The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

හොවන සංචරණය (Sleep Tourism)

T

The Leader Desk

October 6, 2022 • 8:38 AM

හොවන සංචරණය (Sleep Tourism)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පදනමෙන් තාවකාලිකව ගමන් කරන එකට.
  • විශේෂයෙන් විෂාදය සහ මානසික අසමතුලිත බව තියන අය දීර්ඝ නින්දක් ගන්න එක හොඳයි.
  • නිවාඩු නිකේතන වල තියන පැක් වෙච්ච පාටි වටපිටාව (party atmosphere) එක්ක අපි විවේක ගන්න ඒවාට ගියාට හෝටල් තරම් අවිවේකී තැන් ලොවෙත් නැතුව ඇති.
  • එවන් නින්දක් ලබා දෙන එකම යම්කිසි සායනික අරමුණක්.
අකුරු ප්‍රමාණය (Font Size):
පදනමෙන් තාවකාලිකව ගමන් කරන එකට. ඒ කියන්නේ විනෝදය පිණිස නිවසෙන් එළියට යන එකට. මේක ග්‍රීක යුගයේ ඉඳලම තිබ්බ දෙයක්.

අපි නම් ගෙදර යනවා කියන්නේ වැඩ වලින් නිදහස් වෙලා යම් විශ්‍රාම සුවයක් ලබන්න යන එකට. ඒ කියන්නේ ගෙදර යන්නේ නින්ද බලාපොරොත්තුවෙන්. හැබැයි ගෙදරත් දැන් දැන් හොඳ නින්දක් සඳහා තැනක් නොවන නිසා නිදාගන්න එක වෙනුවෙන්ම වෙන්වුණ හෝටල් සහ නිවාඩු නිකේතන ඇවිල්ල තියනවා. ඒකත් දැන් සංචාරක මොඩලයක්.
 
විශේෂයෙන් විෂාදය සහ මානසික අසමතුලිත බව තියන අය දීර්ඝ නින්දක් ගන්න එක හොඳයි. නිෂ්පාදන ආර්ථිකයක කලබල එක්ක නින්ද කියන්නේ වටිනාකමක් තියන දෙයක් වෙලා (value added sleep).
 
නින්ද කිව්වට වැඩක් නැහැ ගුණාත්මක වශයෙන් ඉහල නින්දක් (quality sleep) තමයි මේ ඔස්සේ බලාපොරොත්තු වෙන්නේ. නිවාඩු නිකේතන වල තියන පැක් වෙච්ච පාටි වටපිටාව (party atmosphere) එක්ක අපි විවේක ගන්න ඒවාට ගියාට හෝටල් තරම් අවිවේකී තැන් ලොවෙත් නැතුව ඇති. නමුත් මේ සුවිශේෂී නිවාඩු නිකේතන වල අරමුණ තමයි තමන්ගේ සේවා දායකයින්ට හොඳ නින්දක් ලබා දෙන එක.
 
 
 
එවන් නින්දක් ලබා දෙන එකම යම්කිසි සායනික අරමුණක්. සෞඛ්‍යමය දෙයක් (wellness tourism). නාගරික කලබලකාරී බවෙන් අත්මිදිලා (retreat) මානසික සුවයක් දෙන සංචරණ මාදිලිය ඉහල වටිනාකමක් තියන දෙයක්. ඉහල මිලක් ඒකට ලැබෙනවා. සංචාරක ප්‍රවර්ධන යටතේ දැන් ඒ නිසා 'සුව නින්දක්' කියන එක ප්‍රධාන දෙයක් වෙමින් පවතිනවා.
 
 
 
මානසික සුවය ඇතිවන විදියේ සංගීතයක්, භාවනා මාලාවක්, ස්වප්න ක්‍රමවේද, සයන ක්‍රමවේද අඩංගු මෙනුවක් දැන් යුරෝපීය හෝටල් ප්‍රවර්ධනය කරනවා.

නගරෙන් ඈත කබාන එකක් හදල රවී ශංකර් ගේ සංගීතයක් දාල, පොඩි භාවනා පාරක් දාල, තෙල් ටිකක් සාත්තු කරලා, හෙඩ් මසාජ් පාරක් දාල මේ වැඩේ කරන එකනම් අපිට වැඩි දෙයක් නෙවෙයි.

හෙළ වෙදකමේ උනත් තියෙන්න පුළුවන් නින්ද සඳහා යම් යම් උපක්‍රම. ආයුර්වේදයේත් ඇති. මනෝ වෛද්‍ය ක්‍රමත් ඇති.

කඳු නැගල ඇවිදලා මහන්සි වෙලා රට දකින්න කැමති සංචාරකයෝ වගේම හොඳට කපල නිදා ගන්න කැමති සෙට් එකකුත් ඉන්නවා. දෙකම ඩොලර් ගෙන්න ගන්න පාවිච්චි කරන්න පුළුවන්.

හැබැයි සංචාරක කර්මාන්තේ ඉන්න අයට මම කියන්නේ ඩොලර් ඕනි නිසාම මේ ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න එපා කියල. අපි අපේ මනුස්ස කම තියාගෙන වැඩේ කරමු. ඩොලර් නිකම්ම එයි.

ඔබ නිදියන තුරු මම ඉන්නම් පවන් සල සලා ... 

?
 
 
මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

hapugoda@gmail.com

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...