The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමෙන් ශ්‍රී ලංකාව තවත් ජාත්‍යන්තර අවුලට!

T

The Leader Desk

September 30, 2020 • 6:43 AM

ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවැත්වීමෙන් ශ්‍රී ලංකාව තවත් ජාත්‍යන්තර අවුලට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිමකිරීමට සැලසුම් කල කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (එල්ආර්ටී) ව්‍යාපෘතිය
  • අදාළ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා මහාමාර්ග අමාත්‍යංශයට නියෝග කළේ එම ව්‍යාපෘතිය අගනුවර තදබදයට "ලාභදායී විසඳුමක්" නොවන බව පවසමිනි.
  • එහෙත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය උසස් නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ එම ව්‍යාපෘතිය පහසුවෙන් අහෝසි කල නොහැක්කක් බවය.
  • එසේ අහෝසිකිරීමෙන් ජාත්‍යන්තර සබඳකම පිලිබදව ගැටලු මතුවියහැකි බව විශ්ලේෂකයෝ ද පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

අහෝසි කිරීමට ගත් තීරණය දේශීය වශයෙන් ආයතන රෙගුලාසි මෙන්ම මුල්‍ය ප්‍රතිපත්තිවලට අදාළව ද විදේශීය වශයෙන් ජාත්‍යන්තර සබදතා පිළිබඳව ද ගැටලු ඇතිවිය හැකි බව විශ්ලේෂකයන් හා නිලධාරීන් පෙන්වා දෙති.

අදාළ දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කරන ලෙස ජනාධිපතිවරයා පසුගියදා මහාමාර්ග අමාත්‍යංශයට නියෝග කළේ එම ව්‍යාපෘතිය අගනුවර තදබදයට "ලාභදායී විසඳුමක්" නොවන බව පවසමිනි.

එහෙත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය උසස් නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ එම ව්‍යාපෘතිය පහසුවෙන් අහෝසි කල නොහැක්කක් බවය. එසේ අහෝසිකිරීමෙන් ජාත්‍යන්තර සබඳකම පිලිබදව ගැටලු මතුවියහැකි බව විශ්ලේෂකයෝ ද පවසති.

එහෙත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය උසස් නිලධාරීන්ගේ අදහස වී ඇත්තේ එම ව්‍යාපෘතිය පහසුවෙන් අහෝසි කල නොහැක්කක් බවය. එසේ අහෝසිකිරීමෙන් ජාත්‍යන්තර සබඳකම පිලිබදව ගැටලු මතුවියහැකි බව විශ්ලේෂකයෝ ද පවසති.

කිලෝමීටර් 15.7 (සැතපුම් 9.8) ක දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත් සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ජපන් තාක්ෂණය භාවිත කරමින් ඉදිකිරීමට පසුගිය රජය යටතේ අත්සන් කරන ලද මෙම ව්‍යාපෘතිය විශාලතම විදේශ අරමුදල් යොදාගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය කි.

දැඩි රථවාහන තදබදයක් ඇති කොළඹ නගරය තුළ මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම ද මේ වන විටත් අවසන් කර ඇති අතර මූලික ඉදිකිරීම් කටයුතු ද ආරම්භ කෙරිණි.

Light Railway lankaසැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

එහි පළමු අදියරට මුදල් යෙදවීම සඳහා පසුගිය වසරේ මාර්තු මාසයේදී යෙන් බිලියන 30 ක (ඩොලර් මිලියන 285 ක) ණය ගිවිසුමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම් අත්සන් තැබුණු බව ජයිකා ආයතනය විසින් නිකුත් කළ නිවේදනයක සදහන් විය.

මෙම ණය සියයට 0.1 ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12 ක සහන කාලයක් සමඟින් වසර 40 ක කාලයකින් ආපසු ගෙවිය යුතු බවට එම නිවේදනයේ සදහන් විය.

 

''එක මට කරන්න බැහැ .'' - අමාත්‍යංශ ලේකම් කියයි

"මෙම ව්‍යාපෘතිය අවසන් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘති කාර්යාලය වසා දමන" ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ප්‍රවාහන අමාත්‍යාංශයට ලිපියක් යවමින් පසුගියදා කියා සිටියේය. නමුත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ එය තමන්ට කල නොහැකි බවය.

"මෙම ව්‍යාපෘතිය අවසන් කර වහාම ක්‍රියාත්මක වන පරිදි ව්‍යාපෘති කාර්යාලය වසා දමන" ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ප්‍රවාහන අමාත්‍යාංශයට ලිපියක් යවමින් පසුගියදා කියා සිටියේය. නමුත් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ එය තමන්ට කල නොහැකි බවය.

"ඒක මට කැන්සල් කරන්න බෑ නේ, මට ජනාධිපති ලේකම්තුමා රික්වෙස්ට් එකක් එවල තියෙනවා ඒක නවත්තන්න කියල. ඒක කරන්න ඕන කැබිනට් එක. ඒක අපිට කරන්න බෑ,"ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් එන්. බී. මොන්ටි රණතුංග බීබීසී සිංහල සේවයට පැවසීය.

"අපිට කැබිනට් අනුමැතියකින් තොරව වහන්න බෑ. මේක කැබිනට් අනුමැතියකින් ආරම්භකළ ව්‍යාපෘතියක්."

සිය අමාත්‍යංශයට අයත් නොවූ මෙම විෂය මෑතකදී ඊට පැවරූ නමුත් ඒ සදහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මුදල් අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු බව ලේකම් රණතුංග පැවසීය.

සැප්තැම්බර් 8 වැනිදා ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (Akira SUGIYAMA) හා ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ අතර බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාශයේදී හමුවක් ද පැවැත්විණි.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති, අගමැති හා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසුව රජයේ ස්ථාවරය සම්බන්ධයෙන් ජපාන රජය දැනුවත් කිරීමට කටයුතු යොදන බව අමාත්‍ය ලොකුගේ එහිදී පෙන්වා දෙන ලදැයි එම අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කර තිබිණි.

 

"පෞද්ගලික අංශයේ ව්‍යාපෘතියකට විරුද්ධ නැහැ"

Colombo Traficකොළඹ වාහන තදබදය

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ව්‍යාපෘතිය අවසන් කිරීමට ගත් තීරණයට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල අඟහරුවාදා (සැප්. 29) මාධ්‍යවේදීන් අමතමින් පැවසූ අතර මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියට විකල්පයක් සොයා බැලීමට රජය තීරණය කර ඇති බව ද කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව කැබිනට් මණ්ඩලය පුළුල්ව සාකච්ඡා කළ බවත් එය හොඳම විකල්පය නොවන බවට තීරණය කල බවත් අමාත්‍ය රඹුක්වැල්ල පැවසීය.

මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල බීබීසී සිංහල සේවයට පැවසුවේ මෙම ව්‍යාපෘතිය තුළින් රටේ විදේශ විනිමය නිරාවරණය වීමක් සිදුවන බැවින් එය රජය මගින් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇති අතර පෞද්ගලික පාර්ශවයක් එය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට විරුද්ධ නොවන බවය.

Light Railway lanka. Planසැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය

 

කෝවිඩ්-19 සහ ණය ගෙවීම:

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැනට පවතින ණය ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකාව දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බැවින්, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විදේශ ණය යටතේ දියත් කරන ලද ව්‍යාපෘති කිහිපයක් සමාලෝචනය කරන ලෙස උපදෙස් දී ඇති අතර බොහෝ ව්‍යාපෘති අත්හිටුවීමට හෝ කල් දැමීමට තීරණය කර තිබෙන බව අමාත්‍යංශ නිලධාරියෙක් පැවසීය.

''කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දැනට පවතින ණය ආපසු ගෙවීමේදී ශ්‍රී ලංකාව දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බැවින්, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විදේශ ණය යටතේ දියත් කරන ලද ව්‍යාපෘති කිහිපයක් සමාලෝචනය කරන ලෙස උපදෙස් දී ඇති අතර බොහෝ ව්‍යාපෘති අත්හිටුවීමට හෝ කල් දැමීමට තීරණය කර ඇත.''

ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ ගෝලීය ආර්ථිකය බිදවැටීමත්, ලංකාවේ රුපියල විශාල වශයෙන් අවප්‍රමාණය වීමෙන් රටේ විදේශ විනිමය අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා රජය දැඩි පියවර ගත්තේය.

 ආනයන තහනම් කිරීම වැනි විදේශ විනිමය පිටතට ගලායාමේ ක්‍රම නතර කිරිම තුළින් අර්බුදයෙන් බේරීමට පිළියම් යෙදිණි.

"අපිට ප්‍රමුඛතා තියෙනවා, ගම්වල මිනිස්සුන්ට බොන්න වතුර නැතිකොට එල් ආර් ටී වල ගිහින් හරියනවද? තේරුම්ගන්න එපැයි. අපිට (විදේශ විනිමය) අනාවරණයක් ගන්න බැහැ. සියයට 0.1ක් නෙවෙයි නිකන් දුන්නත් අපිට ගෙවන්න තියෙනව නම් අපි අමාරුවේ වැටෙනවා.

ලෝකයට (ව්දේශ විනිමය) නිරාවරණය නොවී අපි අපේ අවශ්‍යතාවයන්ගේ ප්‍රමුඛතාවයන් හදුනාගත යුතුයි. එල් ආර් ටී එකට ඉස්සල්ල එලිවේටඩ් රෝඩ් (කුළුණු මතින් යන පාර) හදාගන්න ඕන." යැයි මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල පැවසීය.

"අපි විදේශ විනිමය යොදා කළ යුතු දේවල් කුඩා ප්‍රමාණයක් හදුනාගත යුතුයි. දේශීයව රුපියල් වලින් කළ යුතු දේවල් වලට විදේශ විනිමය යෙදවීම නොකළ නොයුතුයි," යැයි ද ඔහු කියා සිටියේය.

SR Atigala"අපිට ප්‍රමුඛතා තියෙනවා,
ගම්වල මිනිස්සුන්ට බොන්න වතුර නැතිකොට
එල් ආර් ටී වල ගිහින් හරියනවද?
තේරුම්ගන්න එපැයි.
අපිට (විදේශ විනිමය) අනාවරණයක් ගන්න බැහැ.
සියයට 0.1ක් නෙවෙයි නිකන් දුන්නත්
අපිට ගෙවන්න තියෙනව නම්
අපි අමාරුවේ වැටෙනවා. ''
- මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල

 

රජය චීන හිතවාදී පිළිවෙතක !

ජපානය ශ්‍රී ලංකාවේ විශාලම ආධාර සපයන්නා වන අතර ජපානය විසින් ලංකාවට සපයන ණය විශ්ලේෂකයින් හඳුන්වා දෙන්නේ ඉතා සහනදායි දිගුකාලින ණය ලෙසිනි.

ජපානය මේ වන විටත් නව අධිවේගී මාර්ගවල කොටස් සඳහා මෙන්ම අගනුවර රථවාහන තදබදය අවම කිරීම සඳහා කැලණි පාලමට සමගාමීව තවත් ප්‍රධාන පාලමක් සඳහා ද අරමුදල් සපයා ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ සමයේ හා වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ වරාය, මහාමාර්ග සහ දුම්රිය ඇතුළු ව්‍යාපෘති සඳහා චීනයෙන් ඩොලර් බිලියන ගණනක් ණයට ගෙන ක්‍රියාවට නැගීම තුළ රජය චීන හිතවාදී පිළිවෙතක් අනුගමනය කරන බවට ඇතැම් විශ්ලේෂකයින් චෝදනා එල්ල කරති.

සමහර ව්‍යාපෘතීන් බීජිංහි "බෙල්ට් ඇන්ඩ් රෝඩ්" ප්‍රධාන සැලැස්ම අනුව ක්‍රියාවට නැගු සුදු අලි ලෙස එම විශ්ලේෂකයින් විසින් හදුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාව විශාල ණය කන්දකට යටවී අවසානයේ ණය ගෙවාගත නොහැකිව ප්‍රාග්ධනය ලෙස එම ව්‍යාපෘතීන් චීනයට පැවරීමට සිදුවිය හැකි බවට බිය පළවීම හේතුවෙනි.

''සමහර ව්‍යාපෘතීන් බීජිංහි "බෙල්ට් ඇන්ඩ් රෝඩ්" ප්‍රධාන සැලැස්ම අනුව ක්‍රියාවට නැගු සුදු අලි ලෙස එම විශ්ලේෂකයින් විසින් හදුන්වනු ලැබුවේ ශ්‍රී ලංකාව විශාල ණය කන්දකට යටවී අවසානයේ ණය ගෙවාගත නොහැකිව ප්‍රාග්ධනය ලෙස එම ව්‍යාපෘතීන් චීනයට පැවරීමට සිදුවිය හැකි බවට බිය පළවීම හේතුවෙනි.''

එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව විසින්, ණය ගෙවා ගැනීමට නොහැකි යැයි පවසා චීනය විසින් හම්බන්තොට සාදන ලද වරාය 2017 දී බීජිං හි සමාගමකට ඩොලර් බිලියන 1.12 කට බදු දෙනු ලැබිය.

 

ද්වීපර්ශවික සබඳතාවලට බලපෑමක්?

Manik Wakkumbura"රටවල් ද්විපාර්ශවිය එකඟතාවලට එන්නේ කාරණා කිහිපයක් නිසා. එකක් තමයි රටවල් අතර ඇති දිර්ගකාලින සම්බන්ධතා. අනික තමයි ඒ රටවල් ඒ ද්විපාර්ශවිය සම්බන්ධතාවලින් අන්‍යෝන්‍යව ප්‍රතිලාභ ලබනවා. ආයෝජන ද්විපාර්ශවිය සම්බන්ධතාවක් ඇති උනහම අපිට බලන්න පුළුවන් ඒ ආයෝජන ද්විපාර්ශවිය සම්බන්ධතාවෙන් රටවල් දෙකට ඇතිවන ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික ප්‍රතිලාභය මොකක්ද කියල." යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කථිකාචාර්ය මැණික් වක්කුඹුර පැවසුවාය.

"කිසියම් විටක මෙලෙස අහෝසිවන ආයෝජන ගිවිසුම් නිසා ඊට එකඟ වූ එක රාජ්‍යයක් හෝ (ණය දෙන්නා හෝ ණය ලබන්නා) පාඩු විඳින්නේ නම්, ඒ නිසා රාජ්‍යයන් අතර තිබෙන්නා වූ සුහදතාව, විශ්වසනීයත්වය යන මෘදු නමුත් ප්‍රබල ගුණාංගවලට හානි පැමිණිය හැකියි. මෙවැනි සිදුවීම් සමස්ථයක්ව දෛනික රාජ්‍යතාන්ත්‍රික කටයුතු වලට ද අයහපත් ලෙස බලපෑ හැකියි." යැයිද කථිකාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

(බීබීසී සිංහල සේවය)

@ සිරස්තලය හා අවධාරණය කිරීම් අපෙන් - සංස්කාරක

සබැඳි පුවත් :

ආර්ථික ඝාතකයා' 0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියත් 'අල කරයි' (වීඩියෝ) 

0.1% පොලියට ණය දෙන ජයිකා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගෝඨාභයට වියදම් වැඩිලු ! - (උකුස්සා)  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...