The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සිංහරාජය ; දෙපලු වන වන මැදින් මාවතක් මැවෙයි : 'මෝසම් දෙකිඳ' - (මංජුල වෙඩිවර්ධන)

T

The Leader Desk

August 17, 2020 • 3:23 PM

සිංහරාජය ; දෙපලු වන වන මැදින් මාවතක් මැවෙයි : 'මෝසම් දෙකිඳ' - (මංජුල වෙඩිවර්ධන)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (සිංහරාජ වන මැදින් පාරක් කැපීමට මිට පෙර ආණ්ඩුවල සිටි පාලකයින් ද දැරු උත්සාහයන්
  • ‘’ආං කුණකටුවෙක්’’ ඇය තිගැස්සී කීව ද තිගැස් ම පමණ ම ය සරුපයෙක් නම් නැත.
  • පෙර දිනක රාත්‍රියක මා දුටු නිවර්ථන සිහිනෙක වත රතු මල් කොහා ඔය ගීය ගැයූ බව මතක ය.
  • ‘’ඉබන් බතුතාවන් සමනොළ තරණයෙහි පසු කළ ඒ අඩි පාර වද මෙසේ මහ මං ව ඇත්තේ?’’ දැන හෝ නො දැන හෝ ඇය එහෙම අසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මංජුල වෙඩිවර්ධනයන්ගේ 'සන්තාන ගීතිකා' (2019) කාව්‍ය සංග්‍රහයේ සටහන්ව තිබුනේ මෙසේය.)

ඉදින් ඈ ළඟ
ගලන සඳකැන් මෝසම
ඇහැ ළඟ.

ඒ අත්ල
මේ අත්ල මෙන්
සිය සිය සියවරක්
පිරිපහදු වර නංවා
සුළැඟිලි තුඩ පවා
සිලිටි මැටියෙහි සනහා
ඇහැ අගට ළං කර
උණුහුම විඳින්නට
මෝසමට නො හැකි ද?

ඇඳ මත
පළඟ බැඳ
සිහින දකිමින්
නිදන්නට හැකි
ඇයට පමණ ය.

විටෙක ඇය,
සිහිනයෙන් හිනැහෙයි.
මහදෙහි නිරිතදිග
‘නිවර්තන’ එළඹුම
ඒ සිනහවේ නවතියි.
‘අන්තර් නිවර්ථන’
‘අභිසරණ කලාපය’
කැළඹෙන මොහොත වන විට
සිහිනයෙන් ඇය ඇහැරෙයි.

‘’සිංහරාජෙට යමු’’

දෑස් මානා අහසට
අහස් යානා මවනට
හැකි ළඳක් වෙත්නම්
ඇය ම පමණ ය.

මූකලන්බත්වුණු
ඇහි පිල්ලමක් යට
ගිම්හාන මැත දොඩවන
වස්සාන කවියක
නටඹුන් දකින මෝසම
‘වැහි මූකලන්’ සොය සොය
වෙන කොහේ යන්නද?

ඉදින් මොහොතින් අපි
සිංහරාජය මැද
යෝධ මීවන ගසක් යට
තුරුලු වී ඉන්නෙමු.

‘’ආං කුණකටුවෙක්’’
ඇය තිගැස්සී කීව ද
තිගැස් ම පමණ ම ය
සරුපයෙක් නම් නැත.

පිනිබරු ගසක ඉත්තක
සොඳුරු දම්පැහැ කුසුමින්
හිස මෑත් කළ අං කටුස්සා
හිනාවෙන්නේ ඇයට ද?

වත රතු මල් කොහා
කළු සුදු පෙඳය විහිදා
හොට අගින් අත්හළ
විප්පලාපී  ගීයේ
අරුත කවරක්දැයි
මා දෙතොලින් මිදෙන ඇය
විස්සෝපයෙන් අසයි.

පෙර දිනක රාත්‍රියක
මා දුටු නිවර්ථන සිහිනෙක
වත රතු මල් කොහා
ඔය ගීය ගැයූ බව මතක ය.

ඒ නිවර්ථන සිහිනය
මහ වනය මැද
යළි වරක් පෙනෙයි.
දෙපලු වන වන මැදින්
මාවතක් මැවෙයි.
දිවි පුදන තුරු වලින්
මිනිපෙට්ටි තැනෙයි.

‘’ඉබන් බතුතාවන්
සමනොළ තරණයෙහි පසු කළ
ඒ අඩි පාර වද
මෙසේ මහ මං ව ඇත්තේ?’’
දැන හෝ නො දැන හෝ
ඇය එහෙම අසයි.  
අවසාන හොර ගහත්
අහසට ම උසයි.

ඉදින් ඈ ළඟ
ගලන සඳකැන් මෝසම
ඇහැ ළඟ.

‘’ගිරිස්මය කළඹවා වෙවුලුවා  බිඳ දමා වහින වැහි අඛන්ඩය
සොභාවික මහ පුරුෂ සුලක්ෂණ වුව තවම          විතණ්ඩය
නිවර්තන අභිසරණ කලාපය හැමවිටෙම             ප්‍රචණ්ඩය
ඉදින් හද ගුගුරුවා ඇස පුරා වහින වැහි               අඛන්ඩය’’

Manjula wediwardhanaමංජුල වෙඩිවර්ධන
සන්තාන ගීතිකා- 2019
mwediwardena@jdslanka.org

 

සබැඳි පුවත:
සිංහරාජය මැදින් පාරක් කපයි : 'දේශප්‍රේමින්' නිහඬයි!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...