The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ප්‍රංශයම කම්පනයට පත්කල ශ්‍රී ලාංකික මිනීමැරුම!

T

The Leader Desk

October 7, 2020 • 1:51 PM

ප්‍රංශයම කම්පනයට පත්කල ශ්‍රී ලාංකික මිනීමැරුම!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''ඔහු ඉතා සන්සුන් පියෙක්. දරුවන්ට ඉතාමත් කිට්ටුයි. ඔහු තම 5 හැවිරිදි පුතා සෑම දිනකම පාසැලට රැගෙන ගියා.
  • හරි පුදුමයි අදහ ගන්නවත් බෑ.''   ඉහත ඛේදවාචකය සිදුවූ පැරීසියට නුදුරු නොයිස-ලේ-සේක් (Noisy-le-sec)  ග්‍රාමයේ 80 ක් පමන එකතුව පිහිටුවා ගෙන ඇති ප්‍රංශ දමිළ සංවිධානයේ සභාපති ශසී මහාලින්ගම් මහතා විස්තර කලේ එලෙසය.
  • ප්‍රංශයේ අග නගරය පැරීසියට කි:මී: 12ක් නුදුරින් පිහිටි ජනගහනය 43,000 කට ආසන්න විවිධ ජාතීන් ජීවත් වන ජනාකීර්න නගරයකි Noisy-le-sec .
  • ඊට පසු දින ඉහත ඛේදවාචකය ප්‍රංශයේ ප්‍රධාන රූපවාහිණී නාලිකා හා මුද්‍රිත ප්‍රංශ පුවත්පත් වල ප්‍රධාන පුවතක් බවට පත් වූයේය.
අකුරු ප්‍රමාණය (Font Size):

නමුත් ඔහු තම බිරිඳ දරුවන් ඇතුළු පස් දෙනෙකු ඝාතනය කරලා. ඔහු එසේ කරාවි යැයි සිතා ගැනීමට පවා නොහැකිය. හරි පුදුමයි අදහ ගන්නවත් බෑ.''  

ඉහත ඛේදවාචකය සිදුවූ පැරීසියට නුදුරු නොයිස-ලේ-සේක් (Noisy-le-sec)  ග්‍රාමයේ 80 ක් පමන එකතුව පිහිටුවා ගෙන ඇති ප්‍රංශ දමිළ සංවිධානයේ සභාපති ශසී මහාලින්ගම් මහතා විස්තර කලේ එලෙසය.

ප්‍රංශයේ අග නගරය පැරීසියට කි:මී: 12ක් නුදුරින් පිහිටි ජනගහනය 43,000 කට ආසන්න විවිධ ජාතීන් ජීවත් වන ජනාකීර්න නගරයකි Noisy-le-sec .

පසුගිය ඔක්තෝම්බර් 03 වෙනි සෙනසුරාදා උදේ 11ත් දහවල් 12ත් අතර කාලය තුල මෙම නගරයේ පිහිටි එම්මානුවෙල් ආර්ගෝ නමින් හදුන්වන මාවතේ පිහිටි දෙමහල් නිවසක ජීවත්වූ ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් ඇති සොයුරු සොයුරියන් පවුල් දෙකක් අතර ඇතිවූ යැයි සැක කෙරෙන ආරවුලක් හේතු කොට පිහියකින් හා මිටියකින් සිදුකල කැපුම් තුවාල සහිතව තරුන කාන්තාවක් තම දරුවන් දෙනෙකු හා ඥාති දරුවන් දෙනෙකු ඉහත කාන්තාවගේ සැමියා විසින් ඝාතනය කොට ඇත්තේය.

ඊට අමතරව ආරවුලට මැදිවූ එම පවුලේම තවත් ඥාති පුත්‍රයන් දෙදෙනෙකු හා වැඩිමහල් දෙදෙනෙකුද දැඩි කැපුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර චූදිත මිනීමරුවාද දරුනු තුවාල සහිතව පැරීසියට නුදුරු බෝජොන් ( Hospital Beaujon ) රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරනයත් අතර සටනක නියැලී සිටී.

ඊට පසු දින ඉහත ඛේදවාචකය ප්‍රංශයේ ප්‍රධාන රූපවාහිණී නාලිකා හා මුද්‍රිත ප්‍රංශ පුවත්පත් වල ප්‍රධාන පුවතක් බවට පත් වූයේය.

සමහරක් රූපවාහිණී නාලිකා දවස පුරාවටම අදහාගත නොහැකි මෙම ඛේදවාචකය නිතර නිතර විකාශනය කිරීම හේතු කොට ප්‍රංශ සමාජය තුල විශේෂයෙන් කථා බහට ලක්වූ විශේෂ මාතෘකාවක් බවට පත් වූයේය.

සමහරක් රූපවාහිණී නාලිකා දවස පුරාවටම අදහාගත නොහැකි මෙම ඛේදවාචකය නිතර නිතර විකාශනය කිරීම හේතු කොට ප්‍රංශ සමාජය තුල විශේෂයෙන් කථා බහට ලක්වූ විශේෂ මාතෘකාවක් බවට පත් වූයේය.

සිද්ධිය වූ ස්ථානය හා මෙම ලියුම්කරු පදිංචි ග්‍රාමය අතර දුර ප්‍රමානය කි:මී: 5කි. වාහනයකින් විනාඩි 15ක් අතරතුර ලඟා විය හැකි දුරකි.

එබැවින් මෙම ස්ථානයට ගොස් ඒ ගැන විපරම් කොට තොරතුරු ටිකක් දැන ගැනීමට සිත් වූයෙන් එම ස්ථානය හා ඒ අසල පිහිටි ආපනශාලා හිමිකරුවෙකුද හමුවී ඉහත සිදුවීම ගැන ඔහුගේ විස්තර කිරීමක්ද අසා දැන ගැනීමටද අවස්ථාව ලැබුනේය.

ඒ අනුව ජීවිතය බේරා ගත් එහෙත් දැඩි ලෙස තුවාල ලැබූ එක් පිරිමි දරුවෙක් මෙම ඛේදවාචකය ප්‍රථමයෙන් සැලකර ආධාර ඉල්ලා ඇත්තේ මොහොමඩ් හෙමානී (Mohamed Hemani)  නම් මෙම ආපනශාලා හිමිකරුවා ගෙනි.

ඔහුගේ මාමා පිස්සෙක් මෙන් ගෙදර අයට පිහියකින් හා මිටියකින් පහර දෙන බව එම දරුවා හඬා වැටෙමින් පවසා ඇත්තේය.

එවිට දැඩි ලෙස කම්පනයට පත්ව ලේ පෙරා ගත් දරුවාට ආපනශාලාව තුලදීම ප්‍රථමාධාර සපයමින් ඔහු පොලීසියට දන්වා ඇත්තේය. සිද්ධිය වූ ස්ථානයට පොලීසිය පැමිණ ඇත්තේ ඉන් පසුවය.

ප්‍රංශ පොලීසිය පැමිනෙන විට පහල මහලයේ මියගිය කාන්තාව හා වයස මාස 18ක දරුවෙක්, අවුරුදු 5ක දරුවන් දෙදෙනෙකු හා අවුරුදු 9ක දරුවෙකු සමඟ මියගිය පස් දෙනෙක් හා දැඩි ලෙස කැපුම් තුවාල සහිත වැඩිමහල් ජෝඩුවක් සමග දරුවන් දෙදෙනෙකුත් දරුනු තුවල සහිත සිය දිවිනසා ගැනීමට තැත් කර ඇති චූදිතයා හා මිනීමැරුමට භාවිතා කල පිහියක් හා මිටියක් ඔහු අසල බිම තිබී සොයා ගෙන ඇත්තේය.

ඉන් අනතුරුව සියලූ දෙනා රෝහල් කරා ගෙන යෑමට කටයුතු සිදු කොට පරීක්ෂණ ආරම්භ කොට ඇත.

ප්‍රංශ පොලීසියේ පරීක්ෂණ වලට අනුව යාපනය ප්‍රදේශයේ සංඩිලිපායි හී පදිංචි මෙම පවුල් මීට වසර 15කට පමන පෙර ප්‍රංශයට පැමින ඇත්තේය. ඉහත සඳහන් නිවසට පදිංචියට පැමින ඇත්තේ මීට වසර 3කට පමන පෙරය.

''ප්‍රංශ පොලීසියේ පරීක්ෂණවලට අනුව යාපනය ප්‍රදේශයේ සංඩිලිපායි හී පදිංචි මෙම පවුල් මීට වසර 15කට පමන පෙර ප්‍රංශයට පැමින ඇත්තේය. ඉහත සඳහන් නිවසට පදිංචියට පැමින ඇත්තේ මීට වසර 3කට පමන පෙරය.''

 මිනීමැරුමට සම්බන්ධ චූදිතයා පැරීසියේ ආපනශාලාවක මුළුතැන් ගෙදර සේවය කල කෙනෙකු බව සොයා ගෙන තිබේ.

දෙමහල් නිවසේ ජීවත්වූ මොවුන් ඉතා සමගියෙන් ජීවත්වූ බව අසල්වාසීන්ගේ ප්‍රකාශ වලින් කියැවේ.

සිද්ධියට පෙරදින මෙම පවුල් දෙකම ඔවුන් නිතරම යන හින්දු කෝවිලේ පූජාවකටද සහභාගීවී පැමිනෙන දුටු බව ඇසින් දුටුවෝ පවසති.

එසේ නමුදු ඊට සතියකට පෙර යම් පැමිනිල්ලක් විභාග කිරීමට පොලීසිය මෙම නිවසට පැමින සිටි තමුන් දුටු බව ආපනශාලා හිමිකරු පැවසුවේය. පොලීසියේ පරීක්ෂණ සිදුවෙමින් පවතී.

පැරීසියේ වෙසෙන ශ්‍රී ලාංකික සමාජය තුල විවිධ කට කථා පැතිරෙමින් තිබේ. එහෙත් සිද්ධිය සම්බන්දව නිශ්චිත හේතුවක් මේ වනතුරු සොයා ගැනීමට නොහැකිවී ඇත්තේය.

විවිධ සංස්කෘතීන් වලට අයත් ජාතීන් එක්වූ විශාල ජනගහනයක් ඇති ප්‍රංශයේද මිනීමැරුම්, පැහැර ගැනීම්, සියදිවිහානි කර ගැනීම්, කාන්තා දුෂණ වැනි කථා බොහෝ විට අසන්නට දකින්නට ලැබේ.

නමුත් තම බිරිඳ දරුවන් මෙලෙස කුරීරු ලෙස කල ඝාතනයන් අසන්නට ලැඛෙනුයේ ඉතාමත් කලාතුරකින් බැවින් මෙම ඛේදවාචකය ප්‍රංශ සමාජය කම්පනයට පත්කල සිදුවීමක් බව සඳහන් කිරීම අතිශෝක්තියක් නොවේ.

France

France Murder Place

France police

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රංශයම කම්පනයට පත්කල ශ්‍රී ලාංකික මිනීමැරුම! | The Leader