The Leader News
BREAKING
'වරායේ කන්ටේනර් සිරවීමක් නෑ; ආහාර හිඟයක් එන්නේ නෑ' - ඇමැති වසන්ත●පිරවුම්හල් කිහිපයක තදබදයක්: හේතුව බෙදුම්කරුවන් හෙළිකරයි●කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් අර්බුදය: කෘෂිකර්මයේ මුවාවෙන් කළ මූල්‍ය මෙහෙයුම?●කුමාර ජයකොඩිට එරෙහි නඩුව නොවැම්බර් 03ට●ශිරන්ති රාජපක්ෂගෙන් මාලිගාකන්ද අධිකරණයට අපේක්ෂිත ඇප අයැදුමක්●ඥානසාර හිමියන්ට අංකයක්: ජම්පරය අන්දවයි●ජස්වර් උමාර්ට දකුණු ආසියානු පාපන්දුවේ ඉහළම තනතුරු දෙකක්●හතරේ සීමාවෙන් එපිටට ගියත් හයක් නැති ක්‍රිකට් නීතිය●දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ●'අන්ධ විශ්වාස' මත දේශපාලන ලේබල් ඇලවීමේ මධ්‍යමපංතික නූගත්කම●
Top Ad
විශේෂාංග

සියල්ල දත් යාළුවන්ගේ ප්‍රශ්නවලට, උත්තර පහක්. .. | Sujeeva

T

The Leader Desk

September 7, 2025 • 10:10 AM

සියල්ල දත් යාළුවන්ගේ ප්‍රශ්නවලට, උත්තර පහක්. .. | Sujeeva

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපන් බස් එකක් ඔච්චර ලේසියට බ්‍රේක් නැතිවෙලා කඳු වලින් පහළට සෙත්ත පෝච්චි වෙන්නේ නෑ.
  • ඒ reliability එක වෙනුවෙන් තමයි ටකරන් පෙට්ටියකට වඩා "ඇත්ත බස්" එකක් ලක්ෂ 70ක් 80ක් මිලෙන් වැඩි වෙන්නේ.
  • හොඳට මතක තියාගන්න, ටකරං පෙට්ටිය ඇත්ලේ ඉඳපු මනුස්සයෝ පවා 20 දෙනෙක් පණපිටින් ඉන්නවා තාම.
  • ඔය පල්ලමට වැටුණ ටකරමේ අයිතිකාරයා, ඒක අරගෙන අදට දවස් 5යි වෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):


නෑ, ඔච්චර නෙවෙයි. ජපන් බස් එකක් ඔච්චර ලේසියට බ්‍රේක් නැතිවෙලා කඳු වලින් පහළට සෙත්ත පෝච්චි වෙන්නේ නෑ. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ reliability කියලා. ඒ reliability එක වෙනුවෙන් තමයි ටකරන් පෙට්ටියකට වඩා "ඇත්ත බස්" එකක් ලක්ෂ 70ක් 80ක් මිලෙන් වැඩි වෙන්නේ.

02). හරි ඉතින් බැරිවෙලා හරි පල්ලමකට වැටුණොත් ඔය ටිකම තමයි නේද?

543147764 756884377235467 192300154473510946 nඅනතුරට පත් බස් රථය
Wrong again. හොඳට මතක තියාගන්න, ටකරං පෙට්ටිය ඇත්ලේ ඉඳපු මනුස්සයෝ පවා 20 දෙනෙක් පණපිටින් ඉන්නවා තාම. මිනිස්සු කියන්නේ එහෙම පපඩම් වගේ පොඩිවෙලා යන ජාතියක් නෙවෙයි.

මැ #රුණ මිනිස්සු මැ #රිලා තිබුණේ සුදු යකඩ පොලු, වයර් harness, වාහන වලට භාවිතා කරන්න නුසුදුසු ලයිට් වර්ග, වීදුරු වර්ග, විශාල speaker වලට ඇඟපත කැ #පිලා. ඒවා ගැලවිලා ඇවිල්ලා වැදිලා.

ජාත්‍යන්තර ප්‍රමිතියට බස් එකක් හදද්දී එයාලා ම ඒක හප්පලා බලනවා, ගැලවිලා එන කෑලි මොනවද කියලා. ඒවා ඊට පස්සේ reinforce කරනවා.

ලංකාවේ bus modify කරන මහත්වරුන්ට එහෙම bus එකක් හප්පලා test කරන්න තරම් වත්කමක් තියෙනවා ද?

ඕක ජපන් බස් එකක් වුණා නම්, ඔය මිනිස්සු ටික තු #වාල වෙලා විතරක් ඉතුරු වෙන්න තියෙන සම්භාවිතාව ඉතා ඉහළයි.

Sri Lanka Bus Accident a5pvqydf
03). අපට සල්ලි නෑ නේ ඔයා ජපන්/ ජර්මන් බස් ගන්න.

ඒක නම් බොරුවක් ඉතින් නේද. ඔය පල්ලමට වැටුණ ටකරමේ අයිතිකාරයා, ඒක අරගෙන අදට දවස් 5යි වෙන්නේ.

මේ දවස් 5ට එයාලා ට්‍රිප් 4ක් ගිහින්. මේ ප්‍රයිවට් බස් කියන්නේ තනිකර සල්ලි උල්පතක්.

අවුල තමයි ඔයාලා තනි බස් එකකින් ඔයාගේ පවුලයි, ළමයින්ගේ පවුල් ටිකයි, සමස්ත පරම්පරාවක් නඩත්තු කරන්න යනවා.

ගෙදර මෙලෝ සතෙක් රස්සා කරන්නේ නෑ. ඔහේ ගෙදරට වෙලා ඉන්නවා බස් එකෙන් සල්ලි එනකන්.

එතකොට නම් සල්ලි මදි වෙනවා තමයි ඉතින් නේද. තමන්ගේ ගෙදර ඉන්න කම් #මැලියෝ ටික සහ, ගෝලයෝ රොත්ත වෘත්තීය පුහුණුවක් දීලා රස්සා වලට යවන්න. එතකොට සල්ලි ඇති වෙනවා.

04). ඔච්චර හොඳ නැත්නම් නොයා ඉන්නකෝ. අපි බලෙන් එක්ක යන්නේ නෑ නේ.

ඒක නම් ඇත්ත ඉතින්. ගැටලුව තමයි office එකක ඉන්න මෝ #ඩම ගොN වහන්සේ ගේ තීරණයට, ඉස්කොලයක ඉන්න මෝ #ඩ විදුහල්පති ගේ තීරණයට, අනිත් හැමෝම හිස නමාගෙන එකඟ වීම.

අන්තිමට අවුරුදු 10ක් 15ක් ඇහේ තියාගෙන හදපු දරුවා අන් #තිම ගමන යනවා, අර විදුහල්පති ගේ / ගුරුවරයා ගේ අ#නුවණ තීරණය නිසා.

මේක පාඩමක් කරගෙන අදින් පස්සේවත් එහෙම නොවේවා කියලා, අපි ප්‍රාර්ථනා කරමු.

05). අවසාන එක ප්‍රශ්නයක් නෙවෙයි මම දැක්ක දෙයක්.

 

480706255 613247901599116 8294175144160008364 n
ඔය පහලට පෙරලුන ටකරන් පෙට්ටියේ අයිතිකාර මහත්මයා සහ තව අති විශාල පිරිසක්, අර ජීවිත 15 ගැන එක වචනයක් කතා කරන්නේ නෑ. එයාලා just don't care! අර පපඩමක් වෙලා තියෙන යකඩ ගොඩ ගැන තමයි එයාලා කවි ලියන්නේ දුක් වෙන්නේ.

දෙවියනේ කවදා ඉඳලා ද මනුස්ස ජීවිතයකට වඩා යකඩ ගොඩක් වටින්න පටන් ගත්තේ?

ශ්‍රී ලංකාවේ විතරක් තියෙන මේ විකෘති යකඩ මේනියාවට ටියුෂන් මහත්වරු, අධික බදු ගහලා වාහන මැජික් කරපු ආ #ණ්ඩුව, මාධ්‍ය ආයතන ඇතුළු හැම කෙනෙක්ම වග කියන්න ඕනා.

වාහනයක් කියන දේ හැමෝම අතේ තියෙන අතිශය සාමාන්‍ය දෙයක් විය යුතුයි. ටියුෂන් මහත්වරු උගන්වන විදියට "වාහන පදින්න ජීවත් වෙන තරුණ පරපුරක් වෙනුවට" ජීවත් වෙද්දී වාහන පදින තරුණ පරම්පරාවක් අපි දැන්වත් build up කළ යුතුයි. 

- @Sujeeva

(උපුටා ගැනීම - Sujeeva ගේ ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...