අපි සුද්දොන්ගෙන් දිග කලිසම ගත්තට කොට කලිසම නොගත්තේ ඇයි? සරොන් අදින කොටත් අපි කැහැපට ගැහුවා. සරොන් ඇදපු එක පිරිමි පරාණයක්වත් හිටියේ නැහැ.
මොනව කතා කරත් අපේ සමාජය සහ රැඩිකල් තරුණ අය පවා කොතරම් සම්ප්‍රදායිකද කියන එක තමයි මේ දිග කලිසම් සම්ප්‍රදායයෙන් පෙන්නේ.
අපේ වගේ රටකට හොදම කොට කලිසම. පොලීසියටත් ඉස්සර තිබුණේ කොට කලිසම. බන්ධනාගාර නියාමනයින්ටත් එහෙමයි. දැන් හැමෝම දාඩිය දාගේන දිග කලිසම. පාසල්වලත් පොඩි කාලේ ඉදං දිග කලිසම.
මා උසස්පෙළටත් මිනි ෂෝට් ඇදල තියෙනව. දිග කලිසම සමාජ තත්වයේ සංතෙක්තයක් බවට පත් වුණේ කොහොමද? මං හිතන්නේ ආගමික බලපෑම එක්ක වෙන්න ඕන.
යාපනයේ ගැහැනු කලිසම් අදින්නේ නැති තරම්. යාපනයේ එල්ටීටීඊ බලපෑම සහ හින්දුත්ව බලපෑම වැඩියි. මඩළපුව වෙනස්. ගිහිල්ලම බලන්න.
ෂෝටක් අන්ද කියල කොල්ලෙක් මරපු එක තේරුම් ගන්න අමාරු නෑ දිග කලිසම් මහන්තත්වය නිසා.
(සටහන | සුනන්ද දේශප්‍රිය)
Journalist, Writer and Human Rights Activist
sunandadeshapriya@gmail.com
Twitter: @sunandadesh
Editor: http://srilankabrief.org
(උපුටා ගැනීම - srilankabrief.org)
2025 ඔක්තෝම්බර් 04




