?

2025 නොවැම්බර් Dithwa කුණාටුව වෙලාවේ ලයින් කාමර සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. මේ අවුරුද්ද පුරාවටම පොඩ්ඩ පොඩ්ඩ ඒක වෙලා තියෙනව. එතන හිටපු මිනිස්සුත් පල්ලෙහාට ගිහිල්ල තියෙනවා.

මෙයාල ජිවත් වුනු තාවකාලික කූඩාරමකට නොවැම්බර් 27 රෑ දුරියන් අත්තක් වැටිලා තියෙනවා. ඒක විදුලි රැහැනක් මතට වැටිලා තමයි කූඩාරමට වැටිලා තියෙන්නේ. ඒකත් එක්කම කරන්ට් එක නැතුව මෙයල දවස් ගානක් ඉඳල තියෙනව.

නමුත් ඒ කූඩාරමට හෝ අනිත් කූඩාරම් වල ඉන්න කිසිම කෙනෙක්ට රජයෙන් ලැබෙන කිසිම ආධාරයක් ලැබිලා නෑ.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් මේක ගැන ඇහුවම කිව්වේ - Dithwa හේතුවෙන් විනාශ වෙච්ච අයට තමයි අපිට දේවල් කරන්න පුළුවන් කියන එක.  

වැස්ස දවස් වලට රබර් කිරි කපන්න යන්න බෑ. වත්තට ගියොත් තමයි සල්ලි හම්බවෙන්න. හැමදාම වත්තට කිරි කපන්න යන්නත් නෑ. ගොඩක් අයට රැකියා නෑ. ඉතාමත් භයානක විදිහට ගස් කිහිපයක්ම ඒ වත්තේ මේ කූඩාරම් වලට උඩ තියෙනවා. ඒව කිව්වට කවුරුත් කපල දෙන්නෙත් නෑ.

611523611 3060167734371147 1724796029117841052 n
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය ඇමති සුන්දරලින්ගම් ප්‍රදීප් අමාත්‍යවරයා පවා ගිය සතියේ මේ ස්ථානය නිරීක්ෂණය කරලා තියෙනවා. ගස් වල අතු ටික කපල දෙන්න කියලා එයාගෙන් ඉල්ලලා තියෙනවා මේ මිනිස්සු. ' හා මම කරල දෙන්නම්' කිව්වට තවමත් කවුරුත් ඇවිල්ලා නෑ.

හැම දේශපාලනඥයක්ම මෙයාලට දීපු එකම පොරොන්දුව ‘අපි ඔයාලට ගෙවල් හදලා දෙන්නම්’ කියන එක විතරයි.

මේ මිනිස්සු අද ඉල්ලන එකම දේ - ‘අපිට ගෙවල් එපා ඉඩම් කෑල්ලක් විතරක් හරි දෙන්න, අපි කොහොම හරි ගෙයක් හදාගෙන ඉන්නම්’ කියන එක විතරයි.

මේ වත්තේ මහත්තයෙක් මට කියනවා: "වතු අධිකාරීවරයාගේ විදේශීය බල්ලන්ට තනි කාමර තියනව. ඒ කාමර අපේ ගෙවල් වලට වඩා ලොකුයි. ඒක බලාගන්න වෙනම මනුස්සයෙක් ඉන්නවා ? ඒත් අපේ ඉරණම...."

 

611162629 3060167944371126 8330891517522254149 n

Hayleys සමාගමේ ආදායම විතරක් ගිය අවුරුද්දේ බිලියන 35යි. හැබැයි මේ මිනිස්සුන්ට පර්චස් දහයක් දෙන්න රජයට හෝ මේ වතු හිමියන්ට තවමත් බැරි වෙලා තියෙනවා.

* එයාලා නූගත්

* එයාලට තේරෙන්නේ නෑ

* එහෙම පොඩි කාමරවල ඉඳලා එයාලට පුරුදුයි

* මේ හදන්නේ අනුකම්පාව දිනාගෙන මිනිසුන්ගෙන් මොනවා හරි දෙයක් ඉල්ලගන්නයි

* හම්බ කරන හැමදේම බීල නාස්ති කරනවා

* ඉගෙන ගන්නේ නෑ - ඉතිං මෙයාලට කරල වැඩක් නෑ...

 

612623811 3060167861037801 2413701769986253453 n

 රාජ්‍ය නිලධාරින් සිට ඔබ අපි හැමෝම මුලින්ම මෙහෙම හිතන එක නවත්තන්න ඕනෙ.

රජයේ නිලධාරීන්ටත් නීති සහ චක්‍රලේඛන අඩුව තමයි වැඩ කරන්න වෙලා තියෙන්නේ. සමහර දේවල් වලට එයාලට ඇඟිල්ල දික් කරාට ඇත්තටම එයාලත් අසරණයි. ඒවගේම ඇතැම් නිලධාරීන් වුවමනාවෙන් මේ අයව මගඅරිනව.

“Lavant Estate” කියන්නේ ලංකාව පුරාවටම තියෙන දාහක් වතුයායවල් අතර එකක් විතරයි. මේ වගේ ගොඩක් කී සහ නොකී කතා දහස් ගණන් තියෙනවා.

shabeer
( සටහන සහ ඡයාරූප | සබිර් මො‍හොමඩ්)
මාධ්‍යවේදී


Shabeer Mohamed මුහුණු පොතිනි.

උපුටා ගැනීම | srilankabrief.org

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආණ්ඩුවේ ගජ මිතුරු සමාගමක වතු ලයින් කාමරවල ගෙවෙන අපා ගත ජීවිත... | Shabeer Mohamed | The Leader