The Leader News
BREAKING
ඉතාලි කොකේන් ජාලය කොටුවෙයි: මෙරට සුපිරි ව්‍යාපාරිකයන්ටත් දැල එළෙයි●ඥානසාර හිමිට වසර 6ක සිරදඬුවමේ ඉතිරිය විඳින්න නියෝග●22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් ඉතින් සම්මතයි කියා අත් පා හකුලා ගනිමුද? - අවසන් කොටස●මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගෙන් ගුප්ත ශාස්ත්‍රකරුවන්ට දැඩි සදාචාරාත්මක අවවාදයක්●ඉන්දීය මැතිවරණ ප්‍රධානියා එළවන්න ‘කැරපොතු’ ව්‍යාපාරයෙන් දැවැන්ත විරෝධතා●'අහස තරම්' සිනමා දැක්ම: ගැහැනු හිතක සෞන්දර්ය චාරිකාව●ඉන්ඩිගෝ ආගමනයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට නව අභියෝගයක්●වාහන බදු ආදායමෙන් භාණ්ඩාගාරය පිරුණත් ආර්ථික අවදානමක්●IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාව: ඩොලර් මිලියන 345ක් අත ළඟට●අදානි හවුල්කාරිත්වය සමග කොළඹ වරායේ අලුත් පිම්මක්●
Top Ad
විශේෂාංග

සැකකරුවන් නොඑන ගමන් යවන 'ආයුධ පෙන්වීම'

T

The Leader Desk

November 27, 2021 • 5:20 AM

සැකකරුවන් නොඑන ගමන් යවන 'ආයුධ පෙන්වීම'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 'සන්ෂයින් සුද්දා' හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියවෙන
  • සඟවා තිබූ පිස්තෝලයක් සහ අත් බෝම්බයක් සෙවීම සඳහා කළුතර දියගම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බවත්, ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත් පොලීසිය පැවසී ය.
  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, ලුණුවිලගේ ලසන්ත බරපතල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව යි.
  • පාතාල වෙඩික්කරුවෙකු වන මොහුට එරෙහිව කුලියට මිනී මැරීම, මංකොල්ලකෑම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නඩු රැසක් පවතින බව ද පොලීසිය සඳහන් කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ලුණුවිලගේ ලසන්ත හෙවත් 'ටිංකරිං ලසන්ත' ඊයේ (26) අලුයම පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත.

කළුතර ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබුණි.

සඟවා තිබූ පිස්තෝලයක් සහ අත් බෝම්බයක් සෙවීම සඳහා කළුතර දියගම ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බවත්, ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ බවත් පොලීසිය පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ, ලුණුවිලගේ ලසන්ත බරපතල අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු බව යි.

පාතාල වෙඩික්කරුවෙකු වන මොහුට එරෙහිව කුලියට මිනී මැරීම, මංකොල්ලකෑම, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නඩු රැසක් පවතින බව ද පොලීසිය සඳහන් කරයි.


කෙසේ නමුත්, මින් මාස කීපයකට පෙර පොලිසිය සඳහන් කළේ සන්ෂයින් සුද්දාගේ ඝාතනය මිදිගම චින්තක හෙවත් "හරක් කටා" නම් තැනැත්තෙකු සැලසුම්කර ඇතිබව යි. ඔහු එසේ සිදුකර ඇත්තේ "අංගොඩ ලොක්කා" නම් පාතාල නායකයාගේ වුවමනාවටබව ද ඔවුහු එකල සඳහන් කළෝ ය.



ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි

"ටිංකරිං ලසන්ත" ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ ප්‍රකාශයක් නිකුත්කර තිබේ.

ඔවුන් පවසන්නේ ටිංකරිං ලසන්ත ඝාතනය කිරීමට පොලිසියෙන් සැරසෙනබවට තොරතුරක් ඊට පෙර දිනයේ දී තමාට දැනගන්නට ලැබුණු බැවින්, තම සංගමය මේ පිළිබඳව පොලිස්පතිවරයා දැනුවත් කළබව යි.

"2021 නොවැම්බර් 25 දා රාත්‍රියේ නීතීඥ සංජය ආරියදාස මහතා ශ්‍රී ලංකො නීතීඥ සංගමයේ සභාපතිවරයා අමතමින් දැනුම් දුන්නන් එච්.එල්. ලසන්ත හෙවත් ටිංකරිං ලසන්ත නම් වූ ඔහුගේ සේවාදායකයකු කළුතර කොට්ඨාසයේ පොලිස් අපරාධ විමර්ශ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව හා ආයුධ අත්අඩංගුවට ගැනීමට ගිය විටදී ඇති වන වෙඩි හුවමාරුවකින් මියගිය බවට ඇඟවෙන පරිදි පොලිසිය විසින් තම සේවාදායකයා ඝාතනය කිරීමට සැලැස්මක් ඇති බවට තොරතුරු ඔහුට ලැබී ඇති බව යි."

"ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා වහාම මේ පිළිබඳව පොලිස්පතිවරයාට ඊමේල් මඟින් හා කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දුන්නේ ය,"යි එහි සඳහන් විය.



ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කරන්නේ තමා පමණක් නොව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා විධායකයේ ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙකු ද පොලිසිය සම්බන්ධකර මෙම අපරාධය වැලැක්වීමට උත්සාහ දැරූබව යි.

 


"මෙම ඝාතනය සිදුවන්නේ එවැනි මැදිහත්වීම් පවා තිබියදී වීම දැඩි අවධානයට ලක්විය යුතු තත්ත්වයකි," නීතීඥ සංගමයේ මාධ්‍ය ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම ඝාතනවල වගකීම ඝාතකයින් පමණක් නොව, ඝාතන සඳහා නියෝග නිකුත් කළ පුද්ගලයන් සහ සැකකරුගේ ආරක්ෂාව සහතික කිරීමට අසමත් වූ පුද්ගලයන් වෙත ද යොමුවිය යුතුබව ද, පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකුගේ ආරක්ෂාව සැලසීමට අසමත් වීම පිළිබඳව පොලිස්පතිවරයා ද කරුණු පැහැදිලි කළ යුතුබව ද සඳහන් කරන ශ්‍රී ලංකො නීතීඥ සංගමය, ඒ පිළිබඳව එම සංගමය වැඩි දුරටත් කටයුතු කරනු ඇතැ යි ද ප්‍රකාශ කරයි.ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කරයි.

Sin 1

Sin 2

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ, පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම කරුණ පිළිබඳ දනුවත් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් විමසා බීබීසිය දැනුවත් කළහැකි බවයි.



පොලිස් වෙඩිතැබීම් හේතුවෙන් පසුගිය වසරක කාලය තුළ මියගිය සැකකරුවන් මෙසේ ය:



20/10/2020 - මාලිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණය අසල මත්ද්‍රව්‍ය මෙහෙයුමක් අතරතුර වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන 'මාකඳුරේ මධූෂ්' මරණයට පත්විය.


28/12/2020 - වේයන්ගොඩ ප්‍රදේශයේ මෙහෙයුමක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ නිශාන්ත කුමාරසිරි නැමති සැකකරු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්විය.


11/05/2021 - පාතාල කල්ලි නායක 'ඌරුජුවා' නවගමුව වඳුරන්මුල්ලේ දී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මියගියේ ය.


13/06/2021 - පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක මීරිගම, දිවුලපිටිය පාරේ දී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.


18/07/2021 - සීදුවේ දී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කිරීමට යාමේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය කළ වෙඩි තැබීමකින් අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු මියගියේ ය.


24/09/2021 - පාතාල අපරාධ හා හෙරොයින් ජාවාරමට අවශ්‍ය සැකකරුවෙකු වූ 'රත්මලානේ රොහා' කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ දී බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මරණයට පත්විය.


26/11/2021 - සන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන හේවා ලුණුවිලගේ ලසන්ත හෙවත් 'ටින්කර් ලසන්ත' පොලිසිය සමග වෙඩි හුවමාරුවකින් කළුතර දී මියගියේ ය.


(BBC සිංහල සේවය)


සබැඳි පුවත් :

පොලිසිය ඇතුලේ අලුත්ම ඝාතනය ගැන පොලිස්පතිගෙන් කරුණු විමසයි

පොලිස් අත්අඩංගුවේ සිටි ටින්කරින් ලසන්ත 'වෙඩිකන බව' ඊයේ අනාවරණය කළා!

 

 

 


 

THE  LEADER  TV

 

බීප්... බීප්... ජාතකය ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
 
කුම්බලාවෝ කෑවානම් විඳවාපං බළලෝ... මෛත්‍රී ‌ස'ගේ තුනෙන් දෙක පෙන්නයි !! | Gossip
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...