The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අරගලය ජනතා ජයග්‍රහණයෙන් අවසන් වනු ඇත - SSA Sri Lanka

T

The Leader Desk

May 30, 2022 • 9:30 AM

අරගලය ජනතා ජයග්‍රහණයෙන් අවසන් වනු ඇත - SSA Sri Lanka

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඓතිහාසික සමානුපාතිකයක් නැති අසමසම, පෙර නොවූ විරූ සමාජ හා ආර්ථික ඛේදවාචකයකට හසු වූ අපගේ බිඳුණු ජාතිය අප ඉදිරියේ පවතී.
  • අපේ ඇස් ඉදිරිපිට ආහාරවල මිල අහස උසට නැඟී ඇති අතර, අපගේ ආදරණීය ගොවීන් තම කෙත්වතු රැක ගැනීමට නොහැකිව, නින්දිත මිල ගණන් යටතේ ඔවුන්ගේ වටිනා අස්වැන්න පවරා දෙති.
  • මේ රට ගැන කිසිම දැක්මක් හෝ සැලැස්මක් නැති දේශපාලන නායකයන් විසින් ඇති කරන ලද මෙම අර්බුදය විසින් සමස්ත ජනතාවම මානව පිදුරු බවට පත් කරනු ලැබෙමින් තිබේ.
  • මැයි 9 වැනිදා ගාලු මුවදොරදී සිදුවූ සිදුවීම් ජනතාවගේ අරගලයේ සුවිශේෂී සහ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):




ඓතිහාසික සමානුපාතිකයක් නැති අසමසම, පෙර නොවූ විරූ සමාජ හා ආර්ථික ඛේදවාචකයකට හසු වූ අපගේ බිඳුණු ජාතිය අප ඉදිරියේ පවතී.

බාල මහලු ජනයා පැය ගණන් පෙට්‍රල්, ගෑස්, බෙහෙත් සඳහා පෝලිම්වල ගත කරති. සමහරු මේ පෝලිම්වල මිය යති.

අපේ ඇස් ඉදිරිපිට ආහාරවල මිල අහස උසට නැඟී ඇති අතර, අපගේ ආදරණීය ගොවීන් තම කෙත්වතු රැක ගැනීමට නොහැකිව, නින්දිත මිල ගණන් යටතේ ඔවුන්ගේ වටිනා අස්වැන්න පවරා දෙති. ඔවුන්ගෙන් අයෙක් පසුව සිය දිවි නසාගැනීම් වලට යොමු වෙති.

අපේ තරුණ තරුණියන්ට, ඔවුන්ගේ අනාගතය සඳහා ඉදිරියට යාම වෙනුවට ඔවුන්ගේ ජීවිතයේ හොඳම වසර නාස්ති කිරීමට බල කෙරී තිබේ.

අවම වැටුපකින් දිවි ගලවා ගන්නා කම්කරු පන්තියේ පුරවැසියන්ගේ ගෙල, සිතා ගත නොහැකි තරමේ ආර්ථික අභියෝගවලින්  සිර කැරෙයි.

මේ රට ගැන කිසිම දැක්මක් හෝ සැලැස්මක් නැති දේශපාලන නායකයන් විසින් ඇති කරන ලද මෙම අර්බුදය විසින් සමස්ත ජනතාවම මානව පිදුරු බවට පත් කරනු ලැබෙමින් තිබේ.

 

මේ රටේ දේශපාලනඥයන් කිසිදු ආකාරයක විසඳුමක් ලබාදීමට දිගින් දිගටම අපොහොසත් වීම නිසා අපේක්ෂා භංග වූ සහ කෝපයට පත් පුරවැසියන් අතරින් ජනතා නැගිටීමක් ඓන්ද්‍රීයව නැගී ආවේය. මෙම අරගල ඒකාත්මිකව බැදී පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ සහ සමස්ත ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුය යන ඉල්ලීම මගිනි.

 

කෙසේ වෙතත්, මෙම ගැටළු සඳහා සෘජුවම වගකිව යුතු නායකයින්, ගැටළු අර්බුද දක්වා වර්ධනය වීමට ඉඩ දී බලා සිටියේය.

277538276 632168181514468 7844479952805513337 n 2

මැයි 9 වැනිදා ගාලු මුවදොරදී සිදුවූ සිදුවීම් ජනතාවගේ අරගලයේ සුවිශේෂී සහ තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කළේය.

ගෝඨා ගෙදර යනු! යන ජන හමු කැඳවීමෙන් එකමුතු වූ ගාලු මුවදොර කැරැල්ලට ඊයේ (29) දිනට දින 50කි.

අරගලයට මාසයක් යත්ම හිටපු අගමැති ඉල්ලා අස් වී සැඟවී ගියේය.

එම මොහොතේ දී, ජනාධිපතිවරයාගේ පරාජය අත ළඟ තිබියදී, රහසිගත, ඉහළ පෙළේ කුමන්ත්‍රණයකින් රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කෙරුණි.

මෙමගින් සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳිය නොහැක.

දැනටමත් ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති එක් මිනිසෙක් සහ බලයෙන් ඉවත් වන සේ දැවැන්ත තෙරපුමකට මුහුණ දී සිටින තවත් මිනිසෙක් මේ රටේ ජනතාවට පිළිගත හැකි විසඳුමක් ගෙන එන්නේ කෙසේද?


ඉතිං මෙතැනින් කොතැනටද?


image b89dd962a4

මේ අරගලයේ කාහල නාදය වන, අප්‍රේල් 9 වෙනිදා ආරම්භ වී දැන් දින 50 ක් ගතව ඇති GO HOME GOTA යන්න ආරම්භයේ දී මෙන් අදත් ශක්තිමත්ව නින්නාද වෙයි.

GO HOME GOTA යන මහජන ඉල්ලීම ගාලු මුවදොරට ගලා එන දස දහස් සංඛ්‍යාත ජනතාවගෙන් සහ රට පුරා විරෝධතා දක්වන ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් අඛණ්ඩව දෝංකාර නංවනු ලබයි.

මේ අරගලය දැනටමත් ජනතාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් ලබා දී ඇත. වැදගත්ම දෙය නම් මේ රටේ ජනතාව ජාති ආගම් භේදයකින් තොරව වෙනසක් ඉල්ලා උද්ඝෝෂණ කරන ආකාරය ඉගෙන ගෙන තිබීමයි.

මේ වන විටත් අරගලයට ජීවිත කිහිපයක් අහිමි වී ඇති අතර, මෙම මර්දනකාරී ආණ්ඩුව විසින් සටහන් කර ගෙන ඇති බව අප දන්නා තවත් ජීවිත තිබේ.

කෙසේ වෙතත්, මෙම අරගලයේ ඒකමය ඉල්ලීම ඉටු නොවන තුරු අපි නොනවතින්නේමු.

දින 50ක් පුරාවට ගාලු මුවදොර උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වූයේ සියලු විරෝධතා සාමකාමීව සිදු කරන ලෙසයි.

රජය ප්‍රතිචාර දැක්වූයේ සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රචණ්ඩත්වය උසිගැන්වීමෙනි.

අද ආරක්‍ෂක අංශ මේ ප්‍රහාරවල සාක්ෂිකරුවන් පසුපස හඹා යමින් හිරිහැර කරන්නේ එළෙස උසිගන්වූවන් සහ ප්‍රහාරකයන්ටත් වඩා තදබල ලෙසිනි.

මේ අතර ගෝඨා-රනිල් ආණ්ඩුව දිගින් දිගටම පුරසාරම් දොඩමින්, රහසිගතව කුමන්ත්‍රණ කරමින්, ජනතාවගේ දුක් පිඩා නොතකා හරිමින් සිටී.

පසුගිය දින 50 පුරාවට අනවරත නැගිටීමක නිරත වූ අපි පහත ජනතා ඉල්ලීම් නැවත අවධාරණය කරමු.


# ගෝඨා-රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව ඉවත් විය යුතුයි!

# මහින්ද රාජපක්ෂ, දේශබන්ධු තෙන්නකෝන් ඇතුළු මැයි 9 ප්‍රහාරයේ උසිගැන්වීම් සහ ප්‍රහාරකයන් වහා අත්අඩංගුවට ගත යුතුයි.

# අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වහා නිදහස් කළ යුතුයි!

# ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න බැරි ආණ්ඩුවත් ගෙදර යා යුතුයි!



මෙරට අමානුෂික නායකයන්ට අපි මෙසේ කියමු.

මේ අරගලය අවතක්සේරු කරන්න එපා.

මේ වනාහී ජනතා අරගලයකි. අප වග කිව යුත්තේ මේ රටේ ජනතාවට බව මතක තබා ගන්න.

මෙම ජනතා ඉල්ලීම නොසලකා හරිමින් ක්‍රියා කිරීමට ඔබ තෝරා ගන්නේ නම්, අපි මේ රටේ සියලුම ජනතාව සමඟ එකතු වී, මෙම අවිහිංසාවාදී විරෝධතාව, කොන්දේසි විරහිතව මුළු දේශය පුරා පතුරුවන්නෙමු.

මේ අරගලය ජනතා ජයග්‍රහණයෙන් අවසන් වනු ඇත. මෙය සත්‍යය, යුක්තිය සහ සමානාත්මතාවයේ නාමයෙන් අපට ගත හැකි දිවුරුමකි.


(ඉංග්‍රිසි බසින් පල කරන ලද SSA Sri Lanka ප්‍රකාශයේ සිංහල අනුවාද srilankabrief.org)

(සමාජ ජාල ඡායාරූප ස්තුතිය නොදන්නා හිමිකරුවනට)



 

Leader Whats app

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...