The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

යුග තුනක මාධ්‍ය යාත්‍රිකයා සිරි රණසිංහ - (කුමාරදාස ගිරිබාව)

T

The Leader Desk

December 20, 2023 • 9:07 AM

 යුග තුනක මාධ්‍ය යාත්‍රිකයා සිරි රණසිංහ - (කුමාරදාස ගිරිබාව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රණසිංහ මහතාගේ මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උළෙල 2023 දෙසැම්බර් 20 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.
  • ජිවිතයේ කිනම් මොහතක හෝ ආපසු හැරි බැලිමට ඕනෑම මිනිසෙකුට හැගිමක් ඇතිවිම අතිෂය ස්භාවික තත්වයකි.
  • මේ මගේ සිත අතිතයට රැගෙන යන්නෙ මේ දිනවල මුද්‍රිත මාධ්‍යයේ 50 වසරක අත්දැකිම් සම්භාරයක හිමිකාරත්වය සනිටුහන් කරන විශේෂිත පුද්ගලයෙකි.
  • හේ සිරි රණසිංහ ලෙස අනන්‍යතාවය ගොඩ නගා ගත් දීර්ඝ මාධ්‍ය චාරිකාවක නිරත වූවෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):
රණසිංහ මහතාගේ මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උළෙල 2023 දෙසැම්බර් 20 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. විජය පුවත්පත් සමාගමේScreenshot 2023 12 20 at 2.11.44 PM සභාපති රංජිත් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවය සිරි රණසිංහ මිත්‍ර සංගමය මගින් සංවිධානය කරනු ලබයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ජිවිතයේ කිනම් මොහතක හෝ  ආපසු හැරි බැලිමට ඕනෑම මිනිසෙකුට හැගිමක් ඇතිවිම අතිෂය ස්භාවික තත්වයකි. දියුණුවට පත්ව අපේක්ෂිත
ඉලක්ක කරා පැමිණි විට විය හැකිය. නොඑසේනම් කඩා වැටිම් සියලු දේ අහිම්විම් වැනි අවස්ථාවක විය හැකිය. අතිතයේ කිමිදෙන්නට සිතිම අස්වාභාවික  නොවේ.

දේශපාලකයන්ට නම් බලය අහිමි වි වරප්‍රසාද සියල්ල අහිමිව ගිය කල අතිතය මතක් විය හැකිය.

අතිතය කරා මගේ දිවයන මගේ සිත එක තැනක නැවතෙයි.  මේ මගේ සිත අතිතයට රැගෙන යන්නෙ මේ දිනවල  මුද්‍රිත  මාධ්‍යයේ 50 වසරක අත්දැකිම් සම්භාරයක හිමිකාරත්වය සනිටුහන් කරන විශේෂිත  පුද්ගලයෙකි.


 හේ සිරි රණසිංහ ලෙස අනන්‍යතාවය ගොඩ නගා ගත් දීර්ඝ මාධ්‍ය චාරිකාවක නිරත වූවෙකි. වසර තිහකට වඩා එකම ආයතනයක කතුකම් දැරු මිනිසෙක් පිළිබඳව  වසර පහකට ආසන්න කාලයක් එම කතු තුමන් යටතේ වැඩ කල මා වැන්නකු ට කුමක් ලියන්නට වෙත්දැයි කුකුසක් ද කෙනෙකුට තිබිම අහේතුක නොවේ.
siri ranasinghe4 1
කොළඹ හුණුපිටිය හරස් පාරෙ පත්තර විජිතයක තීරක භූමිකාව අත් පත් කරගෙන සිටින සිරි රණසිංහයන් මගේ ගුරුවරයෙක් ලෙස තැනක තබන්නට මා සුදානම් ය. ඔහුත් නොදන්නා මටත් කලෙක නොවැටහුණු මේ ගුරු ගෝල සම්බන්ධය කිසි කලෙක දුෂ්‍යමාන වූ වක් ද නොවේ.

 එහෙත් මට හැඟෙන්නේ ඔහු මගේ ගුරුවරයෙක් ලෙසය. ඒ ඔහු මගෙ ප්‍රධානියා විම ම නොවේ.

තමන් කරන කාර්‍යයට අවංකවිම, අප්‍රමාණ කැපවිම්, පිළිවෙළ ඉගෙන ගතයුත්තේ ඔහුගෙන් යැයි මගේ සිත විශ්වාස කරන්නට ගන්නෙ ඔහු ගේ යටතේ පත්තර රස්සාව කරන සමය හිතුවක්කාර ලෙස බිද දැමු පසු ය. හේ ගුරුවරයෙකි. හොඳම ගුරුවරයාගේ ද අඩුපාඩු දුර්වලතා  තිබිය හැකිය. මා ගෝලයෙක් යැයි නොසිතන මගේ ගුරු සිරි රණසිංහයන් ගේ පත්තර දිවියේ කූඨප්‍රාප්තියට මා තුල යම් අනුරාගයක් ඇතැයි  සිතේ.

siri ranasinghe3 1
මා ලංකාදිපය ට ගොඩවෙන්නේ එය සොල්දර ගොඩනැගිල්ලක්  තුල පවත්වාගෙන යන සමයකය. ඒ සතිමැද ලංකාදිප කර්තෘ මාණ්ඩලික යෙක් වශයෙනි.

ඒ අවස්ථාව ආරියනන්ද දොඹගහවත්ත යන්ගෙ මැදිහත්වීම නොවන්නට නොලැබෙන්නට ඉඩ තිබුනකි.

 බොරලැස්ගමුව වැව පාරෙ 'ලක්මිණ' නම් ව්කල්ප පත්තරයක සෝදුපත් බැලිමද ලිවිමද උරුමව තිබු කාලයක, සුනිල් මාධව එහි කර්තෘවරයා විය. සුනිල් අයියා සහ අප අතර වු බැදිම 'දිවයින' පුවත් පත භූමියෙ ජනිත ව වැඩුනකි. පෝෂණ ය වුවකි. සුනිල් අයියා සහ දොඹේ අතර ද සමිප හිතවත් කමකි.
Siri Ranasinghe4 
පිලිගැනිමක් විය. සිරි රණසිංහ යන් ගේ විශ්වාසය දිනාගත් ප්‍රේමතිලක සමරවීර, ඒ එල් කේ පෙරෙරා, තුෂාර  ගුණරත්න වැනි මාධ්‍යවේදින් ද මගේ මතකයට නැගෙයි.

සිරි රණසිංහ යන් සියල්ලටම කලින් පත්තර කන්තෝරුවට එයි. ඔහුට කලින් ලංකාදීප  කන්තෝරුවට ආ අයෙක් වෙත්නම් ඒ දෙල්තොට චන්ද්‍රපාලයන් ය.කාර්‍යාලයෙන් අපසු යන්නේද සියල්ලට පසුය. ඇතම් විට ඒ වෙලාව රාත්‍රි 10 ද විය හැකිය.

අමතක නොවන සිදුවිමක් ද මේ අතර වෙයි. මා රාත්‍රි සේවයේ යෙදි සිටි දවසකි. රාත්‍රී  9 ට පමණ සිරි රණසිංහ යන් අපටද යන බව කියා පිටත් විය. ඇඟ රත්කර ගැනිමේ යෝජනවක් එදින කලින්ම තවත් සගයෙකුගෙන් ඉදිරිපත් ව තිබුණෙන් අප සිටියේ කර්තෘ තුමා යනතෙක් නොඉවසිල්ලෙනි. මෝටර් රථය පිටවයන සැණින් අපි දෙදෙනා හෝ තුන්දෙනා සැලසුම ක්‍රියාත්මක කරන්නට කාර්‍යාල භූමියෙන් පැනගත්තෙමු.


මොහතකින් අපේ කාර්‍යාල සහායක හිතවතා අප සොයා පැමිණ හති දමමින් දුන් පණිවිඩයෙන් කියැවුණේ රණසිංහ මහතා නැවත පැමිණි  බවයි. ගැහෙන හදින් යුතුව ආපසු එන අපට ඔහු පවසන්නේ හෙට පුවත් පතේ පළවන ලිපියක් ගැනය. අප හිතුවෙ හොර අල්ලන්නට එන්නට ඇති බවය.

 වරෙක මා පත්තර කන්‍තෝරුවක පියන් කමටවත් නොසුදුසු යැයි කර්තෘ මණ්ඩල රැස්විමක දි ප්‍රසිද්ධියේ කි ඔහු, පසු කලෙක මගෙ ප්‍රවෘත්ති ලිවිම පිළිබඳව එවන් රැස්විමකදිම පැසසිය.
 
මාධ්‍ය රස්සාවෙ නිරත වන බොහෝ දෙනකු ට එය ලැයිසන් එකක්වන්නෙ දරුවන් හොද පාසල කට දමන්නටය. ආණ්ඩුවෙන් ඉඩමක් ගෙයක් දොරක් ගන්නටය. විදේශ  සංචාරයකට ය.

කර්තෘ  වරයෙකුට නම් බොහෝදේ ය.
siri12
 
 සිරි රණසිංහ මහතා කර්තෘ වරයෙක් ලෙස උපයාගත් සමාජ සම්බධතා දේශපාලන සම්බධතා යොදා ගන්නෙ ඔහුගේ ගමේ පොදු කටයුතුවල ටය. පාර කාපට් කරගන්නට ය. පන්සලේ ගොඩනැගිල්ලක් වෙනුවෙනි. ඔහු දකුණ නියෝජනය කල අතර උපන් ගමට ඇල්මක් දැක්විය

1989 ඉරිදා ලංකාදිපයේ කර්තෘ වරයා වන ඔහු ටික කලෙකින් දිනපතා පත්තරයේ ද කර්තෘ  ධූරය ලබයි. ඇත්ත වශයෙන්ම සිරි රණසිංහ, දයාසේන ගුණසිංහ, එඩ්මන් රණසිංහ වැනි අපට හමුව ඇති කර්තෘ වරු හා සැසදිමේ දි පසක් වන්නෙ හොද කළමනාකරුවෙක් බවය.

පසුව ඔහු කර්තෘ  මණ්ඩල අධ්‍යක්ෂ ධුරයෙන්  පිදුම් ලබයි. කර්තෘ පුටුව බොහෝදුර කලෙක ද ඔහුගේ කැපවීම  ඉහල තලයක තිබුන බව තතු දන්නෝ කියති.

siri ranasinghe1 1
 වර්තමානයේ සිටින අත්දැකීම් බහූල ම කර්තෘවරයා මෙන් ම, සාර්ථක ම කර්තෘ වරයා වන්නේ ද මගේ හැගිම අනුව සිරි රණසිංහ යන් ය. නින්දා අපහාස, විවේචන හමුවෙහි නොසැලෙන චිත්ත ශක්තියක් ඔහු සතුවිමද මේ සාර්ථක මාධ්‍ය භූමිකාව ට  හිම්කම් කිමට එක හේතුව කි.
සිරි රණසිංහ මහතාගේ මා ගරු කරන තවත් ගුණාංගයක් වන්නේ, ලංකාදීපය හැර ගිය අයටද පසු කලෙක ඔවුන්ගෙ අපහසුතා, අගහිගකම් වලට සවන් දි නැවත වැඩ කරන්නට අවස්ථාව දිමට තරම් දයාර්ද්‍ර විමයි.

සිරි රණසිංහ යන් ඇගයුමට  ලක්වෙන  අද (දෙසැ 20 ) ඔහුගේ උපන් දිනය ද යෙදෙයි. ඔහු ඉපදෙන්නේ මගෙ පියා ඉපදුන 1940 වසරේදිමය. ඒ මාසයේදිම  ය.දිනයක ට පසුවය.. ඉතින් මගේ සුභාශිංසන පිරිනැමෙන්නේ පියෙක් බදු මිනිසෙකු වෙතය.

උක්ත ආක්‍යාත වෙනුවෙන් බැනුම් නිර්දය විවේචන අපවෙත එල්ල කල ගුරුවරයෙක් වෙනුවෙන් ය.

පත්තර අධිරාජ්‍යයක් ගොඩ නැගිමෙහි කාල වේලාව නොතකා, දේශගුණික විපර්යාස නොතකා, නින්දා අපහාස හමුවෙහි නොසැලී වෙහස නොබලා දශක පහක ට වැඩි කාලයක් කාර්යයෙහි යෙදුණ පත්තර කාරයෙකුටය.

චිරං ජයතු

Kumaradasa 2023.12.20
(කුමාරදාස ගිරිබාව)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kgiribawa@gmail.com

 
 
 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

යුග තුනක මාධ්‍ය යාත්‍රිකයා සිරි රණසිංහ - (කුමාරදාස ගිරිබාව) | The Leader